පද පේළී - EK LYRICS THREAD PART 2

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හද වේදනා මෙසේ රැයේ කියා මෙමා
    අද ඉන්න යාමේ පාළුවේ හඬා
    ඔබ ඉන්නේ හිනැහිලා ඔහු ගාව දැවටිලා
    මා ලොවේහී තනිවෙලා ගියා මෙසේ
    මා ලොවේහී තනිවෙලා ගියා... :(

    දිනෙක මා දෑත ගෙන ඔයා ඔබෙයි මා කියා දිවුරුවා
    මතක් වේවි සැමදා ඔබ කීව ඒ කථා වේදනා සදා දීලා...

    සඳුත් රෑ අහසේ නැගෙන්නා ඔබ කොහේ කියා අසන්නා
    ඔබෙන් ජීවිතේ පුරා දුක් වේදනා ලබා සැමදා හඬාවී මා...

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සමාව ඉල්ලා දෙපා සිඹින්නට
    එපා සොඳුරියේ මංගල යහනේ
    වරදේ නොබැඳෙන සීතාවන් ලොව
    අද නැති බව මා දැන උන්නේ....:yes:


    විශ්වාසය ආදරෙයි කියා
    පෙර පෙම් බැඳි ඔහු කෙරේ ඔයා
    පිදු බව දන්නෙමි ඔබේ බඹසර මල්
    එනමුදු මගේ හද සලිත නොවේ...:baffled:


    අඳුරු අතීතේ මැකී ගියාවේ
    යළි ඉපදී මා හද සෙවනේ
    මතු දිවි ඇති තුරු ඔබ මා සෙවනේ
    ඉනු මැන මින්පසු නොබැඳී වරදේ....:rolleyes:

     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    අඳුරු අතීතේ මැකී ගියාවේ
    යළි ඉපදී මා හද සෙවනේ
    මතු දිවි ඇති තුරු ඔබ මා සෙවනේ
    ඉනු මැන මින්පසු නොබැඳී වරදේ...

    Maxxa
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පෙර දින මා වෙත පුද කල සෙනෙහස අමතක කර දමලා
    නැවුම් පෙමක් ගැන සිතුවේ ඇයි ඔබ මගෙ හදවත රිදවා...

    සිය වැඩ අත හැර ඔබට පෙම් කලේ ඔබ ගැන සිහින මවා :oo:
    අපේ පැතුම් ලොව මල් පූදින්නට පැතුවෙමි උදේ හවා...:dull:

    මම කිසි දවසක වෙන්ව නොයන බව මතකයි ඔබ කීවා:growl:
    මට දුන් මේ දුක ඔහුට නොදෙනු මෙන් ඔබගෙන් සමු ගමි මා..:)


     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඳුරු අතීතේ මැකී ගියාවේ
    යළි ඉපදී මා හද සෙවනේ
    මතු දිවි ඇති තුරු ඔබ මා සෙවනේ
    ඉනු මැන මින්පසු නොබැඳී වරදේ...

    Maxxa

    තනි ඇහැට ඇඬෙනවා නේද බන්....? ඔන්න සිංදු.... බොක්කටම වැදෙනවා :dull::dull::dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න,
    මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මං....♫♫
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේක සිංහලෙන් ලියන්න බැලුවා,

    දැන් මා හට නැතිව ජීවත් විය නොහැක
    ඔබ නැතිව මාගේ පැවැත්ම කුමක් ද
    ඔබ මගෙන් වෙන්වුවහොත්
    මා වෙන්වන්නේ මාගෙන් ම යි

    ඔබ නිසා පමණක් ම
    දැන් ඔබ නිසාම
    ජීවය, ඔබ මගේ ජීවිතයයි
    මගේ සැනසුම සහ මගේ වේදනාව
    ඔබ පමණක් ම මගේ ආදරය යි

    මේ අපගේ සම්බන්ධය කෙසේද
    මොහොතකටවත් අප අතර වෙන්වීමට මා අකමැති යි
    සෑම දිනයක්ම මම ඔබ වෙනුවෙන් ජීවත් වෙමි
    මාගේ හැම කාලයක් ම ඔබ වෙනුවෙනි
    ඔබ මගේ නොවෙනා කිසිදු මොහොතක් පැවතිය යුතු නැත
    ඔබගේ නම මගේ සෑම හුස්මක් පාසා ම රැඳී ඇත

    ඔබ වෙනුවෙන් මම ජීවත් වන්නෙමි
    මම මාව ඔබ සතුකර ඇත
    ඔබගේ ආදරය මාව ආරක්ෂාකරයි
    සෑම දුකක් ම මගේ හදවතින් මුදවයි
    ඔබ සමග මගේ දෛවය බැඳේ
    ඔබ සමගයි මම සම්පූර්ණ වන්නේ
    11.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙතු පියන් හදෙහි මැවෙනවා
    සිතට දැනෙනවා
    ඒ හැගුමන් මටද දැනෙනවා
    හදෙහි ඇදෙනවා
    ඒ අමුතු ප්‍රේමයයි සිතට කියනවා.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිල් විල් යායේ සඳ වතුරේ
    හංස පැටව් සේ දඟ කෙරුවේ
    මට තව මතකයි ඒ කාලේ
    හංස පැටව් අපි ඉස්කෝලේ

    දං බෝවිටියා වන වදුලේ
    කට දම් පාටයි හැම වේලේ
    කිචි බිචි ගානා යාලුවනේ
    හැංගුනෙ කොහේද බඩ වැටියේ

    වක්කඩ ළඟ ඉද කොක් රාලේ
    කවුරුන් එනතුරු උඹ ඉන්නේ
    ගහකොළ සමඟින් ගෙවු කාලේ
    පුංචි පැටව් මගෙ නැහැ දන්නේ :no:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සදක් වෙන්න බැරි නම් ඔබ මට
    ඉරක් වෙන්න හැකිදෝ ඔබ හට
    වෙහෙස දැනෙන මේ ජීවිතේ
    වැවක් වෙන්න බැරි තන ඔබ හට
    ඇයිද කිවේ වෙන්න නිල් දිය
    දුකක් ඉතිරි මේ ජිවිතේ

    සදක් වෙන්න බැරි...

    සීත ඉර්තුවකට වෙලා මිය යන්න නම් එපා
    පෙම් කවක් ලියන්නට ආසයි මට තවත්
    ඉර්තුවක් ඇතත් නැතත් හුස්ම ලඟ මගේ සිතත්
    පණ ගසයි ඔබේ දේපා මුල වැටී

    සදක් වෙන්න බැරි...

    මා නොමැති හෙටක් ඇතත්
    පිපෙන මල් යලිත් පිපෙයි
    හිරු එළිය ඇවිත් තව දවසක් උදාවෙයි
    හමනා ඒ සුලන් රැලිත්
    නෙත් කොනින් ලඟින් හමයි
    නෙතු අගින් වැටෙන මේ කදුලැල් සීතලයි

    සදක් වෙන්න බැරි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇස් දෙකක් හිනැහිලා...

    ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා
    වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා
    හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා
    දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා

    වහින්නේ...වස්සානේ..
    ළමැද ගුලිවෙලා ඔබ දඟකළා උනුහුම හොයා
    වරුසාවේ.. තෙමෙන්නේ
    ළඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා

    වැහි හලා කළු වලා අහසින් ගියා
    තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා
    ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා
    දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් අඹරේ සොඳුරු පැහැය

    නිල් අඹරේ සොඳුරු පැහැය
    ඔය දෙනෙත් තවරන්න
    රතු මල් පොකුරේ පාට
    මුදු දෙතොලේ දවටන්න
    සමනල් රැනේ එන්න
    මගේ තුරුලේ නැලවෙන්න
    ආදරෙයි මං ආදරෙයි මුළු ජීවිතේ පුරා
    ආදරෙයි...

    දේදුන්නෙ නැගලා නිල් අහස පැදලා
    තුරුලේ මගේ උණුසුම් සුවේ පුදනවා...
    පෙම් වර්ණ ලෝකේ පෙම් මල් ගොතා
    ගෙල පලදවා සිප ගන්නවා...

    කිරි සයුරේ ගිලිලා සඳ අහසේ නැගිලා
    දෙනුවන් ඔබේ තරු වැල් වගේ දිලෙනවා...
    අප්‍රමාන පෙම් ලෝකේ අනන්තය සොයා
    ඔබේ අත අරන් පියනගනවා...
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංඟිලා ගියේ
    පාන නිව්න සේ පාළුයි ලැයින් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

    ලාභ රත්තරං දිළිසෙන පාළු වීදියේ
    ගෑණු ළමයි පියාඔලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

    මාල බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ
    මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව්වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
    පාර මතකනං තාමත් ගේ ළඟයි දුවේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇස් දෙකක් හිනැහිලා මට ළවුනා
    වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා
    හිත් දෙකක් පෙම් කමින් ලෙන්ගතු වෙලා
    දොඩමළු වුනා ලඟටම වෙලා මගෙමයි කියා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේක සිංහලෙන් ලියන්න බැලුවා,

    දැන් මා හට නැතිව ජීවත් විය නොහැක
    ඔබ නැතිව මාගේ පැවැත්ම කුමක් ද
    ඔබ මගෙන් වෙන්වුවහොත්
    මා වෙන්වන්නේ මාගෙන් ම යි

    ඔබ නිසා පමණක් ම
    දැන් ඔබ නිසාම
    ජීවය, ඔබ මගේ ජීවිතයයි
    මගේ සැනසුම සහ මගේ වේදනාව
    ඔබ පමණක් ම මගේ ආදරය යි

    මේ අපගේ සම්බන්ධය කෙසේද
    මොහොතකටවත් අප අතර වෙන්වීමට මා අකමැති යි
    සෑම දිනයක්ම මම ඔබ වෙනුවෙන් ජීවත් වෙමි
    මාගේ හැම කාලයක් ම ඔබ වෙනුවෙනි
    ඔබ මගේ නොවෙනා කිසිදු මොහොතක් පැවතිය යුතු නැත
    ඔබගේ නම මගේ සෑම හුස්මක් පාසා ම රැඳී ඇත

    ඔබ වෙනුවෙන් මම ජීවත් වන්නෙමි
    මම මාව ඔබ සතුකර ඇත
    ඔබගේ ආදරය මාව ආරක්ෂාකරයි
    සෑම දුකක් ම මගේ හදවතින් මුදවයි
    ඔබ සමග මගේ දෛවය බැඳේ
    ඔබ සමගයි මම සම්පූර්ණ වන්නේ
    11.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කඩුව එපා නුඹෙ දෑත දියන් මට
    මනමේ කුමාරී
    කෝළ කොමළ මල්දාම සදිසි
    නුඹේ දෑත දියන් සුකුමාලී
    මනමේ කුමාරී
    ප්‍රේමිය මනමේ කුමාරී

    වාත වේග හීසර හුරු මට
    මෙය අදහා ගන්නට බැරි දෙයකී
    ආල නුරා මල් හී මෙතරම්
    ඇයි නපුරු කියාපන්
    ප්‍රේමිය මනමේ කුමාරී
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම ඔබේ මුහුණ කියවමී
    එහි ඇති කවි පද මුමුණමී
    සැගවුනු පදරුත් විමසමී
    නව නලු රසයෙන් සැනසෙමී

    මම ඔබේ ඇසට පිවිසෙමී
    නෙත් කාන්තියේ කිමිදෙමී
    නිල් දිය පාරට නැමි නැමී
    ඉඳුවර පෙති යුග නරඹමී

    මම ඔබේ මුහුණ කියවමී................

    මම ඔබ දෙතොලට ලංවෙමී
    රතු දෙතොලේ රත ඇදගමී
    සිඳුවර සුවඳේ තෙමි තෙමී
    නා දළු මත සැතපෙමී

    මම ඔබේ මුහුණ කියවමී..................​






    Download>>>>>>>>>මම ඕබේ මුහුණ.........
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    අඳුර මැදින නුඹ එනවද ආදරේ අරන්
    නැගෙන හිරු මැදින්
    බසින හිරු මැදින්
    ඉතින් කියනවද මට ආදරේ එක වරක්
    රිදෙන සිත දුකින්
    දැවෙන සිත දුකින්

    සුසුම් පොදයි නුඹ මට මගේ ජීවිතය ගෙනියන
    මගේ සුසුම් පොදයි නුඹ
    නුඹ ආදරෙයිද මට මහ සාගරය තරමට
    කඳුලක් වෙන්නෙපා නුඹ
    නිල් අහසක් තරමට දැනෙනවා නුඹගේ සෙනෙහස

    සරා සඳකි නුඹ මට සිත් අහසම එලිය කල
    අඳුරක් දෙන්නෙපා නුඹ
    නාමල් සුවඳකි නුඹ සිත් මළුවම සුවඳ කල
    දැනෙනවා නුඹගේ සෙනෙහස
    නෙතඟින් කඩා හැලෙන කඳුලක් වෙන්නෙපා නුඹ

    ගායනය :- තුශාර ජීවන්ත
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rookantha Gunathilake..............

    ඈ මගේ ගතේ හැඟුමන් පෙලා~
    ඈ මගේ සිතේ සක්මන් කලා..
    මා දිහා බලා සුසුමන් සලා~
    ආදරෙයි කියා නොකියා ගියා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුලං රොදක් සේ ඔබ වෙත ඇවිදින් ලඟින් සිටින්නම් සැණෙකින්
    පහන් වැටක් සේ ඔබ ලඟ හිඳිමින් එලි‍ය කරන්නම් සතුටින්
    ඔබ එක්වෙනවාදෝ.....ඔබ ලං වෙනවාදෝ.....
    ඔබ මා සතුවේදෝ.....ඔබ මට හිමිවේදෝ.....

    මා දෙස බලමින් පවසන් ඔබ මගේම ‍යැ‍යි කි‍යලා.....
    මා වෙත ඇවිදින් මුමුණන් මුලු දිවි‍යම ඔබෙ කි‍යලා....

    සිහින‍යකින් හෝ ඔබ ලඟ රැඳෙමින් ඔ‍ය නෙතු අග දැවටෙන්නම්.....
    ඈත අහසේ තරු අතරින් ඔබ කැඳවාගෙන ‍යන්නම්.....

    -Centigradz-

    (සෑහෙන කාලෙකට පස්සේ අද මේ සින්දුව ඇහුවා......:cool::cool::cool:)
     
    • Like
    Reactions: C h o p p e