"The quick brown fox jumps over the lazy dog"
එදිනෙදා ටයිපින් වැඩ වලදි අපි පාවිච්චි කරන font file එකක් විවෘත කරගත්තොත් දකින්න තියෙන වාක්‍යයක් තමයි "The quick brown fox jumps over the lazy dog" කියන්නෙ. ඕන තරම් දැකල ඇති. ඒත් ඇයි ඕකට ඔය වාක්‍යයම දාන්නෙ? ("අපිට පාන් ද බං, මොකෝ අපි ඕක ටයිප් කොරන්ටයැ දාගන්නෙ" කියල හිතෙයි) ඒත් විශේෂත්වය තමයි මෙහි ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු සදහන් වීම.

පොඩි ලල් එකක් තියෙනව නේ?
ඉතින් මං හොයල බැලුව මේක ආරම්භ වුනේ කොහෙන්ද කියල.හොයාගත්ත විදියට මේක මුලින්ම භාවිතා වෙලා තියෙන්නෙ 1885 දී. ගුරුවරුන් සදහා ලියැවුනු "The Michigan School Moderator" ජර්නලයේ මේක ලිවීමට පුරුදු කරවන වාක්‍යයක් විදියට අදුන්වල දීල තියෙනවා. පොඩි වෙනසක් වෙලා තියෙන්නෙ, "The quick brown fox jumps over the lazy dog" වෙනුවට ඒ ලිපියෙ කිව්වෙ "A quick brown fox jumps over the lazy dog" කියල.
පසුකාලීනව Typewriter හා Shorthand වලදීද පුහුණුවීමට සහ පරික්ෂාව සදහා මේ වාක්‍යය යොදාගෙන තිබෙනවා. ඒ වගේම ඇමරිකාව සහ රුසියාව අතර විශේෂ පණිවිඩ හුවමාරුවට පමණක් වෙන්වුන "Moscow–Washington hotline" භාවිත කරල යවපු පළමු test phrase එක වුනේ "THE QUICK BROWN FOX JUMPED OVER THE LAZY DOG'S BACK 1234567890". රුසියන් කාරය ටිකක් අන්දුන් කුන්දුන් වෙලා තියෙනවා මේක ඇමරිකන් ඩබල් මීනින් කතාවක්දෝ කියලා
එයාල හිතන්න ඇති මේකට විශේෂ අර්ථයක් තියෙනවා කියලා.20 වන සියවස වෙද්දී තාක්ෂණික භාවිතයක් විදියට typewriters සහ teleprinters පරික්ෂාවේදි මේ වාක්‍යය යොදාගෙන තියෙනවා.
ආ තව දෙයක්! උදේ හවා දකින Microsoft Word වලදී මේක test කරන්න command එකක් අදුන්වල දීල තියෙනවා. කරල බලන්න.
Office 2003 දක්වා ආපු MS Word වලදි නම් =rand() යනුවෙනුත්, Office 2007 හා ඉන් පසු MS Word වලදී =rand.old() යනුවෙනුත් ටයිප් කරලා Enter යතුර ගැහුවොත් අර වාක්‍යය ටයිප් වෙනවා.

font එකේ ලස්සන බලන්න ගියාම හැමදාම පෙන්නන එකම වචන සෙට් එකේ කතාව මේකයි. දන්න අය ඕන තරම් ඇති. නොදන්න කෙනෙකුට තමයි වැදගත් වෙන්නෙ. රීපෝස්ට් නම් සමා වෙන්න.
හොයා ගත්තෙ විකිපීඩියා ලොක්කට පින්සිද්ද වෙන්න.

සුභ!
දැනන් හිටියේ නෑ නේ ඔය වගක්....
6+ ~♥~
thanks
