විශ්වයේ උපත - බුදු දහමට අනුව..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Me Aggañña sutra ye thiyenne universe eka mulina athiwechcha widiya nemei. eke thiyenne cycle ekak wage earth, humans athiwena widiya neda.

    As far as I know Lord Buddha never described the begining of the universe(how the universe came to be for the first time) or the first cause. He viewed the universe as infinite and beginningless.

    What was before the universe if the universe has a begining? :rolleyes:

    ඇත්තටම ඔබ හරි, සහෝ...බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ පෘටිවියේ සහ මිනිසාගේ මුල්ම උපත/බිහිවීම ගැන නෙමෙයි...චක්‍රයක් වගේ ඇතිවෙමින් නැති වෙමින් වෙන මේ ක්‍රියාව...ඒ එක චක්‍රයක මුල ඉදල අවසානය දක්වා කාල පරාසය, මනින්න බැරි තරම් විශාල නිසා, බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ, විශ්වයේ දිගක් පළලක් නෑ..එය අසීමාන්තිකයි කියල..ඒ වගේම බොදු සාහිත්‍යයේ මේ කාල පරාසය ගැන කියල තියෙන්නේ 'කල්ප' කියන යෙදුමෙන්..ඒ අපිට දළ අවබෝධයක් ගන්න වෙන්න ඇති..කල්ප විනාශයකින් පසු බුදු කෙනෙක් පහල වෙනවා කියල නේ අපි ඉගෙනගන්නේ...ඉතින් එක චක්‍රයක් අපි භාවිතා කරන ඒකක වලින් මැනිය නොහැකි තරම් දිග වෙනකොට, ඒ වගේ චක්‍ර කල්ප ගණනක් මනින්න හදන එකම මොන තරම් මෝඩකමක් ද කියල හිතල බලන්න...
    විශ්වයේ කෙලවර, තමන්ගේ ධ්‍යාන බලයෙන් හොයාගෙන ගිය මුගලන් මහා රහතන් වහන්සේව, එයින් මුදවා ගන්නට බුදුන් වහන්සේ ඉදිරිපත් වූ විදිහ අපි අහල තියෙනවා..ඇසුරු සැණකින් එක් එක් බ්‍රහ්ම ලෝක වලට චිත්ත බලයෙන් ගමන් කිරීමේ හැකියාවක් තිබුන ඒ වගේ රහතන් වහන්සේලා පවා, විශ්වයේ කෙලවර හොයන්න ගිහින් අතරමන් වුනා නම්, මීටර්, කිලෝමීටර්, ආලෝක වර්ෂ වලින් දුර මනින අපිට, විශ්වයේ කෙළවරත්, ඒ වගේම අවුරුදු වලින් කාලය මනින අපිට, විශ්වයේ උපත හොයන්නත් පුළුවන් වෙයිද කියන එක හිතල බලන්න ඕන...ඒ වගේ පරීක්ෂණ වලට වියදම් කරන බිලියන ගණන් සල්ලි, අප්‍රිකාවේ, ආසියාවේ ඉන්න මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් වෙනුවෙන් වැය කළා නම්, මොන තරම් පිනක් ද?

    :yes::yes::yes: විශ්වයේ කෙලවර වත්, එහි උපත වත් හොයනවා වගේ නිරර්ථක ක්‍රියා වල නොයෙදී.., තමන් ගැන හොයන්න කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ...මේ මනුස්ස ජීවිතය තුල කරන්න පුළුවන් හොදම දේ ඒකයි..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    machan download karanna bane

    මචන්, link එකේ කිසි අවුලක් නෑ...මං දැන් ආයිත් check කළා...උබේ internet speed එක මදි ඇති බං..normally mediafire load වෙන්න ටිකක් වෙලා යනවා...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචං මම ඉස්සර ඕව ගැන (බුදු දහම හා විද්‍යාවේ සම්බන්දය ගැන ) පිස්සුවෙන් වගේ කරුණු හොයපු එකෙක්. මම ඔය අග්ගන්‍ය සුත්‍රය හා විද්‍යාවෙන් කියන දේවල්වල comparison එකක් A/L project එකට කරන්නත් හැදුවා. ඒත් ඉස්කෝලෙන් ඒක එපා කිව්වා. කොහොම වුනත් මම හොයා ගත්තු කරුණු ටික උඹලට කියන්නම්.

    විද්‍යාවට අනුව පෘතුවිය ආරම්බයේදී පෘතුවියේ තිබුණු ලවණ හා සාරය සියල්ල වර්ෂ මිලියන ගණනක් තිස්සේ වැහැපු වැස්ස නිසා මුහුදු ඇති වෙලා ඒවායේ සාන්ද්‍ර ගත වෙලා තියෙනවා. එකට බුදු දහමේ කියල තියෙන්නේ 'රස පොලොව' කියලා. (පාලි වචනය මතක නැත)

    ඔය සාරවත් ද්‍රවයට ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉඳන් ආපු බ්‍රහ්මයෝ ආස කරලා තියෙනවා. එතන තමයි රාගයේ මුල් හට ගැනීම. ඒ නිසා ඒ සාරය උරා අවශෝෂණය කර ගැනීමට හැකියාව තියෙන ඒක සෛලික ජීවීන් ඇති වෙලා තියෙනවා. ඒක සෛලික ජීවීන් ඇති වීමට අවශ්‍ය භෞතික සැකැස්ම අවුරුදු මිලියන ගණනක් තිස්සේ විවිද රසායනික අණු ප්‍රතික්‍රියා කිරීමෙන් ඇතිවෙලා තියෙනවා. ඒ සරල රසායනික අණු එක වීමෙන් ප්‍රථම ඇමීබාකාර ඒක සෛලිකයා ඇති වෙලා තියෙනවා. ඒ ඒක සෛලිකයාට අවශ්‍ය ජීවය (භවය) ඇති වුණේ අර ආහස්සර බ්‍රහ්මලෝකේ ඉඳන් ආපු බ්‍රහ්මයෝ එම ඒක සෛලිකයන් විදියට ඉපදීම නිසා. එහෙම ඉපදෙන්න චුති චිත්තය සකස් වෙලා තියෙන්නේ ආදී සූපයට ඇතිවුණු ඇල්ම නිසා.

    ඊට පස්සේ අලිංගික ජීවීන් ලින්ගිකත්වයක් සහිත ජීවීන් බවට පත්වුනා. ආදී සූපයේ රසයට ඇලුණු ජීවීන් දිගින් දිගටම රාගය උපදවාගෙන සසර සැරිසරන්න පටන් ගත්ත.

    දැන් කට්ටිය ප්‍රශ්නයක් ඇති එතකොට ආහස්සර බ්‍රහ්ම ලෝකෙ හිටපු බ්‍රහ්මයෝ ආවේ කොහේ ඉඳලද කියල. කල්ප විනාශය වෙද්දී පෘතුවියේ සිටින සියලුම ජීවීන් (පව් කරපු හා පින් කරපු ) ඔක්කොම අය ගිහින් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනවා. ඒ අය නැවත ජීවයට සුදුසු ලෙස පෘතුවිය සකස් වෙනකන් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ තමයි ජීවත් වෙන්නේ. ඔවුන් සතු රාගය තාවකාලිකව නැති වෙනවා අරමුණක් නැති නිසා. නැවත පෘතුවිය ජීවයට සුදුසු ලෙස සකස් වුනාට පස්සේ ඔවුන් ආදී සූපයට ඇති කර ගන්නා ඇල්ම තෘෂ්ණාව නිසා නැවත සසර ගමන පෘතුවියේ ඉපදෙනවා.

    ඒ සසරේ ආරම්බය නෙමෙයි. එහෙම පෘතුවියේ ඉපදෙන ජීවීන්ට ඔවුන් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න කලින් සසරේ කරලා තිබුණු කර්ම පල දෙනවා.ඒ කියන්නේ සසරේ කෙළවරක් නෑ. ඒ යාන්ත්‍රනය දිගටම ක්‍රියාත්මක වෙනවා.

    (මම දන්නා තව ගොඩක් කරුණු තියෙනවා මචන්. මම දැන් නම් ඕව ගැන හොයන්න යන්නේ නෑ. ඊට වඩා වටිනවා බුදුන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න ඒ කාලය යොදා ගන්න එක. මේවා ගැන අග මුල හොයල කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නෑ. ඒත් මේ ටික කිව්වේ බුද්ධ ධර්මය ගැන ගැඹුරින් තර්කානුකූලව හිතන අයට ප්‍රයෝජනවත් වෙන නිසා. මම කියපු දේවල්වල අඩු පාඩු ඇති. මම කලේ පොඩි හැඳින්වීමක් විතරයි. :yes::yes::yes::yes::yes::yes: )

    ela machan ,,good reply .. :) ....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචෝ කොස්මෝසොයික් වාදයක් කියලා එකක් ගැන බයෝ කලානම් ලාවට නමක් හරි මතක ඇති කියලා හිතනවා. ඒ වාදේ අනුව කියන්නේ වර්ථමාන මානවයා පිටස්තර ලෝකෙකින් ආවා කියලා නේද.? මට දැන් හරියට මතක නෑ ඒත් හෝමෝ ඉරෙක්ටසුයි හෝමෝ සේපියනුයි අතරේ හෝ වෙන ඩබලක් අතරේ ලොකු පරිණාමයේ වෙනස් කම් තියෙනවා කියලා ගැටලු මතුවෙලා තියෙනවා. ඒ අනුවයි ඔය වාදේ ගොඩ නැගිලා තියෙනේ දන්න තරමින්. ඒ වාදෙට අනුව වත්මන් මානවයා පෘතුවිය ආක්‍රමණය කලා කියලා තමයි කියන්නේ.වැඩේ කියන්නෙ අග්ගඤ්ඤ සූත්‍රයේ පවා කියන්නේ ඔයිට සමාන මතයක් වීමයි බං.

    මචන්, උබ කියන දේ මං දන්නවා..ඩාවින් ගේ පරිනාමවාදයට අනුව මිනිසාගේ පරිනාමයේ එක්තරා පුරුක් දෙකක් අතර තියෙනවා ලොකු වෙනසක්..ඒක සිතීමේ හැකියාව හා සම්බන්ධ, දැනට මානව සංහතිය තුල තියෙන ලක්ෂණයක්...ඒ හැකියාව, එක පාරටම, අර නොදියුණු මිනිසාට ආවේ කොහොමද කියල විස්තර කරන්න බැරි වෙලා තියෙනවා..ඉතින් ඒක විස්තර කරන්න තමයි එක එක මතයන් ගෙනල්ල තියෙන්නේ, මිනිසාට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා කියල...නමුත් ඒවා exceptions විතරයි..ඒ මතයන් තාමත් officially පිළිගන්නේ නෑ...මං දන්නා විදිහට ලංකාවේ විද්යාක්ඥයෙක් වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාටත් ඒ ගැන ඔහුගේ මතයක් තියෙනවා...ඔහුත් විස්වාස කරනවා ජීවය ආවේ පිටසක්වලින් කියල..නමුත් ඒවා පිළිගන්න පුළුවන් තරම් සාක්ෂි නැති නිසා, තවමත් අපිට කියල දෙන්නේ, ඉස්කෝල වල උගන්නන්නේ ඩාවින් ගේ පරිනාමවාදය තමයි..exceptions තියෙනවා කියලත් කියනවා..එච්චරයි..

    මගේ තර්කය, තවමත් හරි හමන්, එක අදහසක් ඉදිරිපත් කරන්න බැරි උන බටහිර විද්‍යාවේ පරිනාමවාදය අපි එකහෙලා පිළිගන්නවද? නැත්නම් බුදුන් වහන්සේගේ ධර්මය තුලින් අපිට ලැබුන උන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ දැනුම පිළිගන්නවද කියන එක...

    අද කනගාටුවට කරුණ තමයි ගොඩක් දෙනෙක් බුද්ධාගම හරි කියල ඔප්පු කරන්න යනවා, බටහිර විද්‍යාව තුලින්..ඒක නිකන් හරියට මහාචාර්යවරයෙක්ගේ දැනුම පරීක්ෂා කරලා බලන්න interview board එකට මොන්ටිසෝරි ළමයෙක් ගේනවටත් වඩා මෝඩ වැඩක්..බුදුන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මය ගැන විචිකිච්චාවක් කිසිම බෞද්ධයෙක් තුල තියෙන්න විදිහක් නෑ...මොකද ඒක ප්‍රත්‍යක්ෂ දැනුමක් නිසා..උන්වහන්සේව ලෝකවිදූ වගේ නොයෙකුත් නම් වලින් හැදින්වුයේ ඒකයි...
    ඩාවින් ගේ පරිනාමවාදය, බුදුදහමේ ඉගැන්වීමට සමානයි කියල කෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ම කියනවා නම්, ඒකත් ඔය කියනවා වගේ බුද්ධාගම, විද්‍යාවෙන් ඔප්පු කරන්න යනවා වගේ මොන්ට්සෝරි වැඩක්..
    මචන්, මං මේ උබව පොයින්ට් කරලා නෙමෙයි කියන්නේ...ටියුෂන් ක්ලාස් වල සමහර ගුරුවරු තමන්ගේ විද්‍යාත්මක දැනුමත්, බෞද්ධකමත් පෙන්නන්න ඔය වගේ කතා කියනකොට, ඒකෙන් වෙන අභ්‍යන්තර හානිය ගැන ඔවුන්ට තේරුමක් නෑ..බටහිර විද්‍යාවත්, (විද්‍යාව ඉගෙනගන්න කලින් බෞද්ධ පරිසරයක හැදුන අපි) බුද්ධාගමත් අතර, දැනුමේ(විද්‍යාවේ) පරතරය, කවදාවත් සමාන කරන්න බෑ කියන එක අපි දැනගන්න ඕන..

    අනිත් දේ තමයි අග්ගඤ්ඤ සූත්‍රයේ කිසි තැනක කියල නෑ එහෙම වෙනත් ජීවී විශේෂයක් පෘටිවිය ආක්‍රමණය කළා කියල..:shocked::shocked:
    මං ඒකයි මචන් කියන්නේ, බටහිර විද්‍යාවේ කෝණයෙන් බුදුදහම විස්තර කරන්න යන්න එපා කියල..ලෝකයේ පවතින විද්‍යාව මහා සාගරයක් නම්, බටහිර-ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් උන දැන් අපි ඉගෙනගන්න විද්‍යාව කියන්නේ, ඒ සාගරයෙන් ගත්ත වතුර බින්දුවක් වගේ...
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විශ්වයේ උපත ගැන බුදු දහමේ සදහන් වෙන්නේ නැහැ.
    බුදු දහමේ කියල තියෙන්නේ විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැහැ කියල.
    මේ සුත්‍රයෙන් කියන්නේ මහ පොලවේ සහ මේකේ ඉන්න ජීවීන්ගේ ආරම්භය නේද?

    බින්දු;16065235 said:
    බුදු දහමේ කියලා තියෙන්නේ විශ්වයේ ආරම්භයක් හෝ අවසානයක් සොයන එක නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක්ට ප්‍රයෝජනයක් නෑ කියලා. බුදු හාමුදුරුවෝ එක පාරක් මුගලන් හාමුදුරුවොන්ටත් ඕක කියලා තියෙනවා. මුගලන් හාමුදුරුවෝ තමංගේ සෘද්ධි බලෙන් විශ්වයේ කොනක් හොයන්න හදනකොට :eek::eek::rolleyes::rolleyes:

    :yes::yes::yes::yes: ow machan...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන්, උබ කියන දේ මං දන්නවා..ඩාවින් ගේ පරිනාමවාදයට අනුව මිනිසාගේ පරිනාමයේ එක්තරා පුරුක් දෙකක් අතර තියෙනවා ලොකු වෙනසක්..ඒක සිතීමේ හැකියාව හා සම්බන්ධ, දැනට මානව සංහතිය තුල තියෙන ලක්ෂණයක්...ඒ හැකියාව, එක පාරටම, අර නොදියුණු මිනිසාට ආවේ කොහොමද කියල විස්තර කරන්න බැරි වෙලා තියෙනවා..ඉතින් ඒක විස්තර කරන්න තමයි එක එක මතයන් ගෙනල්ල තියෙන්නේ, මිනිසාට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා කියල...නමුත් ඒවා exceptions විතරයි..ඒ මතයන් තාමත් officially පිළිගන්නේ නෑ...මං දන්නා විදිහට ලංකාවේ විද්යාක්ඥයෙක් වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාටත් ඒ ගැන ඔහුගේ මතයක් තියෙනවා...ඔහුත් විස්වාස කරනවා ජීවය ආවේ පිටසක්වලින් කියල..නමුත් ඒවා පිළිගන්න පුළුවන් තරම් සාක්ෂි නැති නිසා, තවමත් අපිට කියල දෙන්නේ, ඉස්කෝල වල උගන්නන්නේ ඩාවින් ගේ පරිනාමවාදය තමයි..exceptions තියෙනවා කියලත් කියනවා..එච්චරයි..

    මගේ තර්කය, තවමත් හරි හමන්, එක අදහසක් ඉදිරිපත් කරන්න බැරි උන බටහිර විද්‍යාවේ පරිනාමවාදය අපි එකහෙලා පිළිගන්නවද? නැත්නම් බුදුන් වහන්සේගේ ධර්මය තුලින් අපිට ලැබුන උන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ දැනුම පිළිගන්නවද කියන එක...

    අද කනගාටුවට කරුණ තමයි ගොඩක් දෙනෙක් බුද්ධාගම හරි කියල ඔප්පු කරන්න යනවා, බටහිර විද්‍යාව තුලින්..ඒක නිකන් හරියට මහාචාර්යවරයෙක්ගේ දැනුම පරීක්ෂා කරලා බලන්න interview board එකට මොන්ටිසෝරි ළමයෙක් ගේනවටත් වඩා මෝඩ වැඩක්..බුදුන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මය ගැන විචිකිච්චාවක් කිසිම බෞද්ධයෙක් තුල තියෙන්න විදිහක් නෑ...මොකද ඒක ප්‍රත්‍යක්ෂ දැනුමක් නිසා..උන්වහන්සේව ලෝකවිදූ වගේ නොයෙකුත් නම් වලින් හැදින්වුයේ ඒකයි...
    ඩාවින් ගේ පරිනාමවාදය, බුදුදහමේ ඉගැන්වීමට සමානයි කියල කෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ම කියනවා නම්, ඒකත් ඔය කියනවා වගේ බුද්ධාගම, විද්‍යාවෙන් ඔප්පු කරන්න යනවා වගේ මොන්ට්සෝරි වැඩක්..
    මචන්, මං මේ උබව පොයින්ට් කරලා නෙමෙයි කියන්නේ...ටියුෂන් ක්ලාස් වල සමහර ගුරුවරු තමන්ගේ විද්‍යාත්මක දැනුමත්, බෞද්ධකමත් පෙන්නන්න ඔය වගේ කතා කියනකොට, ඒකෙන් වෙන අභ්‍යන්තර හානිය ගැන ඔවුන්ට තේරුමක් නෑ..බටහිර විද්‍යාවත්, (විද්‍යාව ඉගෙනගන්න කලින් බෞද්ධ පරිසරයක හැදුන අපි) බුද්ධාගමත් අතර, දැනුමේ(විද්‍යාවේ) පරතරය, කවදාවත් සමාන කරන්න බෑ කියන එක අපි දැනගන්න ඕන..

    අනිත් දේ තමයි අග්ගඤ්ඤ සූත්‍රයේ කිසි තැනක කියල නෑ එහෙම වෙනත් ජීවී විශේෂයක් පෘටිවිය ආක්‍රමණය කළා කියල..:shocked::shocked:
    මං ඒකයි මචන් කියන්නේ, බටහිර විද්‍යාවේ කෝණයෙන් බුදුදහම විස්තර කරන්න යන්න එපා කියල..ලෝකයේ පවතින විද්‍යාව මහා සාගරයක් නම්, බටහිර-ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් උන දැන් අපි ඉගෙනගන්න විද්‍යාව කියන්නේ, ඒ සාගරයෙන් ගත්ත වතුර බින්දුවක් වගේ...

    11.gif
    [/IMG][/IMG]
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඕක AL බයෝ වලට තියෙනවා බං සිද්දාන්තය එකයි. එක තමයි දැන් ගොඩක් විද්‍යාඥයන් පිලි ගන්නා මතය.
    උබ කියන්නේ වෙනත් ආගම් වල කියන දේව මැවීම් වාදය ගැන. එක බොරු & එකයි බුදුදහමේ එකයි එකට ගාවන්න බෑ. විද්‍යාඥයන් පිළිගන්නේ මැවීම් වාදය නෙවි. බුද්දාගමේත් එන හේතුපල වාදය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං මම ඉස්සර ඕව ගැන (බුදු දහම හා විද්‍යාවේ සම්බන්දය ගැන ) පිස්සුවෙන් වගේ කරුණු හොයපු එකෙක්. මම ඔය අග්ගන්‍ය සුත්‍රය හා විද්‍යාවෙන් කියන දේවල්වල comparison එකක් A/L project එකට කරන්නත් හැදුවා. ඒත් ඉස්කෝලෙන් ඒක එපා කිව්වා. කොහොම වුනත් මම හොයා ගත්තු කරුණු ටික උඹලට කියන්නම්.

    විද්‍යාවට අනුව පෘතුවිය ආරම්බයේදී පෘතුවියේ තිබුණු ලවණ හා සාරය සියල්ල වර්ෂ මිලියන ගණනක් තිස්සේ වැහැපු වැස්ස නිසා මුහුදු ඇති වෙලා ඒවායේ සාන්ද්‍ර ගත වෙලා තියෙනවා. එකට බුදු දහමේ කියල තියෙන්නේ 'රස පොලොව' කියලා. (පාලි වචනය මතක නැත)

    ඔය සාරවත් ද්‍රවයට ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉඳන් ආපු බ්‍රහ්මයෝ ආස කරලා තියෙනවා. එතන තමයි රාගයේ මුල් හට ගැනීම. ඒ නිසා ඒ සාරය උරා අවශෝෂණය කර ගැනීමට හැකියාව තියෙන ඒක සෛලික ජීවීන් ඇති වෙලා තියෙනවා. ඒක සෛලික ජීවීන් ඇති වීමට අවශ්‍ය භෞතික සැකැස්ම අවුරුදු මිලියන ගණනක් තිස්සේ විවිද රසායනික අණු ප්‍රතික්‍රියා කිරීමෙන් ඇතිවෙලා තියෙනවා. ඒ සරල රසායනික අණු එක වීමෙන් ප්‍රථම ඇමීබාකාර ඒක සෛලිකයා ඇති වෙලා තියෙනවා. ඒ ඒක සෛලිකයාට අවශ්‍ය ජීවය (භවය) ඇති වුණේ අර ආහස්සර බ්‍රහ්මලෝකේ ඉඳන් ආපු බ්‍රහ්මයෝ එම ඒක සෛලිකයන් විදියට ඉපදීම නිසා. එහෙම ඉපදෙන්න චුති චිත්තය සකස් වෙලා තියෙන්නේ ආදී සූපයට ඇතිවුණු ඇල්ම නිසා.

    ඊට පස්සේ අලිංගික ජීවීන් ලින්ගිකත්වයක් සහිත ජීවීන් බවට පත්වුනා. ආදී සූපයේ රසයට ඇලුණු ජීවීන් දිගින් දිගටම රාගය උපදවාගෙන සසර සැරිසරන්න පටන් ගත්ත.

    දැන් කට්ටිය ප්‍රශ්නයක් ඇති එතකොට ආහස්සර බ්‍රහ්ම ලෝකෙ හිටපු බ්‍රහ්මයෝ ආවේ කොහේ ඉඳලද කියල. කල්ප විනාශය වෙද්දී පෘතුවියේ සිටින සියලුම ජීවීන් (පව් කරපු හා පින් කරපු ) ඔක්කොම අය ගිහින් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනවා. ඒ අය නැවත ජීවයට සුදුසු ලෙස පෘතුවිය සකස් වෙනකන් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ තමයි ජීවත් වෙන්නේ. ඔවුන් සතු රාගය තාවකාලිකව නැති වෙනවා අරමුණක් නැති නිසා. නැවත පෘතුවිය ජීවයට සුදුසු ලෙස සකස් වුනාට පස්සේ ඔවුන් ආදී සූපයට ඇති කර ගන්නා ඇල්ම තෘෂ්ණාව නිසා නැවත සසර ගමන පෘතුවියේ ඉපදෙනවා.

    ඒ සසරේ ආරම්බය නෙමෙයි. එහෙම පෘතුවියේ ඉපදෙන ජීවීන්ට ඔවුන් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න කලින් සසරේ කරලා තිබුණු කර්ම පල දෙනවා.ඒ කියන්නේ සසරේ කෙළවරක් නෑ. ඒ යාන්ත්‍රනය දිගටම ක්‍රියාත්මක වෙනවා.

    (මම දන්නා තව ගොඩක් කරුණු තියෙනවා මචන්. මම දැන් නම් ඕව ගැන හොයන්න යන්නේ නෑ. ඊට වඩා වටිනවා බුදුන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න ඒ කාලය යොදා ගන්න එක. මේවා ගැන අග මුල හොයල කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නෑ. ඒත් මේ ටික කිව්වේ බුද්ධ ධර්මය ගැන ගැඹුරින් තර්කානුකූලව හිතන අයට ප්‍රයෝජනවත් වෙන නිසා. මම කියපු දේවල්වල අඩු පාඩු ඇති. මම කලේ පොඩි හැඳින්වීමක් විතරයි. :yes::yes::yes::yes::yes::yes: )

    මේ විස්තරය හරියටම හරි මචන්...සොරි වෙන්න ඕනේ, මං මේ කමෙන්ට් එක දැක්කේ දැන්...මං share කරල තියෙන ලිපියේ සරල ම අදහස තමයි උබ කියල තියෙන්නේ...
    නමුත් ලිපියේ තවදුරටත් තියෙනවා, කොහොමද මිනිස්සුන්ගේ රාගය, ද්වේශය නිසා යුද්ධ ඇති උනේ, ඊට අනුරූපව පෘතිවියත් වෙනස් උනේ කියල...උබේ පැහැදිලි කිරීමට ස්තුතියි මචන්....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මගේ තර්කය, තවමත් හරි හමන්, එක අදහසක් ඉදිරිපත් කරන්න බැරි උන බටහිර විද්‍යාවේ පරිනාමවාදය අපි එකහෙලා පිළිගන්නවද? නැත්නම් බුදුන් වහන්සේගේ ධර්මය තුලින් අපිට ලැබුන උන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ දැනුම පිළිගන්නවද කියන එක...

    .

    යලුවෙ ප්‍රත්යක්ශ දැනුම කියන්නෙ විස්වාසයන් නෙවෙයි ...බුදු දහම සම්බන්දව ඔයට තියෙන්නෙ විස්වසයක් , දැන් කර්මය පල දෙනව කියල විස්වසයක් ඔයට තියනව මිසක් එක එහෙම වෙනවමයි කියන්න ඔයා දන්නෙ නැහැ ,එහෙමත් නැත්නම් අහබුවක් ලෙස මිනිසුන්ට සිදු වු සිදුවිම් කිහිපයක් ඇරෙන්න කරනා නරක වලට ප්‍රතිපල කර්මනු රුපිව අනිවර්යෙන් හැම මිනිහටම ලැබෙනවමය කියල නිගමනයකට එන්න පුලුවන් ශාක්ශියක් වත් ඔයට ඉදිරිපත් කරන්න බැහැ. එ විස්වාස.. ජිවත් වෙන්න ඔක්සිජන් ඔනි කියන එක , ඔක්සිජන් නැති උනාම මැරෙනව කියන එක ප්‍රත්යක්ශ දැනුමක් , ගුරුත්වකර්ශනය නිසයි අපි මෙහෙම ඉන්නෙ ,ගුරුත්වකර්ශනය නැති උනොත් මොකද වෙන්නෙ කියල ඔයට ප්‍රත්යක්ශව දැන ගන්න පුලුවන්

    තව දෙයක් බටහිර දැනුම කියල මිනිස්සුන්ගෙ පරිනමය වෙන දනුමට වයිර කරන්න එපා සහො .ඔයට අද මගෙත් එක්ක කමෙන්ට් කරන්න පුලුවන් වෙන්නෙත් ඔය දැනුමෙන් , ඔය අසනිප උනම ඔපරෙශන් කරන්න වෙන්නෙ ඔය දැනුමෙන්..අනික මෙකට බටහිර දනුමක් කියන එකම වැරදියි , මෙ මුලු ලොකෙ ඉන්න හැම හතර දිබ්බාගෙම මෙතුවක් කල් පහල උනු හම මිනිහගෙම දනුම් තුලින් ආපු පිලිගත් හැකි යයි සම්මත සහ පිලිගත හැකි යැයි උපකල්පනය කල හැකි දැනුමයි ඔය කියන්නෙ . අද ඔයා වතුර එකකට මන්තරයක් මතුරල එක බොන්න දිල මිනිස්සුන්ගෙ පිලික හොද කරන්න පුලුවන් කියනවනම් , ඇත්තටම එ වතුර බිව්වම මිනිස්සුන්ට පිලික සුව වෙනවනම් ඔය කියන මන්තරෙට ලොකෙ සම්මත පිලිගනිම ලැබෙනව , එකට බටහිර නැගෙන හිර කියල වෙනසක් නැහැ ...කැරකෙන ලොකෙ මොන බටහිරක්ද යලු ? අහසින් යන්න පුලුවන් සිතෙ බලයෙන් කියල ඉස්සර අපි අහල තිබුන එ වුනාට ගුවන් යනය හැදුවට පස්සෙ ගුවනින් යන්න පුලුවන් හොදම විදිහ එකයි කියල ලොක සම්මත පිලි ගන්නව නෙද ? සිතෙ බලයෙන් අහසින් ගිය එව අපි සාහිත්ය කතන්දර වල ,එක එක අතිත විර කතා වල අහල තිබුනට එහෙම කරපු එක්කෙනෙක් මමනම් දන්නෙ නැහැ (මැජික් කාරයො ඉන්නව )..... අනික ආගමික විස්වාස මත කරනා උපකල්පන තියනව , ප්‍රත්යක්ශ දැනුම මත ගොඩ නගපු උපකල්පන තියනව ... ජිවය ආරම්බය පිලිබද කතා කරන්නෙත් එ වගෙ දෙයක් ...බුදු හාමුදුරුවො කියල කෙනෙක් විශ්වය ගැන එහෙම අවබොද කරගෙන හිටියාය එය සියල්ල දැන ගත්ත කෙනෙක් කියල ඔයගෙ විස්වාසයක් තියනව ,එහෙම වෙන්න ඇති අපි කවුරුත් එක හරියටම දන්නෙ නැහැ... මෙතුවක් කාලයක් මිනිසා විසින් ගොඩ නගපු දැනුම තුල ඉදන් කරනා උප කල්පන දිහ බලගෙන එක වැරදියි , ඔයගෙ අගමික විස්වාසය මත කරන උපකල්පනය තමයි හරිම එක කියත්දි එ කියන දෙ තාර්කික වෙන්න ඔනි නෙද ? නැතුව බටහිර විද්යව බටහිර විද්යව කියල ඔහෙ බැනල වැඩක් නැහැ , ඔයා ඔය බටහිර විද්යාව කියන එක ඔය කොච්චර පවිච්චි කරනව්ද කියල ඔයගෙන්ම උදහරන හොය ගන්න පුලුවන් ඔනිනම්,සමහර විට ඔයා බුඩුදහම ඉගෙන ගන්න ඇත්තෙත් ඔය බටහිර විද්යව කියල ඔය බනින එකට පින් සිද්ද වෙන්න ,අර JesonRulez නම් හොද උත්තරයක් දිලා තිබුන මෙ සම්බන්දව..
    :)
     
    Last edited:
    • Like
    Reactions: SLinKy

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH

    සිරා කතාව මචන් , ගොඩක් අය විශ්වාස කරන්නේත් අගය කරන්නෙත් ඉස්සර මිනිස්සු අහසින් පියාබුව වගේ කියන මැජික් සාහිත්‍ය කතා විතරයි.
    එත් ඉස්සර මිනිස්සු මැජික් වලින් කරාට අද මිනිස්සු කරන්නේ විද්‍යාවෙන්. ඉස්සර මිනිස්සු හද දිහා කට අරන් බලන් ඉන්න ඇති, එත් අද මිනිස්සු එකේ පය ගහලත් ඉවරයි.

    එත් මිනිස්සුන්ට එකේ අගයක් නැහැ , ඒ මොකද විද්‍යාවේ මුල ඉදන් අග වෙනකල් හොදට පැහැදිලි කරලා තියන නිසා වෙන්න ඇති .
    ඔය කොච්චර කිව්වත් ලෙඩක් හැදුනම දුවන්න දොස්තර ගාවට මිසක් තොවිල් කරන්න නෙවෙයි. මොන්ටිසෝරි කියා කියා බැන්නට හැමෝම අන්තිමට දුවන්නේ ඒ මොන්ටිසොරියටම තමයි. බටහිර නැගෙනහිරක් දැන් විද්‍යාවේ නැහැ, විද්‍යාව තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනෙට.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචන්, අපි හම්බයොන්ටයි, දෙවියන් වහන්සේටයි බැන්නට අපිත් ගොඩක් අය ඉන්නේ අන්ධ භාක්තියෙන්ම තමයි. බටහිර විද්‍යාව කියන්නේ පට්ට පල් බොරුවක් කියල මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා නිතරම කියනවා. ඒත් මම නම් ඒකට එකඟ නෑ.(ඒත් මම එතුමාට ගොඩක් ගරු කරනවා බුද්ධිමතෙක් විදියට :yes: )

    මේ බටහිර විද්‍යාව කියල කට්ටිය කෑ ගැහුවට මේක මුළු ලෝකයේම දැනුම එකතුවෙලා හැදිච්ච දැනුම් සම්බාරයක්. ඒක බොරුවක් කියනවා නම් මේ එළකිරි.com site එක මොකක්ද? අපි internet එන්නේ කොහොමද? ඔය කියන බටහිර විද්‍යාව නැත්නම් මම මේ පොස්ට් එක දාන්නේ කොහොමද? ඒ නිසා බටහිර විද්‍යාව කියන්නේ අපිට ඇස් පනාපිට පේන සත්‍යයක්. රාවණා රජතුමාගේ දඬුමොනරේ වගේ නෙමෙයි.

    අනික බුදුන් වහන්සේ කියලා ශාස්තෘ වරයෙක් හිටියා කියල අපිට උගන්වලා තියෙනවා. උන් වහන්සේ දේශනා කරපු ධර්මය පොත්වල ලියල තියෙනවා. ඒත් අපි කොහොමද කියන්නේ හරියටම එහෙම හිටියා කියල? එහෙම නොවෙන්නත් පුළුවන්. පොත්වල තිබ්බ පමණින්ම ඒ දේවල් ඇත්ත කියල පිළිගන්න ඕනෙත් නෑ. බැහැර කරන්න ඕනෙත් නෑ.

    මම පොඩි කාලේ O/L කරන්න කලින් බුද්ධ ධර්මය කියන විෂයට තමයි කැමතිම නැතුව හිටියේ. මහා කම්මැලි විෂයක් ඒ දවස්වල. ඒත් A/L කාලේ Biology, Physics එහෙම ඉගෙන ගනිද්දී ඒවත් එක්ක තියෙන බුදු දහමේ සම්බන්දය ගැන දැන ගනිද්දී පුදුම හිතිලා ඒ ගැන ඉගෙන ගන්න හිතුණා. ඒ දවස්වල විශ්වයේ රහස් බුදු අහමෙන් විස්තර කරලා තියෙන විදිය දැකල පුදුම හිතුණා. ඕව ගැන විස්තර හෙව්වා සෑහෙන්න. අග්ගන්‍ය සුත්‍රය එහෙම ගොඩක් වැදගත් වුණා. පස්සේ මටම තේරුනා මේවා ගැන හොයලා තේරුමක් නෑ කියලා. එකත් හරියට පිටසක්වල ජීවීන් ගැන හොයනවා වගේ වැඩක්. කොච්චර හෙව්වත් කෙළවරක් නෑ. අනික කවුද දන්නේ මේ සුත්‍ර වල තියෙන දේවල් ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කරපුවද එහෙම නැත්නම් පස්සේ කාලෙක ඒ පොත් රචනා කරපු අය නිර්මාණය කරපු ඒවාද කියලා?

    ඒ නිසා පස්සේ මම භාවනා කරන එක test කරලා බැලුවා ටික දවසක්. ආනාපානසති භාවනාව කරලා බැලුවා. සතියක් දෙකක් කරලා බලද්දී තේරුණා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වැදගත්ම හරිය තියෙන්නේ එතනයි කියලා. ඒ දේශනාවන් කරලා තියෙන්නේ බුදුන් වහන්සේ වුනත් නොවුනත් ඒ දේශනාවල භාවනාව ගැන කියල තියෙන දේවල් හරියටම හරි. ඒක ගැන පුදුම හිතුණා මචන්. භාවනාව පවතින්න නම් සීලයේ පිහිටන්නම ඕනේ කියන්නේ මොකද කියලා තමන්ටම තේරුණා.

    මම නම් කියන්නේ ඔය දේවල් ගැන තර්ක කරන එක නවත්තලා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ යන්න try එකක් දීල බලන්න. දිගටම කරන්න නෙමෙයි. පොඩ්ඩක් test කරලා බලන්න මේ කියල තියෙන දේවල් ඇත්තද කියලා. ටික දවසක් ඒ දේවල් කරද්දී ඇත්ත මොකක්ද කියල තමන්ටම තේරෙයි මචන්. ටික දවසක් ආනාපානසති භාවනාව ලාවට වගේ කරලා බලපන්කෝ මොකද වෙන්නේ කියලා. නිකමට test කරන්න විතරක්.

    භාවනාවෙන් සිතට දැනෙන සහනය, ශාන්තිය වෙන කිසිම ලෞකික සැපකින් ලැබෙන්නේ නෑ මචන්.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    :yes::yes:
     
    උඹ කියන එක හරි මචන්
    බුද්ධාගම අනික් ආගම් වගේ අදහන්න දෙයක් නැහැ ,
    එත අපේ අය කරන්නේ එකත් අනික් ආගම් වගේ කරගන බෞද්ධ සාහිත්‍යයේ එන කරුණු ඔක්කොම ඇත්තට අරන් , ලෝකේ බිහිවීම ,මිනිසාගේ බිහිවීම සිදුවුනේ එහෙම කියල හිතාගන ඉන්න එක.
    මැවුම් වාදය අහපු ගමන් ගොන් පාට් එකක් කියල හැමෝටම හිතෙනවනෙ.
    අපේ වායුගෝලයේ බ්‍රහ්ම ලෝක වලින් ජිවය ආව කියන එකත් පිටින් බලාගන ඉන්න මිනිහෙකුට හිතෙන්නේ විහිළුවක් කියල.
    ඕව හරියටම බුදු හාමුරුවො කියපු ඒවා කියන්නේ කොහොමද/?
    අනික බෞද්ධ සාහිත්‍යයේ එන මහා මේරු පර්වතය වැනි සංකල්ප දලයි ලාම තුමා පවා බැහැර කරා.
    ඉතින් එතුමත් ඒවා බැහැර කරන එකේ අපි මොකටද ඕව බදාගන ඉන්නේ?
    බුදු හාමුදුරුවෝ ඉගැන්නුවේ මිනිස්සුන්ට මිනිසත් කම කියල දෙන දර්ශනයක් මිසක් , බදාගන අදහන්න ආගමක් නෙවේ
     
    මමත් ජාතක කතා වල තියෙන දේවල්වලින් නම් 75% ම විශ්වාස කරන්නේ නෑ මචන්.ආගමක් කියන එක පැත්තකට දාල, බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය ක්‍රියාවේ යොදවනවා නම් පුද්ගලයෙක් වශයෙන් සාර්ථක වෙන්න පුළුවන් මොන ආගමේ කෙනෙකුට වුනත්. අනික කොච්චර බෞද්ධ කියල කා ගැහුවත් ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැත්නම් සරණක් ලැබෙන්නෙත් නෑ. තමන්ට පිහිට තමන්මය. :yes::yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිරා කතාව මචන් , ගොඩක් අය විශ්වාස කරන්නේත් අගය කරන්නෙත් ඉස්සර මිනිස්සු අහසින් පියාබුව වගේ කියන මැජික් සාහිත්‍ය කතා විතරයි.
    එත් ඉස්සර මිනිස්සු මැජික් වලින් කරාට අද මිනිස්සු කරන්නේ විද්‍යාවෙන්. ඉස්සර මිනිස්සු හද දිහා කට අරන් බලන් ඉන්න ඇති, එත් අද මිනිස්සු එකේ පය ගහලත් ඉවරයි.

    එත් මිනිස්සුන්ට එකේ අගයක් නැහැ , ඒ මොකද විද්‍යාවේ මුල ඉදන් අග වෙනකල් හොදට පැහැදිලි කරලා තියන නිසා වෙන්න ඇති .
    ඔය කොච්චර කිව්වත් ලෙඩක් හැදුනම දුවන්න දොස්තර ගාවට මිසක් තොවිල් කරන්න නෙවෙයි. මොන්ටිසෝරි කියා කියා බැන්නට හැමෝම අන්තිමට දුවන්නේ ඒ මොන්ටිසොරියටම තමයි. බටහිර නැගෙනහිරක් දැන් විද්‍යාවේ නැහැ, විද්‍යාව තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනෙට.

    අනිව මචන් ..:yes:

    "Science without Religion Is Lame, Religion without Science Is Blind"
    (Einstein)

    :)

    මචන්, අපි හම්බයොන්ටයි, දෙවියන් වහන්සේටයි බැන්නට අපිත් ගොඩක් අය ඉන්නේ අන්ධ භාක්තියෙන්ම තමයි. බටහිර විද්‍යාව කියන්නේ පට්ට පල් බොරුවක් කියල මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා නිතරම කියනවා. ඒත් මම නම් ඒකට එකඟ නෑ.(ඒත් මම එතුමාට ගොඩක් ගරු කරනවා බුද්ධිමතෙක් විදියට :yes: )

    මේ බටහිර විද්‍යාව කියල කට්ටිය කෑ ගැහුවට මේක මුළු ලෝකයේම දැනුම එකතුවෙලා හැදිච්ච දැනුම් සම්බාරයක්. ඒක බොරුවක් කියනවා නම් මේ එළකිරි.com site එක මොකක්ද? අපි internet එන්නේ කොහොමද? ඔය කියන බටහිර විද්‍යාව නැත්නම් මම මේ පොස්ට් එක දාන්නේ කොහොමද? ඒ නිසා බටහිර විද්‍යාව කියන්නේ අපිට ඇස් පනාපිට පේන සත්‍යයක්. රාවණා රජතුමාගේ දඬුමොනරේ වගේ නෙමෙයි.

    අනික බුදුන් වහන්සේ කියලා ශාස්තෘ වරයෙක් හිටියා කියල අපිට උගන්වලා තියෙනවා. උන් වහන්සේ දේශනා කරපු ධර්මය පොත්වල ලියල තියෙනවා. ඒත් අපි කොහොමද කියන්නේ හරියටම එහෙම හිටියා කියල? එහෙම නොවෙන්නත් පුළුවන්. පොත්වල තිබ්බ පමණින්ම ඒ දේවල් ඇත්ත කියල පිළිගන්න ඕනෙත් නෑ. බැහැර කරන්න ඕනෙත් නෑ.

    මම පොඩි කාලේ O/L කරන්න කලින් බුද්ධ ධර්මය කියන විෂයට තමයි කැමතිම නැතුව හිටියේ. මහා කම්මැලි විෂයක් ඒ දවස්වල. ඒත් A/L කාලේ Biology, Physics එහෙම ඉගෙන ගනිද්දී ඒවත් එක්ක තියෙන බුදු දහමේ සම්බන්දය ගැන දැන ගනිද්දී පුදුම හිතිලා ඒ ගැන ඉගෙන ගන්න හිතුණා. ඒ දවස්වල විශ්වයේ රහස් බුදු අහමෙන් විස්තර කරලා තියෙන විදිය දැකල පුදුම හිතුණා. ඕව ගැන විස්තර හෙව්වා සෑහෙන්න. අග්ගන්‍ය සුත්‍රය එහෙම ගොඩක් වැදගත් වුණා. පස්සේ මටම තේරුනා මේවා ගැන හොයලා තේරුමක් නෑ කියලා. එකත් හරියට පිටසක්වල ජීවීන් ගැන හොයනවා වගේ වැඩක්. කොච්චර හෙව්වත් කෙළවරක් නෑ. අනික කවුද දන්නේ මේ සුත්‍ර වල තියෙන දේවල් ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කරපුවද එහෙම නැත්නම් පස්සේ කාලෙක ඒ පොත් රචනා කරපු අය නිර්මාණය කරපු ඒවාද කියලා?

    ඒ නිසා පස්සේ මම භාවනා කරන එක test කරලා බැලුවා ටික දවසක්. ආනාපානසති භාවනාව කරලා බැලුවා. සතියක් දෙකක් කරලා බලද්දී තේරුණා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වැදගත්ම හරිය තියෙන්නේ එතනයි කියලා. ඒ දේශනාවන් කරලා තියෙන්නේ බුදුන් වහන්සේ වුනත් නොවුනත් ඒ දේශනාවල භාවනාව ගැන කියල තියෙන දේවල් හරියටම හරි. ඒක ගැන පුදුම හිතුණා මචන්. භාවනාව පවතින්න නම් සීලයේ පිහිටන්නම ඕනේ කියන්නේ මොකද කියලා තමන්ටම තේරුණා.

    මම නම් කියන්නේ ඔය දේවල් ගැන තර්ක කරන එක නවත්තලා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ යන්න try එකක් දීල බලන්න. දිගටම කරන්න නෙමෙයි. පොඩ්ඩක් test කරලා බලන්න මේ කියල තියෙන දේවල් ඇත්තද කියලා. ටික දවසක් ඒ දේවල් කරද්දී ඇත්ත මොකක්ද කියල තමන්ටම තේරෙයි මචන්. ටික දවසක් ආනාපානසති භාවනාව ලාවට වගේ කරලා බලපන්කෝ මොකද වෙන්නේ කියලා. නිකමට test කරන්න විතරක්.

    භාවනාවෙන් සිතට දැනෙන සහනය, ශාන්තිය වෙන කිසිම ලෞකික සැපකින් ලැබෙන්නේ නෑ මචන්.
    :yes::yes::yes::yes::yes::yes::yes:

    අනිව මචන් ..උබ අර කලින් කියපු පැහැදිලි කිරිමෙ හිතන්න දෙයක් තියනව පැහැදිලිවම , ඔය වගෙම පැහැදිලි කිරිමක් මම කලින් එලකිරි එකෙදි කියෙව්ව ඇලිම සහ සසර සැරිසැරිම යනු කුමක්ද කියල මට එක හොයගන්න විදිහක් නැහැ නැත්තම් දානව , එහෙම හරිම ප්‍රැක්ටිකල් විදිහට කියන්න පුලුවන් අය ඉන්නව හොය ගන්නයි අමාරු .. එහෙම නැතුව බෞඩ්ද සාහිත්යෙ එන එවයි , බුද්ද දර්මයෙ එන එවයි ඔක්කොම කවලන් කරගෙන කටපඩමෙන් කිව්වට එකෙ කිසි ගන්න දෙයක් නැහැ,මමනම් හිතන්නෙ තමුන්ගෙ දැනුම් මට්ටමට අනුව ඔය කියන දෙවල් ප්‍රැක්ටිකලි තෙරුම් ගන්න බලන්න ඔනි කියලයි , අතිත සාහිත්යෙ එන සමහර දෙවල් ඇත්ත කියල හිතගෙන මිනිස්සුන්ගෙ දැනුමට බැන ඉදල හරියන්නෙ නැහැ...රිප්ලයි එකට ස්තුතියි මචන් ... :)