ඔය වෙච්ච දේවල් හරි කියලා කවද බන් කිව්වේ , කවදාවත් වෙන්නේ නැති දේවල් ගැන සිහින දකින්න එපා , කිසිම් ජාතියක් තමන් වැරදි කියලා කියන්නේ නැහැ, කාගෙන්වත් සමාව ගන්නෙත් නැහැ ජාතියක් වශයෙන් , එහෙම කරන්න ඕනෙත් නැහැ අනික මේ ෆොරුම් එකක කැ ගැහුවයි කියලා මේවා වෙනස් වෙන්නෙත් නැහැ ..මම දන්නවා උබට මෙතන ඕනේ කරන්නේ මොකද්ද කියලා උබට ඕනේ සිංහලයෝ කියන උන්ගේ අත් වල ලේ ගැවිලා තියෙනවා , සිංහලයෝ කියන්නේ වැරදි කාරයෝ කියලා අපි මුළු ලෝකෙට කැ ගහලා කියන්න ඕනෙයි කියලානේ , මොකටද එහෙම කරන්නේ , වැරදි දේවල්, මිනීමැරීම් ජන සංහාර ඕන තරම් ලෝකේ වලා තියෙනවා , උදාහරනයක් විදිහට ජර්මනිය යුදෙව්වන්ව සමුල ගාතනය කළා , එහෙම උනයි කියාලා සමස්ත ජර්මනිය ගිහිල්ලා යුදෙව්වන්ගෙන් සමව ගත්තාද? නැත්නම් ජර්මානු හමුදාව හිරේ ගියාද ? යුදෙව්වට වෙච්ච් වැරදි නිවැරදි කරනවා කියලා උන්ට රටෙන් කොටසක් දුන්නද , මචන් යථාර්තය දැකපන්
ඒ වෙච්ච දේ හරි කියලා කියන්නේ නැත්තම් මොන එහෙකටද ඔච්චර සුදු හුනු ගාන්නේ? මම ඇහුවේ සරළ ප්රශ්නයක් නේ? දෙමළාට වැරැද්දක් වුණාද? නැත කියපු අයට 83 මතක් කළා. උඹ නේ මෙතන ඕවා කතා කරලා වැඩක් නෑ. ඕවා පරණ දේවල් කියලා කියවන්නේ!
ඕනි තරම් ජාති වැරදි පිළි අරන් තියෙනවා. කැනඩාව වගේ රටවල්. ඇමරිකාව, උන් කළු මිනිස්සුන්ට වෙච්ච අපරාධ පිළිගත්තා, උන්ට සම තැන් දුන්න. ඇමරිකාවේ කොටසක් කළු අයට සම තැන දෙන්න බෑ කිව්වාම අනිත් කොටස ඇවිත් යුද්ධ කරලා ජාතිවාදීන්ට හොම්බට දීලා කල්ලන්ව බේරා ගත්තා. අදත් ඒ රටේ කල්ලන්ට ජාතිවාදී ප්රකාශ කරන එක තහනම්. වෙච්ච වැරදි වලට වන්දි ගෙව්වා. අද ඒකයි ඒ රට ඒ තැන තියෙන්නේ!
ෆෝරම් එකක මම කෑගහන්නේ නෑ. නමුත් මේවා මේ රටේ කතා කළ යුතු දේවල්. තමන්ට අවකාශය ලැබෙන තැන කතා කළ යුතු දේවල්!
මම කිව්වාද සිංහලයෝ කියන්නේ ලේ තැවරිච්ච වැරදි කාරයෝ කියලා ලෝකෙට ඇහෙන්න කෑගහන්න කියලා? උඹ දන්නේ නැති වුණාට ඒ විදිහට තමයි දැන් ලෝකේ හිතන් ඉන්නේ? ඒක වෙනස් වෙන්නේ අපි ජාතියක් විදිහට එහෙම නෑ කියලා වැරදි කාරයින්ට දඬුවම් දීමෙන් නෙමෙයි ද? අපි මිනි මරුවෝ නෙමෙයි කියලා පෙන්නන්න පුළුවන් ද මිනි මරුවන්ව හන්ගන් ඉඳලා?
ඔව් ජර්මනිය මුළු යුදෙව්වන්ගෙන්ම සමාව ගත්තා. ඒ වැරැද්ද පිළිගත්තා. අදත් ජර්මනි ඉතිහාසය ඉගෙන ගන්න ළමයි න්ට උගන්වන්නේ හිට්ලර් නාසි හමුදා ඉතා අමනුශ්ය වැඩ කරපු කොටසක් විදිහට. ජර්මනියම ලැජ්ජ වුණා ඒක ගැන. ජර්මනියේ නාසි සංකේතය වෙන ස්වස්ථිකය තහනම්. ඒක ඒ මිනිස්සුන්ගේ තිබ්බ පරිණත කම.
සිංහලයින්ට බැයිද මිය ගිය දෙමළ අය වෙනුවෙන් සැමරැමක් තියන්න? වැරදි කරපු එවුන් ට දඬුවම් දෙන්න? ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් සිංහල මිනිස්සු වෙනස් වෙලා උන් එක්ක එකට ඉන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරන ලොකු දෙයක් ඒක.
උඹ මට යථාර්තෙ තේරුම් ගන්න කියන්න කලිං ත්රෙඩ් එක කියවලා හිටහං! මම කොහෙද රටෙන් කෑල්ලක් දෙන්න කිව්වේ? උඹට කියන්න දෙයක් නැතුවට විකාර කියවන්න එපා.
මම ඇහුවේ එකම ප්රශ්නයයි, දෙමළාට වැරැද්දක් වුණාද? ඇයි ඒක පිළිගන්න එච්චර අමාරු?



