තියෙනම් එහෙම එකක් දාපන්.
ඊට සමාන එකක් තියෙනවා, අමනුස්සයෝ මනුස්සයින්ට හිංසා කරපු අවස්ථා තියෙනව.
ආටානාටිය පිරිත
ආටානාටිය සූත්‍රය තුළ සඳහන් වී තිබෙන්නේ යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව යන මේ ලෝකයේ සිවුදිසාවෙහි වාසය කරන අමනුෂ්‍යයන්ගෙන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයන්ට ඇතිවන උවදුරු නැතිකිරීම පිණිසත්, අමනුෂ්‍යයන් ගෙන් වන උවදුරු වලින් ආරක්ෂාවීම පිණිසත්, සිවුවනක් ශ්‍රාවකයන්ට අමනුෂ්‍යයන්ගෙන් හිංසාවක් ඇති නොවනු පිණිස දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ දේශනයක්.
බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩ සිටිද්දී මේ ලෝකයේ සිවු දිසාවන් පාලනය කරන වෛශ්‍රවණ, විරූපාක්ඛ, විරුල්හ, ධෘතරාෂ්ට්‍ර කියන සතරවරම් දෙවි මහරජවරුන් තමන්ගේ අණසක යටතේ පාලනය වන මහත් යක්ෂ සේනාවක්ද, නාග සේනාවක්ද, කුම්භාණ්ඩ සේනාවක්ද, ගාන්ධර්ව සේනාවක් ද පිරිවරාගෙන පැමිණිලා, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනාමාන කරලා එකත්පස්ව වැඩ සිටියා. ඒ අතර වෛශ්‍රවණ, දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා මෙසේ පවසනවා.
“බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු බලසම්පන්න යක්ෂයින් ඉන්නවා. අපැහැදුනු බලසම්පන්න යක්ක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු මාධ්‍යානුභාව යක්ෂයිනුත් ඉන්නවා. අපැහැදුනු යක්ෂයිනුත් ඉන්නවා. පැහැදුනු නීච යක්ෂයිනුත් ඉන්නවා ස්වාමීනී! බොහෝ යක්ෂයන් බුදුරජාණන් වහන්සේ ගැන අපැහැදීමෙන් සිටින්නේ, එයට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් සොරකමෙන් වැරැදි කාම සේවනයෙන් බොරුවෙන්, මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් වැලකීම සඳහා ධර්ම දේශනා කරනවා. නමුත් බොහෝ යක්ෂයින් දුශ්ශීලයි. පංච දුශ්චරිතයේම යෙදෙනවා. ඒ නිසා දුශ්ශීල යක්ෂයින් බුදුරජාණන් වහන්සේ ගැනත් ශ්රාවකයින් ගැනත් වෛර සිතින් කටයුතු කරනවා. ස්වාමීනී යම්කිසි යක්ෂයෙක් ගෙන් ධර්ම මාර්ගය අනුගමනය කරන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයින්ටම හිංසාවක් පීඩාවක් සිදුවුණොත් එවැනි අමනුෂ්‍ය උවදුරු වලින් ආරක්ෂා වීම පිණිස මේ ආටානාටිය නම් ආරක්ෂිත දේශනාව සිහි කරන්න” කියලා වෛශ්‍රවණ බුදුරජාණන් වහන්සේගෙන් ආටානාටිය සඳහා අවසර ඉල්ලුවා.
http://dahamsabava.wordpress.com/2011/11/08/දහම්-මඟ-හැසිරෙන-සිවුවනක්/
දැන් මොනවද මේ සිව්වනක් පිරිසට ඇතිවන අමනුස්සයන්ගේ උවදුරු? මොනවද මේ සිව්වනක් පිරිසට අමනුස්සයින්ගෙන් ඇතිවන හිංසා?? අනික සිව්වනක් පිරිස කිව්වම ලේසිද?

Last edited:

ඔකුං අපේ ගෙදරටත් එනවා බං මම ගත්ත ෆොටෝ එකකත් ඕකම තිබ්බ.
ලප ලප ලොල් ....
උඹ කියන එක කරුණක් පිලි ගන්න පුලුවන්.. ඒ තමයි ඔය කෙහෙල් ගෙඩියක්, පැපොලක් ගිලින්න එන දෙවියෙක් නැති බව..




මම උබගෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්... අපි ගෙවල් වල තියාගෙන tv radio පාවිච්චි කරනවා දැන් උබට TV එකක් නැතුව උබට පුළුවන්ද මේ frequency විතරක් ඇස් දෙකෙන් බලන්න... උබ tv එක තියෙන නිසා බලනවා අන්න එ වගේ තමයි උබට උබේ මනස දියුණු නොකර උබට මේ ලෝකෙ නොපෙනෙන ගොඩක් දේවල් බලන්න බෑ... එක අතකට උබ Stephen Hawking ගේ අනුගාමිකයෙක් වෙන එක වරදකුත් නෑ