අණවින කොඩිවින හදිහූනියම්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    තියෙනම් එහෙම එකක් දාපන්.

    ඊට සමාන එකක් තියෙනවා, අමනුස්සයෝ මනුස්සයින්ට හිංසා කරපු අවස්ථා තියෙනව.

    ආටානාටිය පිරිත

    ආටානාටිය සූත්‍රය තුළ සඳහන් වී තිබෙන්නේ යක්‍ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව යන මේ ලෝකයේ සිවුදිසාවෙහි වාසය කරන අමනුෂ්‍යයන්ගෙන් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයන්ට ඇතිවන උවදුරු නැතිකිරීම පිණිසත්, අමනුෂ්‍යයන් ගෙන් වන උවදුරු වලින් ආරක්‍ෂාවීම පිණිසත්, සිවුවනක් ශ්‍රාවකයන්ට අමනුෂ්‍යයන්ගෙන් හිංසාවක් ඇති නොවනු පිණිස දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ දේශනයක්.

    බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩ සිටිද්දී මේ ලෝකයේ සිවු දිසාවන් පාලනය කරන වෛශ්‍රවණ, විරූපාක්‍ඛ, විරුල්හ, ධෘතරාෂ්ට්‍ර කියන සතරවරම් දෙවි මහරජවරුන් තමන්ගේ අණසක යටතේ පාලනය වන මහත් යක්‍ෂ සේනාවක්ද, නාග සේනාවක්ද, කුම්භාණ්ඩ සේනාවක්ද, ගාන්ධර්ව සේනාවක් ද පිරිවරාගෙන පැමිණිලා, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනාමාන කරලා එකත්පස්ව වැඩ සිටියා. ඒ අතර වෛශ්‍රවණ, දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා මෙසේ පවසනවා.

    “බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු බලසම්පන්න යක්‍ෂයින් ඉන්නවා. අපැහැදුනු බලසම්පන්න යක්ක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු මාධ්‍යානුභාව යක්‍ෂයිනුත් ඉන්නවා. අපැහැදුනු යක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු නීච යක්‍ෂයිනුත් ඉන්නවා ස්වාමීනී! බොහෝ යක්‍ෂයන් බුදුරජාණන් වහන්සේ ගැන අපැහැදීමෙන් සිටින්නේ, එයට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් සොරකමෙන් වැරැදි කාම සේවනයෙන් බොරුවෙන්, මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් වැලකීම සඳහා ධර්ම දේශනා කරනවා. නමුත් බොහෝ යක්‍ෂයින් දුශ්ශීලයි. පංච දුශ්චරිතයේම යෙදෙනවා. ඒ නිසා දුශ්ශීල යක්‍ෂයින් බුදුරජාණන් වහන්සේ ගැනත් ශ්‍රාවකයින් ගැනත් වෛර සිතින් කටයුතු කරනවා. ස්වාමීනී යම්කිසි යක්‍ෂයෙක් ගෙන් ධර්ම මාර්ගය අනුගමනය කරන භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයින්ටම හිංසාවක් පීඩාවක් සිදුවුණොත් එවැනි අමනුෂ්‍ය උවදුරු වලින් ආරක්‍ෂා වීම පිණිස මේ ආටානාටිය නම් ආරක්‍ෂිත දේශනාව සිහි කරන්න” කියලා වෛශ්‍රවණ බුදුරජාණන් වහන්සේගෙන් ආටානාටිය සඳහා අවසර ඉල්ලුවා.

    http://dahamsabava.wordpress.com/2011/11/08/දහම්-මඟ-හැසිරෙන-සිවුවනක්/

    දැන් මොනවද මේ සිව්වනක් පිරිසට ඇතිවන අමනුස්සයන්ගේ උවදුරු? මොනවද මේ සිව්වනක් පිරිසට අමනුස්සයින්ගෙන් ඇතිවන හිංසා?? අනික සිව්වනක් පිරිස කිව්වම ලේසිද? :dull:
     
    Last edited:
    • Like
    Reactions: shenic

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    11.gif

    respect you too

    දැන් යකා ගහපු එකෙක් බෙහෙතකට හොයාගන්න නෑ බං

    ඊයේ මව්බිම පට්ටරයේ දාල තිබ්බ පිළිමයක් හදාපු තැනක දෙය්යෝ ඇවිල්ල එකෙක් දෙන්නෙක් නෙවි මණ්ඩලයක්ම ආවලු. පියවි ඇහැට පෙන්නේ නෑ ලු. ෆොටෝ එකක් ගත්තම ඒකෙ වැදිලා. ලප ලප. :lol: ඔකුං අපේ ගෙදරටත් එනවා බං මම ගත්ත ෆොටෝ එකකත් ඕකම තිබ්බ. :lol:

    :P ලප ලප ලොල් ....

    අනෙ මන්ද බන් ,
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machanla hand 4n dekak connect wena signal eka apita penne nane
    e wage bhuthayoth inna puluwan
    deyak wishwasa karanna ahata pennama onada
     
    ඔව් මචං. මේකේ කමෙන්ට් අතරින් පතර කියෙව්වා.පස්සේ ආයේ ටිකක් මුල ඉඳන් කියවන්න ඕනේ. මේකේ ගොඩක් ඉන්නේ ෆැන්ටසි ලෝක වල ඉන්න බුවාලා.ආත්ම ශක්තියක් නැති පාන්කඩ වගේ නොපෙනෙන බලවේග පස්සේ යන උන් ඉන්නේ. බලන් යද්දි එක අතකට හරි බන් එලකිරියේ අර හම්බයන්ට, තම්බින්ට බැන බැනා ත්‍රෙඩ් දාන උන්. මොකද නියම බුදුදහම අදහන උන් මේ එලකිරියේ ඉන්නේ අඩුවෙන්. නැකැත් ගැනයි, හදහන් ගැනයි, දෙවියෝ ගැනයි, භූතයෝ-පෙරේතයෝ-කුම්බාණ්ඩයො ගැනයි පොරටෝක් දෙන අයියලා ඉන්නේ.බුදු දහම ආරක්ශා කරමු කිය කියා සයිබරේ විප්ලව කරන පෙන්දෝ තමයි වැඩිමනක් ඉන්නේ. මට දුක සමහර ඉගෙන ගත්තා කියලා පෙන්නන උනුත් එහෙම හැසිරෙන එක. එහෙම උන්ට පුලුවන් සයිබර් විප්ලව කරන්න තමයි පොර ටෝක් දිදි.මොකෝ ඇතුලාන්තේ පුස්. අනික එහෙම උන්ම තමයි පෝයකටවත් පන්සල් යන්නේ නැතුව ඔය දේව පූජා දවසට දෙයියන්ට කන්න පළතුරු වට්ටි උස්සගෙන පංසලට දුවන්නේ.මෙතන ප්‍රේතයෝ ගැන, නැකැත් හදහන් ගැන කියවන කීයෙන් කීදෙනෙක්ට තුන් සූත්‍රේ මතකින් කියන්න පුලුවන්ද දන්නේ නෑ, කී දෙනෙක් හැමදාම බුදුන්ට පහණ තියනවද දන්නේ නෑ. අඩුම තරමේ පන්සිල් පද පහේ තේරුමවත් දන්නවද දන්නේ නෑ. බෙරයක් වගේ සුරයක් එල්ලගෙනවත්, සාස්තර අහන්න, පෙරේතයෝ බන්දන්න යන්නේ සැබෑ ජීවිතේ පාන්කඩ වගේ ආත්ම ශක්තිය නැති අභියෝග වලට බය උන් තමයි.මම නම් දන්නේ මෙච්චරයි දෙවියන් කියලා කොට්ටාශයක් ඇසට නොපෙනෙන්න ඇති, පෙරේතයෝ කියලා කොට්ඨාශෙකුත් ඇති ඒත් ඒ එකෙක්ටවත් අපිට කරන්න පුලුවන් අහවල් ලබ්බක් නෑ. නැකැත් බලන සමහර උන් අඟහරුවාදටයි සිකුරාදටයි නාන්නේ නෑ මල සමයන්, අනික කෙම්මුර දවස්ද මොනාද කියලා මල ගෙදරක අවසන් කටයුතු කරන්නේ නෑ. ඒ නොදන්න කමත් නෙමෙයි දන්න කමත් නෙමෙයි චුට්ටක් දැනගෙන පොරටෝක් දීමේ මොඩ කම. මම නම් දන්නේ මෙච්චරයි "අඳුරු කුටිය තුල දොර ගුලු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියෝ හට නෑසේ. පොලොව කොටන තැන පාර තනන තැන ගිණියම් අව්වේ මහ වරු සාවේ දෙවියෝ වැඩ ඉන්නේ" ඒ කිව්වේ මහන්සි වෙන වැඩ කරන උත්සාහය කැපවීම තියෙන මිනිස්සුන්ගේ හිතවලයි දෙවියෝ ඉන්නේ. තොපිට දෙවියෝ බලාගන්න ඕනේ නම් ගෙදර ගිහින් බලපියව් හදපු වඩපු අම්මගේ තාත්තගේ මූණු දෙක.

    මචං මෙහෙමයි. සයිබරේ ඇවිත් ලෝකෙ දියුණු වෙලා දැනුම කියන දේ ගමටත් ඇවිත් බුද්ධිය ලෝකේ පුරාටම ගලද්දී තවමත් අර ගල් යුගයේ අදහස් තියන උන් තමයි ලංකාවේ ඉන්නේ. ඉතින් අවුරුදු ගානකින් ඇත්ත තේරුම් ගන්න බැරිවෙච්ච ඔය වගේ උන්ට උඹ මෙතන පොඩ්ඩක් කියල වැඩක් නෑ. උන්ට තමන්ගේ ලිඳ ඇතුලෙන් එලියට එන්න ඔය ඩිංග මදි. ඉතින් හොඳම දේ තමයි වැඩිය කියන්නෙ නැතුව හරි උත්තරේ විතරක් දීල නිකං ඉන්න එක.
    දැන් බලහං මුස්ලිම් දෙවියා නෑ කියල මැරෙන්න හදන උන් වෙන ජාති වල දෙවියෝ ඉන්නවා කියල අනිත් අතට කෑ ගහනවා. අන්තිමේ බලද්දී මුන්ගේ දෙය්ය පලුන් ගහේ.:rofl::rofl:
    කවදාවත් බුද්ධිය අතින් නං ඉහලට යන්නෙ නැති මෝඩ රැලක්. දැන් දැන් මේක එන්න එන්නම වැඩි වෙනවා. දෙය්යෝ අදහන ඒවා, සුව කිරීමේ දේව පූජා, විභාග පාස් වෙන්න බෝධි පූජා, ඔක්කොම ඉස්සරට වඩා වැඩි වෙලා.
    මෙතනින් වෙන්නේ අපේ සමාජය තව ටික කාලෙකින් ඉන්දියාවටත් වඩා පහලට යන එක.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ POST එක බෞද්ධයන්ටම පමණක් මිස අන්යාගමිකයන්ට හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.​

    මචං මම ඔතන අදහස් කරලා තියෙන දේ උඹට වැටහිලා නැහැ. මම කියන්න හැදුවේ එතන එහෙම කොට්ඨාශයක් ඇති ඒත් ඒ කියන දෙවි වරුන්ටවත්, ඔය කියන යක්කු කුම්භාණ්ඩයින්ටවත් අපිට කරන්න පුලුවන් බලපෑමක් නැහැයි කියන එකයි. ඒකයි එතන ඊලඟ වාක්‍යයෙන් දැම්මේ පලතුරු වට්ටි උස්සගෙන ගියාම දෙවියෝ එනවද පලතුරු කන්න කියලා. ඒකෙන් මම අදහස් කලේ දෙවියන්ගේ පිහිට පැතුවට වැඩක් නැහැ කියන එක. ඒ වගේම මේ මාතෘකාවට අදාලව මූ අහලා තිබ්බ අණ වින කොඩි වින මොනාද රෙද්දවල් වලින් වැඩක් නැති වග. බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා දෙවියන්ට, ප්‍රේතයින්ට යකුන්ට පින් කරන්න බැහැ. ඒ අයට පින් අනුමෝදන් කරවන්න පුලුවන් මනුෂයයින්ට විතරයි කියලා. පිනක්වත් කරගන්න බැරි කෙනෙක්ට පුලුවන්ද බං අපේ ජීවිතේට බලපෑමක් ඇති කරන්න.? මට ඒක කියපන්. අනික තෙරුවන් සරණ ගිය කෙනෙක් ඔහොම බලවේග වල පස්සෙන් එලව එලවා බුදු දහම හෑල්ලුවට ලක්කරන්නේ නෑ මචං. එහෙම එවුන්ටයි පාන්කඩ කිව්වේ.

    මචං විශ්වාස කිරීම යනුවෙන් අදහස් කලේ මේ ත්‍රෙඩ් එකට අදාලව කතා කිරීමට ගැලපෙන විශ්වාසේ. ඉන්නවද නැද්ද කියලා කියන විශ්වාසේ ගැන නෙමෙයි. එතනට යොදලා තියෙන විශ්වාසේ කියන වචනේ පටලව ගන්න එපා. මම කතාකලේ ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව විශ්වාස කිරීම නොකීරීම ගැන මිසක් එහෙම කොටසක් ඉන්නවද නැද්ද කියන එක ගැන නෙමෙයි.සරළවම කියනවනම් එහෙම අයට අපට බලපෑමක් කරන්න පුලුවන් කමක් නැහැයි කියලා විශ්වාස කරන්නේ නෑ කියලා. දෙවියන්ට ගිහින් පූජා වට්ටි දීලා පගාව දුන්නට පුලුවන්ද බං ඒ 3ක් දාන්න? දියුණු වෙන මිනිහෙක්ව හැඳි ගෑවිලා පල කියලා දේවාලෙට ගිහින් පොල් ගැහුවට පුලුවන්ද බං ඌට අහිතක් කරන්න. ඒකයි මම කිව්වේ මම විශ්වාස කරන්නේ බුදු දහම විතරයි කියලා. තවත් සරළව කියනවනම් හේතු ඵල දහම තමයි.

    :) උඹ කියන එක කරුණක් පිලි ගන්න පුලුවන්.. ඒ තමයි ඔය කෙහෙල් ගෙඩියක්, පැපොලක් ගිලින්න එන දෙවියෙක් නැති බව..

    මෙතන උඹ කියන කරුණු වල අඩුපාඩු බොහොමයක් තියනව.. විශාලා මහ නුවරට ඇති වෙච්ච තුන් බියෙන් එකක් තමයි අමනුශය උපද්‍රව. ඒක එහෙම බව සඳහන් වෙන්නෙ ග්‍රන්තාරූඩ කරන ලද ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකයට අදාලව.. මම කියන කතාවක් නෙවෙයි.

    අමනුශයන්ට මිනිස්සුන්ට කරදර කරන්න පුලුවන්! එහෙම කල නිසා තමයි ඒවායින් මිදෙන්න මිනිස්සුන්ට මේ රතන සූත්‍රය දෙශනා කලේ.

    තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
    මෙත්තං කරෝථ මානුසියා පජාය
    දිවා ච රත්තො ච හරන්ති යේ බලිං
    ත්ස්මා හි නේ රක්කථ අප්පමත්තා

    අමනුශ්යයිනි "යම් කරුණක් නිසා මෙහි රැස් වුවාහු ද" එහෙයින් සියල්ලොම මාගේ ධර්මය අසවු. මනුෂය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුශය කෙනෙක් රෑ දවල් තොපට පූජා ගෙනෙත් ද එහෙයින් ඔවුන් රකිව්.

    මෙතන උඹ් මතයට උත්තරය තියනවා.. ඒ තමයි රකින්න පුලුවන් නම් අමනුශ්යෙකුට කරදර කරන්නත් පුලුවන් බව.

    බුදු දහමේ නිතරම සඳහන් වෙන දෙයක් තමයි නිතරම මෛත්‍රිය වඩන්න කියන එක. ඒ මෙන්න මේ හේතුව නිසා...

    මෛත්‍රී භාවනාවේ ආනිසංස.

    අංගුත්තර නිකායේ මෙත්තානිංස සූත්‍රයේදි මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට ලැබෙන ආනිසංස ඉතාම පැහැදිලිව පෙන්වා දීලා තියනවා..

    1. සුව නින්දක් ලැබීම.
    2. සැපසේ අවදි වීම.
    3. නිදා සිටින විට නපුරු සිහින නොපෙනීම.
    4. මිනිස්න්ට ප්‍රිය වීම.
    5. අමනුශ්යන්ට ප්‍රිය වීම. (අමනුශය උපද්‍රව වලින් තොර වීම)
    6. දෙවියන්ට ප්‍රිය වීම. (දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම)

    7. වස විශ/අවි ආයුධ විපත් ඇලකීම.
    8. සමාධිය ඉක්මනින් ලැබීම.(සමථ භාවනාවෙන්)
    9. ශරීර වර්ණය පැහැපත් වීම.
    10. සිහි මුලා නොවී මරණයට පත් වීම.
    11. මේ ජීවිතයේදි අරිහත්වය නොලැබුවහොත් බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබීම.

    අමනුශ්යන්ගෙන් කරදරයක් නැත්තම් දෙවියන්ට උදවු කරන්න, ආරක්ෂා කරන්නත් බැරිනම් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට දේශණා නොකරණ බව දැන් උඹට තේරෙන්න ඕනෙ.

    ත්‍රිපිටකයෙ සඳහන් වෙන මේ කරුණු ඇත්ත බවට මම විශ්වාස කරන නිසා තමයි මම බෞද්ධයෙක් වෙන්නෙ. උඹ බෞද්ධයෙක් නම්, උඹ බෞද්ධ වෙන්නෙත් ඕනෙ ඒ නිසාම විය යුතුයි. මොකද බුදු දහම සම්බන්ධ සියලු කරුණු දැන සඳහන් වෙන්නෙ ත්‍රිපිටකයෙ නිසා. එහෙම බෞද්ධ වෙච්ච උඹ ඒකෙන් කොටසක් පිලි ගන්නත් කොටසක් පිලි නොගන්නත් කිසිම හේතුවක් නෑ. එක්කො උඹ ඔක්කෝම පිලි ගන්න ඕනෙ. නැත්තම් කිසිවක් පිලිනොගන්න අබෞද්ධයෙක් විය යුතුයි.

    අනිත් කාරණය තමයි.. උඹ අරෙහෙන් මෙහෙන් අහගත්ත, දැනගත්ත, කියවලා තියන දේවල් ඇසුරෙන් බුදු දහමේ කරුණු පිලිබඳව උපකල්පන ගොඩ නගනවා. "අරෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති, මම හිතන්නෙ මේ විදිහට".. වගේ. උඹ බෞද්ධයෙක් නම් උඹ තේරුම් ගන්න ඕනෙ, උඹට උපකල්පන ගොඩනගලා නිගමන පිටුවන්නයි, ඉදිරිපත් කරන්නයි තරම් ලෝක ධර්මතාවයන් පිලිබඳව දෙයක් බුදුරජාණන්වහන්සේ විසින් ඉතිරිකර නොමති බව!

    තව උඹ දැන ගන්න ඔන කාරණයක් තමයි, ඔය අමනුශ්යන්ට පිං කරන්නත් පුලුවන්, පවු කරන්නත් පුලුවන්, අනුමොදම් කරන පිං ගන්නත් පුලුවන් බව හැබැයි හැමොටම නෙවේ. ඕක හරි විවිධාකාරයි. හැබැයි මනුශ්ය ලොකය හා ඊට ඉහලින් තියන ලෝකවල සත්වයන්ට විතරයි ධර්මය "අවබෝධ" කරන්න පුලුවන්.. ඒකට උදාහරණ තමයි බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අභිධර්මය දෙශණා කිරීම.

    තවත් කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඔය දෙවියන් විදිහට ගොඩක් දේවාල වල ඉන්නෙ දෙවිවරු නෙවේ අසුරයින්, පෙරෙතයන්, යක්ශයන් ඒවුන් මිනිස්සු අහපුවම රටේ නැති බොරුයි ඇත්තයි 2කම කියවලා පුද පූජා ලබාගන්නවා.. මිනිස්සු ඒවට රැවටෙනවා.. සමහර දේවාල වල පෙරේතයෙක් වත් නෑ පට්ටපල් බොරු කරන්නෙ. එච්චරයි.

    මං හිතන්නෙ උඹෙ මතයට අදාල කරුණු මෙතන තියනවා.. උඹ බුද්ධ ධර්මය ගැන මීට වඩා දැන ගන්න ඕනෙ මිත්‍රයා.. හැම දේටම උදාහරණ දාන්න මට කම්මැලී. ධර්මය ඔයිට වඩා කියවපන්. උඹෙ අදහස් සෑහෙන්න වෙනස් වෙයි. :yes:

    Last edited:
    • Like
    Reactions: chanakacm

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නැකැත් රාල;16260760 said:
    සමහරක් මෝඩයන්ට දිය හැකි හොඳම ඳඩුවම බ්‍රහ්මදන්ඩයයි.. නිකන් තමන්ගේ ශ්‍රමය හා කාලය මෝඩයන්ට පිලිතුරු දීමට වැය කරන්න එපා සහෝදරයා..

    පොර අපිට මිත්‍යා දෘෂ්ටිකයොලු පව් බන් මේ මනුස්සයා... පොතක් පතක් කියවන්නෙ නැතිකම වෙන්න ඇති... බුදුන් වහන්සේ දේශනා කලා වගේ අවිද්‍යාව විද්‍යාව කරගෙන ජීවත් වෙන මිනිස්සු... මසැසින් දකිනවාට වඩා දේවල් මේ ලෝකෙ මනසින් දකින්න පුළුවන්... මේ පොත් දෙක කියවන්න

    Capture012996.jpg
    [/IMG]
    Code:
    http://www.mediafire.com/download/uvupwg79ieneoja/koggala+nilame+01.pdf
    http://www.mediafire.com/download/msi9mvmn7ce7jn8/koggala+nilame+2.pdf
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    නැකැත් රාල;16256418 said:
    පුරානයේ සිට එන මේ ශාස්ත්‍ර වල සත්‍යතාවයක් ඇතත් මෙවා නිසි ආකාරව ප්‍රගුන කල ඇදුරන් අද සිටින්නේ අතලොස්සකි. මේ ශාස්ත්‍රයේ තිබෙන දේ හා කරන විදි පිලිබඳව සාමාන්‍ය මිනිසුන්ට පැහැදිලි දැනුමක් නැති නිසා බොහෝ බොරු කාරයන් මේ ශාස්ත්‍රය මගින් මිනිසුන් මුලා කරමින් සිටී.. :(:(

    math danna hitiye me wage comment ekak thama. meka 100% eththa.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පෞද්ගලික අත්දැකිම් තියන අය මේවා ගැන කියන්න
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඊට සමාන එකක් තියෙනවා, අමනුස්සයෝ මනුස්සයින්ට හිංසා කරපු අවස්ථා තියෙනව.

    ආටානාටිය පිරිත

    ආටානාටිය සූත්‍රය තුළ සඳහන් වී තිබෙන්නේ යක්‍ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව යන මේ ලෝකයේ සිවුදිසාවෙහි වාසය කරන අමනුෂ්‍යයන්ගෙන් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයන්ට ඇතිවන උවදුරු නැතිකිරීම පිණිසත්, අමනුෂ්‍යයන් ගෙන් වන උවදුරු වලින් ආරක්‍ෂාවීම පිණිසත්, සිවුවනක් ශ්‍රාවකයන්ට අමනුෂ්‍යයන්ගෙන් හිංසාවක් ඇති නොවනු පිණිස දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ දේශනයක්.

    බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩ සිටිද්දී මේ ලෝකයේ සිවු දිසාවන් පාලනය කරන වෛශ්‍රවණ, විරූපාක්‍ඛ, විරුල්හ, ධෘතරාෂ්ට්‍ර කියන සතරවරම් දෙවි මහරජවරුන් තමන්ගේ අණසක යටතේ පාලනය වන මහත් යක්‍ෂ සේනාවක්ද, නාග සේනාවක්ද, කුම්භාණ්ඩ සේනාවක්ද, ගාන්ධර්ව සේනාවක් ද පිරිවරාගෙන පැමිණිලා, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනාමාන කරලා එකත්පස්ව වැඩ සිටියා. ඒ අතර වෛශ්‍රවණ, දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා මෙසේ පවසනවා.

    “බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු බලසම්පන්න යක්‍ෂයින් ඉන්නවා. අපැහැදුනු බලසම්පන්න යක්ක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු මාධ්‍යානුභාව යක්‍ෂයිනුත් ඉන්නවා. අපැහැදුනු යක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු නීච යක්‍ෂයිනුත් ඉන්නවා ස්වාමීනී! බොහෝ යක්‍ෂයන් බුදුරජාණන් වහන්සේ ගැන අපැහැදීමෙන් සිටින්නේ, එයට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් සොරකමෙන් වැරැදි කාම සේවනයෙන් බොරුවෙන්, මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් වැලකීම සඳහා ධර්ම දේශනා කරනවා. නමුත් බොහෝ යක්‍ෂයින් දුශ්ශීලයි. පංච දුශ්චරිතයේම යෙදෙනවා. ඒ නිසා දුශ්ශීල යක්‍ෂයින් බුදුරජාණන් වහන්සේ ගැනත් ශ්‍රාවකයින් ගැනත් වෛර සිතින් කටයුතු කරනවා. ස්වාමීනී යම්කිසි යක්‍ෂයෙක් ගෙන් ධර්ම මාර්ගය අනුගමනය කරන භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයින්ටම හිංසාවක් පීඩාවක් සිදුවුණොත් එවැනි අමනුෂ්‍ය උවදුරු වලින් ආරක්‍ෂා වීම පිණිස මේ ආටානාටිය නම් ආරක්‍ෂිත දේශනාව සිහි කරන්න” කියලා වෛශ්‍රවණ බුදුරජාණන් වහන්සේගෙන් ආටානාටිය සඳහා අවසර ඉල්ලුවා.

    http://dahamsabava.wordpress.com/2011/11/08/දහම්-මඟ-හැසිරෙන-සිවුවනක්/

    දැන් මොනවද මේ සිව්වනක් පිරිසට ඇතිවන අමනුස්සයන්ගේ උවදුරු? මොනවද මේ සිව්වනක් පිරිසට අමනුස්සයින්ගෙන් ඇතිවන හිංසා?? අනික සිව්වනක් පිරිස කිව්වම ලේසිද? :dull:

    බොහොම හරි! :yes:
     
    පොර අපිට මිත්‍යා දෘෂ්ටිකයොලු පව් බන් මේ මනුස්සයා... පොතක් පතක් කියවන්නෙ නැතිකම වෙන්න ඇති... බුදුන් වහන්සේ දේශනා කලා වගේ අවිද්‍යාව විද්‍යාව කරගෙන ජීවත් වෙන මිනිස්සු... මසැසින් දකිනවාට වඩා දේවල් මේ ලෝකෙ මනසින් දකින්න පුළුවන්... මේ පොත් දෙක කියවන්න

    Capture012996.jpg
    [/IMG]
    Code:
    http://www.mediafire.com/download/uvupwg79ieneoja/koggala+nilame+01.pdf
    http://www.mediafire.com/download/msi9mvmn7ce7jn8/koggala+nilame+2.pdf

    ඔය කුණුහරුප නෙවෙයි බං:rofl::rofl::rofl: මෙන්න මේ දෙක කියවපන්

    stephen-hawking-a-brief-history-of-time-cover.jpg

    The-Grand-Design.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ POST එක බෞද්ධයන්ටම පමණක් මිස අන්යාගමිකයන්ට හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.​

    :) උඹ කියන එක කරුණක් පිලි ගන්න පුලුවන්.. ඒ තමයි ඔය කෙහෙල් ගෙඩියක්, පැපොලක් ගිලින්න එන දෙවියෙක් නැති බව..

    මෙතන උඹ කියන කරුණු වල අඩුපාඩු බොහොමයක් තියනව.. විශාලා මහ නුවරට ඇති වෙච්ච තුන් බියෙන් එකක් තමයි අමනුශය උපද්‍රව. ඒක එහෙම බව සඳහන් වෙන්නෙ ග්‍රන්තාරූඩ කරන ලද ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකයට අදාලව.. මම කියන කතාවක් නෙවෙයි.

    අමනුශයන්ට මිනිස්සුන්ට කරදර කරන්න පුලුවන්! එහෙම කල නිසා තමයි ඒවායින් මිදෙන්න මිනිස්සුන්ට මේ රතන සූත්‍රය දෙශනා කලේ.

    තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
    මෙත්තං කරෝථ මානුසියා පජාය
    දිවා ච රත්තො ච හරන්ති යේ බලිං
    ත්ස්මා හි නේ රක්කථ අප්පමත්තා

    අමනුශ්යයිනි "යම් කරුණක් නිසා මෙහි රැස් වුවාහු ද" එහෙයින් සියල්ලොම මාගේ ධර්මය අසවු. මනුෂය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුශය කෙනෙක් රෑ දවල් තොපට පූජා ගෙනෙත් ද එහෙයින් ඔවුන් රකිව්.

    මෙතන උඹ් මතයට උත්තරය තියනවා.. ඒ තමයි රකින්න පුලුවන් නම් අමනුශ්යෙකුට කරදර කරන්නත් පුලුවන් බව.

    බුදු දහමේ නිතරම සඳහන් වෙන දෙයක් තමයි නිතරම මෛත්‍රිය වඩන්න කියන එක. ඒ මෙන්න මේ හේතුව නිසා...

    මෛත්‍රී භාවනාවේ ආනිසංස.

    අංගුත්තර නිකායේ මෙත්තානිංස සූත්‍රයේදි මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට ලැබෙන ආනිසංස ඉතාම පැහැදිලිව පෙන්වා දීලා තියනවා..

    1. සුව නින්දක් ලැබීම.
    2. සැපසේ අවදි වීම.
    3. නිදා සිටින විට නපුරු සිහින නොපෙනීම.
    4. මිනිස්න්ට ප්‍රිය වීම.
    5. අමනුශ්යන්ට ප්‍රිය වීම. (අමනුශය උපද්‍රව වලින් තොර වීම)
    6. දෙවියන්ට ප්‍රිය වීම. (දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම)

    7. වස විශ/අවි ආයුධ විපත් ඇලකීම.
    8. සමාධිය ඉක්මනින් ලැබීම.(සමථ භාවනාවෙන්)
    9. ශරීර වර්ණය පැහැපත් වීම.
    10. සිහි මුලා නොවී මරණයට පත් වීම.
    11. මේ ජීවිතයේදි අරිහත්වය නොලැබුවහොත් බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබීම.

    අමනුශ්යන්ගෙන් කරදරයක් නැත්තම් දෙවියන්ට උදවු කරන්න, ආරක්ෂා කරන්නත් බැරිනම් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට දේශණා නොකරණ බව දැන් උඹට තේරෙන්න ඕනෙ.

    ත්‍රිපිටකයෙ සඳහන් වෙන මේ කරුණු ඇත්ත බවට මම විශ්වාස කරන නිසා තමයි මම බෞද්ධයෙක් වෙන්නෙ. උඹ බෞද්ධයෙක් නම්, උඹ බෞද්ධ වෙන්නෙත් ඕනෙ ඒ නිසාම විය යුතුයි. මොකද බුදු දහම සම්බන්ධ සියලු කරුණු දැන සඳහන් වෙන්නෙ ත්‍රිපිටකයෙ නිසා. එහෙම බෞද්ධ වෙච්ච උඹ ඒකෙන් කොටසක් පිලි ගන්නත් කොටසක් පිලි නොගන්නත් කිසිම හේතුවක් නෑ. එක්කො උඹ ඔක්කෝම පිලි ගන්න ඕනෙ. නැත්තම් කිසිවක් පිලිනොගන්න අබෞද්ධයෙක් විය යුතුයි.

    අනිත් කාරණය තමයි.. උඹ අරෙහෙන් මෙහෙන් අහගත්ත, දැනගත්ත, කියවලා තියන දේවල් ඇසුරෙන් බුදු දහමේ කරුණු පිලිබඳව උපකල්පන ගොඩ නගනවා. "අරෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති, මම හිතන්නෙ මේ විදිහට".. වගේ. උඹ බෞද්ධයෙක් නම් උඹ තේරුම් ගන්න ඕනෙ, උඹට උපකල්පන ගොඩනගලා නිගමන පිටුවන්නයි, ඉදිරිපත් කරන්නයි තරම් ලෝක ධර්මතාවයන් පිලිබඳව දෙයක් බුදුරජාණන්වහන්සේ විසින් ඉතිරිකර නොමති බව!

    තව උඹ දැන ගන්න ඔන කාරණයක් තමයි, ඔය අමනුශ්යන්ට පිං කරන්නත් පුලුවන්, පවු කරන්නත් පුලුවන්, අනුමොදම් කරන පිං ගන්නත් පුලුවන් බව හැබැයි හැමොටම නෙවේ. ඕක හරි විවිධාකාරයි. හැබැයි මනුශ්ය ලොකය හා ඊට ඉහලින් තියන ලෝකවල සත්වයන්ට විතරයි ධර්මය "අවබෝධ" කරන්න පුලුවන්.. ඒකට උදාහරණ තමයි බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අභිධර්මය දෙශණා කිරීම.

    තවත් කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඔය දෙවියන් විදිහට ගොඩක් දේවාල වල ඉන්නෙ දෙවිවරු නෙවේ අසුරයින්, පෙරෙතයන්, යක්ශයන් ඒවුන් මිනිස්සු අහපුවම රටේ නැති බොරුයි ඇත්තයි 2කම කියවලා පුද පූජා ලබාගන්නවා.. මිනිස්සු ඒවට රැවටෙනවා.. සමහර දේවාල වල පෙරේතයෙක් වත් නෑ පට්ටපල් බොරු කරන්නෙ. එච්චරයි.

    මං හිතන්නෙ උඹෙ මතයට අදාල කරුණු මෙතන තියනවා.. උඹ බුද්ධ ධර්මය ගැන මීට වඩා දැන ගන්න ඕනෙ මිත්‍රයා.. හැම දේටම උදාහරණ දාන්න මට කම්මැලී. ධර්මය ඔයිට වඩා කියවපන්. උඹෙ අදහස් සෑහෙන්න වෙනස් වෙයි. :yes:

    මචං උඹේ පොස්ට් එකට දිග ප්‍රති චාරයක් දෙන්න ඕනේ. උඹේ භාෂාවෙන්ම ත්‍රිපිටකයෙන්ම අරගෙන. නිකන් මෙහෙම කිව්වම උඹ මට ත්‍රිපිටකයේ තැන් තැන් වලින් කෑලි පෙන්නනවනේ. සමාවෙන්න මිත්‍රයා ඒකට දැන් වෙලාව නෙමෙයි. සතියේ මැද මම කාර්‍යය බහුල කෙනෙක්. මේ සති අන්තයේ මේ පොස්ට් එකට මම අනිවාර්‍යයෙන්ම ප්‍රතිචාරයක් දෙන්නම්. සමහර විට විවාහයට පෙර ලිංගික එක්වීම පවක් නෙමෙයි කියලා බුදු දහමේ සඳහන් වෙන්නේ නෑ කියලා බුද්ධික සහෝදරයා කළ අභියෝගෙ අල්ලලා උගේ භාශාවෙන්ම ත්‍රිපිටකය අලලා මම දාපු ත්‍රෙඩ් එක වගේම ත්‍රෙඩ් එකකින් හමුවෙමු. මොකද සතියේ මැද මට මේ වෙනුවෙන් ඔබ හා දිගින් දිගටම තර්ක කරන්න තරම් කාලය විඩංගු කිරීමට අපහසු නිසා. ඒ පිළිබඳ සමාව අයදිනවා. අනික ඔබ පවසන අයුරින් කොතරම් පොත පත කියෙව්වත් මගේ මතයන් වෙනස් වෙන්නේ නෑ. ඒ මම බුදුන් වහන්සේ දේශනා කළ කාලාම සූත්‍රයට අනුව ඒ කරුණු පිළිපදින බෞද්ධයෙක් නිසා.. සෙනසුරාදා වෙනකන් පොඩ්ඩක් බ්‍රහ්ම ජාල සූත්‍රය එහෙම කියවපන් දීඝ නිකායේ. (ඔය සූත්‍රය් වල නම් දැම්මේ මට සූත්‍ර ඇම්මක් නෑ දන්න බව පෙන්වන්න ඒත් ඔබගේ භාෂාවට පොඩ්ඩක් මමත් අවනත උනා.)

    මගේ උඩ පෝස්ට් ටිකත් කියපන් විශාලා මහනුවර තුන් බිය ගැන කියලා තියෙනවා. ඒතන නෑ අමනුෂ්‍යයෝ එලව එලවා මිනිස්සුන්ව මැරුවාය, හිරි හැර කලාය කියලා කෑල්ලක්. එහෙම එකක් තියෙනම් පෙන්නපන් මට යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ ආටානාටිය විග්‍රහයකින් තැනක් හතු පිපෙන්නම් වගේ ඔබන්නේ නැතිව.සෙනසුරාදා වෙනකන් හිටපන්කෝ පොඩ්ඩක් ‍ෆ්‍රී වෙනවා එදා හවසට සැලකිය යුතු කාලයක් අරන් මේ ගැන කතා කරන්නම් ඔබත් සමග මගේ මිත්‍රයා.

    නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං
    නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
    නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

    ඔය පද තුනේ සරළ තේරුම නම් මචං මට බුදුන් දහම් සඟුන් හැර අන් සරණක් නැත.
    .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16261996 said:
    මචං මෙහෙමයි. සයිබරේ ඇවිත් ලෝකෙ දියුණු වෙලා දැනුම කියන දේ ගමටත් ඇවිත් බුද්ධිය ලෝකේ පුරාටම ගලද්දී තවමත් අර ගල් යුගයේ අදහස් තියන උන් තමයි ලංකාවේ ඉන්නේ. ඉතින් අවුරුදු ගානකින් ඇත්ත තේරුම් ගන්න බැරිවෙච්ච ඔය වගේ උන්ට උඹ මෙතන පොඩ්ඩක් කියල වැඩක් නෑ. උන්ට තමන්ගේ ලිඳ ඇතුලෙන් එලියට එන්න ඔය ඩිංග මදි. ඉතින් හොඳම දේ තමයි වැඩිය කියන්නෙ නැතුව හරි උත්තරේ විතරක් දීල නිකං ඉන්න එක.
    දැන් බලහං මුස්ලිම් දෙවියා නෑ කියල මැරෙන්න හදන උන් වෙන ජාති වල දෙවියෝ ඉන්නවා කියල අනිත් අතට කෑ ගහනවා. අන්තිමේ බලද්දී මුන්ගේ දෙය්ය පලුන් ගහේ.:rofl::rofl:
    කවදාවත් බුද්ධිය අතින් නං ඉහලට යන්නෙ නැති මෝඩ රැලක්. දැන් දැන් මේක එන්න එන්නම වැඩි වෙනවා. දෙය්යෝ අදහන ඒවා, සුව කිරීමේ දේව පූජා, විභාග පාස් වෙන්න බෝධි පූජා, ඔක්කොම ඉස්සරට වඩා වැඩි වෙලා.
    මෙතනින් වෙන්නේ අපේ සමාජය තව ටික කාලෙකින් ඉන්දියාවටත් වඩා පහලට යන එක.

    ඒක ඇත්ත. මෙතන ගොඩක් ඉන්නේ යක්කුන්ට බයේ, පෙරේතයින්ට බයේ සුර ගැට ගහන් දුවන උන් බෙල්ලේ. නැත්නම් පන්සලට පූජා වට්ටි උස්සන් දුවන උන් දෙවියන්ගේ පිහිට පතාගෙන. මම නම් පංසල් යන්නේ හිත පොඩ්ඩක් නිවාගෙන එන්න සතියකට සැරයක් වත්.මෙතන තියෙන්නේ කුසල් අකුසල් පල දීම දෙවියන් හා පටලවා ගැනීමක්. පෙර ආත්ම වල වයිරයෙන් මිය ගිය පුද්ගලයින් ඒ වයිරය හිතේ බැඳන් ආත්ම ගණනාවක් පස්සෙන් එද්දි දුර්වල වීමක් හමුවේ ගන්න ඒ පළි ගැනීම ප්‍රේත දෝශයක්, කොඩිවිනයක් කියලා හිතන ඩයල්ස් ටිකක්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ POST එක බෞද්ධයන්ටම පමණක් මිස අන්යාගමිකයන්ට හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.​

    මචං උඹේ පොස්ට් එකට දිග ප්‍රති චාරයක් දෙන්න ඕනේ. උඹේ භාෂාවෙන්ම ත්‍රිපිටකයෙන්ම අරගෙන. නිකන් මෙහෙම කිව්වම උඹ මට ත්‍රිපිටකයේ තැන් තැන් වලින් කෑලි පෙන්නනවනේ. සමාවෙන්න මිත්‍රයා ඒකට දැන් වෙලාව නෙමෙයි. සතියේ මැද මම කාර්‍යය බහුල කෙනෙක්. මේ සති අන්තයේ මේ පොස්ට් එකට මම අනිවාර්‍යයෙන්ම ප්‍රතිචාරයක් දෙන්නම්. සමහර විට විවාහයට පෙර ලිංගික එක්වීම පවක් නෙමෙයි කියලා බුදු දහමේ සඳහන් වෙන්නේ නෑ කියලා බුද්ධික සහෝදරයා කළ අභියෝගෙ අල්ලලා උගේ භාශාවෙන්ම ත්‍රිපිටකය අලලා මම දාපු ත්‍රෙඩ් එක වගේම ත්‍රෙඩ් එකකින් හමුවෙමු. මොකද සතියේ මැද මට මේ වෙනුවෙන් ඔබ හා දිගින් දිගටම තර්ක කරන්න තරම් කාලය විඩංගු කිරීමට අපහසු නිසා. ඒ පිළිබඳ සමාව අයදිනවා. අනික ඔබ පවසන අයුරින් කොතරම් පොත පත කියෙව්වත් මගේ මතයන් වෙනස් වෙන්නේ නෑ. ඒ මම බුදුන් වහන්සේ දේශනා කළ කාලාම සූත්‍රයට අනුව ඒ කරුණු පිළිපදින බෞද්ධයෙක් නිසා.. සෙනසුරාදා වෙනකන් පොඩ්ඩක් බ්‍රහ්ම ජාල සූත්‍රය එහෙම කියවපන් දීඝ නිකායේ. (ඔය සූත්‍රය් වල නම් දැම්මේ මට සූත්‍ර ඇම්මක් නෑ දන්න බව පෙන්වන්න ඒත් ඔබගේ භාෂාවට පොඩ්ඩක් මමත් අවනත උනා.)

    මගේ උඩ පෝස්ට් ටිකත් කියපන් විශාලා මහනුවර තුන් බිය ගැන කියලා තියෙනවා. ඒතන නෑ අමනුෂ්‍යයෝ එලව එලවා මිනිස්සුන්ව මැරුවාය, හිරි හැර කලාය කියලා කෑල්ලක්. එහෙම එකක් තියෙනම් පෙන්නපන් මට යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ ආටානාටිය විග්‍රහයකින් තැනක් හතු පිපෙන්නම් වගේ ඔබන්නේ නැතිව.සෙනසුරාදා වෙනකන් හිටපන්කෝ පොඩ්ඩක් ‍ෆ්‍රී වෙනවා එදා හවසට සැලකිය යුතු කාලයක් අරන් මේ ගැන කතා කරන්නම් ඔබත් සමග මගේ මිත්‍රයා.

    මම ඒ හැටි දෙයක් කියල නැති බව උඹටම පේනවනෙ.. අපි නිතර භාවිතා කරන පිරිත් වලින් දෙයක් අරන් තමයි කිව්වෙ.. මෛත්‍රී භාවනාව අපි පොඩි කාලෙ ඉඳලනෙ ඉගෙනගෙන තියෙන්නෙ!

    අනික මම තර්ක කරන්න මගෙ කාලය ගත කරන්න කොහෙත්ම කැමති නෑ.. ඊට වඩා මම කැමතී පලතුරු වට්ටියක් කාලා බුදිය ගන්න. මටත් වැඩ තියනවා ඕනෙ තරම්. කොහොමත් උඹට කියන්න තියන හැම දේම මම උඩ post දෙකේ කියලයි තියෙන්නෙ. ඒ නිසා තවත් (බුදු දහමේ බොහො තැන් වල නිතර කියවෙන) ඔය එකම සුලු කරුණ ගැන වාද කරන්න මගේ වටිනා කාලය නාස්ති කරන්න මම කොහෙත්ම ලෑස්ති නෑ. බොහොම කණගාටුයි ඒ ගැන. :no:

    අනික බුදු දහමේ අඩංගු සියලුම කරුණු ඔය කාලාම සූත්‍රයේ සඳහන් වෙනවද? එහෙනම් බුදු රජාණන් වහන්සේ දේශණා කරන්නෙ කාලාම සූත්‍රය විතරයි නෙ බන්! සාරාඅසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන බුද්ධත්වය ලාබාගෙන පහල වෙලා කරන බුද්ධ කාර්ය එක වරුවෙන් ඉවරයි!.

    බුදු රජාණන් වහන්සේ දෙශණා කල සියලුම කරුණු දැන් සඳහන් වෙන්නෙ ත්‍රිපිටකයෙ. බුදු රජාණන් වහන්සේගෙම ධර්මයෙන් කරුණුගෙන පැහැදිලි කිරීම බෞද්ධයෙක් කියන උඹ දකින්නෙ "දන්න බව කියව කියව යන, සූත්‍ර ඇම්මක්" විදිහටනම් උඹට ඔය ගැන කියන්න කාල ගත කරපු එක ගැන මම ඇත්තටම කණගාටු වෙනවා. එහෙව් උඹ මට කියනවා දීඝ නිකායෙ භ්‍රහ්ම ජාල සූත්‍රය කියවන්නලු!:baffled:

    අනික විශාලා මහනුවර අමනුශ්යයො ඇවිල්ල මිනිස්සු මරපු බවක් කව්ද කිවුවෙ? උඹනෙ කියන්නෙ! :lol: මං දන්නෙත් නෑ එහෙම එකක්!:lol: මිනිහෙකුගෙ ආයු කාලය තීර්ණය කරන්නෙ කර්මය. ඉතාම කලාතුරකින් තමා එහෙම නොවෙන්නෙ. බුදු දහමෙ සඳහන් වෙන්නෙ අමනුශ්යයො කරදර කරනවා කියලා මිසක් මරණව කියලා නෙවෙනෙ! උඹමනෙ වලිගෙ පාගගෙන තියෙන්නෙ! :lol:

    අමනුශ්යයො මිනිසුන්ට කරදර කරනවා කියල මම කියන්නෙ බුද්ධ දේශණා ඇසුරෙන්! උඹ එහෙම නෑ කියන්නෙ තනියෙන් හිතලා, මනෝ ගහලා!.. "මේ shenic කියන එකා මොකද්ද මේ කියවන්නෙ? මූ ඇත්තද කියන්නෙ? බොරුද කියන්නෙ? හොයලා බලන්න ඕනෙ!" කියලා හිතන්න තරම් නිහතමානී වෙන්න උඹට බැරි උනා! ඒ වෙනුවට උඹ කරන්න යනවා.. මොකද්ද?.. අමනුශ්යයන් කරදර/උපද්‍රව කරන්නෙ නෑ කියල ඔප්පු කරන්න.. කොහෙන්ද?.. බුදු රජාණන් වහන්සේගෙ ධර්මය ඇසුරෙන්.. දැන් කව්ද කියන්නෙ "අමනුශය උපද්‍රව තියනවා - මෙන්න විසඳුම්" කියලා.. බුදු රජාණන් වහන්සේමයි. දැන් උඹ යනවා බුදු රජණන් වහන්සේගෙම ධර්මය ඇසුරෙන් බුදු රජණන් වහන්සේ විසින්ම දෙශණා කරණ ලද ධර්මය බොරු කරන්න! .. කවදටද? ... සෙනසුරාදා හවසට! :baffled: සෙනසුරාදා හවසට උඹ කාලාම සූත්‍රය,බ්‍රහ්ම ජාල සූත්‍රය සහ වෙනත් සූත්‍ර ඇසුරෙන් බුද්ධ දේශණා ගනනාවකම සඳහන් වෙන "අමනුශයන්ගෙන් මිනිසුන්ට උපද්‍රව ඇත" යන බොහොම සරල මූලික සිද්ධාන්තයක් බොරු කරන්න යන්නෙ! :P හා! කොරහන්කො බලන්න! මාත් ආසයි බලා ගන්න... :lol:

    මට ඕකට reply කරන්න තරම් කාලය වැය කරන්න හිතුනොත් විතරක් මම reply කරන්නම්... කමක් නෑ උඹ ඔප්පු කරහන්කො! උඹ ඕක ඔප්පු කලොත්, මම බුදු සරණ යන එක නවත්වලා, අපිව මෙච්චර බොරුවෙන් රවට්ටපු බුදු රජාණන් වහන්සේව අතහැරලා ඉරිදා උදේ ඉඳලා මම උඹ සරණ යනව!... අම්මපා යනවා.. :lol:

    බොහෝම හොඳයි!.. උඹට ලේසි වෙන්න මම කරුණු ටික ගොණු කරන්නම්..

    1. උඹ ඔප්පු කරන්න ඕනෙ කිසිම අමනුශයෙක් මිනිස්සුන්ට කරදර/උපද්‍රව/බාධාවන් නොකරන බව.(යක්ශයන්, ප්‍රෙතයන්, කුම්භාණ්ඩයන්, නාගයන්, ගාන්ධර්වයන් හා මාරයාත් ඇතුලුව)

    2. උඹ ඔප්පු කරන්න ඕනෙ කිසිම දෙවි කෙනෙක් කිසිම මනුශ්යෙකුට උපකාර නොකල බව. (සතරවරම් දෙවිවරු, වෙනත් දෙවිවරු.. සක්‍ර දෙවින්ද්‍රයාද ඇතුලුව - ඇයි ඉතින් උපද්‍රව නැත්තම් උපකාර කරන්න එයි ඈ.. නේ?)

    උඹ ඔය ටික ත්‍රිපිටකයෙන් උදාහරණ සහිතව ඔප්පු කරන්න ඕනෙ හරිද?

    නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං
    නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
    නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

    ඔය පද තුනේ සරළ තේරුම නම් මචං මට බුදුන් දහම් සඟුන් හැර අන් සරණක් නැත.
    .

    අම්මපා සහතික ඇත්ත... උඹට තෙරුවන් සරණයි.

    "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජීනවචනනදී චිරං වහතුති"

    දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී
    අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිසිල් දිය දහහරින් හෙබි
    උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
    (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්)
    බොහෝ කල් ගලාබස්නා සේක්වා!..

    (සලායතන සංයුක්තය - උද්දාන ගාථා)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එලියෙ ඉන්න අමනුශ්ය කෙසෙ වෙතත් ඇතුලෙ ඉන්න අමනුශ්යටමන් මිනිස්සුන්ට හානියක් කරන්න පුලුවන්, එ අමනුශ්ය කවුරුත් නෙවෙයි තමුන්ගෙ හිතමයි

    ඔන්න දැන් ටික කාලෙකට කලින් එක මනුස්සයෙක් ගියාලු චිත්‍රපටියක් බලන්න තනියම. රාත්‍රී 9.30 ෂෝ එක.ඒකෙ කතාව තියෙන්නේ ප්ලේන් එකක් කඩන් වැටිලා නොමැරී ඉතුරුවෙන එකම එක මනුස්සයා දූපතකට ගසාගෙන යන එක.
    චිත්‍රපටිය බලන වෙලේ මේ පොරට නින්ද ගිහින්. හෝල් එකේ වැඩි සෙනගක් ඉඳලත් නෑ, 9.30 ෂෝ එකනේ.
    ඉතිං නින්දෙදි හීනෙන් පොර දැකලා තියෙනවා තමන් මේ වගේ අනතුරකට ලක්වෙලා, චිත්‍රපටියේ වගේම පාළු දූපතකට ගසාගෙන යනවා.
    ඒ දුපතේ ඉඳලා තියෙනවා වනචාරී ග්‍රෝත්‍රයක්. උන් මේ පොරව අල්ලලා කුදලාගෙන උන්ගේ නායකයා ලඟට ගෙනිහිල්ලා.
    නායකයා නියෝග කළා ලු හිස ගසා දාන්න.
    ඉතිං අර අබා එකේ වගේ ගහලයා කඩුවෙන් මේ පොරගේ බෙල්ල කපන්නයි යන්නේ.
    ඔන්න කඩුව ඉස්සුවා. දැන් වේගයෙන් පහලට එනවා.
    මේ වෙනකොට චිත්‍රපටිය ඉවරවෙලා මිනිස්සු ගිහින්. හෝල් එක වහන්න බලන කොට මැනේජර් දැකල තියෙනවා පොරක් ඉන්නවා නිදාගෙන.

    "මහත්තයා නැගිටින්න, නැගිටින්න, ෂෝ එක ඉවරයි!" කියල කූද්දන්න අත තියෙන කොටම තමයි අපේ පොරගේ හීනේ අර කඩුව බෙල්ලට පාත් වෙලා තියෙන්නේ.

    ක්‍ෂණයකින් හාට් ඇටෑක් (this is a made story as an Exmaple ක්ශනික හිතෙ ඇති වෙන බලපැමකින් මරනයට පත් වෙන්න පුලුවන්)

    එ වගෙම

    තව එකක් කියන්නම් "මිනිස් සිතේ හාස්කම්" කියල පොතක කියවපු එකක් ,

    එක ප්‍රන්ශ ජතික ලෙඩෙක් හිටියලු , ලොකුම ප්‍රශ්නෙ වෙලා තිබුනෙ මිනිහගෙ රොගය නිශ්චය කරන එකලු ,
    දොස්තරවරු මොන ප්‍රතිකාර කරත් වැඩක් උනෙ නැහැලු , එ නිස දොස්තරවරුත් එ මිනිහගෙ ජිවිතෙ ගැන අදහස අත ඇරගත්තලු එ මිනිහ දිනෙන් දින් ශරිර සවුක්ක්යෙන් පිරිහ්ව්මින් මරනය කරා යොමු වෙමින් ඉන්නකොඅට එක දවසක් එ මිනිහ ඉන්න රොහලට විදෙශිය විශෙශන වයිද්යවරු කිහිපදෙනෙක් එනව කියල මිනිහට අහන්න ලැබුනලු ,

    ඉතින් කොහොම හරි මෙ ව්යිද්යවරුන් ඇවිත් මෙ මිනිහ්වත් බලල මිනිහට නොතෙරෙන විදෙශිය බශවකින් යමක් කියල ගියාලු , ඉතින් මිනිහට් එක පාර ෆුල් හැපිලු මෙ මගෙ ලෙඩෙ අදුර ගත්ත තමයි කියල, එත් එ දොස්තර උන්ගෙ භශවෙන් කියල තිබුනෙ මුවනම් බෙරන්න අමරුයි කියලලු , එක නිසා රොහලෙ හිටපු අනිත් වයිද්ය වරුත් මෙ මිනිහට දුන්න අනිත් බෙහෙත් නවත්තල වෙදනා නශක විතරක් දෙන්න පටන් ගත්තලු ,කොහොම හරි වයිඩ්ය ඉතිහසයෙ කත බොරු කරමින් මිනිහ සතියකින් නැගිටල ගෙදර ගිහින්, අර විදෙශිය වයිද්යවරු තමන්ගෙ රොගය හදුනා ගත්තා කියල ඔහුට ඇතිඋන විස්වාසය එ රොගය සුව කරල තිබුනා ,

    ඔය සමහර ක්‍රිස්තියනි මුලදර්මවාදි කල්ලි විස්වාසය මගින් රොග එහෙම සුව කරන්නෙ මෙන්න මෙහෙමයි, හැබැයි මෙ කම්පන ප්‍රතිකාර ක්‍රමය පිලිගත් වයිද්යවරයෙග්ගෙන් මිසක් ජෙසුගෙ සක්ශි කාරයො වගෙ ආගම් ජිල්මට් කරයොන්ගෙන් ගන්න ගියොත් ඉතින් බඩුම තමයි

    දැන් බලයි මෙක කොහොමද අමනුශ්ය බලපැම් වලට අදාල වෙන්නෙ කියල,

    මෙහෙමයි උදහරනයක් හැටියට කලුකුමාර දොශය කියන්නෙ ලන්කව ඉන්දියාව වගෙ පැති වල ගැහැනු ලමයි දකින හොල්මනක් , එහෙම වෙන්නෙ ලින්ගිකත්වය පිලිබද සිතිම පවා වැර්දියි කියල සන්ස්කෘතියෙන් ඇති බැමි නිස ,හිතෙ ඇතිවන ලින්ගික හැගිම් වරදකාරි හැගිමකින් යටපත් කිරිම නිසා ඇතිවෙන මානසික තත්වයක් , තනියෙන් ඉන්නකොට කලු කුමාරය වටෙ ඉන්නව පෙන්නෙ එතකොටයි ,ප්‍රතිකාර ගත්තම එ හොල්මන වටෙ ඉන්න එක නැතිවෙනව ,

    තව හිස්ටිරියා කියන ලෙඩෙටත් ඔයලට හොල්මනක් පෙන්නන පුලුවන් , එක්තරා හන්දියක හොල්මනක් දැක්ක කියල කතාවක් ඔයා කවද හරි අහල තියනව , එ හන්දියෙන් යද්දි හො වෙන හන්දියකින් යද්දි යටි සිතෙ අර මතක සිද්දිය දැන් ඇස් වලින් දකින රුපයන් වලට ටැලි කරන්න හදනව, එකෙ හෙතුවක් විදිහට ඔයාට අමනුශ්ය බලපැමක් ඇතිවෙන්න පුලුවන් . ඔය වගෙ මනසික රොග විදිහට අදුන ගත්ත අමනුශ්ය බලපැම් ගොඩක් එව තියනව

    තමුන්ගෙ හිතයි තමුන්ට ඔය අමනුශ්ය බලපැම් ඇති කරන්නෙ

    එ උනාට අමනුශ්යින් ඉන්නව හො නැහැ කියල තාම හරිහමන් නිගමනයක් නැහ ...හොල්මන් අමනුශ්යින් පිලිබද පරික්ශනද සැහෙන තියනව, එහෙම පරික්ශන කරන තැන්වල හීට් කැමරා වලට අහුවුන හදුනා නොගත් දෙවල්ද මම දැකල තියනව , එත් එහෙම උශ්නත්වය වඩි තරන්ග තැන් තැන් වල තියෙන්න පුලුවන් හේතු ගොඩක් තියනව ,

    රොහල් වලින් පොලිස්සි වලින් වර්තා වෙන විදිහට හදුනා නොගත් හෙතු කියල වර්ගිකරනය කරන්න පුලුවන් මරන තියනවනම් එ අවුරුද්දකට සියට 0.01වගෙ ගානක් ,වැඩියම මිනිස්සු මැරෙන්නෙ වෙන වෙන හෙතු වලට ,එ උනාට සිගරට් බොන්න බය නැති වැරදි ආහාර පුරුදු වලට බය නැති අපෙ උන් රැට එලියට යන්නනම් පන බයයි

    මෙවා රාජ්ය මට්ටමෙදි හො රජකාරි මට්ටමෙන් පිලිගන්නෙ නැහැ
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අංගුලිමාල;16263051 said:
    ඔය කුණුහරුප නෙවෙයි බං:rofl::rofl::rofl: මෙන්න මේ දෙක කියවපන්

    නරකද උඹ ඔය දෙකට කලින් ත්‍රිපිටකය කියෙව්වනම්... :cool: මම උබගෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්... අපි ගෙවල් වල තියාගෙන tv radio පාවිච්චි කරනවා දැන් උබට TV එකක් නැතුව උබට පුළුවන්ද මේ frequency විතරක් ඇස් දෙකෙන් බලන්න... උබ tv එක තියෙන නිසා බලනවා අන්න එ වගේ තමයි උබට උබේ මනස දියුණු නොකර උබට මේ ලෝකෙ නොපෙනෙන ගොඩක් දේවල් බලන්න බෑ... එක අතකට උබ Stephen Hawking ගේ අනුගාමිකයෙක් වෙන එක වරදකුත් නෑ :lol::lol: