----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
EDIT : පොඩි දෙයක් එකතු කරන්න හිතුනා, මචෝලා, මගෙ හැම thread එකක් වගේම මේ ත්රෙඩ් එක අන්තිමටත් මට inbox පිරෙන්න PM කරලා තියෙනවා කට්ටිය මේ Tools වල නම් ඉල්ලලා. . .
සොරි මචෝලා, මම ඒ එකකටවත්ම Reply කරන්නෙ නැ, පලවෙනි හේතුව GT අය්යා එපා කියපු නිසා, දෙක මේ Tool වල නම් හොයාගත්තා කියලා ඔයාලාට කිසිම වාසියක් වෙන්නෙ නැ,
මේ මම පෙන්නන එකක් වත් Hacking Tools නෙමෙයි Security Auditing / pen-testing වලට පාවිච්චි කරන ඒවා, ඒ කියන්නෙ මේවා තියෙන්නෙ Vulnerabilities හොයාගන්න විතරයි, එහෙම නැතුව Professional Hacking වලට පාවිච්චි කරන ඒවා නෙමෙයි, මේවා පාවිච්කි කරලා අවසර නැති කෙනෙක් / තැනක් හැක් කලොත් අනිවා ඔයාලව අහුවෙනවා,
තව ගොඩක් අය PM කරනවා ethical hacking ඉගන ගන්න ඕන කියලා මේ Tools ඉල්ලනවා, ethical hacking කියන්නෙ Programming වලම Blackbox testing කිරීමට සමානදෙයක්, ඉතින් සුපිරියටම programming දන්නෙ නැති කෙනෙක්ට මේවා කියලා දෙනවා කියන්නෙ ඌරෙක්ට කලනය කියලාදෙනවා වගේ වැඩක්, ඌ ඉගන ගත්තත් ඒකෙ හරය සහ ක්රමය තේරුම් ගන්න බැ, එ කියන්නෙ ඒ දැනුම වැඩක් නැ,
Hacking ඉගන ගන්න ඕන නම් Low level AND High Level Programming Languages , JVM , Delvik , Assembly language , Network Protocols , Network / Software / Hardware layers , OSI , TCP , UDP, IP , P2P, Packets, Routing , DNS , NAT, UpNp, Switching , Subnetting , Black Box / White box Testing , Linux File System, Kernals, Hex / Binary calculations , Big indian / Little indian Number systems / calculations, වගේ දේවල් සහ තවත් මේ වගේ දහසකුත් දේවල් ගැන ටික ටික හරි දැනගෙන ඉන්න වෙනවා, නැත්නම් ඔයාලට අනිවාර්යෙන් ප්රශ්න වෙනවා, නොදන්න දේවල් කරන්න ගියාට.
Web Developing කරන්න බැරි එකෙක්ට Web Hacking ඉගන ගෙන වැඩක් නැ, Database Administration නොදන්න එකෙක් SQL Injection ඉගෙන ගෙන වැඩක් නැ, හොද Programming knowledge එක් නැතුව Shell Codeing / Exploits / Cracking ඉගෙන ගෙන වැඩක් නැ, Kernel එක, Drivers ,Filesystem එක දන්නෙ නැතුව privilege escalation ඉගෙන ගෙන වැඩක් නැ, ඒ නිසා ඉස්සරවෙලා දෙයක් හදන්න ඉගෙන ගන්න, ඉටපස්සෙ කඩන්න ඉගන ගන්න, හදන්න දන්නෙ නැතුව කඩන්න බැ. . .......
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------