ශ්‍රී-ලංකන්-ගුවන්
ශ්‍රී ලංකන් ගුවන් සේවය වසරක අලාභය කෝටි 2500යි
- ඇමැති හෙළි කරයි
2014 පෙබරවාරි 05 06:15 p:m
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2013 සහ 2014 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත අලාභය දළ වශයෙන් රුපියල් කෝටි 2500 ක් බව සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදි බදාදා (05) ප්‍රකාශ කළේය. මෙම ගුවන් සමාගමේ සේවකයකුට දරන මාසික වියදම රුපියල් එක් ලක්ෂ හැට හය දහස් හත්සිය විසි දෙකක් බව පැවසු ඇමතිවරයා මාසිකව ලැබෙනා ලාභයක් නොමැති බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සේවකයන් 6523 දෙනෙකු සිටියද සේවක හිඟයක් පවතින බවද ජයරත්න මහතා කීවේය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කෙටි කාලින ණය ලෙස ඇමරිකානු ඩොලර් කෝටි 4 ක් බවද, බැංකු අයිරාව ඩොලර් කෝටි 5 ක් බවද, මධ්‍ය කාලින ණය ඩොලර් කෝටි 14 ක් බවද පැවසු ඇමතිවරයා එහි මුළු එකතුව ඩොලර් කෝටි 23 ක් යැයි සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
(Lakbima)

eeyuuk!!