Me Aggañña sutra ye thiyenne universe eka mulina athiwechcha widiya nemei. eke thiyenne cycle ekak wage earth, humans athiwena widiya neda.
As far as I know Lord Buddha never described the begining of the universe(how the universe came to be for the first time) or the first cause. He viewed the universe as infinite and beginningless.
What was before the universe if the universe has a begining?![]()
ඇත්තටම ඔබ හරි, සහෝ...බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ පෘටිවියේ සහ මිනිසාගේ මුල්ම උපත/බිහිවීම ගැන නෙමෙයි...චක්‍රයක් වගේ ඇතිවෙමින් නැති වෙමින් වෙන මේ ක්‍රියාව...ඒ එක චක්රයක මුල ඉදල අවසානය දක්වා කාල පරාසය, මනින්න බැරි තරම් විශාල නිසා, බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ, විශ්වයේ දිගක් පළලක් නෑ..එය අසීමාන්තිකයි කියල..ඒ වගේම බොදු සාහිත්‍යයේ මේ කාල පරාසය ගැන කියල තියෙන්නේ 'කල්ප' කියන යෙදුමෙන්..ඒ අපිට දළ අවබෝධයක් ගන්න වෙන්න ඇති..කල්ප විනාශයකින් පසු බුදු කෙනෙක් පහල වෙනවා කියල නේ අපි ඉගෙනගන්නේ...ඉතින් එක චක්‍රයක් අපි භාවිතා කරන ඒකක වලින් මැනිය නොහැකි තරම් දිග වෙනකොට, ඒ වගේ චක්‍ර කල්ප ගණනක් මනින්න හදන එකම මොන තරම් මෝඩකමක් ද කියල හිතල බලන්න...
විශ්වයේ කෙලවර, තමන්ගේ ධ්‍යාන බලයෙන් හොයාගෙන ගිය මුගලන් මහා රහතන් වහන්සේව, එයින් මුදවා ගන්නට බුදුන් වහන්සේ ඉදිරිපත් වූ විදිහ අපි අහල තියෙනවා..ඇසුරු සැණකින් එක් එක් බ්‍රහ්ම ලෝක වලට චිත්ත බලයෙන් ගමන් කිරීමේ හැකියාවක් තිබුන ඒ වගේ රහතන් වහන්සේලා පවා, විශ්වයේ කෙලවර හොයන්න ගිහින් අතරමන් වුනා නම්, මීටර්, කිලෝමීටර්, ආලෝක වර්ෂ වලින් දුර මනින අපිට, විශ්වයේ කෙළවරත්, ඒ වගේම අවුරුදු වලින් කාලය මනින අපිට, විශ්වයේ උපත හොයන්නත් පුළුවන් වෙයිද කියන එක හිතල බලන්න ඕන...ඒ වගේ පරීක්ෂණ වලට වියදම් කරන බිලියන ගණන් සල්ලි, අප්‍රිකාවේ, ආසියාවේ ඉන්න මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් වෙනුවෙන් වැය කළා නම්, මොන තරම් පිනක් ද?


විශ්වයේ කෙලවර වත්, එහි උපත වත් හොයනවා වගේ නිරර්ථක ක්‍රියා වල නොයෙදී.., තමන් ගැන හොයන්න කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ...මේ මනුස්ස ජීවිතය තුල කරන්න පුළුවන් හොදම දේ ඒකයි..

....
