කිරි අප්පේ කීයලා වැඩක් නෑ .. කිඹුල් මාමි පොරේ උදේ ඉඳන් කෑමක් හදනවා ඇවිත් ඇන්න පලෝ කියල

... අද ඉරිදා වෙලත් අම්බානට වැඩ සෙට් උනා .. කොහොමත් මම බොරලස්ගමුවට එද්දී 6.30 පහු වෙලා.. දැම්ම කිඹුල් මාමිට කෝල් එකක් එන්නද ඇහුවා වරෝ කිව්වා ... මම යන්න හිටියේ හයි ලෙවල් පාරේ මූ කියපි වරෙන් කහතුඩුව පැත්තෙන් ලඟයි කියලා

... මම පිළියන්දලින් එහා වැඩිය යවෙන්නෙම නෑ .. ඔන්න යන්න ගත්තා කිඹුල් මාමි කියපු විදිහට යනවා යනවා ඉවරයක් නෑ ෆට්ට ට්රැෆික්


.. අර පාරෙන් ගියා නම් දෙපාරක් යන්න තිබ්බ

ඔන්න කිව්ව මග සලකුණු ඔස්සේ ගියා අම්බානට කරුවලයි .. මූට කෝල් එකක් දුන්නා ,, ම්ම්හු මූ නෙමේ උස්සන්නේ

ආයෙත් ගත්තා රිං වෙනවා නො ආන්සර්

මම හිතුව මට දුන්නේ ලනුවක් තමයි ඌව ලිඳේ ඔබන එකට රිටන් එකට කියල... ගන්නවා ගන්නවා නෑ

දැම්ම gps එක

උගේ ආච්චිට කොහේ පෙන්නනවද මන්ද ඒකේ

මට හිතුනා රෙද්දේ කෑම පැත්තක දාලා කොහොම හරි හෝමාගමට යන්න

ටිකිරි මොලේට ආව රත්නේ ළඟ ලෑන්ඩ් ලයින් එක තියෙනවා කියල .. ඌට දුන්න කෝල් එකක් වෙච්ච වින්නැහිය කියපුවම මූ හිනා වෙනවා

යන්තන් නොම්මරේ අරන් දුන්න කිඹුලාගේ ලන්ද ලයින් එකට කෝල් එක ... ගොන් බිජ්ජ හලෝ කියපි !! මම කිව්වා මම යකෝ තෝ ෆෝන් එක ගන්නේ නැත්තේ මොකෝ කියල මූ කියනවා අම්මටසිරි ෆෝන් එක නෑනේ කියල (ඔය අතරේ කෙල්ලෙන් කට්ට කළුවර කපාගෙන එනවා කුඩයක් ඉහලන්

) වල රත්නේයා මාව බය කරා හොල්මන් ඉන්නවා කියල

මම දොරවල් ලෝක කරන හිටියේ කෙල්ල වෑන් එක දිහා බලල අඩිය ikman කරලා යන්න ගියා කළු වීදුරු හින්ද බය වෙන්න ඇති ! කිඹුලා කිව්වා හරවාගෙන වර උඹ ගොඩක් පහු කරලා කියල ..ඔන්න හරවන් එනවා .. හුටා මෙන්න අර කෙල්ල අපහු යනවා

ආපහු වෑන් එක දැකපු ගමන් මෙකි දුවපි


හම්මෝ යාන්තන් මුගේ ගෙදරට ගොඩ උනා