මුතු ඇට මාල පොටක් ගෙල පළඳාපු ළඳක්
දුටුවම මූණ ටිකක් මැවෙනව හීන හතක්
වැව ළඟ මල් නෙලද්දි ලස්සනයි
කෙකටිය මල් නෙලද්දි ලස්සනයි
වැව ළඟ මල් නෙලද්දි ලස්සනයි
මගේ මුතු මාල ගිරවි ලස්සනයි
දුටුව දිනම නුඹමයි මගේ සිත අරගත්තේ
හැම හීනෙම නුඹ විතරයි නැවතිලා ඇත්තේ
දැක ගන්නට හැමදාමත් තුන් පෑ තිස්සේ
ඉවසිල්ලක් නැහැ තාමත් හදවත ගැස්සේ
සුදු නෙළුමක් වගේ පිපුණු වැව් දිය මත්තේ
නුඹ පමණයි මගේ හිත තුළ රජවෙලා ඇත්තේ
ඇවිදින්නට එනවානම් පිනිමල් වැස්සේ
සොඳුරු රහස පවසන්නම් හදවත අස්සේ
දුටුවම මූණ ටිකක් මැවෙනව හීන හතක්
වැව ළඟ මල් නෙලද්දි ලස්සනයි
කෙකටිය මල් නෙලද්දි ලස්සනයි
වැව ළඟ මල් නෙලද්දි ලස්සනයි
මගේ මුතු මාල ගිරවි ලස්සනයි
දුටුව දිනම නුඹමයි මගේ සිත අරගත්තේ
හැම හීනෙම නුඹ විතරයි නැවතිලා ඇත්තේ
දැක ගන්නට හැමදාමත් තුන් පෑ තිස්සේ
ඉවසිල්ලක් නැහැ තාමත් හදවත ගැස්සේ
සුදු නෙළුමක් වගේ පිපුණු වැව් දිය මත්තේ
නුඹ පමණයි මගේ හිත තුළ රජවෙලා ඇත්තේ
ඇවිදින්නට එනවානම් පිනිමල් වැස්සේ
සොඳුරු රහස පවසන්නම් හදවත අස්සේ


ඔයා කාත් එක්ක හරි ජීවිතේ සතුටෙන් ඉන්නවා නම් එච්චරයි... ඒ කෙනා මට වෙන්න බැරි උන එකයි මට දුක.... ඒ දුක හැමදාටම තියේවි.... 