මෙන්න අපේ පල්සර් කුකුලන්ට.....
projector lens එක හෙඩ් ලයිට් එකට හයි කරපු විදිය.
මුලින්ම කියන්න ඕනේ බයික් එකේ එක වයර් එකක් වත් කැපුවේ නෑ. ඔරිජිනල් කෑලි වෙනස් කලෙත් නෑ.

මුලින්ම ගත්තා හෙඩ් ලයිට් එකක් ගෙඩිය පිටින්ම. එතකොට ඕන දෙයක් කරන්න පුලුවන්නේ..
මේකත් අරගෙන බැලුවමයි දැක්කේ මේ මුලු සෙට් එකටම වඩා මං ගත්ත projector lens එක සෙන්ටිමීටරයක් විතර දිගයි.
මං මුලින් හිතන් හිටියේ ඉස්සරහ ග්ලාස් එක acrylic වලින් අලුතෙන් වැඩිපුර උත්තල හැඩේට නවලා හදල දාන්න.
පස්සේ මේ වැඩේට හුඟක් උදව් කරපු මගේ යාලුවා(සුපිරිම පොරක්) කිව්වා මේ කරල තියන ක්‍රමේට සෙට් කරමු කියලා.


මුලින්ම ගත්තා රිෆ්ලෙක්ටර් කෑල්ල ලයිට් එකේ. අරගෙන පට්ටලේට දාල පොරගේ කැපුවා projector lens එක ගානට බහින සයිස් එකට.
ඊට පස්සේ හෙඩ් ලයිට් කවර් එක පිටිපස්සෙන් විද්දා projector lens එකේ නට් එක පිටිපස්සෙන් එලියට එන විදියට. කවර් එකේ හිල කැපුවේ ඕවල් ශේප් එකට. එතකොට ලෙන්ස් එක එහාට මෙහාට එජස්ට් කරන්න පුලුවන්නේ..

මට මේක හයිකරන්න කලින් ෆොටෝ එකක් ගහන්න අමතක වුනා. ඒනිසා මේකෙන් යන්තම් හිතාගන්න.
නයිලෝන් කෑල්ලක් කවර් එකේ තියන හැඩේටම ටේපර් වෙන්න කපල තියෙන්නේ නට් එකෙන් කවර් එකට සෙට් වෙන්න. ඇතුලිනුත් රවුම් රබර් එකකින් සීට් වෙලා තියෙන්නේ කවර් එකට. වතුර යෑමක් ගැන බයවෙන්න දෙයක් නෑ.
මේ තියෙන්නේ ඉතින් ලයිට් එකේ අවසන් ප්‍රතිඵලේ...
අපේ HID දාපු මාමලගේ ඒවට වඩා ටිකක් වෙනස් විදියට මේකේ හෙඩ් ඩිම් මාරුවෙන්නේ.
මේ තියෙන්නේ පලු කරපු projector lens එක.
ඊතලයක් ගහල තියෙන තැන තියන පොඩි පතුරු කෑල්ල ඔය කලු පාට පොඩියට තියන සොලනොයිඩ් එකෙන් පලහට ඇදල තමා හෙඩ් එක හදන්නේ. ඩිම් එකේදි බීම් එකෙන් බාගයක් කපල දානවා.
මං වයරින් එකත් එක්කම ත්‍රෙඩ් එකක් දාන්නම් කිව්වනේ කට්ටියට.

වැඩක් වෙයිනම් දාන්නද තව විස්තර එක්ක ත්‍රෙඩ් එකක්.
