අපේ දූවිලි ඇල්ල trip එක..

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අපේ දූවිලි ඇල්ල trip එක..

    මම එළකිරියට එකතු වෙලා ගොඩක් කල් උනාට මුකුත්ම thread එකක් post කලේ නැති නිසා හිතුව අපි අන්තිමට ගිය ට්‍රිප් එකේ විස්තර ටිකක් කට්ටියත් එක්ක බෙදා ගන්න.

    අපි ට්‍රිප් එක ගියේ පෙබරාවාරි 13,14,15,16,17. අපේ නඩේ ඔක්කොම 6ක්.එළකිරි සාමාජිකයන් දෙන්නෙකුත් හිටිය.

    අපේ ගමනට target දෙකක් තිබුන.එකක් දූවිලි ඇල්ල බලන්න යන එක,අනික අපි පොරොන්දු උන විදියට රණමුරේ කියන ගමේ තියන පන්සලට floor tile සහ සිමෙන්ති අරන් දෙන එක.ඇත්තටම ඒ වගේ පිනක් කරගන්න ලැබුන එකත් ලොකු ආශිර්වාදයක් උනා අපේ ගමනට.
    අපිට මේ tile ටික අරගෙන ඒ පන්සලට පූජා කරන්න පුළුවන් හැම විදියටම උදව් කරපු හැමෝම ගෞරවයෙන් මතක් කරනව වගේම කවදාහරි නිවන් දකින්න කියල ප්‍රාර්ථනා කරනව.!

    අපි මෙහෙන් tile අරගෙන crew cab එකක දාගෙන ගියා සිමෙන්ති එහෙට ගිහින් ගන්නව කියල හිතාගෙන.

    මාතලේට කන්න බොන්න ඕන හැම දෙයක්ම ගත්ත.


    එතනින් riverston පාරෙන් රණමුරේට යනවා කියල හිතාගෙන ගමන පටන් ගත්ත.

    මගේ රටේ ලස්සන..!


    වාහනේ කැඩුනම තමය් තේරුනේ කරපු ගොන් කම.





    වෙලාවට මෙතනට phone signal තිබුන.පුළුවන් හැම කෙනාටම කතා කරල අන්තිමට අපි යන්න හිටපු ගමෙන්ම ලොරියක් කතා කරගත්ත.තව දෙයක් කියන්න ඕන මේ වෙලාවේදී අපිට ඒ පාරේ ගිය ඔක්කොම වගේ උදුව් කලා.

    අනික් ලොරිය එනකන් අපේ කට්ටිය..



    රෑ අහසෙ ලස්සන..!


    කොහොමහරි 9ට විතර අනික් ලොරිය ආව.ඒකට බඩු ටික දාගෙන ගමට එනකොට 1 ට විතර ඇති..නාල කාල නිදාගෙන උදෙන්ම ගියා පන්සලට ඔක්කොම පූජා කරන්න.

    පන්සලට යන ගමන් ගමේ ලස්සන බලනව.



    අපි පන්සලට අරන් ගිය දේවල්.


    ගමේ පන්සල..


    පන්සලේ හාමුදුරුවෝ..

    photo credit – shash

    හාමුරුවන්ගේ ආශිර්වාදය..

    photo credit – shash

    ගමේ ලස්සන..



    බෝංචි...



    ආපහු ගෙදරට ඇවිත් උදේට කාල එහෙම බඩු ඔක්කොම ලැස්ති කරගෙන පිටත් උන අපේ ගමනේ ඊළඟ target එකට.අමාරුම එකට..අපි 6ක් guide විදියට ගමේ අය්යල දෙන්නය්(ශාන්ත,සමරේ.).ඔක්කොම බඩු ටික අරන් ගියේ ඒ දෙන්න..


    කට්ටිය අපහු ගමනේ...

    photo credit – shash


    පොඩි විවේකයක්..


    කැලෑවේ ඇතුලේ ලස්සන..


    මග නැවතී නැවතී ලස්සන බල බල පුළුවන් තරන් දුර ඇවිත් නැවතුනා දවල්ට කන්න. නාන්න නියම place එක.!


    නාල කාල පිටත් උනා අපහු..ටික දුරක් ඇවිත් නැවතුනා මෙන්න මේකට..
    රා!!


    නැවතත් දුෂ්කර ගමනක ...


    ඊට පස්සේ ආව ලොකු තැනිතලාවකට..
    The beauty of knuckles!!


    හවස් වේගෙන එන නිසා නවතින්න තැනක් හොයාගන්න ඕන.අන්තිමට අපි නැවතුනා ගල් තලාවක.පොඩි වතුර පාරක් යනව..

    photo credit – shash

    දර ටිකක් හොයාගෙන ගිනි මැලයක් ගහල එතන සුද්ද කරලා එහෙම රෑට උයන්න ගත්ත.noodles තමය් ඉතින්..

    Photo credit - madhawa

    රෑට කාල පොඩි chat එකක් එහෙම දාගෙන ඉඳල නිදා ගත්ත.මහන්සි වෙලා හිටපු නිසා set එකම මැරිලා වගේ නිදා ගත්ත.ටික වෙලාවකින් මට ඇහැරුනා පට්ට හීතලය්!12 විතර ඇති.ඉන්නම බැරි නිසා ගිය ගිනි ගොඩ ළඟට.ටික වෙලාවකින් එකා එකා එනව එතනට.අපේ එකෙක් sleeping bag එකක් ගෙනිහින් තිබුන.ඌ ඇරෙන්න අනික් ඔක්කොම නිදි නෑ.අන්තිමට වටේටම ගිනි ගොඩවල් ගහගෙන නිදාගත්ත මාරුවෙන් මාරුවට.


    කට්ටිය උදෙත් ගිනි තපිනව...



    උදේට තමය knuckles වල ලස්සන බලන්න පුළුවන්.මාරම ලස්සනය්.!photo එකක් බලල ඒක විඳගන්න අමාරුය් මටනන් හිතෙන්නෙ.
    Feel it!!


    අපි නැවතිලා හිටපු තැනට තුන්හිස්ගල පේන හැටි..ඒක මැද්දේ තියෙන්නෙ දූවිලි ඇල්ල..අපේ target එක!


    උදේට කාල එහෙම පිටත් උනා.ටික දුරක් ගියාම හම්බුනා පුංචි ලොකාන්තයක්.මාරම ලස්සනට වටේ පේනවා.පොඩි දිය අල්ලකුත් වැටෙනවා පහලට.


    එතන තිබුන දිය ඇල්ල.



    Capturing the beauty!



    ඊට පස්සේ ටික වෙලාවකින් අපි ආව දූවිලි ඇල්ලේ එක කොටසකට.
    ඇත්තටම දූවිලි ඇල්ලේ කොටස් 12ක් තියනව.අපිට මෙදා පාර බලාගන්න පුළුවන් උනේ 4ක් 5ක් වගේ..මේක තියෙන්නෙ knuckles වල හරි මැද්දේ වගේ.කොහෙන් ගියත් 10km වගේ ඇවිදින්න වෙනවා මම දන්න විදියට පාරවල් 4ක් තියනව.වත්තේගම බඹරැල්ල ,පිටවල ඇතන්වල වල්පොලමුල්ල, රඹුක්ඔලුව සහ රණමුරේ තමය් ඒ පාරවල්.අපි ගියේ අන්තිමට කියපු එකෙන් .අපහු ආවේ රඹුක්ඔලුව පාරෙන්.කතාව ඇති නේද..


    මේකේ size එක හිතාගන්න පුලුවන්ද.?



    බෑ නේද?then compare..


    ඔතනින් පහල තව ලොකු දිය ඇල්ලක් තියනව.ඒ උනාට පහලට යන්න අමාරුය..අපි මේ වතුර පාර දිගේ උඩට ගියා.අපේ කොල්ලෙක් මෙතැනදී වැඩ පෙන්නල හෙන risk එකක් එහෙම ගත්ත.දන්නෝ දනිති.වැටුනනන් තවම කෑලි හොයනවා.


    මේත් ඒකමය්.


    ඒකෙ මැද කොටස..


    Another small one. And more beautiful…


    The side view..!


    ඊට පස්සේ ආවේ මම මේ ගමනේදී දැකපු ලස්සනම දිය ඇල්ල ළඟට..


    මාරම relaxing.!මෙතනත් මෙහෙම photo එකක් බලල මේකේ size එක හිතාගන්න බෑ.මේක බලපල්ලකො..



    ඊට පස්සේ අව අපේ main target එකට..!මේක අර ඔක්කොටම වඩා උසය්.ඒ උනාට අපිට පහල ඉඳන් ඔක්කොම පේන්නෙ නෑ.
    The dream!!


    Another angle...


    For size comparison...

    Photo credit - shash

    අපි මෙතන දවල්ට උයාගෙන කාල චුට්ටක් නිදා ගත්ත කලින් දවසේ නිදා ගන්න හම්බුනේ නැති නිසා..


    අපේ සැමන් හොද්ද!


    ඊට පස්සේ ගිය මේකේ උඩ තියන ගල් ගුහාව බලන්න..


    ඕන නම් මෙතන නවතින්න පුළුවන් රෑට.අපිත් එහෙම හිතාගෙන ආවට අපේ වේගේ මදි නිසා එන්න බැරි උනේ.මෙතනින් දිය ඇල්ල පිටි පස්සට යන්නත් පුළුවන්.හැබය් වැඩ පෙන්නන්න යන්න නම් එපා පුතෝ..ලිස්සල ගියොත් සොරිම තමය්.ගමේ උන් නං මෙතන නානවලු.






    ඊට පස්සේ දිගටම කන්ද බැස්ස.රෑට නවතින්න තැනක් හම්බ්වෙනකන්ම නවතින්නේ නැතුව ආව පහලට.
    ගොඩක් පහලට ඇවිත් හොයාගත්ත ඉන්න පුළුවන් place එකක්.


    එතනත් තිබුන පොඩි දිය ඇල්ලක්.අර වගේ ලොකු න.ඒ උනාට ලස්සනය්.


    මෙතන එච්චරම හොඳ නෑ කියල තව චුට්ටක් පහලට ගියා..



    එදා නං කට්ටියම හොඳට නිදාගත්ත..


    උදේ තේ හදල..


    අපි මෙතනම උයාගෙන කාල පිටත් උනා අපේ ගමනේ අන්තිම ටිකට.මගදී සෙරෙප්පුවක් හම්බුනා..කූඹි කාල.


    එන ගමන් පොඩ්ඩක් නා ගත්ත..


    එතන ඉඳන් තව ටික දුරක් ආවම රඹුක්ඔලුව කියන ගමේ තමය්.. මේ වෙලට අවට මෙතන ඉඳලත් මිනිස්සුන්ගේ ගෙවල් තියෙන හරියට යන්න තව කිලෝමීටරයක් විතර යන්න ඕන.


    දැන් ගමේ..


    ගමේ කඩයක් හොයාගෙන ගිහින් උයන්න ඕන කළමනා ටිකක් අරගෙන ආව ගඟ ළඟට..දවල්ට උයන්න.
    ගමේ කඩේ..


    අපේ දවල් කෑම..


    ඊට පස්සේ ත්‍රීවීල් දෙකක් කතා කරගෙන ගියා අපි හිටපු ගමට.ගිහින් චුට්ටක් විතර rest කරලා ගියා නාන්න.තව කට්ටියක් ගමේ අයත් එක්ක volleyball ගහන්න ගියා.


    එදා රෑ ඉඳල උදෙන්ම ගියා පන්සල් tile ටික අල්ලලද බලන්න.ගොඩක් වැඩ ටිකක් කරලා තිබුන..


    පන්සලට එන ගමන්...
    Beautiful ramamure village...


    Photography!!


    ගොඩක් වැඩ ඉවර කරලා තිබුන.තවම මලුව වටේ tile අල්ලනව.


    ඔක්කොම වැඩ ටික settle කරලා අපි එන්න පිටත් උන අපේ ගම රටවල් වලට.වෙනද වගේම වෑන් එකක් කතා කරගත්ත මාතලේට.එන ගමන් සේර ඇල්ල බලන්න යන්නත් අමතක කලේ නෑ.එකෙත් ගල් ගුහාවක් තියනව අල්ලට පිටිපස්සේ.ඒ උනාට පොඩි දිය ඇල්ලක්.






    අපේ set එක දිය ඇල්ල ළඟ..

    Photo credit – madhawa

    නුවරදී ටිකක් අඩුවෙන් දකින්න ලැබෙන දෙයක් දැක්ක...
    The viceroy special..!


    මම මේ පොස්ට් එකක් දනවමය්..මොනවා හරි බුලක් ගහල නං සමාවෙන්ඩ ඕන..මේවා ඉක්මනට ගිහිල්ල බලපල්ලා..විනාස වෙලා යන්න කලින්..පුළුවන් තරන් පරිසරයට ආදරේ කරපන්.ඒ වගේ කැලෑවකට ගියාම දැනෙන දේ විස්තර කරන්න බෑ මචං.ගිහිල්ලම බලන්න ඕන..
    තව දෙයක් ,photography කරන අයට වැදගත් වේවි සමහරවිට.
    Cameras that we used – canon 70d with sigma 18-35mm f/1.8 dc hsm
    And Nikon d5100 with kit lens (මගේ එක).
    හැමෝටම බුදු සරනය්..!!
     

    shan.killer00

    Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    අපි ගෙනිච බෙහෙත් ඔක්කොම අමතක කරලා ගිය, මටනම් එපාම උනේ කුඬැල්ලෝ, මොන්නවා උනත් කෑම නම් පට්ට,
    එළකිරි සාමාජිකයන් තුනයි. හිටපු පොඩිම එකා මම :D
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    පට්ට එක්ස්පිරියන්ස් එකක් ගන්න ඇති ...... බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට

    oz05.png
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :)නියම වෑඩක් මචන්,,වෙන්න ඔනාදෙ නියමෙක කරල තියෙනවා..:)ගොඩාක් පින් උබලා කරපු ක්‍රියාවට මචන්...:)
    .
    .
    .
    .
    .
    .


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    තරහ නෑත්නම් පොඩි දෙයක් අහන්නම්,,මෙ පෑත්තකට දාලා තියෙන්න හිස් කරපු බොතල් වලට වග කියන්න ඔනෙ කව්ද?:lol:විහිලුවට හොදෙ
    DSC_1108_zps704ea23b.jpg
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    :)නියම වෑඩක් මචන්,,වෙන්න ඔනාදෙ නියමෙක කරල තියෙනවා..:)ගොඩාක් පින් උබලා කරපු ක්‍රියාවට මචන්...:)
    .
    .
    .
    .
    .
    .


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    තරහ නෑත්නම් පොඩි දෙයක් අහන්නම්,,මෙ පෑත්තකට දාලා තියෙන්න හිස් කරපු බොතල් වලට වග කියන්න ඔනෙ කව්ද?:lol:විහිලුවට හොදෙ
    DSC_1108_zps704ea23b.jpg

    මචං ඇත්තටම ඒ අපි ගෙනියපු ඒව නෙමේ.අපිත් ගෙනිච්ච.ඒ උනාට හිස් ඒවා ආපහු අරන් ආව.ඔය ටික අරන් එන්න තරන් පන නෑ බන් ඇවිදලා..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මචං ඇත්තටම ඒ අපි ගෙනියපු ඒව නෙමේ.අපිත් ගෙනිච්ච.ඒ උනාට හිස් ඒවා ආපහු අරන් ආව.ඔය ටික අරන් එන්න තරන් පන නෑ බන් ඇවිදලා..
    මොනව උනත් දකිද්දි හුල්ලන්න පුලුවන් ෆන් එකක් උබල අරන් තියෙනවා..ඉට වඩා කරපු යහපත් ක්‍රියාව නම් ගොඩාක් උතුම් මචන්
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අපි ගෙනිච බෙහෙත් ඔක්කොම අමතක කරලා ගිය, මටනම් එපාම උනේ කුඬැල්ලෝ, මොන්නවා උනත් කෑම නම් පට්ට,
    එළකිරි සාමාජිකයන් තුනයි. හිටපු පොඩිම එකා මම :D

    උඹගේ වැඩේ කන එකමනේ..කූඩැල්ලන්ට බයේ හිටපු ගමන් guide ටත් ඉස්සර වෙලා ගියේ...!:lol: