කොළඹ ගිහින් ආවා..... ආන්න ආස්චර්ය කුකුළණි...... කහ ඉරි ගාව, කලර් ලයිට් ගාව, පොලිස් මාමලා, කට්ටියව, අතින් අල්ලලා පාර පන්නවන්නේ......

මට එපා උනා ඒවා දැකලා..... අද පොලිස් මාමලාට දඩ ලියන්නවත් සිහියක් නෑ..... වෙනදට, කොයි වෙලේද මැරයින් ඩ්රයිව් එකේ පොලිස් බාප්පලා දඩ කොල නැතුව ඉන්නේ......

එයාලත් නෑ..... ලයිට් කණුවක් කණුවක් ගානේ පොලිස් මාමලා වැහි වැහැලා......

ෆුල් ෆේස් හෙල්මට් ගැනවත් වගේ වගක් නෑ..... ආස්චර්ය ආස්චර්ය..... හැමතැනම, චෝගම් කියලා නම්බර් ප්ලේට් ගහපු චයිනීස් බස්..... බලන්න ලස්සන..... මේවා ඉතින් මැදමුලනේ මලින්ද මාමගේ බූදලේ වියදම් කරලා කරන ඒවා නේ......