පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවියක් වී තොල් පෙති මත මුමුණන්න
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
    දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
    සඳසාවී ඔබ හද කුටියට එන්න

    ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
    තනුවකි ගීයකි මිහිරිය රැඳූනාම
    සංසාරෙ ම සුවඳ දේවි බැඳූනාම
    සඳ දෙව්දුව යන්න එපා නොකියාම

    කවියක් වී ..............

    කඳූළු තාම නෙතු අද්දර නොදැනේද
    බිඳූණු දාක මට තරවටු නොම වේද
    රිදුම් එපා පෙම් කළ හිත කිසිදාක
    ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක

    කවියක් වී ..............


    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බාලිකාවියන් තක්සලා දොරෙන්
    ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්
    යන්තරේ හඬින් මන්තරේ දුමින්
    රාවණා ඇවිත් හිඳීවි සෛයිලමේ ඉඳන්

    ලියා මුතු වදන් යොමා සුවඳ පැන්
    එවා දූතයන් කර මත මහා පෙම් හසුන්
    මවා බොරු වදන් ගෙනා අවසරෙන්
    මිදී කූඩුවෙන් ඉගිලෙති ස්වර්ණමාලියන්

    බාලිකාවියන් ..............

    උත්පලාවියන් බාල බොලඳියන්
    මත්වෙලා පෙමින් දෙනුවන් පෙම්බරා නමින්
    මල් වැටෙන් එහා රඟහලින් මෙහා
    සිනා පාරුවෙන් කොතැනද රංගනේ රැඟුම්

    බාලිකාවියන් ..............


    ගායනය :- ජානක වික්‍රමසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
    ‍රහසක් තියනව කියන්න
    රහස ඉවර වුණත් එපා
    මං යනතුරු ඇස් අරින්න

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
    වැඩක් පලක් කරන්න බැරි
    නින්ද ඇතත් නිදන්න බැරි
    මේ අරුමය ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ස්නේහෙන් නුවන් සැලෙන
    පිළිතුරු ඔබෙන් එනතුරා
    ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
    හදත් ගොළුවෙලා
    මාන්නයට හඬන්න බැරි
    තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේ ද ආදරේ

    ඔය ඇස් පියාන .....


    ගායනය :- කිත්සිරි ජයසේකර
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    වළාකුළු මල් පෙති වලින්
    වසා නෙතු නිල් නුවන්
    මඟබලා හිදිමි මම
    නුඹේ නෙතු එනතුරා

    කඳුළු මල් කලතා හිතින්
    මතක පැන්දිය ගෙන‘තින්
    දොවා හද මඩල මම
    ඉකිගසමි අද පාරවා

    හද අසිනි වැසි ඇද වැටි
    සඳ දියට දුක හාදු දි
    පෙම් නදිය දොගාඩම ගලයි
    තුන් සිතම අද ඉරිතලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය වගෙ නොවෙයි අඟ හිඟ දැනෙයි කූඩුවේ
    දුක දරාගන්න වේවි නුඹට මහාමෙරක් වගේ

    වෙන කවුරුවත් නොයෙන උයනේ වදුලු ව‍න පෙතේ
    අපි අනාගතේ මැවුවත් ඒ ඇත්තට ම නොවේ
    මගෙ කූඩුවට ඇවිත් කඳුළක් ඇතිවුණොත් නෙතේ
    මට හදාගන්න බැරිවෙයි හිත මගෙ කිරිල්ලියේ

    ආදරය වගෙ නොවෙයි ...............

    රන්කාසි නැතිව හැඩවේවි ද සිනා මල් නුඹේ
    මෘදු සේද නොමැති යහනක නෙත පියේවිද රැයේ
    මගෙ කූඩුවට ඇවිත් කඳුළක් ඇතිවුණොත් නෙතේ
    මට හදාගන්න බැරිවෙයි හිත මගෙ කිරිල්ලියේ

    ආදරය වගෙ නොවෙයි ...............


    ගායනය :- ලක්ෂමන් හේවාවිතාරණ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ස්නෙහ බන්ධනයෙන්.....
    මේ ස්නෙහ නිද්‍රවෙන්.....
    හුදකලා සමුගැනිමයි.....
    අනවසර සමුගැනිමයි....
    මේ මහා සමුගැනීමයි....

    සංයමයෙන්.....සංවරයෙන්.....
    නිසොල්මනේ....
    මා යනවා....හුදකලාවේ....
    මා යනවා....වංකගිරියේ....
    මා යනවා....අවකාශයේ....

    අයාලේ ගිය සුළගකට හසුවී....
    ඔබ ඔබට හොරෙන්....
    මම මටද හොරෙන්....
    අපි අපිට හොරෙන්....
    පෙම්වත් වු....යුගාන්තයෙන්....
    මා නික්ම යන මොහොතේ....
    මේ....සමුගැනීමයි....
    මේ මහා....සමුගැනීමයි....

    -Kushani Sandareka-

    (සසර හද විල් තෙරේ අන්තිමට ඇහුන සින්දුව.)

    ___________________________________________________________________________________________________________________________________________________________


    ~මා බාල කාලේ~
    ..අම්මාගෙ උකුලේ..
    ~නැළවූනු තාලේ~
    ..මට තාම සිහිවේ..
    ..........................................

    මොන්ටිසෝරි ‍යන කාලේ මේ සින්දුව කි‍යලා දුන්නා මතක‍යි........:cool::cool::cool:
    ඇහල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    .....................
    2001 අවුරුද්දේ චන්දන ලි‍යනාරච්චිගේ ගොඩක් ජනප්‍රි‍ය වුන සින්දුවක්.......:yes::yes::yes:
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එලිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයි....//

    ප්‍රභාවත් වූ වත මඬල ඇත - තවුස් දැහැනක නිශ්චලත්වය...
    නයන යුග්මේ රැඳී ඇත්තේ - භාවනාවක කාන්තියයි ....

    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එලිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයි....

    දොඩන වදනින් ඇසෙයි නිරතුරු - වනන්තරයක සකුණ මියැසිය...
    දෙතොල් අතරින් ගලා එන්නේ - ගීතිකාවක ශාන්තියයි....


    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එලිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයි....//


    << Nanda Malani >>
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Strange foreign beauty
    I'll never know what's in your heart
    Does anyone know how it feels to hold you
    Does anyone know the secret of your mind

    Strange foreign beauty
    I'll never come to share your world
    Does anyone know how it feels to live with you
    does anyone know the secret of your life

    Strange foreign beauty
    You'll never know what I felt for you
    Sometimes it feels like a million chances
    Are slipping away disappearing in the air

    (You'll) never know what I felt for you
    you were always on my mind
    (I'll) never know how it feels to hold you
    how it feels to be with you

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Staring at the moon so blue
    Turning all my thoughts to you
    I was without hopes or dreams
    I tried to dull an inner scream but you
    saw me through

    Walking on a path of air
    See your faces everywhere
    As you melt this heart of stone
    you take my hand to guide me home and now
    I'm in love

    Living in a world so cold
    you are there to warm my soul
    You came to mend a broken heart
    You gave my life a brand new start and now
    I'm in love

    Holding your hand
    I won't fear tomorrow
    Here were we stand
    we'll never be alone

    You took my heart away
    when my whole world was gray
    You gave me everything
    and a little bit more
    And when it's cold at night
    and you sleep by my side
    you become the meaning of my life


     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Paint My Love

    :love::love::love:

    From my youngest years
    till this moment here
    I've never seen
    such a lovely queen

    From the skies above
    to the deepest love
    I've never felt
    crazy like this before


    Been around the world
    then I met you girl
    It's like comming home
    to a place I've known

    Since you came into my life
    the days before all fade to black and white
    Since you came into my life
    Everything has changed


    Paint my love
    you should paint my love
    it's the picture of a thousand sunsets
    it's the freedom of a thousand doves
    Baby you should paint my love

    tumblr_mksup7OxA41s369b5o1_500.jpg

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ දිගන්තයේ...

    මේ දිගන්තයේ මල් වසන්තයේ
    ඈ නිසංසලේ මා නිසංසලේ
    නිල් ගුවන් ගැබේ පායනා සඳේ
    දන්නවාද ඒ පෙම් කතන්දරේ
    සිත නෑ කියන්නෙ නෑ
    ගත බෑ කියන්නෙ නෑ
    ඇය හාදු දෙන්නෙ නෑ
    ඈට තෙරෙන්නෑ

    සිතුවැල් රැඳෙන්නෙ නෑ
    නෙතුවැල් බැ‍‍‍ඳෙන්නෙ නෑ
    පැතුමන් නෙලන්න නෑ
    ඇය ආදරේ දෙන්නෑ

    මේඝ මාරුතේ රෑට සීතලේ
    යොවුන් හැඟුම් මගේ
    තැලෙයි පෙලෙයි ගතේ
    සිත නෑ කියන්නෙ නෑ...
    සිතුවැල් රැඳෙන්නෙ නෑ...

    ලඳුනේ අනුකම්පා නැතිදෝ සිතිලා
    සිත නෑ කියන්නෙ නෑ...
    ඇය මාව දන්නෑ මගේ ස්නෙහේ දන්නෑ
    කොඳුරා කියන්න නෑ
    දුර ඈත ඉන්නෙ ඈ

    ඔබ මට ගෙන දෙන වේදනා
    යලි යලි පාරයි චේතනා
    මා දුක කඳුලේ නෑවෙනා
    වසන්තයේ රෑ.....
    හාදු දෙන්නෙ නෑ
    ඈට තෙරෙන්නෑ

    ඔබ ගැන සිතමින් රෑ දිවා
    වසන්තයේ මල් පීදිලා
    ඉවත බලාගෙන ඇයි ඔයා

    මට ඔබ නැති ලොව එපා
    මා සනසනු රෑ දිවා
    රෑ දිවා රෑ දිවා රෑ
    නෙතුවැල් මැලවී සිතුමල් වැලපී
    හසකැන් මියැදී හද සෝ වියැකී

    -රූකාන්ත-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පරතෙරක් නොමැති සයුරේ

    පරතෙරක් නොමැති සයුරේ
    මහදුරක් උසට අහසේ//
    ඔබේ හුස්ම තමා රැඳුනේ
    අපි එයින් හුස්ම ගන්නේ
    අපි එයින් හුස්ම ගන්නේ

    තල් වැටේ මායිමේ රැකවල්
    ගම් දොරේ නගනවා හසරැල්//
    පෙරඹරේ ගාන රත අලුතින්
    ඔබේ ලෙයින් හෙලූ අප වෙනුවෙන්
    ඔබේ ලෙයින් හෙලූ අප වෙනුවෙන්

    පරතෙරක් නොමැති සයුරේ...

    මුලු රැලට කිරි එරී යහමින්
    උඹ අලුත උපන් ඇත් පැටියෙක්//
    හැම මවක් මවක් සිය උකුලින්
    නලවාවි නුඹව හිත ඇතුලින්
    නලවාවි නුඹව හිත ඇතුලින්

    පරතෙරක් නොමැති සයුරේ...


    -චාමික-
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පමා වී පිපුනු මල් සුවඳයි...

    පමා වී පිපුනු මල් සුවඳයි
    පිපුනි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
    හිතට හිතැතිව ගලා යන සුළගේ
    හිතා ගන්නට බෑ...
    කුමන මලට ද කුමන සුවඳට
    ඳෝ...
    හද පියන්පත් හැර තබන්නේ

    සිහින නගරේ සිගිති සඳ එළියේ
    දෝරගලනා...මතකයේ...
    සිනිදු පිනි අග පිපී නැලවෙන
    මලකි මා...
    මලකි මා ඔබගේ...

    පතන් බිම් තෙත තුරු වියන් තුරුලේ
    දිය කදුළු ඉවුරේ...
    පිනි කදුළු මත උදා අරු
    නෙත
    හුදකලාවට සිනාමුසුකර
    මලකි මා...
    මලකි මා ඔබගේ...

    පමාවී පිපුනු මල් සුවඳයි
    පිපුනි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
    ඒ මමයි...
    ඒ මමයි...ඔබට මතකයි නම්
    පමාවී පිපුනු මල් සුවඳයි
    පිපුනි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි

    ඒ මමයි...
    ඒ මමයි...ඔබට සිතුනා නම්..
    කුමන මලට ද...කුමන සුවඳට ඳෝ...
    හද පියන්පත් හැර තබන්නේ

    -kasun & uresha-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑත විහිදා ආදරෙන්...

    දෑත විහිදා ආදරෙන්
    සිප ගන්න මුළු ලෝකෙම....
    සිනහ නංවා මුව අගින්
    සනසන්න දැවෙනා සිත....//

    රුදුරු ගිනියම් පොලෝතලේ
    සිහිලසක් සොයලා
    විඩාබර දෑස් දල්වලා
    මිනිසුනේ...

    දෑත විහිදා ආදරෙන්...

    Kasun & Indrachapa


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුවද මල් රේණු පිසගෙන... හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා....
    කරුළු තුඩු අගින් ගිලිහෙන..... මියුරු මිහිරි ගී පද වැල නුඹේ සිනාවා........

    උදා පිනි වදුල සද මත මෝදු වී නිශා නුඹ ගැබ අදුර මකාවා.......
    නොබා කරලියට දිව යන හදට පන පොවන උල්පත නුඹේ සිනාවා..........


    අනිත් ටික මතක නෑ බොලල්ලා. මේකට රවීන්ද්‍ර ගුරුගේ කරපු විෂුවල් එක තාමත් මැවිලා පේනවා මේ සිංදුව අහද්දි

    සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී .. පද වැල
    නුඹේ සිනාවා......

    සීත පිනි වදුල සඟවා මෝදුවී නිශා නුබ ගැබ
    අඳුර මකාවා...
    නීල විල් දියේ උපදින කොද මලක සුමුදු රල පෙති
    කොපුල් තලාවා.....

    අරුණ දොරකඩින් නැග‍ එන උදා හිරු කිරණ සඳවත
    පුබුදු කරාවා...
    නොඹා කරලියට දිව යන හදට පණ පොවන උල්පත්
    නුඹේ සිනාවා....


    - ඉමාන් පෙරේරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
    රහසේම හිමින්
    ආදරෙ බිඳුවක් ඇබින්දක්
    නුඹ අරන් ඇවිත් තිබුනා
    මල් මකරන්ද සුවඳ තිබුනා

    ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ
    රෑ.. සිහිනේ
    ඔබ එන්න එපා දේවී
    ලං ල ඉන්න වේවී
    හිත රිදුනා හොඳටෝම ඇති

    මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ
    රෑ.. සයනේ
    ඔබ ඉන්න එපා ප්‍රේමී
    ලං ලංව ඉන්න වේවී
    හිත රිදුනා හොඳටෝම ඇතී

    ඩ :දයාන් විතාරණ
    පද :උපුල් ශාන්ත සන්නස්ගල

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ දිගන්තයේ මල් වසන්තයේ
    ඈ නිසංසලේ මා නිසංසලේ
    නිල් ගුවන් ගැබේ පායනා සඳේ
    දන්නවාද ඒ පෙම් කතන්දරේ
    සිත නෑ කියන්නෙ නෑ
    ගත බෑ කියන්නෙ නෑ
    ඇය හාදු දෙන්නෙ නෑ
    ඈට තෙරෙන්නෑ

    සිතුවැල් රැඳෙන්නෙ නෑ
    නෙතුවැල් බැ‍‍‍ඳෙන්නෙ නෑ
    පැතුමන් නෙලන්න නෑ
    ඇය ආදරේ දෙන්නෑ

    මේඝ මාරුතේ රෑට සීතලේ
    යොවුන් හැඟුම් මගේ
    තැලෙයි පෙලෙයි ගතේ
    සිත නෑ කියන්නෙ නෑ...
    සිතුවැල් රැඳෙන්නෙ නෑ...

    ලඳුනේ අනුකම්පා නැතිදෝ සිතිලා
    සිත නෑ කියන්නෙ නෑ...
    ඇය මාව දන්නෑ මගේ ස්නෙහේ දන්නෑ
    කොඳුරා කියන්න නෑ
    දුර ඈත ඉන්නෙ ඈ

    ඔබ මට ගෙන දෙන වේදනා
    යලි යලි පාරයි චේතනා
    මා දුක කඳුලේ නෑවෙනා
    වසන්තයේ රෑ.....
    හාදු දෙන්නෙ නෑ
    ඈට තෙරෙන්නෑ

    ඔබ ගැන සිතමින් රෑ දිවා
    වසන්තයේ මල් පීදිලා
    ඉවත බලාගෙන ඇයි ඔයා

    මට ඔබ නැති ලොව එපා
    මා සනසනු රෑ දිවා
    රෑ දිවා රෑ දිවා රෑ
    නෙතුවැල් මැලවී සිතුමල් වැලපී
    හසකැන් මියැදී හද සෝ වියැකී

    -රූකාන්ත-

    රූකගේ මම ආසම song එකක්... :cool: පටන් ගද්දිම වදින ඩින්ග් ඩින්ග් කෑල්ලටයි අන්තිමට යන high-end ගිටාර් පාර්ට් එකට මම පට්ටම ආසයි.....:yes: ඉස්සර මම ඕක සාලේ setup එකේ හයියෙන් දාගෙන අහනවා.:D හරියට විරහවක් බලෙන් ආරූඩ කරන් මට උනා වගේ මම කෑ ගහලා කියනවා....:lol: අද ආයේත් අහනවා.thanks bro.
    11.gif