The Quick Brown Fox කියන්නෙ?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    images

    "The quick brown fox jumps over the lazy dog"

    එදිනෙදා ටයිපින් වැඩ වලදි අපි පාවිච්චි කරන font file එකක් විවෘත කරගත්තොත් දකින්න තියෙන වාක්‍යයක් තමයි "The quick brown fox jumps over the lazy dog" කියන්නෙ. ඕන තරම් දැකල ඇති. ඒත් ඇයි ඕකට ඔය වාක්‍යයම දාන්නෙ? ("අපිට පාන් ද බං, මොකෝ අපි ඕක ටයිප් කොරන්ටයැ දාගන්නෙ" කියල හිතෙයි) ඒත් විශේෂත්වය තමයි මෙහි ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු සදහන් වීම. :shocked:

    The_quick_brown_fox_jumps_over_the_lazy_dog.png

    පොඩි ලල් එකක් තියෙනව නේ? :P ඉතින් මං හොයල බැලුව මේක ආරම්භ වුනේ කොහෙන්ද කියල.

    හොයාගත්ත විදියට මේක මුලින්ම භාවිතා වෙලා තියෙන්නෙ 1885 දී. ගුරුවරුන් සදහා ලියැවුනු "The Michigan School Moderator" ජර්නලයේ මේක ලිවීමට පුරුදු කරවන වාක්‍යයක් විදියට අදුන්වල දීල තියෙනවා. පොඩි වෙනසක් වෙලා තියෙන්නෙ, "The quick brown fox jumps over the lazy dog" වෙනුවට ඒ ලිපියෙ කිව්වෙ "A quick brown fox jumps over the lazy dog" කියල.

    පසුකාලීනව Typewriter හා Shorthand වලදීද පුහුණුවීමට සහ පරික්ෂාව සදහා මේ වාක්‍යය යොදාගෙන තිබෙනවා. ඒ වගේම ඇමරිකාව සහ රුසියාව අතර විශේෂ පණිවිඩ හුවමාරුවට පමණක් වෙන්වුන "Moscow–Washington hotline" භාවිත කරල යවපු පළමු test phrase එක වුනේ "THE QUICK BROWN FOX JUMPED OVER THE LAZY DOG'S BACK 1234567890". රුසියන් කාරය ටිකක් අන්දුන් කුන්දුන් වෙලා තියෙනවා මේක ඇමරිකන් ඩබල් මීනින් කතාවක්දෝ කියලා :P එයාල හිතන්න ඇති මේකට විශේෂ අර්ථයක් තියෙනවා කියලා.

    20 වන සියවස වෙද්දී තාක්ෂණික භාවිතයක් විදියට typewriters සහ teleprinters පරික්ෂාවේදි මේ වාක්‍යය යොදාගෙන තියෙනවා.
    ආ තව දෙයක්! උදේ හවා දකින Microsoft Word වලදී මේක test කරන්න command එකක් අදුන්වල දීල තියෙනවා. කරල බලන්න.
    Office 2003 දක්වා ආපු MS Word වලදි නම් =rand() යනුවෙනුත්, Office 2007 හා ඉන් පසු MS Word වලදී =rand.old() යනුවෙනුත් ටයිප් කරලා Enter යතුර ගැහුවොත් අර වාක්‍යය ටයිප් වෙනවා. :nerd:

    font එකේ ලස්සන බලන්න ගියාම හැමදාම පෙන්නන එකම වචන සෙට් එකේ කතාව මේකයි. දන්න අය ඕන තරම් ඇති. නොදන්න කෙනෙකුට තමයි වැදගත් වෙන්නෙ. රීපෝස්ට් නම් සමා වෙන්න.

    හොයා ගත්තෙ විකිපීඩියා ලොක්කට පින්සිද්ද වෙන්න. :yes:
    සුභ!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    එහෙමත් සීන්:shocked: එකක්ද අදයි දැන ගත්තේ මචන් ස්තුතියි :yes:
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    එහෙමත් සීන්:shocked: එකක්ද අදයි දැන ගත්තේ මචන් ස්තුතියි :yes:

    Thanks for sharing :) දැනන් හිටියේ නෑ නේ ඔය වගක්....

    හරිම සතුටුයි නොදන්න දෙයක් බෙදාගන්න ලැබීම.. සැලකුවෙමි
    :yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සිංහල වාක්‍යයක් නෑ නේ මේ වගේ. අපිත් හැදුවා නම් හරි එකක්.

    3986704_orig.jpg
     
    • Like
    Reactions: nOoB_SL

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම මේ කල්පනා කරේ
    ඐ, ඏ, සෲ,අඃ, ඣ්, තියෙන වාක්‍යය මොනවද කියලයි :eek:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,075
    113
    invoke db "Injected Memory"

    මම එක පාරක් ඕක හොයන්න ඕන කියලා හිතන් හිටියා, ඒත් පස්සෙ අමතක උනා :P

    ඒ සතුටට උබව රේප් කරලා ඔන්න. ... රෙප්+
     
    • Like
    Reactions: nOoB_SL