මචං මම දැනුත් මේ ත්‍රෙඩ් එක බැලුවා. මට පේන විදියට උඹ හොරකමක් නොකරත් වැඩේ අනාගෙනයි ඉන්නේ. මචං එළකිරි එක කියන්නේ ලංකාවේ ලොකුම public forum එක. මේකේ ඉන්නේ හෝඩියේ එවුන් නෙමෙයි. රට කාලා වතුර බිව්ව අයියලා. උඹ මේ ත්‍රෙඩ් එක දාන්න ඇත්තේ මේ ෆීල්ඩ් එකේ පොඩි චාන්ස් එකක් ගන්න බලාගෙන වෙන්න ඕනේ (මම මේ සේරම කියන්නේ උඹ වංචාවක් කිරීමෙන් තොරව මේ තේර්ඩ් එක දැම්මා කියලා උපකල්පනය කරගෙනයි)
මචං අපි යම්කිසි දෙයක් ගැන යම් කෙනෙක්ට උපදේශයක් දෙන්න නම් අපි මචං ඒ ක්ෂේත්රයේ හැම අසාමුල්ලක්ම දැනගන්න අවශ්‍යයි. හැබැයි පුතා ඒ දැනුම තුන්වන පාර්ශවයකින් (උඹ දැන් මේ ත්‍රෙඩ් එකේ කියනවා වගේ agency එකකින්) ලබාගත්තු දැනුමට වඩා තමන්ම හොයලා දැනගත්තු දෙයක් නම් වඩාත්ම හොදයි. ඒ වගේම මචං කවදාවත්ම මේ වගේ ත්‍රෙඩ් එකක් therory දැනුමත් එක්ක දාන්න හිතන්න එපා, දානවානම් (මේ visa feild එකේ හැටියට) file එකක් දෙකක් submit කරලා, කොල්ලෙක් දෙන්නෙක් රට යවලා ප්‍රයෝගිකව දැනුමත් එක්ක වැඩේ පටන් ගන්න.
ඒ වගේම කීයටවත් ඔයාට ඔය agency වලින් එන විස්තර ගෙඩිපිටින් පිළිගන්න එපා. ඒ එන හැම තොරතුරක්ම UKBA එහෙමත් නැත්නම් Aussie Immigration, NZ Immigration වගේ පිළිගත හැකි තැනකින් දෙපාරක් තහවුරු කරගන්න.
ඔයා මේ ක්ෂේත්රයට එන්න බලාපොරොත්තු වෙනවානම් ඔයාට හොදම දේ තමයි මචං ලංකාවේ වැදගත් විදියට visa කරන ආයතනයක අවුරදු දෙක තුනක් වැඩ කරන එක. අනන්න එතනදී හොදම ප්‍රායෝගික දැනුමක් ලබා ගන්න පුළුවන්. මොකද මම පටන් ගත්තේ එහෙමයි. මම අවුරුදු 6 ක් විතර ආයතන දෙක තුනකම රස්සාව කළා. Junior Consultant, Consultant, Branch Mnaager, Manager විදියට. මම මගේම ව්‍යාපාරය පටන් ගත්තේ මම 100%ම මම ගැන විශ්වාසය තියන්න පුළුවන් අවස්ථාවකට ආවට පස්සෙයි.
මම එළකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනක්ම මේ visa ගැන දාලා තියනවා, ඒත් මම කවමදාවත් මේ ක්ෂේත්රයේ 100% සම්පුර්ණ කෙනෙක් නෙමෙයි. ඒ නිසා ගොඩාක් වෙලාවට මට නොතේරෙන ක්ෂේත්රයක් ගැන යම්කිසි කෙනෙක් ඇහුවොත් මම පුළුවන් උත්සහහයක් දෙනවා ඒ දේට පිළිතුරක් හොයලා දෙන්න. හැබැයි මට 100% ඒ ගැන විශ්වාසාක් නැත්නම් මම ඒ ප්‍රශනය අත ඇරලා දානාවා. මොකද නොදන්නා දෙයක් ගැන කියන්න ගිහින් නොන්ඩි වෙනවාට වඩා කට වහගෙන ඉන්න එක හොදයි.
අනික් දේ මම අර කිව්වා වගේ ක්ෂේත්රයේ යම් දැනුමක් හා විශ්වාසයක් ගන්න තමන්ව හම්බෙන්න එන අයගෙන් ඔයා මුදලක් ලබාගන්න එපා. මොකද ඒ දෙයින් අපහසුතාවයට පත්වෙන්නේ ඔයාමයි. අනික ඔය කියන agency එක ඔයාට යම් වංචාවක් කලොත් මිනිස්සු ගෙදරට එන්න ඔයාව හොයාගෙනයි. ඒ නිසා මුලින්ම මුදලක් ලබාගන්න සේවාවක් කරද්දී දෙපාරක් හිතන්න.
මම මේ කියපු දේවල් පොඩ්ඩක් කල්පනා කලොත් ඔයාට මේ ෆීල්ඩ් එකේ ඉසරහටම යන්න පුළුවන් වෙයි.