හරි මචං ප්රයිවට්, ආණ්ඩු කැම්පස් වලි ගැන මම දන්නේ නෑ.ඒත් උඹ කියහන් ඉගෙනගෙන කැම්පස් යන්න බැරි උන අහිංසක කොල්ලෝ ඕනේ තරම් ලංකාවේ ඉන්නවා. නැත්නම් තුන්වෙනි පාර හරි පාස් වෙලා අමාරුවෙන් මොකක් හරි කැම්පස් එකකට යනවා.එහෙම අහිංසක කොල්ලෙක්ව පහත් කරලා මූ කතාකරන එක හරිද කියලා? ප්රයිවට් ආණ්ඩු සීන් එක පැත්තකට දාපන්කෝ. කොමස් කරලා මැනේජ්මන්ට් ගිය උන් හරි, ආර්ට්ස් කරලා ලෝ හරි ආර්ට් ගිය උන්ට හරි මූ කතා කරන විදිහ උඹ දැකලා තියෙනවද මචං? හරිහමන් ගුරුවරයෙක් යටතේ සාරධර්ම,විනය යටතේ ඉගෙනගත්තු එකෙක්නම් කවදාවත් එහෙම කියන්නේ නෑ.උඹ 2007 A/L කරාපිටියේ හෝ පේරාදෙනියෙ මෙඩ්ඩෙක්.(සොරි පාස් අවුට් උන දොස්තර මහත්තයෙක්) උඹම හිතපන් මචෝ මිනිහෙක් ඉගෙන ගන්න ඉගෙන ගන්න නිහතමානී වෙන්ට ඕනේ හරියට පැහුණු වී කරල් වගේ.ඒත් මූ නිකන් බොල් වී කරලක් වගේ කොච්චර පැහුණත් උඩ බලාගෙන ඉන්නවා.මම නම් ඉගෙන ගත්තු ගුරුවරයෙක් කිව්ව දෙයක් තිබ්බා. උඹලා කොහොම හරි ඉගෙනගෙන මේ රටේ ඉහළ තැන් වල රස්සා කරමින් මේ රට වැටිලා තියෙන ආඝාදෙන් ගොඩ අරගෙන මේ රටේ දුපත්කම නැති කරන ගෞරවනීය පුර වැසියෙක් වෙනවාද වෙනවාමයිද කියලා.හැමදාම සෙනසුරාදා ඇස්දෙක පියාගෙන මම ඒ ගුරුවරයගේ පන්තියේදි ඒ පොරොන්දුව දුන්නා මචං. ඒ නිසා මම නම් මොකෙක් හරි වලකට වැටුනොත් ගොඩ ගන්න උදව්වක් දෙනවා මිසක් ඌව තවත් පාගගෙන හෑල්ලුවට ලක් කරන්නේ නෑ. ඒ නිස මූ එහෙම එකෙක්ට ගරහන තැනක් දැක්කොතින් මම නම් එලව එලවම ගහනවා මොකද මට එහෙම සක්කිලි පෙන්නන්ට බැරි නිසා.මෙතන නම් වලියට ආවේ මම දේවත්වයෙන් අදහන ගෞරවනීය දෙවිවරු වගේ දෙන්නෙක්ට මූ කතා කරලා තියෙන විදිහ.සංගීතය කියන්නේ මගේ ජීවිතේ වටිනාම කොටසක් 2000 ඉඳන් මම තවමත් සංගීතය හදාරනවා වයලිනය සමග.එහෙම පෝස්ට් එකක් දැක්කම දරාගන්න බෑ ගරුකරන මිනිස්සුන්ට නිකමෙක්,පඩයක් තරම්වත් නොවටින එකෙක් කතාකරපු විදිහ දැක්කම.