ධර්ම කර්මාධිපති රාජ යෝගය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    සෑම මූලික ජ්‍යොතිෂ ග්‍රන්ථයකම පාහේ රාජ යෝග ගැන සාකච්ඡා කිරීමේදී මුලින්ම සඳහන් වන්නේ මෙම යෝගයයි. ධර්ම කර්මාධිපති රාජ යෝගය යනුවෙන් අප හඳුන් වන්නේ ධර්මස්ථානය හෙවත් 9වැන්නත් කර්මස්ථානය හෙවත් 10 වැන්නත් අධිපති ග්‍රහයන් දෙදෙනා සංයෝග වීමයි. මෙම යෝගය බලවත් ලෙස යෙදෙන්නේ ලග්න කීපයකට පමනි. මේ යෝගය ඇහ්තවුන් ජීවිත්යේ ඉතාමත් සාර්ථක හා ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් වන බව සඳහන්ය. මේ යෝගය ඇති අයට උදාහරනයක් ලෙස ඉන්දියාවේ සුපිරි තරුවක් වන අමිතාබ් බච්චන් පෙන්වා දිය හැක. මේ යෝගය සමහර ලග්න වලට බලවත්වත් සමහර ලග්න වලට බල අඩුවත් යෙදේ. ඒ පිලිබ්ඳව අප දැන් සොයා බලමු

    Capture149.jpg

    මේෂ ලග්නය
    මෙහි 09 වැන්න ධනුවයි මෙහි අධිපති ගුරුය. 10 වැන්න මකරයයි. මෙහි අධිපති ශනිය. නමුත් ශනි ග්‍රහයාටම දුෂ්ටස්ථානයක් වන 11 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලය ඉතාමත් අඩුය (යෝගයක් නැති තරමටම අඩුය).

    වෘෂභ ලග්නය
    මෙහි 09 වැන්න මකරයයි. 10 වැන්න කුම්භයයි මේ දෙකේම අධිපති ශනිය. ඒ නිසා වෘෂභ ලග්න හිමියන්ට සියලු සැප දෙන යෝග කාරකයා සෙනසුරාමය. සෙනසුරා බලවත් තැනක සිටියොත් සියලූම ලෞකික සැප සම්පත් ලබා දෙයි.

    මිථුන ලග්නය
    මෙහි 09 වැන්න වන කුම්භය අයිති ශනිටය. 10වැන්න වන මීන රාෂිය අයිති ගුරුටය. නමුත් ශනි ග්‍රහයාටම මාරකස්ථානය වන 08 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගයට කිසිදු බලයක් නැත.

    කටක ලග්නය
    මෙහි 09 වැන්න වන මීන රාශිය අයිති ගුරුටය. 10වැන්න වන මේෂ රාෂිය අයිති කුජටය. නමුත් ගුරු ග්‍රහයාටම රෝගස්ථානය වන 06 වැන්නද අයිති වේ. ඒ නිසා මෙම ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය බලයෙනනඩුය. නමුත් 05 වැන්න වන වෘෂ්චිකය හා 10 වැන්න යන දෙකම අයිති බැවින් කටක ලග්න හිමියන්ට සියලු සැප දෙන යෝග කාරකයා කුජ හෙවත් අඟහරුය.

    සිංහ ලග්නය
    මේ ලග්නයෙන් 09වැන්න කුජට අයිති මේෂ රාශියයි. 10 වැන්න සිකුරුට හිමි වෘෂභයයි. මෙහි උපචය ස්ථානයක්(3,6,10,11) වන 03 වැන්නද සිකුරුට හිමි වීම නිසා ශුභ ග්‍රහයෙක් කෙන්ද්‍රස්ථානයක් හා උපචය ස්ථානයක් හිමි වීමේ දෝශය යෙදෙන බැවින් මේෂ හා මිථුන ලග්න වල තරමට නැතත් ධර්ම කර්මාධිපති යෝගයේ නියම පල අඩු වී ඇත. ඒ නමුත් 04 වැන්න හා 09 වැන්න අධිපති වීම නිසා කුජ සියලු සැප දෙන යෝග කාරකයා වේ.

    කන්‍යා ලග්නය
    මෙහි 09 වැන්න සිකුරුට හිමි වෘෂභයයි. 10 වැන්න බුධ හිමි මිථුනයයි. මෙම අවස්ථාවේදි මෙම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය ධර්ම කැමාදිපති රාජ යෝගයයි.

    තුලා ලග්නය.
    මෙහි 09 වැන්න බුධ හිමි මිථුනයයි. 10 වැන්න සඳුට හිමි කටකයයි. මෙම අවස්ථාවේදි මෙම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය ධර්ම කැමාදිපති රාජ යෝගයයි. 12 වැන්න වන වැයස්ථානය බුධටම හිමිවුවත් 09 වැන්න හිමි වීමේ බලය නිසා එම දෝෂය බංග වේ.

    වෘෂ්චික ලග්නය.
    වෘෂ්චික ලග්නයේ 09 වැන්න කටකයයි එය අයිති සඳුටයි 10 වැන්න සිංහයයි රවි එයට අධිපති කම් කරයි. වෘෂ්චික ලග්න හිමියාගේ හඳහනේ රවි සඳු දෙදෙනා එකම රාෂියක සිටීනම් යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය ඉතා බලවත්ය.

    ධනු ලග්නය
    මෙහි 09 වැන්න සිංහයයි රවි එයට අධිපති කම් කරයි. 10 වැනන බුධ හිමි කන්‍යා රාශියයි. මේ නිසා ධනු ලග්න හිමියන්ටද රවි බුධ සංයෝගය යෙදුනොත් ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදේ..

    මකර ලග්නය
    මෙම ලග්නයේ 09 වැන්න බුධ හිමි කන්‍යා රාශියයි. 10 වැන්න සිකුරු හිමි තුලා රාශියයි. මෙම ලග්නයේ රෝගස්ථානය වන 06 වැන්නද බුධ ග්‍රහයාටම අයිති වීම නිසා මකර ලග්න හිමිටන්ගේ ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලය අඩු වී ඇත. නමුත් 10 වැන්න අයත් සිකුරුටම 05 වැන්න වබ වෘෂභයද අයිති වීම නිසා සිකුරු ග්‍රහයා මකර ලග්න හිමියන්ට සියලු යස ලබා දෙන යෝග කාරකයාය.

    කුම්භ ලග්නය
    කුම්භ ලග්න හිමියන් ට ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදෙන්නේ කුජ හා සිකුරු සංයෝග වීමෙනුයි. ඒ 09 වැන්න වන තුලා රාෂිය සිකුරුට අයත් වීමත් 10 වැන්න වන වෘෂ්චිකය කුජට අයිති වීමත් නිසාය.

    මීන ලග්නය
    09 වැන්න වන වෘෂ්චිකය කුජට හිමි වීමත් 10 වැන්න වන ධනු රාශිය ගුරුට හිමි වීමත් නිසා කුජ ගුරු සංයෝගය මීන ලග්න හිමියන්ට ධර්ම කර්මාධිපති රාජ යෝගය උදා කරයි.


    http://tharaka-eli.blogspot.com/2014/02/blog-post_18.html
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාලවී යෝගයත් දාමුද මේ වගේ නැකත් ලොක්කා ???
    000203F2.gif

    අහ් සහෝ ඒක කලින් ත්‍රෙඩ් එකක දැම්ම... මගේ බ්ලොග් එකෙත් තියනවා මෙතනින් ගිහින් බලන්න

    http://tharaka-eli.blogspot.com/2014/02/blog-post.html
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16294221 said:
    අහ් සහෝ ඒක කලින් ත්‍රෙඩ් එකක දැම්ම... මගේ බ්ලොග් එකෙත් තියනවා මෙතනින් ගිහින් බලන්න

    http://tharaka-eli.blogspot.com/2014/02/blog-post.html

    උඹ නම් එලම නැකත් රාලෙක් බන් :):):) රෙප් දෙන්න බෑලු බන් :sorry::sorry::sorry:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ela machan
    dannawanam
    guru mangala yogaya,shani mangala yogaya,chandra mangala yogaya
    budha adithya yogaya kiyanawada

    e ekkama podi deyak kisiyam grayek uchchai,ex budha uchchai kiyamu eth inne ravi ekka combust wela etakota budhage dasha kalayedi combust una nisa lebenna one siyaluma suba pala lebenne ne neda,ehema unot eka ravigen lebenawada,

    22 dekarnadhi pathi kendare uchcha grahayek unot e suba narakatada lebenne
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16294285 said:
    සහෝ කොහොමද විභාගේ.. අහන්න දෙයක් නෑ ඒක ගොඩ නේ..
    අහ් ඔයා මේෂ ද?
    ආයෙත් අහලා
    ලියද්දි වෙලාව වැඩිත් උනා කියහල්ලකෝ :P

    ඔව් අයියේ මේෂනේ....
    එකයි කිව්වෙ පුදපු ගමන් හබක් කියල :lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ela machan
    dannawanam
    guru mangala yogaya,shani mangala yogaya,chandra mangala yogaya
    budha adithya yogaya kiyanawada

    e ekkama podi deyak kisiyam grayek uchchai,ex budha uchchai kiyamu eth inne ravi ekka combust wela etakota budhage dasha kalayedi combust una nisa lebenna one siyaluma suba pala lebenne ne neda,ehema unot eka ravigen lebenawada,

    22 dekarnadhi pathi kendare uchcha grahayek unot e suba narakatada lebenne

    මංගල යෝහ මම දාන්නම් සහෝ...

    combust එහෙමත් නැත්තන් අස්ත වීම නිසා උච්ච ග්‍රහයෙක් වුනත් සුභ පල දීම අඩු වෙනවා.. හරියටම කිව්වොත් උච්ච ග්‍රහයා මිත්‍ර හෝ ස්වක්ෂෙත්‍ර ( අවස්ථාව අනුව තෝරාගත යුතුයි) තත්වයක් තමයි පෙන්නන්නේ.

    22 දේර්කානාදිපතියා වූ පමනින්ම නරක්වෙන්නෙ නෑ. තමාගේ දසා කාලයේදී පමනයි නරක පල දෙන්නේ. 22 දේර්කානාධිපතියා මරනය සම්බන්දව බොහෝදුරට වග කියනවා. එයා උච්චනම් දරුනු මරනයක් නැබෙන්නේ නෑ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආයෙත් අහලා
    ලියද්දි වෙලාව වැඩිත් උනා කියහල්ලකෝ :P

    ඔව් අයියේ මේෂනේ....
    එකයි කිව්වෙ පුදපු ගමන් හබක් කියල :lol:

    ඒක හොඳයි.. ගනන් ගන්න එපා මේ යෝගෙ නැති වුනාට ඔයාගෙ ග්‍රහ පිහිටීම් හොඳයිනේ :)
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    නැකැත් රාල;16294358 said:
    මංගල යෝහ මම දාන්නම් සහෝ...

    combust එහෙමත් නැත්තන් අස්ත වීම නිසා උච්ච ග්‍රහයෙක් වුනත් සුභ පල දීම අඩු වෙනවා.. හරියටම කිව්වොත් උච්ච ග්‍රහයා මිත්‍ර හෝ ස්වක්ෂෙත්‍ර ( අවස්ථාව අනුව තෝරාගත යුතුයි) තත්වයක් තමයි පෙන්නන්නේ.

    22 දේර්කානාදිපතියා වූ පමනින්ම නරක්වෙන්නෙ නෑ. තමාගේ දසා කාලයේදී පමනයි නරක පල දෙන්නේ. 22 දේර්කානාධිපතියා මරනය සම්බන්දව බොහෝදුරට වග කියනවා. එයා උච්චනම් දරුනු මරනයක් නැබෙන්නේ නෑ.

    sthuthi raale pasuwa wistaratmakawa danna mangala yoga

    combust unama etakota uchcha grahayage kaaledi pala adui eth eka ravige dashawedi ara grahayagen ura gaththa tika lebenawada witarak kiyanna
    kawdo ehema kiwwa ekai seken ahuwe
    tnx