කොහොමත් මෙහෙම දෙයක් තියනවා, දැන් කැසිනො ප්රශ්නේ බලපන්.. කො කාටද මතක? ? දැන් කැමරන්, චැනල් ෆො ඔවා තමා ටොපික්, හීනියට බලපන් පැකර් කාරයා වැඩේ කරගන්නවා, ඔන්න ඔකයි තත්වේ.. පෞද්ගලිකව මම නම් විරුද්ද නැ ඔය පැකර්ගේ සෙල්ලමට හැබැයි ඌට බදු සහන දෙන එක වැරදියි මේ වගේ වෙලාවක. තව චීන සෙල්ලන් ටිකක් ලගදිම පෙන්නනවලු. ඔය ඔක්කොම එකතු උනාම මේ දෙමල ප්රශ්නේ එච්චර ලොකු එකක් නෙමෙයි.. කාලෙන් කාලෙට ඔය ප්රශ්න එනවා යනවා, අවශේශ ඉතුරු වෙනවා.. ඉවරයක් නැ.. රතුපස්වල දැන් වතුර ප්රශ්න නැනේ, කටුනයක පෙන්ශන් ගැටලුවකුත් නැනේ.. එහෙම තමා, ඔය එක එක ඒවා එක එක කාලෙට, බොදු බල සේනාවත් ඒ වගේ තමා, මිනිස්සුන්ට ප්රශ්න එනකොට නායකත්වයක් ගන්න කෙනා වටේ මිනිස්සු එකතු වෙනවා, කාලෙත් එක්ක ඒ ප්රශ්නේ විසදුනාම ඒ නායකයා අමතක වෙනවා, ඒකට් පක්ශ පාට ආගම් කියලා වෙනසක් නැ, ඉස්සර චන්ඩ්රිකාට මැඩම් කිව්ව අය අද ඒ මැඩම් උන්නද මලාද දන්නේ නැ, ඒක තමා ඇත්ත, මහින්දටත් දවසක් එනවා, එදාට එයාටත් සර් කියන්න කවුරුත් නැ යුද්ද එකට 100ක් දින්නත් ඒක තමා ඇත්ත.. ඒ මිනිස්සුන්ගේ කුහකකමක නෙමෙයි, move on කියන එක.. හැමදාම එක වගේ නැනේ.. මහවැලිය හදනකොට මිනිස්සු හිතුවේ යුඇන්පි එක තමා ආයේ පතාක යොදයා කියලා, කො දැන්??? මැතිනිගේ ප්රජා අයිතිය අහොසි කරපුවහම ඉතින් එතනින් අත ඉවරයි කියලා හිතුවා මිනිස්සු, දැන් අත පුටු උනා පුටු බුලත් කොල උනා.. මැතිනි මලා..