ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි රස කතා
මචන්ලා මම නූලක් පටන් ගන්නවා ජෝතිශ්යා ශස්ත්ර්යේ කෙලපැමිනි ලංකාවේ හිටපු පුර්වාචර්ය වරුන් ගැන තියන ජන කතා උඹලත් එක්ක බෙදා ගන්න. මේ කතා බොහෝමයක් අන්තර්ජාලයෙන් හොයාගත්ත එවා.. අනික්වා පත්තර වල තිබ්බ එවා. මේ ගැන උඹලගෙ අදහසුත් එකතු කරපල්ලා...
2nd පේජ් එකේ දොඩම්පේ ගණිතයා
3rd-4th පේජ් භරන ගනිතයා ගැනත් තියනවා කියවලා බලන්න
පොන්නා
නම දැක්කම කට්ටියට නිකං මඤඤං වගේ ඇති නේද? මේ මොන කුනුහරුපයක් කියන්න යනවද කියලා.කියවලම බලන්නකො.
----------------------------
රාවණා රජ සමයේදී නිධන් ගත කරන ලද රන් පුහුලක් (පුහුලක හැඩයට සෑදූ රත්රන් ගුලියක්) පිළිබදව පුස්කොළ පොතක ලියවුනු නිධන් වදුලක් ඉන්දියාවේ තෙළිගු බ්‍රාහ්මණ තරුණයෙකු අතට පත්විය.මෙම බමුණු තරුණයා නිධන් වදුල කියවා රන් පුහුල ඇත්තේ ලංකාවේ මාවෙළ ප්‍රදේශයේ නයින් කෙළිනා තොට නම් ස්ථානයේ ගල් දොරකින් වැසී ඇති ගල් ගුහාවක් තුළ බව දැන ගත්තේය.රන් පුහුල ගැනීමට තමාගේම දරුවකු බිළි දිය යුතු බව නිධන් වදුලෙන්ම අවබෝධ කරගත් වස්තු ලොල් මෙම බමුණු තරුණයා නිධානය ගැනීමේ අරමුනින්ම ඉන්දියාවෙන් නැව් නැග මාවෙල ප්‍රදේශයේ කාන්තාවක් සරණ පාගෙන එහිම ජීවත් විය.
ඉන්පසු එම ස්ති‍්‍රයට දාව උපදින කුලුඳුල් පුත‍්‍රයා රන්පුහුල ගැනීමේදී බිලි දෙයි. රන් පුහුලක් රැගෙන එය අරක් ගෙන සිටි නාගයා පසුපස හඹා ඒවියැයි සිතා ගල්තලාවක් මතට දිව ගිය අතර එහිදී හටගත් පිපාසය නිසා රන් පුහුල බිම තැබීය.එවිට ගලපලාගෙන රන් පුහුල නැවතත් එම ගලෙහි නිදන්ගත වූ බව ද රන්පුහුල බිම තැබූ ස්ථානය පුසුල්පිටිය ලෙස හැඳින්වූ බවද සඳහන්ය.තම දරුවාත් නිධානයත් දෙකම නැති වීම ගැන දුක් වූ බමුණු තරුණයා සිත් තැවුලට පත්ව දිවි නසා ගැනීමට සූදානම් වුවත් බෞද්ධ භික්ෂුවකගේ ධර්ම දේශනයක් අසා වස්තු තන්හාව තුනී වී යහපත් පුද්ගලයකු බවට පත්විය.
බෞද්ධයකු බවට පත්වූ බමුණු තරුණයාගේ දෙවෙනි පුතු අප කතාන්දරයේ ප්‍රධාන චරිතය විය.තම තෙළිගු බමුණු පෙළපත් නාමය වූ "පොන්නා"(පොන් යනු තෙළිගු බසින් "රන්" හෙවත් රත්රන් හැදින්වීමයි.) ඔහු භාවිතා කළ නාමය විය.තරුණ වියට පත් පොන්නා තම පියා මෙන්ම ජ්‍යොතිෂයේ හා ගුප්ත ශාස්ත්‍රයේ ප්‍රවීනයකු විය.(ලංකාවට ආ පොන්න පරපුර තම කීර්තිය වැඩීගිය පසු දකුණු ඉන්දියාවෙන් පැමිණීම හා කුල තොරතුරු වසා දැමීමක් ඔවුන් විසින්ම සිදු කලේය.)
--------------------------
"පොන්නා ගුරුන්නාන්සේ මේ ගුත්තා ළමයාට ඔහේව හම්බවෙන්න ඕන කියලා ඇවිත් ඉන්නේ"
"කව්ද බන් ගුත්තා කිව්වේ.ආ මේ අපේ කොටගේ පිටියේ විසුරුගෙදර ඌරු පැලැස්සේ ගමරාළලැයි නැවතිලා ඉන්න ගුත්තා ළමයා නෙව.මොකෝ ළමයෝ මේ හදිස්සියේ මේ පැත්තේ."
පොන්නා ඇසූ දෙයට එකවර පිළිතුරක් නොදුන් ගුත්තා පොන්නා දෙස මොහොතක් බලා සිටියේය.යකුන් මෙල්ල කරන ගුප්ත ශාස්ත්‍ර උගත් බලවන්තයෙකු වුවද තමා ඉදිරියේ සිටින ආරෝහ පරිනාහ තරුණයාගේ තියුණු තේජස් බැල්ම ඉදිරියේ පොන්නා මදක් පසුබා ගියේය.තමා ඉදිරියේ සිටින තරුණයාට තමාව තනිව මුණගැසීමේ අවශ්‍යතාව ඇති බව පොන්නා වටහා ගත්තේය.
"තේගිසෝ උඹ ගිහින් මේ ගුත්තා ලමයාට බොන්න වෑවරයක් කපාගෙන වරෙන්."
අතවැසියා පිටතට ගිය පසු ගුත්තා කතා කලේය.
"ගුරුන්නාන්සේ මම ඊයේ අමුතු විකාර හීන වගයක් දැක්කා.ඒ හීන වල තේරුමක් තියෙනවද කියල දැන ගන්නයි ආවේ.
"හොදයි එහෙනම් අන්න අර පේන දෙහි ගහ ලඟට ගිහින් මෙන්න මේ වතුර විදුරුව දිහා බලාගෙන රහසින් තමා දැක්ක හීනේ ගැන කියලා ඒ වතුර ටික දෙහි ගහට වත් කරලා ආවනං"
පොන්නා ගුරා පැවසූ දේ එලසම සිදුකොට ගුත්තා නැවත පොන්නා ගුරු වෙතට පැමිණියේය.
"හොදයි දැන් මෙන්න මේ බුලත් අතෙන් තමාට හිතෙන බුලත් කොළ ගානක් අතට අරගෙන ඔය ළමයා දැක්කයි කියන හීනේ ගැන මටත් කිව්වනම්."
" මම දැක්ක හීනේ හරි විකාරයක් වගේ හීනේ දැක්කේ කොටස් තුනකට වගේ මුලින්ම දැක්කේ මගේ බඩවැල් කටින් එළියට ඇවිත් දිග්වෙලා නැවත කෙටි වී බඩතුලටම ඇදී යාමයි.දෙවැනි පාර දැක්කේ මගේ දිව දික්වෙලා මුළු ලංකාද්වීපයේම වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.තුන්වෙනි පාර දැක්කා මගේ මහපටැඟිල්ලේ මී වදයක් බැදලා තියෙනවා.මේ හීනවල ත්රුමක් තියේද ගුරුණ්නාන්සේ."
"ගුත්තා තමා දුටු සිහිණ විස්තර කිරීම ආරම්භ කරනවාත් සමගම කවඩි බෙල්ලන් අතට ගත් පොන්නා සිහින් හඩින් මතුරමින් කවඩි කිහිපයක් පෙත මත දමමින් කිසියම් ක්‍රියාවක් සිදු කලේය.නැවත වරක් එම ක්‍රියාව සිදු කළ පොන්නා කවඩි පෙත දෙස විශ්මයෙන් යුතුව බලා සිටියේය."
"ඔබතුමා කවුද?සිහිණ හා තත්කාලය අනුව පෙනෙන විදියට ඔබ මහා බලගතු රාජ කුමාරයෙක් විය යුතුයි.කවදා හරි දවසක ඔබ මේ රට එක්සේසත් කර රටේ මහ රජු බවට පත්වෙනවා ඒකාන්තයි.සිහිණ වලින් පෙන්වා ඇත්තේ එයයි.කාවන්තිස්ස රජු සමඟ අමනාපව රජවාසලෙන් පැන ගිය ගැමුණු කුමරු ඔබ නේද?"
" ඔබ හරි මම ගැමුනු කුමරු තමයි. ඒත් ඔබ මෙය රහසක් ලෙස පවත්වා ගත යුතුයි.ඔබ පැවසූ පරිදි සොලීන් පලවා හැර මේ රට මුදවා ගැනීම මගේ එකම අරමුණයි.ඔබගේ ශාස්ත්‍රීය දැනුමට මා ගරු කරමි."
තමා ඉදිරියේ සිටින්නේ අනාගතයේ රට භාර ගැනීමට සිටින දුටු ගැමුණු රාජ කුමාරයා බව දැනගත් පොන්නා ගුරුතුමා කුමරුට ගෞරව නමස්කාර කොට කුමරු පිළිබද රහස රැකීමට ප්‍රතිඥා දුන්නේය.
පසු කලෙක දුටු ගැමුනු රජු සොලීන් පරදවා රට එක්සේසත් කලේය.ඒ සදහා අනාගත වාක්‍ය පැවසූ පොන්නාව රාජකීය දෛවඥයා ලෙස පත්කරගත්තේය.මෙලෙස පොන්නා නැකැත් පරපුර රාජකීය සම්මණයට පාත්‍ර වීම ආරම්භ විය.ඉන් පසු පරම්පරා ගනනක්ම පොන්නා නැකැත් පරපුර රාජකීය දෛවඥයන් ලෙස පිදුම් ලැබුවේ එම නැකැත් පරපුරේ දක්‍ෂතා ජානමය වශයෙන් ඉදිරි පරම්පරාවටද ගමන් කිරීම හේතුවෙනි.
කොත්මලේ ගනිතයා ගැන කතාව බලාපොරොත්තුවෙන් ඉන්න.....

Last edited: