පද පේළී - EK LYRICS THREAD PART 2

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
    සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ

    රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ
    චංචලයි වගේ ඔබේ සිත කොයිද පා වුනේ
    අදහන්න බෑ කදුළක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

    තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
    ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ
    තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
    ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ
    අදහන්න බෑ කදුළක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
    සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කල්ප කාලයක් පුරා...

    කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
    හීනයක් වගේ මා ගාව පායලා
    දෑසේ නෑවෙනා...
    මදහාසේ කාරනා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...

    මල් ගාව රොන් සොයන කාලේ
    මං ආව හින්දාද රහසේ
    නෙත් පහසේ ගෑවුණා...
    සිත් අහසේ පාවුණා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...

    කල්ප කාලයක් පුරා...

    හද ගැස්ම මගෙ හුස්ම වාගේ
    හැම තිස්සෙ ඔබ ඉන්නවානේ
    නෙත් පහසේ ගෑවුණා...
    සිත් අහසේ යාවුණා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...

    කල්ප කාලයක් පුරා...

    -Sanka ft Meena -
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි
    අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
    පුංචි ළිඳේ වතුරට නාඩන්න නංගියේ

    ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩු වෙයි
    හයියෙන්නං හුස්ම ගන්න එපා නංගියේ
    අප්පච්චී තුරුමුදුනේ හිඳින වංගියේ

    පියෙන් පියට ඉහළට යන හැටි බලන්න බය හිතුනොත්
    පුංචි දෑස තදින් පියාගන්න නංගියේ
    මමත් එහෙම කලා මගේ පුංචි සන්දියේ
     
    • Like
    Reactions: Rex921

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
    හීනයක් වගේ මා ගාව පායලා
    දෑසේ නෑවෙනා...
    මදහාසේ කාරනා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...

    මල් ගාව රොන් සොයන කාලේ
    මං ආව හින්දාද රහසේ
    නෙත් පහසේ ගෑවුණා...
    සිත් අහසේ පාවුණා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...

    කල්ප කාලයක් පුරා...

    හද ගැස්ම මගෙ හුස්ම වාගේ
    හැම තිස්සෙ ඔබ ඉන්නවානේ
    නෙත් පහසේ ගෑවුණා...
    සිත් අහසේ යාවුණා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...

    කල්ප කාලයක් පුරා...

    -Sanka ft Meena -
    Lassanai ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සි‍යක් උල්පත් මවා දී.....නිසලවම හිඳිනා.....
    නමක් නැති මහ කන්ද ඔබ......
    අප්පච්චී.....//

    ඔබෙන් දි‍ය ලැබ සාරවූ.....
    තුරුණු කෙත්වතු දෙස බලා.....
    නොපෙණෙනා තරමින් සිනාසී.....
    නිසලවම හිඳිනා.....
    අප්පච්චී.....//

    මෙහෙවරට ආවැ‍යි සිතා.....
    වෙහෙස නොබලා වෙහෙසෙනා.....
    තෙත් ගුණ‍ය මෙත් ගුණ‍ය සඟවා.....
    අකම්පිත වත පා......
    අප්පච්චී.....//

    -Kasun Kalhara-

    ______________________________________________________________________________________________________________

    ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි
    ...........................
    නන්දා මාලනිගේ ගොඩක් ලස්සන සින්දුවක්.......:yes::yes::yes:
     
    • Like
    Reactions: Good Heart

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ඉන්න හීනවලට මං තරම්
    වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම්
    මගෙ හීනවලට නිතර ඔබ ඇවිත්
    මට නින්ද නොදී රිදවනා තරම්

    ඔබ ලියාපු කවිවලට පෙම්බර
    ආදරේ කළා හදවතින් මම
    මට කියාදෙන්න දන්නෙ නෑ මම
    ආදරේ කියන්නේ මේ සුසුම්වලට ද

    ඔබ කියාපු පෙම් වදන් සුන්දර
    ආදරේ පිරී තිබුණේ ඉස්සර
    මට කියාදෙන්න දන්නෙ නෑ මම
    ආදරේ කියන්නේ මේ කඳුළුවලට ද

    ඔබ ඉන්න හීනවලට .........


    ගායනය :- දුලීන් රණපටබැඳි
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    සඳ දිය දෙවුන සේ
    සිනහව පිපුනාම
    නුඹ කොයි තරම් සුවඳද
    මගෙ හිත ගාව
    දෑ කුල සිරිත්
    සිටි සද මග අවුරාන
    හමුවී වැලපෙමුද
    මෙලෙසින් හැමදාම

    නෑඹුල් පැතුම්
    අහසට නැග රහසේම
    දිලිසෙන්නේද
    පුර පස දිලි සඳ ගාව
    එ හද ඇයිද
    දියවක දී මුළු රෑම
    දියවී ගිහින් රැඳුනේ
    තරු ඇස ගාව

    ළය මත පිපුණු
    උණුසුම් සුසුමක සුවඳ
    සෝදා හල හැකිද
    ගැරහුම් රළ ගාව
    කඩ ඉම ළඟ ඉඳන්වත්
    නුඹ හැමදාම
    මට අත වනපන්
    නලියන නළ සේම....


    <Malani Bulathsinghala & Asanka Priyamantha>
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මිහිදුම් වසන්තේ සීතත් දැනේවී
    පංච පියුම් යහනේ
    වස්සන්න වරුසා කුසුම් වසන්තයේ
    මගේ පෙම් කුමරී...
    මා තමා ♫
    ගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේ
    සීතල මට නොදැනේ
    ඔබ ගාව හිඳිනා තුරා තුරුලේ ඔබේ
    මගේ පෙම් කුමරා...
    මා තමා ♫
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැස්ස නුඹ හැඩයි...

    වැස්ස නුඹ හැඩයි
    මා හෙමි හෙමින් තෙමන්න//
    තෙමි තෙමි තෙමි
    තෙමි තෙමි තෙමි......
    හිඳින්නම්...

    උණුහුමට මතක නැද්ද
    මා ඇවිත් සොයාගන්න
    සීතල සීතල
    හාදුවට වෙනස් වෙන්න...

    වැස්ස නුඹ හැඩයි...

    සුළඟ හැංගුනාද
    මට නොකියා හොරෙන් එන්න
    කරුවල කරුවල
    හීනය පාට කරන්න...

    වැස්ස නුඹ හැඩයි...

    -
    කසුන් කල්හාර-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා දමා ඔබ ගිය දා පටන්...

    මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක්
    ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහා නින්දක්
    හීනෙන් ඇවිත් තාමත් හිඳී ලඟින් ඉඳන් නින්දත් බිඳී
    හීනෙන් ඇවිත් තාමත් හිඳී නුඹම පමණි මගේ ජීවිතේ

    දවසක නුඹ අයෙත් හසරැලි ගෙන ආවොත්
    කඳුලැලි පිස දෑසින් හිනැහෙන්නට ආයෙත්
    මා මගේ ගින්නෙන් මිදී ලගට ඇවිත් ඉස්සර වගේ
    මා මගේ ගින්නෙන් මිදී ලගට ඇවිත් ඉස්සර වගේ

    දවසක නුඹ ආයෙත්...

    මා දමා ඔබ ගිය දා පටන්...

    -Sanka ft Gayani-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Lassanai ..
    :yes:
    සි‍යක් උල්පත් මවා දී.....නිසලවම හිඳිනා.....
    නමක් නැති මහ කන්ද ඔබ......
    අප්පච්චී.....//

    11.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදරයේ උනුසුම් සුසුම්...............
    සුවදද මෙතරම්...............
    එහෙනම්......
    සැලමුතු පෙම තුල.......
    නිසසල වී ලොව.......නවතීවා සැණකින්....... ♫
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුන්දරයි එදා අප හදවතේ පැතුම්
    අමතක නොවෙයි ඒ සොඳුරු හැඟුම්
    ජීවිතේ පුරා ඔබ මා ළඟින් සිටීනම්
    ඔබ සනසන්නම් මා ඔබ හා සැනසෙන්නම්

    සොඳුරියෙ නුඹයි මගෙ සිහිලස සතුට සදා
    මා හද දිනූ මිහිරියෙ ඔබ මගෙයි සදා
    කිසිදා නෑ මා ඔබ හදවතෙන් මිදෙන්නේ
    නෑ වෙන්වන්නේ මා ඔබ හැරදා යන්නේ

    ජීවිතේ මගේ ඔබමයි මා සොඳුරියේ
    ඔබමයි මා හා සැමදා දිවා රෑ
    මා හද සිපගනිමින් මා සනසා මා හා සිටියේ
    නෑ වෙන්වන්නේ මා ඔබ හැරදා යන්නේ

    සොඳුරියෙ නුඹයි මගෙ සිනහව කඳුළ සදා
    ඔබෙ සුසුම් තුළයි මා ජීවය රැඳෙනු සදා
    කඳුළැල් පිසදා මට සිනහව දුන් ඔබ කිසිදා
    රිදවන්නේ නෑ මා ඔබ හඬවන්නේ නෑ

    කඳුළැල් පිසදා ....................

    සඳ කිඳුරියේ මා ආදර ලෝකය ඔබයි
    ජීවන ගමනේ මට සෙවනක් වන්නෙ ඔබයි
    සුරතේ තබා මා සැනසූ ඔබගෙන් කිසිදා
    වෙන්වන්නේ නෑ මා ඔබ හැරදා යන්නේ නෑ

    ජීවිතේ මගේ .....................


    ගායනය :- රයන් මාලන්
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ආදරයේ උනුසුම් සුසුම්...............
    සුවදද මෙතරම්...............
    එහෙනම්......
    සැලමුතු පෙම තුල.......
    නිසසල වී ලොව.......නවතීවා සැණකින්....... ♫
    k12rr.jpg

    congratz for 11000;)
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සමුගන්නදෝ ආය හමුවෙන්නදෝ
    අවසන් සිනාවෙන්ම වෙන්වෙන්නදෝ

    පෙරදා බැදි ආදරේ
    හිරුසේ ගිලී සාගරේ
    මට බැහැ ලගින් ඉන්න ගොලු වූ ලෙසේ
    හැමදා සුසුම්ලන්න හැකිදෝ මෙසේ

    සමුගන්නදෝ

    මතුදා දැතේ වෙලී
    පැතු සේ සෙනෙහි බැදි
    ලන්වෙන්න හිනහෙන්න පෙරසේ ඔයා
    කදුලින් සුසුම් රැල්ල බොදවී ගියා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සඟවන්න ඔය නිල් නුවන්
    සැඟවෙන්න මගේ ඇස් වලින්
    ඔබ දුටුවොතින් යලි
    හිත වාවනු බෑ....
    අහසේ තරු නැති රෑ...
    සඳ එළියත් නැති රෑ...
    වලාකුළු අතරේ
    සඟවන්න ඔය නිල් නුවන්
    මගේ දිහා නොබලා....
    හමුවුණු ලංවුනු
    අප පෙම් කතන්දරේ....
    පැටලුනු දැවටුණු සිතුවිලි සිරකෙරුවේ...
    ආදරයේ බිඳුවක්වත් අඩුව නොවේ...
    දෛවයේ සරදම් අප වෙන්කෙරුවේ....

    කීවකතා තුන් යාමේත් මතක් උනා...
    කඳුළු ගලා දුටු හීනය බොඳව ගියා...
    ජිවිතයම අප ලංවී ඉඳිමු කියා....
    පැතූ පැතුම් අප දෙහදේ ඉකි බිඳිනා.
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මේ සෙනෙහෙ කන්ද නුඹේ සිතට බරවැඩිවුනු හින්දා
    මගෙ පැතුම් කන්ද නුඹ පාමුල විසිරුනි දෝ මන්දා

    රහසක් නෑ මින් මතුවත් වෙනසක් නෑ මා නම්
    හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසි දාකත්
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මට හිනා වෙන්න කියා දෙන්න නුඹ නැතිදා හෙට
    මට නිදා ගන්න කියා දෙන්න නුඹ නැති සිහිනෙක
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සද සැන්ගී ගිහින්දෝ
    තාරුකා නිල් එලි නිවී යාවි
    ඒත් හෙට ඒවී හිරු ඒවී
    වලාකුල් දීප්තිමත් වේවී

    පුනරාලෝකයෙන් ඉපදී යලි
    අපගේ පෙම් පරාදීසයේ
    ලන්ව ඉමු ආය අපි වෙන් නොවී
    අකීකරු දයිවයෝගේ
    නසාදෝ ධර්මතාවෝ


    ජීවිතයේ වසන්තේ
    මා සොයාවී පහන් දැල්වේවූ
    රිදී නිල් බින්දු වරුසාවේ
    නියන් සහ දුර්ග මන් ඔස්සේ

    ඔබ මා කාලයේ වල්මත්වී
    ප්‍රේමයේ පුශ්ප උද්යානේ
    අන්න ඇසුනාද මන්ගල්ලේ ගී
    සිනාසී ඇයි හඩන්නේ අපේ දයිවයයි මේ