අදින් පසු ජෝතිෂ්‍ය ගැන විශ්වාස නොකරමි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අදින් පසු ජෝතිෂ්‍ය ගැන විශ්වාස නොකරමි

    මම අදින් පස්සේ නම් ඔය ජෝතිෂ්‍ය කියන එක ගැන පොඩ්ඩක් වත් විශ්වාස කරන්නේ නෑ බන්. පහුගිය කාලේ එක එක්කෙනා කියන කතා නිසා මගේ පොඩි විශ්වාසයක් තිබ්බා ඒවයෙත් අත්තක් නැත්තේ නෑ කියලා. එත් මේ අතුරුදහන් වෙච්ච ගුවන් යානයේ සීන් එකත් එක්ක මම තේරුම් ගත්තා බන් මේ ලෝකේ ජෞතිෂ්‍ය කියලා තියෙන්නේ තනිකරම බොරුවක් කියන එක. ඒ වගේම ඔය සාස්තර කියන එවුන්, අංජනම් බලන එවුන් ඔක්කොම බොරු කාරයෝ බන්...
     
    • Like
    Reactions: ccmh

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    ලංකාවේ ප්ලේන් එකක් නෙවෙයි නිසා සාස්තරේට අහුවෙන් නෑලු...:rolleyes::rofl::dull:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේ ලෝකේ තියෙන හැමදේටම විද්‍යාවෙන් උත්තර හොයන ජාතියේ කොල්ලෙක්ද මචෝ උඹත් ???? :rolleyes::rolleyes::rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ලෝකේ තියෙන හැමදේටම විද්‍යාවෙන් උත්තර හොයන ජාතියේ කොල්ලෙක්ද මචෝ උඹත් ???? :rolleyes::rolleyes::rolleyes:

    මම පිරිසිදු බුද්ධ දේශනාව පිලිගන්නවා මචන්. මම කියන්නේ මේ ජෝතිෂ්‍ය, අංජනම් බැලීම, සාස්තර කියන එක වගේ දේවල් ගැන පොඩ්ඩක්වත් ආයෙත් විශ්වාස කරන්නේ නෑ කියලා...
     
    • Like
    Reactions: janakaparakkuwa

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම අදින් පස්සේ නම් ඔය ජෝතිෂ්‍ය කියන එක ගැන පොඩ්ඩක් වත් විශ්වාස කරන්නේ නෑ බන්. පහුගිය කාලේ එක එක්කෙනා කියන කතා නිසා මගේ පොඩි විශ්වාසයක් තිබ්බා ඒවයෙත් අත්තක් නැත්තේ නෑ කියලා. එත් මේ අතුරුදහන් වෙච්ච ගුවන් යානයේ සීන් එකත් එක්ක මම තේරුම් ගත්තා බන් මේ ලෝකේ ජෞතිෂ්‍ය කියලා තියෙන්නේ තනිකරම බොරුවක් කියන එක. ඒ වගේම ඔය සාස්තර කියන එවුන්, අංජනම් බලන එවුන් ඔක්කොම බොරු කාරයෝ බන්...

    :P ubata danda terune
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම පිරිසිදු බුද්ධ දේශනාව පිලිගන්නවා මචන්. මම කියන්නේ මේ ජෝතිෂ්‍ය, අංජනම් බැලීම, සාස්තර කියන එක වගේ දේවල් ගැන පොඩ්ඩක්වත් ආයෙත් විශ්වාස කරන්නේ නෑ කියලා...

    එතකොට සහෝ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගොඩක් සූත්‍ර එහෙම පටන් ගන්නේ බුදුහාමුදුරුවෝ වැඩ සිටපු තැනට ආපු දෙවියෝ ගැන කියල..උඹ දෙවියෝ පිළිගන්නවද ??? :):):)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    avatar482203_13.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බන් ඔය පවුසිය හරියටම කියල තියෙන්නෙ ... උඹ අවිස්වාසයක් ඇති කරගන්නෙපා :P

    M = Malaysian
    H = Hijack

    Malaysian Hijack


    M = Month = March
    H = 8 th letter of the English alphabet

    so it's want to b

    8 th of March



    picture.php


    Kuala Lumpur, Coordinates
    3.1357° N, 101.6880° E
    00:41 24 hrs


    මේක හතුරන්ගේ වැඩක්.ඔය තියෙන්නේ ප්ලේන් එක පිටත් වෙච්ච වෙලාවේ මැලේෂියා ක්වාලම්පූර් එයා පෝට් එකේදි තත්කාලය.


    සතුරු ස්ථානාදිපති සහ තත්කාලාදිපති 12 වැන්නේ ඉන්නව ශනි රාහු එක්ක්ක.ගුලිකය ලග්නේ.තව කතන්දර ගොඩයි.:angry:දැන් ඕක මම දැම්මේ උඹ අහපු හින්ද හරිද.පැනල දුන්න නෙමේ
    :angry::rofl:

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    පුළුල් දැනුමක් නොමැති බැවින් අදහස් දීමෙන් වැලකි සිටිමි

    වැරදි අදහසක්. නැකත් ගැන ඉගන ගන්න උවමන නැහැ එක ගැන අවබෝද කරගන්න. බුදුදහමේ හරයන් ටික තේරුම් ගත්තහම් ඇති සරු දේ නිසරු දේ වෙන් කර ගන්න.

    උදාහරණයක් විදියට අපි හින්දු අගම පිළිගන්නේ නැහැ බවුද්දයෝ විදියට. එත් අපි හින්දු අගම ගැන ගැබුරෙන් ඉගන ගන්න ඕන නැහැ එකට.
     
    Jul 11, 2011
    20
    5
    3
    Sri Lanka
    ජෝතිශ්‍යයේ මායාව සහ සැබෑව

    ජෝතිශ්‍යයේ මායාව සහ සැබෑව

    වසරක් ගෙවී තවත් වසරක උදාවත් සමගම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්නා මාතෘකාවක් වන්නේ අවුරුදු ඵලාපලයි. පුවත්පත්, සඟරා මෙන්ම ගුවන්විදුලිය, රූපවාහිනිය වැනි විදු්‍යත් මාධ්‍යන්ගේද වැඩි ඉඩක් වෙනදාටත් වඩා මේසඳහා වෙන් කෙරෙනු දැකගත හැකිය. පවත්නා තත්වයන් යටතේ තම ජීවන තත්වය කෙසේ හෝ ඉහළ නංවාගැනීමේ දැවැන්ත අරගලයක පැටලීමට සියලූදෙනාටම සිදුව ඇත. කෙදිනකවත් ජයගත නොහැකි මෙම අරගලයෙන් වෙහෙසට පත්වන්නන්ගේ තාවකාලික මානසික විවේකාගාරයක් ලෙස මෙම විෂය සැලකිය හැකිය. මේ මොහොතේ අහිමි සතුට හෙට හෝ ලැබේදෝ යන කුතුහලය සංසිඳවා ගැනීමටත්, අනාරක්ෂිත බවෙහි භීතිය තුරන්කරගැනීමටත් සියලූම දෙනාහටම මෙවැනි දෑ තවදුරටත් කරපින්නාගෙන යාමට බලකෙරේ. මීට අමතරව ආගමික සහ සංස්කෘතිය පරිසරයන් සමඟ තදින් බද්ධව පැවතීමත්, සෘජු රාජ්‍ය අනුග‍්‍රහය නොඅඩුව ලැබීමත් වැනි සාධක මගින් මෙහි පැවැත්මේ පදනම තවදුරටත් ශක්තිමත්වී තිබේ.

    වත්මන් සමාජය තුල ජෝතිෂ්‍යයේ පැවැත්ම තහවුරුකරන න්‍යායාත්මක කරුණු කාරණා එසේ වුවද, තනි තනි පුද්ගලයින්ට සාපේක්ෂව දැඩි ආත්මීය සබඳතාවයක් ජෝතිෂ්‍ය සමග ගොඩනැගී පවතී. එසේවන්නේ මෙම විෂය ප‍්‍රායෝගික භාවිතයන් තුළ සැබෑවක් සේ අත්දකින්නට ලැබීමයි. එනම් ඇතැම් අවස්ථාවලදී ජෝතිෂ්‍යට අනුව ඉදිරිපත්කරනුලබන ලග්න-පලාපල යනාදිය සත්‍යවනසේ අපට දක්නට ලැබීමයි. මෙම ලිපියෙහි මූලික අරමුණ එම මායාව නිර්මාණය කරනු ලබන පුද්ගල මානසික ක‍්‍රියාකාරීත්වය හෙළිදරවු කිරීම මිස නූතන විද්‍යාත්මක දැනුම් පද්ධතිය යොදාගනිමින් මෙහි පවතින පරස්පරතා සාකච්ඡා කිරීමට නොවේ. කෙසේවුවද ඊට මත්තෙන් ජෝතිෂයේ බිහිවීම හා එහි ව්‍යාප්තියට අදාලවන අයිතිහාසික පසුබිම පිලිබඳව සරළ අදහසක් ලබාගැනීම වැදගත්වේ.

    ග‍්‍රහවස්තූන්ගේ හැසිරීම් රටාවන් තම දෛනික කටයුතු සඳහා යොදාගැනීම ඉතා අතීතයේ සිටම භාවිතා කර තිබෙනබවට සාක්ෂි පවතී. අදින් වසර 6000 ට පමණ පෙර මුල්කාලීන දියුණු ශිෂ්ඨාචාරයක් වූ මෙසපොටේමියානු (Mesopotamia) ශිෂ්ඨාචාරය (වත්මන් ඉරාකය) දක්වා මෙහි ඉතිහාසය දිවයයි. එකල එය කෘෂිකාර්මික සමාජයක් වූ අතර, වගාවන් ආරම්භ කලයුතු කාලය, වැසි ලැබෙන කාල පිලිබඳව ඔවුන්හට අදහසක් ලබාගැනීම සඳහා චන්ද්‍රයාගේ වෙනස්වීම පදනම් කරගත් මාස 12 න් යුත් චන්ද්‍ර මාස ක‍්‍රමයක් යොදාගෙන ඇත. එය පදනම් කරගනිමින් බිහිවූ දින 354 කින් යුත් වර්ෂ ක‍්‍රමය කාලයත් සමග දෝෂ පැනනැඟීම හේතුවෙන් රාත‍්‍රී අහසේ තරු රාශීන්ගේ දිස්වීම පදනම් කරගනිමින් දින 365 න් යුත් නූතන දින දර්ශනය සාදාගැනීමට ඔවුනට සිදුවිය. මීට අමතරව ඔවුන් රාත‍්‍රී අහසේ දිස්වන තරු රාශීන් 12 ක් හඳුනාගෙන නම්කොට තිබූ අතර වර්තමානයේදී ජෝතිෂ්‍ය විද්‍යාවට පදනම වැටෙන්නේද මෙම තරු රාශීන්වේ. එමෙන්ම පළමුවරට තාරකාවල හැසිරීම විධිමත් ලෙස අධ්‍යයනයකරතිබූ බවට නිශ්චිත සාක්ෂි හමුවන්නේද මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයෙනි.

    ඉන් වසර දහස් ගනනකට පසු, බැබිලෝනියානු යුගයේදී (මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයේ අග භාගය - ක‍්‍රි.පූ. 1600 පමණදී) බහු දේවවාදී ආගමික සංකල්පවල බලපෑම් හේතුවෙන් මෙම තාරකා රාශිවලට විවිධවූ දෙවිවරුන්ගේ නම්/ දේව සංකල්ප ආදේශකරන ලදී. මෙසේ ආදේශ කරනලද දේව සංකල්ප සියල්ලක්ම පාහේ අමෘත්තන දෙවිවරුන් වූහ. එනම් වැස්ස, සුලඟ, අකුණුසැර වැනි ස්වභාවික ක‍්‍රියාවලීන් නියෝජනය කෙරෙන මුල්කාලීන දෙවිවරුන්ට වඩා, ආදරය, කරුණාව, කෝපය, වාසනාව, දුක, සතුට වැනි සංකල්පවලට අධිපති දෙවිවරුන් හට මූලිකත්වයක් හිමිව තිබින.

    ක‍්‍රි.පූ. 300 දී පමණ ග‍්‍රීක ශිෂ්ඨාචාරයෙහිදී තාරකා මණ්ඩල මිනිස් ක‍්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකරන්නේ යැයි සූත‍්‍රගතකර නූතන ජෝතිෂ්‍ය බිහිකරන විට පුරාණ බැබිලෝනියානු දේව සංකල්ප සහ මිත්‍යාවන් ඊට අදාල පදනම සපයමින් දැඩි බලපෑමක් ඇතිකරණ ලදී. මේ අනුව, අඟහරු, යුද්ධයට අධිපති දෙවියන් ලෙස නම් කරමින් එමගින් මරණය-රුධිරය-භීතිය හඟවන බවත්, සිකුරු ග‍්‍රහයා ආදරයට අධිපති දෙවියන් ලෙස දක්වමින්, සතුට-වාසනාව-ධනය-සෞභාග්‍ය ඇතිකිරීම වශයෙන් විවිධ ආදේශකිරීම් සිදුකරන ලදී. මීට අමතරව ග‍්‍රිකයින් විසින් කිසියම් තාරකා රටාවකට අදාලවන සංකල්පයේ ගුණාංග සෘජුවම අදාල පුද්ගලයාට බලපාන්නේය යන පදනම් විරහිත කරුණුද එක්කරන ලදී. උදාහරණයක් ලෙස, වෘෂභ තරු රාශියට අදාලවන පුද්ගලයා ගවයකු මෙන් ‘‘මෝඩ, ඇට්ටර’’ වැනි ගුණාංග සතුවන බවද විශ්වාස කරනලදී.
    සමස්තයක් ලෙස සැලකීමේදී, ජෝතිෂ්‍යය පහත ආකාරයේ බලපෑම්වල ප‍්‍රතිඵලයන්වේ.

    1. විද්‍යාව - තරු රටා සහ ඒවායේ හැසිරීම් නිරීක්ෂණය කර එය පාරිසරික වෙනස්වීම්වල රටාවන් සමඟ සසඳමින් තොරතුරු ලබාගැනීම.

    2. සංස්කෘතිය - ග‍්‍රීක සහ රෝම දේව සංකල්ප යොදාගනිමින් තාරකා සහ තරු රටාවන් නාමකරණය කිරීම.

    3. මිත්‍යාව - තරු රටාව නියෝජනය වන සංකේතයේ නමට අදාල සංකල්පයනහි ගුණාංග මිනිසුන්ට බලපෑම් ඇතිකරන බව ඉතාමත් පදනම් විරහිත ආකාරයෙන් ඉදිරිපත් කිරීම.

    මේ වනවිට ජෝතිෂ්‍යයේ පදනම සහ හරය පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගත හැක. එනම් මිනිසුන් විසින් ස්වභාව ධර්මයේ අභියෝග ජයගැනීම සඳහා එය තුලින්ම අත්දැකීමෙන් එකතුකර ගන්නා ලද දැනුම මතට, ආගමික සංකල්ප හරහා මුසුවී පවත්නා, නොදැනුමේ අවකාශය හෙවත් මිත්‍යාවේ බලපෑමත් සමග සිදුවූ විකෘත්තියක් ලෙස මෙය හැඳින්විය හැක.

    මේවා සෑම විටම මෙතෙක් අවබෝධ කරගනු ලැබූ දැනුමේ සීමාවෙන් එපිටටවී පැවතීමට සිදුවේ. එසේ සිටින අතර ඇතැම් අවස්ථාවලදී, එය නූතන විද්‍යාත්මක දැනුම්පද්ධති හා මුසුව ව්‍යාජ අනන්‍යතාවයන් ගොඩනගාගනිමින් තම පැවැත්ම තහවුරු කරගැනීමේ අසාර්ථක උත්සාහයක ද යෙදෙයි. මෙවැනි කාරණා බොහොමයක් ඇතත්, ඒවා වියුක්ත ලෙස ගෙන තර්ක කිරීම නිෂ්පල කාර්යකි. ආසියාතික සමාජය තුල ජෝතිෂ්‍යයේ මුල්බැසගැනීම තරමක් වෙනස්ය. එනම් මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ සියලූම දෛනික කටයුතු සමග ඉතා තදින් බැඳී පවතී. එවන් තත්වයක් යටතේ දැඩි ආත්මීය ස්වරූපයකින් ග‍්‍රහ්‍යය කරගෙන පවත්නාවූ මෙවන් සංකල්පයන්හි පවත්නා මිත්‍යාව ගලවා දැමීමට ඉහත ආකාරයේ තර්ක පමනක් ප‍්‍රමාණවත් නොවේ. එනම් පුද්ගල මානසික ක‍්‍රියාකාරීත්වය හරහා මිත්‍යාවේ මුල්බැසගැනීම නිවැරදිව හෙළිදරව් කරගත යුතුය.

    කේන්දරය ගැන ඔබේ අදහස කුමක්ද, ඔබ ජෝතිෂ්‍ය විශ්වාස කරන්නෙද යැයි ඇසුවහොත් බොහොවිට අපට ලැබෙන පිළිතුර වන්නේ ‘‘ඔවු’’ යන්නයි. හේතුව ලෙස ඔහු දක්වන්නේ එය සැබෑවක් බවත්, තමා අත්දැකීමෙන් එය වටහාගෙන ඇති බවත්ය. මෙසේ වන්නේ ඇයි? සැබවින්ම එය නිවැරදිද? එසේ නැතිනම් සිතෙහි හටගන්නා මායාවක්ද? මෙහි නොදුටු පැත්ත පහත ආකාරයට දැක්විය හැක.

    අප දෛනිකව සිදුකරනු ලබන කාර්යයන් අපගේ මතකයේ තැන්පත්වේ (Memory). එමෙන්ම එය නැවත මතකයට නැංවීමද සිදුකල හැකිය (Recalling). මෙම මතකයන් මූලික වශයෙන් නිශ්චිත මතකය (Explicit emory) සහ අවිනිශ්චිත මතකය (Implicit memory) වශයෙන් මූලික ආකාර දෙකකි. මෙහි නිශ්චිත මතකය යනු අප විසින් දැනුවත්වම/ අවබෝධයෙන් දත්ත මතකයේ තබා- ගැනීමයි. උදා - කිසියම් සිදුවිමක්, භාෂාවක්, නීති පද්ධතීන් පිළිබඳව පවත්නා මතකය. මෙහි අවිනිශ්චිත මතකය යනු, අප නොදැනුවත්වම ප‍්‍රතීකයන් (Reflexus) වශයෙන් අප තුලළ තැම්පත් වනුලබන මතකයයි. උදා - පුරුදු සහ හැකියාවන්. එමෙන්ම මේ සියල්ලක්ම කෙටිකාලීන මතකය (Short term memory) හෝ දිගුකාලීන මතකය (Long term memory) වශයෙන් පැවතිය හැකිය. මේවායේ පවත්නා විශේෂත්වය වන්නේ, නිතර නිතර භාවිතය හෙවත් පුනරාවර්ජනය (Recalling) කිරීම කිරීම තුළින් කෙටිකාලීන මතකය දිගුකාලීන මතකය බවටත්, නිශ්චිත මතකය අවිනිශ්චිත මතකය බවටත් පරිවර්ථනය වේ. දැන් මෙය සිත තුල ක‍්‍රියාත්මකවී මායාව නිර්මාණය කරන ආකාරය සලකා බලමු.

    උදාහරණයක් ලෙස වසරේ ලග්න ඵලාපල විස්තරය සලකමු. සාමාන්‍යයෙන් මෙය නියමිත වසර අවසන් වීමට ප‍්‍රථමයෙන් කියවන්නන් අතට පත්වේ. යමකු එය කියවූ පසු එහි පවත්නා විශේෂිත අවස්ථා සියල්ලක්ම මතකයන් වශයෙන් මොළයේ අදාල ප‍්‍රදේශයන්හි ගබඩාවේ. මෙය සවික්‍දාණිකවම සිදුවන්නක් නිසා නිශ්චිත මතකය කාණ්ඩයට අයත්වේ. වසර ගෙවීයත්ම දෛනික ජීවිතය තුල සිදුවන්නාවූ සියලූම ක‍්‍රියාවන් අතරින් ලග්න-පලාපල වලට අනුව සිදුවීමට නියමිතවූ සිදුවීම් පිළිබඳව එම පුද්ගලයාට විශේෂ අවධානයක් යොමුවීම සිතේ හැසිරීමෙහි සාමාන්‍ය ස්වභාවයයි. එබැවින් මුල් අවස්ථාවේ කෙටිකාලීන මතකයක්ව පැවති එය ඉතා පහසුවෙන් දිගුකාලීන මතකයක් බවට පත්වීමට තිබෙන ඉඩකඩද වැඩිය. නමුත් ඵලාපල ප‍්‍රතිඵලයන්ට අනුව, ඊට ප‍්‍රතිවිරුද්ධ සිදුවීම පිලිබඳ ඇති වධානය එතරම් ප‍්‍රභල නොවේ. එසේ සිදුවන්නෙ ජොතිෂ්‍ය පිළිබඳව පවත්නා අධික විශ්වාසයයි. සියල්ලක්ම අවසානයේ පසුකලෙකදී සාරාංශක් වශයෙන් මතක්කිරීමේදී එකවර මතකයට නැගෙන්නෙ වැඩි අවධානයක් දිනාගත් නිවැරදි අනාවැකිය මිස සිදු ඊට ප‍්‍රතිපක්ෂව සිදුවූව නොවේ. නිවැරදි නොවූ කෙටිකාලීන අනාවැකි පිළිබඳ මතකයන් දිගුකාලීන මතකයන් බවට පත් නොවීමද මෙයට බලපානුලැබේ.

    සමස්්තයක් ලෙස සලකනවිට ජෝතිෂ්‍ය පිළිබඳව මෙවන් අදහසක් ලබාගත හැක. මිනිසා බිහිවූ දා පටන් පරිසරයට මුහුණදීමේදී, දෛනික ජීවිතයේ අත්දැකීම් හරහා එකතුකර ගන්නාලද දැනුම් සම්භාරයක් විය. එකල වඩාත් ප‍්‍රචලිතව තිබූ මිත්‍යා සංකල්පයන් සමග මුසුව පවත්නා සමාජ තත්වයන් අනුව හැඩගැසෙමින් මිනිසාගේ සංස්කෘතික අංගයන් සමග බද්ධවන ලදී. වර්තමානයේදී අපට හමුවන ඉතා ඉපැරණි බොහෝ පාරම්පරික විෂයන්හි සැබෑ ස්වරූපය මෙයයි. මෙහි පවත්නා ගැටළුව වන්නේ, මිනිස් ක‍්‍රියාකාරීත්වයත් ස්වභාවධර්මයත් අතර පවත්නා සැබෑ අන්තර් සම්භන්ධතාවය වටහා ගනිමින් එය වඩාත් යහපත් තත්වයකට රුෙඟන ඒමට තමන් සතු වගකීම හා ක‍්‍රියාකාරීත්වය මගහැරීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය කිරීමයි. ඒ හේතුවෙන් ජෝතිෂ්‍යද ඇතුලත් මෙවන් දැනුම්පද්ධතීන් තුල පවත්නා මායාව සහ සැබෑව අතර වෙනස පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබාතිබීම අත්‍යවෂ්‍යවේ.

    සංවාදයට විවෘත්තයි

    by Rasika Kulasinghe
    rasikakulasinghe {@} gmail.com

    Published on - http://goo.gl/wFZq9X
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මම නම් පොඩි කාලේ ඉඳන්ම ඔය රට බයිලා විශ්වාස කරන්නේ නෑ බං.මගේ තර්කේ තමයි ඔය හදනන්, කෙන්දර බලන උන්ගේ ළමයෙක්වත් අඩුම තරමේ රටේ ඉහල තැනක රස්සාවක් කරනවනම් පෙන්නපන් කියලා. එකෙක් දෙන්නෙක් නෙමෙයි 50% කට වැඩි ප්‍රතිශතයක් ඕනේ. එහෙම පෙන්නන්න මේකේ උන්ට බෑ බං. කොටින්ම මේකේ ඉන්නවා නේද හදහන් බලන කොණ්ඩෙ තට්ටේ පෑදෙන්න ගිහින් කොන්ඩේ හිටව ගත්තු බුවෙක්.බුවාගේ කේන්දරේ තිබ්බේ නැද්ද දන්නේ නෑ කොණ්ඩේ යනවා වයස 30 විතර වෙද්දි ඒකට ප්‍රිකෝශන්ස් ගන්න ඕනේ කියලා.:lol::rofl:ඔය කේන්දර බලන උන් දන්නේ මොකක් හරි උනාම අරක මෙහෙමයි මේක උනේ මෙහෙමයි කියලා එක්ස්ප්ලනේශන් දෙන තමයි.කලින් කියන්න බෑ.:lol::rofl:
     
    • Like
    Reactions: ccmh