ඔබගේ කොමෙන්ටුව දැකලා හිත පිරිලා...මග හිත අනේ නැත චුට්ටක් වත් ..රිදිලා
ඔබෙ මේ නූල දැකලා රසයෙන් ...පිරිලා
මල්ලිලා ෆෝම් කරලා ගන්නට ...හිතලා
කවියක් ලීවෙ පොඩි ෆන් එකකට කියලා
කලෙකිනි අපේ කෙල්ලන් කුසියට ...යන්නේ
අර අපෙ ස්කර්වියත් විටකදි කුක් .....වන්නේ
"අපෙ උන්" උයන හැටි දැක මම තුටු වන්නේ
කෙල්ලන් මොකද අද කුස්සිය හැර ...යන්නේ
සිත තුල කවි නදී තීරය දෝර ගලා....
පිලිතුරු ලෙස එවමි දෝතක් හැඩකරලා...
පිලිගනු මැනවි කරුණාකර සමාවෙලා...

ඔබ වැනි දක්ෂයින්ගේ මේ ත්රෙඩ් දැකලා....
මල්ලිලා අත්හදා බැලු ඒ රූ දැකලා....
අපිට වඩා කොල්ලන් දක්ෂයි හිතලා....
කෙල්ලන් දුවයි මුලුතැන්ගේ අත්හැරලා...



