පට්ටද කියලත් අහනවා එව්වා ලොවෙත් නෑ බං........
මම මේ ඔෆිස් එකට ආපු මුල් කාලේ ෆීල්ඩ් එකේ වැඩ වලට යන්න මට දුන්නේ ඔය මොඩ්ල් ස්කූටර් එකක්.......


බජාජ් සුපර් fe එකක් අන්කේ 141-XXXX...... මුලදී හොල්මන් පැදගන්න බැරුව.....

කොහොමහරි පුරුදු වෙලා මාසයක් විතර යනකොට බයික් එක අදින්නෙම නෑ......

පස්සේ ගෙනිච්චා ගැරේජ් එකකට...... ඌ කිව්වා සයිලන්සරේ අම්බානක කාබන් බැඳිලා කියලා........

කොහොමහරි පස්සේ සයිලන්සරේ කාබන් පිච්චුවා පැය එකාමාරක් විතර....... පස්සේ පුච්චලා ඉවර වෙලා හයි කරලා මට කිව්වා පොඩ්ඩක් පැදලා බලන්න කොහොමද කියලා......

මමත් ඉතින් ස්ටාර්ට් කරලා වෙනදා පුරුද්දට ගියර් එක දාලා රේස් කරා (පදින්න ගත්තු කාලේ ඉඳන් මේක ටිකක් වැඩිපුර රේස් කරන්න ඕනේ යන්න)..... හම්මට සිරි වෙනවා කියන්නේ මෙන්න මේක නිකං නිසාන් GTR එකක් වගේ පැන්නේ නැද්ද ඉස්සරහට.......

කොන්ට්රෝල් නැතිවෙලා මම මහපාරේ දොයියපතොන්.........


පිස්සු හැදෙනවා පිකප් එක...... ඒ කාලේ දවසක බේස්ලයින් පාරේ මැගසින් හිරගෙදර ළඟ කලර් ලයිට් එකේ ඉඳලා දෙමටගොඩට කලර් ලයිට්ස් ලඟට පල්සර් එකක් එක්ක රේස් ගියා ඌට බැරිවුනා මාව පාස් කරන්න.......