පද පේළී - EK LYRICS THREAD PART 2

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    තැන තැන නවතින හිතකට ආදර මන්දිර කුමකට....
    මේ ආ ගමනේ විඩාව දැනුනේ මගෙ තනි තටුවට....
    හඩන්න මට ඇස් දුන්නේ උදුරාගෙන මගේ සතුට...
    නුඹ පිදුවේ නැත මා හට මා පිදු තරමට සෙනෙහස...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පාවෙන සුළගේ එන්නම් දැවටිලා..
    ආදර ගීතේ ගයමු ලංවෙලා.. ගයමු ලංවෙලා..
    හීන මන්දිරේ ඔයයි මමයි..
    මමයි ඔයයි හීන මන්දිරේ..

    පාළුව විසිරුණු රෑ නිල් අහස පුරා..
    තරුවක් වී ඔබ පායා එන්න සදා..
    දේදුණ්නක් වාගේ පාට අරන්..
    හිම කදු යහනේ ලංවෙන්නම්..

    රෝස සුවදයි මල් කෙමියේ රේණු පුරා..
    සීතල මිහිදුම් සේලය හිදී බලා..
    වසන්තයේ සුවද අරන්..
    ඔයයි මමයි ලංවෙලා..
    මමයි ඔයයි ලංවෙලා


    (ලස්සන සින්දුවක් අදයි මේක ඇහුවේ...:) )
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා
    හිත තාම දන්නවා මං වැරදි නෑ කියා
    ඔබ තාම දන්නවා මං ආදරෙයි කියා
    දැක දැකත් මගෙ දිහා නොබලාම යන්න ගියා...
    ඒ කී කතා පිලිගන්න වුණු නිසා
    ඔබ මා හැර ගියා ඔබ මා හැර ගියා
    ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා
    ඔබ මා හැර ගියා ඔබ මා හැර ගියා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    යාළු වෙලා ඉන්නත් බෑ තරහ වෙලා ඉන්නත් බෑ
    හිත එක්තැන් වේවිද කවදා
    හිත එක්තැන් වේවිද කවදා..................

    පවස දරාගන්නත් බෑ උණු හින්දා බොන්නත් බෑ
    නිවී සිහිල් වේවිද කවදා
    දියඹේ පීනන්නත් බෑ එගොඩ නොවී ඉන්නත් බෑ
    පාලම ඉදි වේවිද කවදා..................

    සෙවණින් සැනසෙන්නත් බෑ අතු ඉති සිඳලන්නත් බෑ
    ගහ මල් ඵල දේවිද කවදා
    කඳුළට ඉඩ දෙන්නත් බෑ හිත හදාන ඉන්නත් බෑ
    සැනසිල්ලක් ලැබෙයිද කවදා...........
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    අද සෝ සුසුම් හෙලා

    ඔබ මා මුලා වෙලා ගියා
    පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ
    සිහිනෙකින් පවා
    අද ඔබගෙ ජීවිතේ
    කතරකි වාලුකා
    හිනැහෙන්න යලි දිනේ
    දෛවයේ තාරුකා

    මතකේ තිබේද ඒ යුගේ
    මාගෙ චේතනා
    වැටහෙන්නේ දැන්ද ආදරේ
    ශෝක වේදනා
    ඝන අන්ධකාරයේ
    පාලුවේ කිමිදුනා
    හිනැහෙන්න යලි දිනේ
    දෛවයේ තාරුකා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ
    මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලී

    තනියහනේ නෙත නිදි නොහිම්නා
    මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
    කවියක් සේ සුළඟට ගියාදෝ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලී

    තහනම්දෝ ප්‍රේමය නපුරු
    මං මුලාවී පෙම් මග පෙනෙන්නෑ
    කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ..
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලී


     
    Last edited:
    • Like
    Reactions: Rex921

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    අද සෝ සුසුම් හෙලා

    ඔබ මා මුලා වෙලා ගියා
    පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ
    සිහිනෙකින් පවා
    අද ඔබගෙ ජීවිතේ
    කතරකි වාලුකා
    හිනැහෙන්න යලි දිනේ
    දෛවයේ තාරුකා

    මතකේ තිබේද ඒ යුගේ
    මාගෙ චේතනා
    වැටහෙන්නේ දැන්ද ආදරේ
    ශෝක වේදනා
    ඝන අන්ධකාරයේ
    පාලුවේ කිමිදුනා
    හිනැහෙන්න යලි දිනේ
    දෛවයේ තාරුකා

    ම්ම් මම සෑහෙන ආදරය කරන ගීතයක්... ඉස්සර පොඩ්ඩක් සෙට් උනාම මේ ගීතය ගායනා කරනවා.
    9.gif
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Roshan Fernando...............

    ~පුංචි ඇස් දෙක~

    After%20Effects%20Heartbeat.gif


    ~පුංචි ඇස් දෙක කඳුළු පුරවන්~
    ..තවම මඟ බලනවා ඇතී..
    ~ඒ උනත් මට එන්න බැරි බව~
    ..ඔයා තවමත් දන්නැතී..
    ~මැරෙන්නට මොහොතක් තියා හරි~
    ..ඔබ සොයා ගෙන එන්නෙමී..

    ~ඒකටත් ලොකු කාලයක් නැත~
    ..කොහොම හරි හිත රවටමී..

    ~ප්‍රේමයේ උත්තරීතර බව~
    ..පසක් කරගෙන හොදටම..
    ~කාලයේ වැලිතලා යටවී~
    ..මියැදුනත් අපි සදහට..
    ~ආදරේ පෙම් කතා වලටත්~
    ..එකතු වී ඇත අපි ගැන..
    ~හඬා වැටුනත් හඬන්නට බැහැ~
    ..හිතන්නේ මම ඔබ ගැන..

    ~දහසකුත් බාධක තියාගෙන~
    ..ප්‍රේම කරනා ඔය හිත..
    ~දාල යන්නේ කොහොමදැයි මට~
    ..ලියා දෙනවද මතකය..
    ~සැකය කියනා වචනෙ ගැනවත්~
    ..හිතෙන්නේ නැහැ තව මට..
    ~නිදා වැටුනත් නින්ද යන්නෑ~
    ..හිතන්නේ මම ඔබ ගැන..

     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ආ මග කෙටියි යායුතු මග දුරයි
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි
    නුවණින් අවදියෙන් යායුතු බව දනිම්

    මේ මග තැනිතලා සේම සෙල්තලා හමුවේවී
    සිත සවි නොබිඳ එමග ගෙවා දිරි වඩා
    ජයඉම දකිමි අදිටනින්

    සාවුන් මුවැත්තියන් සේම වගවලසුන් හමුවේවී
    නුවණැස නොහැර කළණ මිතුසිත හඳුනා
    තරණය කරමි මග සොඳින්
     
    • Like
    Reactions: rcccc

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ~පුංචි ඇස් දෙක~

    After%20Effects%20Heartbeat.gif


    ~පුංචි ඇස් දෙක කඳුළු පුරවන්~
    ..තවම මඟ බලනවා ඇතී..
    ~ඒ උනත් මට එන්න බැරි බව~
    ..ඔයා තවමත් දන්නැතී..
    ~මැරෙන්නට මොහොතක් තියා හරි~
    ..ඔබ සොයා ගෙන එන්නෙමී..

    ~ඒකටත් ලොකු කාලයක් නැත~
    ..කොහොම හරි හිත රවටමී..

    ~ප්‍රේමයේ උත්තරීතර බව~
    ..පසක් කරගෙන හොදටම..
    ~කාලයේ වැලිතලා යටවී~
    ..මියැදුනත් අපි සදහට..
    ~ආදරේ පෙම් කතා වලටත්~
    ..එකතු වී ඇත අපි ගැන..
    ~හඬා වැටුනත් හඬන්නට බැහැ~
    ..හිතන්නේ මම ඔබ ගැන..

    ~දහසකුත් බාධක තියාගෙන~
    ..ප්‍රේම කරනා ඔය හිත..
    ~දාල යන්නේ කොහොමදැයි මට~
    ..ලියා දෙනවද මතකය..
    ~සැකය කියනා වචනෙ ගැනවත්~
    ..හිතෙන්නේ නැහැ තව මට..
    ~නිදා වැටුනත් නින්ද යන්නෑ~
    ..හිතන්නේ මම ඔබ ගැන..


    Mam asama song ekak :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සොඳුරිය....කාලය කොතරම් නපුරුද....
    දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
    රැකගත් ආලය....උදුරා ගෙන ගිය
    කාලය කොතරම්.....නපුරුද සොඳුරිය.....

    පෙරුම් පුරා දුකසේ ගළපාගත්
    කවිය ඔබම වී නැළවුණු යුගයක
    හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
    ඒ රුව කොතරම්....මිහිරිද සොඳුරිය.....

    ලොවට හොරා වෙලිලා බිහි කරගත්
    වසන්තයේ සඳ මියැදුන දවසක
    බෙදා හදාගත් දුකවත් අද නැත
    ඒ දුක කොතරම්.....මිහිරිද සොඳුරිය.....

    -Amarasiri Peiris-
     
    • Like
    Reactions: conqureshadow

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ සෙනෙහස සිතට හරි බරයි..
    දරා ඉන්නෙ කොහොමද ,
    මගෙ සිත
    පුංචි වැඩියි.....

    වියළි විල් තෙරක සුපිපුන
    කුසුමක් සේමැයි...
    සිතට සිතා ගන්න බැරි තරමට,
    සෙනෙහස අරුමැයි.....

    සසැලි නිල් දියක පාවෙන
    තරුවක් සේමැයි....
    නෙතට බලා ඉන්න බැරි තරමට,
    පාලුව සොඳුරුයි....

    මේ සෙනෙහස.......


    -Shashika Nisanasala-
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රොන් සුවද දෙන.. මල් පියලි මත..
    පාව යමු රෑනේ..
    ඇල් පවන් මත.. නිම් තෙරක් හිත..
    මත් බිඟුන්.. වාගේ....

    ජීවිතය හරි සුන්දරයි ... ආදරේ එහි මල් මිටයි
    ඉන්නවා නම් මා ලගින්.. කොයි තරම් නම්
    සොඳුරුද මිහිරේ...
    රොන් සුවද දෙන.. මල් පියලි මත ...

    මල් වයසේ.. නිදි නැති ඇස් පියන් යට
    ආල ගැඟුම් පිබිදෙයි.. උස් පැතුමකට...
    මල් වයසේ නිදි නැති.. ඇස් පියන් යට
    ආල ගැඟුම් පිබිදෙයි.. උස් පැතුමකට...
    හිරිමල් වයසේ සිතිවිලි කලතා.......
    රත්තරනේ..... ඔබ සිත තුල.. රහසේ...
    රොන් සුවද දෙන.. මල් පියලි මත
    පාව යමු රෑනේ.....

    මල් වරුසා වැගිරෙන... මේ සිසිල යට
    හීන ලොවේ දොරගුල්.. දැන් ඇරෙනවද...
    මල් වරුසා වැගිරෙන... මේ සිසිල යට
    හීන ලොවේ දොරගුල්.. දැන් ඇරෙනවද...
    නිකැළැල් පැතුමක සැඟවී.........
    රත්තරනේ..... ඔබ හිටි හැටි මනසේ..
    රොන් සුවද දෙන.. මල්පියලි මත
    පාව යමු රෑනේ.....
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    [FONT=&quot]ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රධා[/FONT]
    [FONT=&quot]මට ඇහෙන දුරින් හිදින්න රාධා [/FONT]
    [FONT=&quot]සිහින වෙලා රෑ තිස්සේ නොපෙනී රාධා[/FONT]
    [FONT=&quot]මට පේන දුරින් ඔබේ සුසුම විදින්න රාධා[/FONT]


    [FONT=&quot]ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා[/FONT]


    [FONT=&quot]දුර ආකාසේ තරු අතරේ නොයින්න රාධා[/FONT]
    [FONT=&quot]මගේ නෙත් අතරේ රශ්මිය වී හිදින්න රාධා[/FONT]
    [FONT=&quot]පුර හදට මුවා වෙලා හොරෙන් නොපෙනී රාධා[/FONT]
    [FONT=&quot]මගේ උරහිස මත අටවක දා නිදන්න රාධා[/FONT]


    [FONT=&quot]ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රධා[/FONT]
    [FONT=&quot]මට ඇහෙන දුරින් හිදින්න රාධා [/FONT]


    [FONT=&quot]ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා[/FONT]


    [FONT=&quot]මලක් වෙලා අර අතු අග නෙපෙනී රාධා[/FONT]
    [FONT=&quot]මා ලගම පිපි සුවද දිදි හිදින්න රාධා[/FONT]


    [FONT=&quot]ජීවිතයම ගිනියම් වු දීර්ගතම රාත්‍රීයයි මේ රාධා[/FONT]
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ගංගා තෙර ළඟ
    බලාසිටින සඳ
    අමතක නැතුවම
    මා සිහි කර කර
    තනිවම යහනක
    කඳුළු සලන හඬ
    එකතුව ගලනා
    යමුනා නදී ජල
    එක්වුණ සාගර
    තරංග පවසන
    ආදර කතාව
    කියාවි සදහට
    දෙවඟනක් බව
    රාධා, ඔබ නම්
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    legends-of-radha-krishna.jpg

    වෘන්ධා වනේ මල් පිරී
    රධා කොහේ හැන්ගුනේ//
    සන්සාර ගීතේ ඇහුනා කොහේ
    ඔබ තාම නෑ ආදරී..

    හදපාන හැන්ගී
    අඩනින්ද බොහොවී
    සීතල රටේ පාලුවී//
    මගේ පුන්චී ලෝකේ
    තනිවූ පැයේ
    ඔබ නේද මා මත් කලේ

    වෘන්දා වනේ..

    හිත ගාව හැන්ගී
    හදවත් තුරුල්වී
    පෙම්බස් දෙඩූ කාලයේ//
    මගේ සුන්දරාවී
    කිව් මා මුලාවී
    තනිවීද සන්සාරයේ:(
    They say that it's better to have loved and lost than never to have loved at all.
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    roshan fernando
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිරු එබෙනා ගුරු පාරේ...

    හිරු එබෙනා ගුරු පාරේ
    සුදු සමනල රෑනක් වාගේ
    යෙහෙළියෝ හා ඔබ එනවා
    සුදු සීත මීදුම් යායේ
    ඔය සිනහා මන බඳිනා
    නෙතු දැහැනේ වෙලුනා මාගේ
    මට හැඟුනා මට දැනුනා
    ඔබ සමන් පිච්ච මල වාගේ
    මේ ඉස්සර දවසක රහසේ
    මට අහන්න හිතුනා විගසේ
    මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ
    මා ආදරී ආදරී...

    නිදි දෙව්දුවට හොරින් නී
    නෙතු පිය අද්දර ඉන්නේ
    රහසින් එබී බලන්නී
    යලි සැඟවී යන්නී
    අහසට හිරු ඕනෑමයි
    පොළොවට දිය ඕනෑමයි
    මා ජීවිතෙත් ඔබමයි
    මේ නෙතු පියෙනා තුරා...

    අඳුරුයි ඒ සැන්දෑවේ
    අප හමුවූ ගුරු පාරේ
    කඳුලින් ඔබ සමු ගත්තේ
    නිහඬයි අඳුරුයි මා ලෝකේ...

    කඳුලට ඉඩ දී යන්නම්
    හීනෙන් වත් එනවා නම්
    මා සිහිනේ රැඳිලා ඉන්නම්
    හීනෙන් හමුවන්නම්

    හිරු එබෙනා ගුරු පාරේ...

    -Radeesh Vandebona-
     
    • Like
    Reactions: Good Heart

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හිරු එබෙනා ගුරු පාරේ
    සුදු සමනල රෑනක් වාගේ
    යෙහෙළියෝ හා ඔබ එනවා
    සුදු සීත මීදුම් යායේ
    ඔය සිනහා මන බඳිනා
    නෙතු දැහැනේ වෙලුනා මාගේ
    මට හැඟුනා මට දැනුනා
    ඔබ සමන් පිච්ච මල වාගේ
    මේ ඉස්සර දවසක රහසේ
    මට අහන්න හිතුනා විගසේ
    මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ
    මා ආදරී ආදරී...


    -Radeesh Vandebona-
    පට්ට
    11.gif