විවාහය-4 (කුජ දෝෂය)

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    විවාහය-4 (කුජ දෝෂය)

    විවාහය-3 කියවූ බොහෝ දෙනෙක් මගෙන් ඇසූ දෙයක් වූයේ කුජ දෝෂය වැනි ප්‍රභල දෝෂයක් ගැන සඳහන් නොකලේ මන්ද යන වගය. එයට පිලිතුරද කුජ දෝෂය ප්‍රභල දෝෂයක් වගේම පැටලැවිලි සහිත වීමමයි. පැහැදිලිව කියනවා නම් කුජ දෝෂය යනු දෙපත් නයෙක් මෙනැයි පැවසීම වඩා නිවැරදිය. කෙනෙක් මෙම දෝෂය දුටු වහාම වරදියට තේරුම්ගැනීමට ඇති ඉඩ ඉතා වැඩිය. දෙපත් නයා මෙන් මෙම දෝෂයද වැරදි පැත්තෙන් අල්ල ගත්තොත් වෙන්නේ විනාශයක්මය. කුජ දෝෂය කුමක්දැයි දැන් අපි සලකා බලමු.

    Capture081.jpg

    කුජ දොෂය එහෙමත් නැත්තන් භෞම දෝෂය යනුවෙනුත් හඳුන්වන මෙය යෙදෙන්නේ යමෙකුගේ හඳහනක 1,2,4,7,8,12 කියන කොටු වල කුජ ග්‍රහයා තැම්පත්වීමෙනුයි.

    කුජ 1
    කුජ 1 හෙවත් ලග්නයේනම් එවැන්නන් කාර්ය ශූර පුද්ගලයෝය. කුජ ලග්නයේ සිටින විට පුද්ගලයා උද්‍යෝගීමත්ය එමෙන්ම ශක්තිමත් ශරීරයකට හිමිකම් කියයි. නමුත් කුජ දුර්වල වීනම් ඒ තැනැත්තන් ඉතාම පහත් වැඩ වලට පොලඹවයි. මෙය විවාහයට ගැටලු කාරි තත්වයක් ඇති කරවන්නේ ලග්නයේ සිටින අඟහරු ග්‍රහයාට 7 වැන්න හා 8වැන්න සම්පූර්නයෙන් පෙනෙන නිසාය. 7 වැන්න විවාහස්ථානයයි. එමෙන්ම 8වැන්න කුටුම්භ ස්ථානයක් ලෙස සැලකේ. මේ නිසා කඩාකප්පල් කාරි කුජ ග්‍රහයාට එම ස්ථාන දෙකට බලපෑම් කිරීමේ හැකියාව පවති. කුජ 1 දුර්වල වීමෙන් ඇතිවන පහත් වැඩ කිරිමට ඇති පෙලඹවීම නිසා අනවෂ්‍ය සම්බන්ධ කම් වල පැටලී විවාහයට හානි කර ගනියි.

    කුජ 2
    දෙවැන්න යනු අනෙක් කුටුම්බස්ථානයයි (කුටුම්බය යනු පවුලයි ). එමෙන්ම 7වැන්නේ සිට 8වැන්නයි. ලග්නයෙන් තමන් ගැනද එතන සිට අටවැනි කොටුවෙන් තමන්ගේ මරණය ගැන කියවෙන්නාසේ. 7 වැන්නෙන් විවාහය ගැනද. එතැන් සිට අටවැන්න හෙවත් දෙවන කොටුවෙන් විවාහයේ මරණය හෙවත් විවාහය බිඳවැටීම ගැනද කියවෙයි. කුජ යනු සාමන්‍යයෙන් කාමාෂාවන්ගෙන් අධික ග්‍රහයෙකි. එමෙන්ම් විනාෂකාරී ග්‍රහයෙකි. කුටුම්භස්ථානයට පැමිනි කුජ ඔහු හෝ ඇයව වරදට පොලඹවයි එමෙන්ම දෙවැන්නේ සිටින අඟහරුවා සහකරුගේ ජීවිතය නැතිකර හෝ විවාහය බිඳ දමයි යනුවෙන් පොතපතේ සඳහන්ය.. මෙසේ විමට නම් කුජ දුර්වල විය යුතුය

    කුජ 4
    හතරවැන්න සිත සම්බන්ධ තැනයි. මෙහි සිටින අඟහරු ග්‍රහයාට හත්වැන්න සම්පූර්නයෙන්ම පෙනෙයි.
    මේ නිසා විවාහ දෝශ ඇති කරවයි. නිතර පවුල තුල රන්ඩු සරුවල් ඇති කරයි. හතර වැන්න අඟහරුට අයත් රාශියක්වී එහි අඟහරු හා රාහු යන දෙදෙනාම සිටීනම් කේන්ද්‍ර හිමියා සියදිවි නසාගැනීමට වුවද පසුබට නොවන තරම් දැඩි හිතක් ඇත්තෙකු බව සඳහන්ය.

    කුජ 7
    කුජ දෝෂයේ වඩාත්ම ප්‍රචලිත දෝෂය වන්නේ මෙයයි. බොහෝ දෙනා බිය වුවත් මෙම පිහිටීමේද නරක හා හොඳ යන දෙවර්ගයම ඇත. අඟහරු සිටින තැනට අදාල ප්‍රධාන දේට හානි පමුනුවන ග්‍රහයෙකි. 7වැන්නෙන් කියවෙන්නේ බිරිඳ හෝ සැමියා ගැනය. එවිට එයට කුජ හානි කල යුතුය. නමුත් හෑම විටම මෙය මෙසේ සිදුනොවේ. කුජ උච්චව සිටීනම් එවැනි හානි පමුනුවන්නේ නැත. කුජ 7 සිටින කාන්තාව සැමියාට ඉතා ලැදිය. එමෙන්ම නියම ස්ත්‍රි හැඩ තල ඇති දුටුවන් සිත් වෂීකරවන සිරුරකට හිමිකම් කියයි. ගුරු සිකුරු වැනි ශුභ ග්‍රහයෙක්ගේ දෘෂ්ඨියක් නැතිව කුජ 7 වැන්නේ නීච නම් හඳහන් ගලපා නොබැන්දොත් විවාහය දික්කසාදයෙන් හෝ සහකරුගේ මරණයෙන් කෙලවර වේ.

    කුජ 8
    අටවැන්නටද කුජ දෝශය යෙදේ. ඒ අටවැන්නද කුටුම්භස්ථානයක් වන නිසාය. එමෙන්ම එහි සිටින කුජ ග්‍රහයාට අනෙක් කුටුම්භස්ථානය වන දෙවැන්නද පූර්න වශයෙන් පෙනේ. කෙසේ වෙතත් මෙය මාරක ස්ථානයයි. කුජ 7 වැන්නේ සිටිනවාට වඩා අටවැන්නේ වඩා නරක බව මගේ අත්දැකීමයි. කුජ සතුරුව හෝ නීචව 8වැන්නේ සිටින බොහෝ විවාහ කෙලවර වන්නේ දුර්වල හඳහන ඇති පුද්ගලයාගේ මරණයෙනි.

    කුජ 12
    වැයස්ථානයේ සිටින කල කුජ ග්‍රහයාට හත්වැන්න සම්පූර්නයෙන් පෙනේ. 12 වැන්නේ නරක්වී සිටින කුජ තමන් දෘෂ්ඨි දෙන හහ්වැන්නට අයත් ප්‍රධාන දේ වැය කර දමයි, ඒ තමාගේ සහකරුයි. එවිට සිදුවන්නේ සහකරුව තමාගෙන් ඈත් කරවීමයි, එනම් 12 වැන්නේ සිටින කුජ බොහෝවිට කසාදය දික්කසාදයකින් කෙලවර කරයි. එමෙන්ම 12 වැන්න යනු 7 වැන්නේ සිට ගැනගෙන යන කල 6 වැන්නයි. එනම් විවාහයේ සතුරු හා රෝගස්‍ථානයයි මෙයද 12 වැන්නේ සිටින කුජ විවාහය කඩා ඉහිරවීමට එක හේතුවකි.තවද කුජ 12 වැන්නේ නරකට සිටීනම් තමාගේ පියාගේ සහෝදරයන් සමගද හොඳ සම්බන්ධ කමක් තියා ගත නොහැක.


    කුජ දොශය දෙපත් නයෙක් මෙනැයි මා කලින් කී දෙය ඔබට දැන් වැටහී ඇතැයි සිතමි. කුජ සිටි පමනින් දෝෂය ඇතැයි සිතා හන්ඳහන් ගලපන්නට යාම අනුවන කමකි. උදාහරනයක් ලෙස මකර ලග්නයෙන් උපන් කුජ ලග්නයේ ඇති කෙනෙක් යැයි සිතමු ඔහුට කුජ දෝශයක් නැති තරම්ය. එයට හේතුව කුජ උච්ච වීමයි. නමුත් මෙය දැක වැරදි නිර්නයකට බැස තවත් මකර ලග්න කුජ 7 තිබෙන හඳහනක් ඇති අයෙකුට විවාහ වූවායැයි සිතමු එවිට මෙම විවාහය පවත්වාගත නොහැක. එයට හේතුව මකර ලග්නයේ සිට හත්වැන්න වන කටකයේදී කුජ නීච වීමයි. එවිට මෙම කුජ දෝෂය දරුනුවටම යෙදේ. එවිට තත්වය කුජ දෝෂය ඇති කෙනෙක් එම දෝෂය නැති කෙනෙක් හා විවාහ විමට සමානය.

    කුජ දෝෂය තිබේ නම් විසෙන් විස නසන්නා සේ තවත් දෝෂයක් සහිත හඳහනක් සෙවීම වඩා උචිත වේ. නමුත් කුජ දෝෂය ඇති අයට කුජ දෝෂයම ඇති හඳහනක් සෙවිය යුතුයැයි වැරදි මතයක් සමාජ ගතවී තිබේ. මේ ඇරුනු කොට මෙම දෝෂය ඇති අයට හඳහන් ගැලපිය හැකි තව බොහෝ ක්‍රම වේ, ඒ අතරින් ශනි හත්වෑන්නේ තිබෙන හඳහනක් ගැලපීම එක ක්‍රමයකි. හතට දිග්බල ශනි කිසි කලෙක විවාහය කඩන්නේ නැත. එමෙන්ම හත්වැන්නේ රාහු සිටින හඳහනක් ගැලපීම තවත් ක්‍රමයකි. හතේ රාහු හතේ කුජ සිටිනවට වඩා නරකය. නමුත් එය නිසි ආකාරව ගලපා නොගත්තොත් කුජ හතේ සිටින කෙනා ඉක්මනින් මිය යන බව පෙනෙන්නට ඇත. මේ සියල්ල හා සමාන සාර්ථක තවත් ක්‍රමයක් ඇත එනම් ගුරු 7 සිටින හඳහනක් ගැලපීමයි.. මෙය විසෙන් විස නසන ක්‍රමයක් නොව විස ගිතෙල් දමා සමනය කිරීමකට සමානය.

    කුජ දෝෂය ගැන යම් වැටහීමක් ඇතැයි සිතමි. මෙය කියවූ ඔබ දැන් කුජ සම්බන්ධව සියලු කරුනු දන්නවායැයි අදහසක් ඇති කර ගැනීම වැරදිය. කුජ ග්‍රහයා ගැන ලියනවා නම් පිටු හාරපන්සීයක පොතක් වුවද ලියා අවසන් කලනොහෑකි තරම් බව සිහි තබාගත යුතුය.

    ගත්තේ මගේම blog එකෙන්.
    http://tharaka-eli.blogspot.com/2014/01/4.html
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    කුජ උක්ත කේන්ද්‍ර ස්ථානයක සිට ස්වක්ෂේත්‍රව රුචක යෝගය උදා කරයි නම් කුජ දෝෂයේ තත්ත්වය විග්‍රහ කළ හැකිද?එසේම කුජ දෝෂය ගණනය කිරීමට ගණනය කරන්නේ ලග්නයේ සිටද,නැතහොත් චන්ද්‍රයාගේ සිටද,නැතහොත් සිකුරුගේ සිටද යන්නෙහි ඔබතුමාගේ ප්‍රවේශය කුමක්ද යන්න දැන ගනු රිසියෙමි.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කුජ උක්ත කේන්ද්‍ර ස්ථානයක සිට ස්වක්ෂේත්‍රව රුචක යෝගය උදා කරයි නම් කුජ දෝෂයේ තත්ත්වය විග්‍රහ කළ හැකිද?එසේම කුජ දෝෂය ගණනය කිරීමට ගණනය කරන්නේ ලග්නයේ සිටද,නැතහොත් චන්ද්‍රයාගේ සිටද,නැතහොත් සිකුරුගේ සිටද යන්නෙහි ඔබතුමාගේ ප්‍රවේශය කුමක්ද යන්න දැන ගනු රිසියෙමි.

    මේකේ මම කියලා තියනවා වගේ කුජ බලවත්නම් කුජ දෝෂයේ බලය අඩු වෙනවා. කුජ කියන්නේ ග්‍රහයන්ගේ චන්ඩියා එයා හොඳින් ඉන්නකොට හොඳයි ඒ වගේම නරක් වුනොත් අන්තිම නරකයි. රුචක යොගය යෙදුනම කුජ දෝෂයේ බලය ඉතාම අඩුයි. මෙහිදි කුජ දෝශය ලග්නයේ සිට යෙදෙන එක තමයි නියම භෞම දෝෂය වෙන්නේ..
     
    • Like
    Reactions: Amal227

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machan 1,4,7,10 places wala suba grahayo yedunama ena graha yoga genath poddak daapanko... :)

    මගේ ජ්‍යොතිෂ හා අපි කියලා දාපු ත්‍රෙඩ් එකේ මහා පුරුෂ යෝග හා අනෙක් යෝග විස්තර කලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1585029
    ඉස්සරහට තව විශේෂ යෝග හා පිහිටීම් ගැන සඳහනක් කරන්නම්..
    :yes::yes:
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    නැකැත් රාල;16209238 said:
    කුජ අට තමයි දරුනුම. කසාද බඳින්න කලින් හොඳට පොරොන්දම් පරික්ෂා කරලා බඳින්න.. :yes::yes:
    mokakda ban oya kuja 8??
    mata nam dan ahalama epa wela
    lassana kello kiyaknam set unaada
    et oya kuja 8 nisa tama mata kela wela inne
    habai ban love karanna nam kuja 8 awulak naha wage
    me wenakal love kala kiyala kisi waradak une naha
    marage ekata witarada oya kuja 8 balanna ona?
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    oya porondam 20n monawada ban oya balanne?
    e porondam walin eka eka dewal gana match karala balanawa kiyala ahala tiyenawa
    mata tikak wistara kiyannako.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mokakda ban oya kuja 8??
    mata nam dan ahalama epa wela
    lassana kello kiyaknam set unaada
    et oya kuja 8 nisa tama mata kela wela inne
    habai ban love karanna nam kuja 8 awulak naha wage
    me wenakal love kala kiyala kisi waradak une naha
    marage ekata witarada oya kuja 8 balanna ona?

    ow eke balapaama enne wiwaahayata.. post eka kiyawalabalannako. kuja 8 ganath liyala thiyanawa