පද පේළී - EK LYRICS THREAD PART 2

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මුතු ඇට මාල පොටක් ගෙල පළඳාපු ළඳක්
    දුටුවම මූණ ටිකක් මැවෙනව හීන හතක්
    වැව ළඟ මල් නෙලද්දි ලස්සනයි
    කෙකටිය මල් නෙලද්දි ලස්සනයි
    වැව ළඟ මල් නෙලද්දි ලස්සනයි
    මගේ මුතු මාල ගිරවි ලස්සනයි

    දුටුව දිනම නුඹමයි මගේ සිත අරගත්තේ
    හැම හීනෙම නුඹ විතරයි නැවතිලා ඇත්තේ
    දැක ගන්නට හැමදාමත් තුන් පෑ තිස්සේ
    ඉවසිල්ලක් නැහැ තාමත් හදවත ගැස්සේ

    සුදු නෙළුමක් වගේ පිපුණු වැව්‍ දිය මත්තේ
    නුඹ පමණයි මගේ හිත තුළ රජවෙලා ඇත්තේ
    ඇවිදින්නට එනවානම් පිනිමල් වැස්සේ
    සොඳුරු රහස පවසන්නම් හදවත අස්සේ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

    අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
    ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
    පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

    මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
    මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
    ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන
     
    • Like
    Reactions: rcccc

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න..
    මගෙ රත්තරන් අම්මේ..
    මං පඩි අරන් අද හෙට එනතුරු ගමට..
    තිස්තුන් කෝටියක් දෙවිපිහිටයි නුඹට..


    වනන්තරේ මහ රූස්ස ගහකොල බිමට සමතලා කර අම්මේ
    රාස්සයින් වගෙ යන්ත්‍ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ
    සිමෙන්ති කළුගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ
    බලාන ඉන්නට දවසක නුඹවත් එක්කරගෙන එන්නම් අම්මේ

    බිම් තැන්නේ මං දහදුක් විඳලා මෙදා ගමට ආදා අම්මේ
    නුඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ
    මහියංගනයේ හේවිසියේ හඬ සැන්දෑවට ඇහුණම අම්මේ
    සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක්වෙනවා අම්මේ

    වත්ත පහල පොල්අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ
    උදේ රැයින් ඔය පිණිබාලා නුඹ ලෙඩාදුකා වෙයි මගෙ අම්මේ
    ගිණිමද්දහනේ බැරි බැරිගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
    රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

    ---------------------

    සැරයටියෙන් අපි යනෙනතුරා
    සංසාරේ අපි එකට ඉමූ
    සංසාරෙන් අපි සමුගන්නා දා
    ඒ ගමනත් අපි එකට යමූ

    ජීවන මංපෙත මලින් සැදී ගිය
    යුගයක නොව ඔබ හමුවූයේ
    කටුකොහොලින් පිරි කළල් දියේ මා
    තනිව මියෙද්දිය හමුවූයේ

    මින්මතු මන්පෙත මලින් සදන්නෙමි
    ලතැවුල් සෝ ගී නෑසෙන සේ
    පමණක් නොව මේ සංසාරේ
    උපදින උව මතු සංසාරේ

    මතු සංසාරේ මා හුරුබුහුටිව
    පෙම් කරනා කල එළැඹෙන දා
    කුළුදුල් නැකතින් හමුවන පැතුමන්
    පතමුව සසරින් නික්මෙන දා

    සංසිදුවා සිතු පහන් කරන්නෙමි
    මේ පෙම කුළුදුල් පෙමය සිතා
    එන්නෙමි පසුපස සංසාරේ
    කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

    ---------------------

    දේවදාර ගස් අතරින් එබී බලස සඳවතියේ
    මාත් එක්ක මේ පාරෙන් ආයෙ එන්නෙ නෑ
    මින් පස්සේ මං විතරයි ඈ එන්නේ නෑ

    පුංචි ළැදැරියක වාගේ මගෙ සුරතේ දැවටීලා
    ඒ කාලෙ ඈ ආවා ඔබත් දන්නවා

    මියුරුසරින් ඇය මා හා තෙපලූ ඒ ප්‍රාර්ථනා
    සුළඟේ පාවී ගිය දා මා තනි වූවා

    ---------------------

    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොලු වූවා

    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
    පිබිඳුණි ආශා ගිණිසිළු සේමා

    මල්සර දුනු අර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුශාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

    ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ
    මනපුෂ්පිත මෘදු සුපුල් සිනා විසිරේ
    මා හද රහසේ බැඳුනා පහසේ

    ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
    ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
    ඔබ රුව ඡායා සැඟවේ පායා

    මල්සර දුනු අර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුශාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හඳින් දුටුවා

    ---------------------

    පායා සීත රැයේ පාවී නිල් අඹරේ
    දිලෙනා තරුවේ තනි වූ තරුවේ
    ඈ නෑ මා සෙවනේ

    තනි තරුවේ ඔබ විලසින්
    තනි වී ඇත මා සසරේ
    යළි මේ භවයේ නෑ හමුවන්නේ
    ඈ යළි නොයෙනා ඔබේ ලොවේ

    මඳපවනේ රැඳි විලසින්
    හඬ තාම ඇසේ ඇයගේ
    රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
    පමණද උරුමය ජීවිතයේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
    ඔබ හමුවෙන්න කලින්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු ළඳකි මං

    ඔබ ළඟ ඉන්නට ඔබ දැකගන්නට
    මා හට නොමැත වරම්
    මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
    ඔබ රුව දකින තරම්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු ළඳකී මං

    සිත සිත ඔබ ගැන හිනැහෙමි ලතැවෙමි
    වෙන මා කරමි කුමක්
    හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
    එය මා හිතට දුකක්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු ළඳකී මං

    සිතු පැතු හැම දේ නැහැ ඉටුවන්නේ
    ලොව අපි පතන ලෙසින්
    මතු එක්වෙනතුරු යළි වෙනවෙමු අපි
    ඔබහට ආයුබොවන්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු ළඳකී මං

    ---------------------

    මෘදු මුහුණේ සුව ඳැනුණේ
    ප්‍රිිය ළඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැණුනේ
    හිමි සඳුනේ මට විතරද

    පුළුලුකුලේ සුව යහනේ
    නිදිවැරුවේ මං විතරද
    උරතලයේ හිස රන්ඳා
    සුව වින්ඳේ මං විතරද

    ඉඟ නෙරියේ රැළි බින්ඳේ
    ප්‍රිය ළඳුනේ මං විතරද
    ඉඟ නෙරියේ රැළි සැඳුවේ
    හිමි සඳුනේ මගෙ විතරද

    ---------------------

    හමුවනා නෙත් දහක් අතරින්
    ඔබේ දෑසම සොයා ඇවිඳින්
    ඔබට මෙත්රම් ළංව ඉන්නේ
    නොලැබෙනා බව දැන දැනයි

    අයාලේ ගිය හීන අතරේ
    ගොඩගසා මහ වේදනා
    මමම විතරද පෙම් කරන්නේ
    ආත්මය පරදුව තියා

    ඔබව හිමිවේ නම්
    ඔයා අදහන්නම්
    ආදරෙයි මං රත්තරනෙ දැන්
    නැතුව ඉන්නට බෑ ඔයා

    තෙතමනේ ඇති පපුව ගැඹුරේ
    උණනවා පෙම් දිවිතුරා
    අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
    පුංචි වෙනසක්වත් එපා

    ඔබව හිමිවේ නම්
    ඔයා අදහන්නම්
    ආදරෙයි මං රත්තරනෙ දැන්
    නැතුව ඉන්නට බෑ ඔයා

    ---------------------

    අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු එයා
    හිමිවෙන්නේ නැහැ කවදාවත් මා පතපු කෙනා ඔයා
    රැවටුණා නොවෙයි මෙමා විශ්වාස කලා
    විශ්වාසය කඩකෙරුවේ රත්තරනේ ඇයි ඔයා

    දෙනෝදාහක් වනද්දී අත් ඔබට විතරක් ළං වෙලා
    පිදූ සෙනෙහස මදි වුණාදෝ වෙන හිතක ගියෙ එල්ලිලා
    අනේ ඔබ මට ඇත්තටම පෙම්කලා නම්
    මේ තරම් මට දුකක් නැහැ එහෙනම්

    කඳුළු අතරේ ගැහෙන මතකේ රිඳුම් දෙයි තනිකම් පෙලා
    ඔබට විතරක් කල නිසා පෙම් කාත් කවුරුත් නැතිවෙලා
    අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
    මේ තරම් මට දුකක් නැහැ එහෙනම්

    ---------------------

    ඔබ මාගෙන් දුරස් වෙලා - මට තනිකම උරුම කලා
    ඔබ ගැන මට සිහිවීලා - රෑ තනියෙම ඉකිබින්දා
    ආදරයෙන් මා රවටා - මා දෙස නොබලාම ගියා
    මේ නෙතඟට කඳුළු තියා - මා තනිකර ඔබ ගියදා

    ආදරය කඳුළක් වනබව දැන සිටියෙ නෑ මා කිසිදා
    දැන සිටියා නම් මා පෙරදින අහිමිය මේ දුක් දොම්නස් මට
    වේදනාව ඇයි මේ තරමට සිනහව අහිමිද මේ මා හට
    කියාදුන්නෙ ආලය පෙරදින ඇයි ඔබ වෙනකෙකුගේ තුරළක

    ජීවිතය තනිකම සැමදා හිමිනැත සොම්නස් මට කිසිදා
    පෙම්කල ඔබ අන්සතු වනදා පතනෙමි ආසිරි දුක් සඟවා
    වේදනාව ඇයි මේ තරමට සිනහව අහිමිද මේ මා හට
    කියාදුන්නෙ ආලය පෙරදින ඇයි ඔබ වෙනකෙකුගේ තුරළක

    ---------------------

    මඟ බලා හඬන දෙනෙතේ කඳුළැල් ඉහිරිලා ගලන මොහොතේ
    නොමැකෙනා මතක අපගේ තවමත් මැවෙනවා දකින සිහිනේ
    හදවතේ පෙර වගේ හදගැස්මම ඔබයි අද මගේ
    ඇයි ළඳේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ

    කී කතා පෙරදා මුකුලු කර සිහිවෙලා රහසේ
    වේදනා සඟවා තුරුළුකර වැළපුනා අඳුරේ
    දාලා යන්නට බෑ ලැබුණු උණුසුම
    හැරදමා සමුගෙන යන්න නම් මට
    ඇයි මේ තරම් ළං වුණේ

    පෑ සිනා පෙඟුණා කඳුළු මැද කුරුටු ගෑ මතකේ
    පෑරුණා විඳිනා දුකට හිත කෙඳිරි ගෑ පපුවේ
    වාවගන්නට බෑ තාම තනිකම
    හීනෙකින්වත් නෑ යන්නෙ කිව් ඔබ
    ඇයි මා කෙරෙන් වෙන් වුනේ

    ---------------------

    ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුණා
    කඳුළේ හීතලේ සුසුමේ රඳවලා
    අඳුරේ මා තබා සඳ සේ බැස ගියා
    ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුණා

    එකම මඟක ගියෙ ඒ කාලේ පැතුම් අතුරලා
    සඳට කී කතා තනි වේවී හැඟුම් ගොළු වෙලා
    ඔබගේ මෘදු ගී රාවේ නැඟ ඒ හද වීනාවේ
    රුව නෑ නෙතු මානේ නුඹ නෑ නැවතිලා

    ---------------------

    ඉකිගසා හඬන අතීතයක
    කඳුළු එක්ක ගණුදෙණු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් ආදරයක් තිබුණා

    හීනෙන් හිනැහී තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉඟිලෙනවා
    නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

    රිඳුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමඳිනා
    උහුලණු බැරි තැන උණු කඳුළුම වඟුරවනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

     
    • Like
    Reactions: Malinga

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    He takes you out and he takes you up
    'cause he can show you so much
    I go to bed and tomorrow again
    there's a lot of work to be done

    He gives you gold and he'll promise you
    the whole world will be yours
    I just can tell you I love you so
    even though my odds are low

    I'm not an actor I'm not a star
    and I don't even have my own car
    But I'm hoping so much you'll stay
    that you will love me anyway

    The dirty games and the neonshows
    this is the world he knows
    Watching the stars satisfies my soul
    thinking of him makes me feel so cold

    The fancy cars and the restaurants
    you're just so fond of the man
    Sometimes I wonder if you are blind
    can't you see, he's got dirt on his mind
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඳුළු වැස්සක් වෙලා මතක ගංඟාවකින්
    දෝර ගැලුවාද සුදු නංගියේ
    පිපුණු මල් යායකින් එකම සුවඳක් සොයා
    මසිත හැඬුවාද මෙතරම් නගේ

    සඳට සැඟවී හොරෙන් ඈත අහසේ පුරා
    දිළෙන තරුවත් නුඹයි මා සිතේ
    නෙතට දුර ඈතකින් ආයෙ හිනැහී ඇවිත්
    මසිත සනසන්න මනමාළියේ

    ඈත දුර ඈතකින් හමන සුළඟේ පවා
    පිපුණු මල් සුවඳ සඟවා තියා
    කඳුළු දෝතින් දරා මලට ලෙංගතු වෙලා
    සැඟව ඉන්නම් නුඹේ මතකයෙන්

    ---------------------

    සුවඳ මලක සුවඳ පොඳක් වෙන්න බැරිව ලතැවී
    සුවඳ දුන්නු නුඹේ සිතට ගින්දර දී ලතැවී
    දැවෙන නුඹේ සිත්මල ළඟ සිනා සිසී රඟ දී
    අහිමිව ගිය නුඹ ගැන දුක දැනුණා සුදු නංගී

    ආදරේට ළං වී නුඹ මට ඔවදන් දුන්නා
    නුඹේ බහට අවනත නොවු මා ගැන නුඹ තැවුණා
    නුඹේ සිතට දුක උපදින හීන හිතින් මැව්වා
    නුඹට දුන්නු දුක ඇවිඳින් මා වටකර දැවුණා

    ප්‍රාර්ථනා හීන මවා නුඹ කඳුළැලි බීවා
    සමාවෙන්න කියන්න බැරි තරමට දුක දුන්නා
    ඒත් නුඹේ හදපතුලින් සමාව මට දුන්නා
    සුදු නංගී මගේ වෙන්න පින් කලාද මන්දා

    :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙගුරුන් කඳුළැල් සලනා හැම දවසකම
    මිනිහෙක් වෙන්නට සිතුවා හැම මොහොතකම
    මගේ ලෝකෙ මම තනිවුණු බව දැනුණාම
    මටත් හොරෙන් මගේ ලෝකෙ ගියා අඳුරට

    මගේ ලෝකෙ මම විඳිනා මදුවිත සතුට
    දෙගුරුන් දුක් වින්ඳා කඳුළැල් සලාගෙන
    මිනිසුන් මා දෙස බැලුවේ අමුතු විදියට
    තනියමවත් නැඟිටින්නට බැරිවෙලා මට

    මා තනිවූ මේ ලෝකෙන් බේරගන්නට
    බැරි වුණාට මා බිහිකල අම්මේ ඔබට
    ඔබ සලනා දුක් කඳුළැලි මැදින් මම අද
    පතනවා මතු භවයෙදි හොඳ පුතෙක් වෙන්නට

    ---------------------

    දුටුව දා පටන් ගුරුසිත නොරිදා ඉන්න
    සිතුව දියණියේ නුඹෙ ඇස් කඳුළින් මොකද
    පොත් මිටියට හිස නමාන අඬන්නෙ ඇයිද
    සියළුදෙනා පාසල නිමවෙලා ගොස් ඇත

    හැමදාමත් පාසල වෙන හිනැහිලා උදේ
    එනමඟ බලමින් ඉන්නේ ගුරුතුමා ඔබේ
    නොහිතන පැත්තකින් දකින දියණිය මාගේ
    පෙම්වතා නොවෙයි මම ගුරුතුමයි පන්තියේ

    ශිල්ප සතර කියාදෙන්න ආවෙ සතුටකින්
    සැඟව යන්න වෙනවා දරුවනේ නුඹලගෙන්
    නොලැබෙන දේ පතනා දියණියක් ඇත දුකින්
    කිළිටි නොකර මගෙ ගුරුසිත යනවා මං අරන්

    ---------------------

    අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන
    සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමාරාන
    පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමාරාන

    වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන
    සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම
    කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම

    සිතෙන් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම
    අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන
    තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම

    ---------------------

    මිරිවැඩි නැතුවට මඩ ගැවුණු පය මට හැඩ හින්දයි මං පැතුවේ
    ඩෙස් බංකුවෙ නම් එකට කොටා අපි එක පන්තියෙ හිදිමින් හැඬුවේ
    මිරිඟුව දැක්කද හිතන්න බෑ මට සතුටින් අද නුඹ සරසවියේ
    එදා වගේ මං ඉණිවැට අද්දර තාම බලනවා නෑ දුටුවේ

    අපිට හොරා ඇස් එකට බලා සතුටින් හිටියත් ඒ කාලේ
    කමත ගොඩේ නිල් මානෙල් වල හැඩ බලන් හිටියා අපි හැමවාරේ
    තිත්ත පැටව් දන් කහට කොටන්නට රෑණේ එන හැටි තරු වාගේ
    අද මම තනියම දොළ ඉවුරේ හැඩ දැන් නෑ මුළු ගම්මානේ

    සිදාදියට නොභියව පියමැන්නේ දකින්න නුඹෙ රුව මුවාවෙලා
    වත්තෙ කෝවිලට රතු පටි මදි මට භාර බැඳලා නුඹ දෙන්න සොයා
    නිල් මල් ඉහිරුනු අරන් දුන්නු මං කුඩේ දැක්ක විට ඈත තියා
    ලස්සන කුමරෙකු අතිනත අල්ලන්, මම යන්නම් නුඹෙ සතුට නිසා

    ---------------------

    වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ඳ ආලේ
    පුන්සඳ වගේ බැබලුනා
    රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
    මගෙ ලෝකෙ කළුවර වුණා

    මාදූවෙ ගං ඉවුර ඇයි බොරවෙලා
    නුඹෙ පය නැතුව හැඩපාර දුක්බර වෙලා
    ගඟ අයිනෙ අපි දෙන්නා කරමින් කතා
    මැව් හීන උහුලන්න බැරි දැන් තමා

    වැලි කූඩ ගොඩ දැම්මෙ නුඹ ගැන හිතා
    දුක් වින්ඳෙ සතුටින් නෙ නුඹ මගෙ නිසා
    හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
    ඉල්ලන්නෙ නුඹ දෙන්න මං තනිවුණා

    ---------------------

    එක් වී නම් රිඳවන්න එපා
    රිඳවූවත් හැර යන්න එපා
    ආදරේ නම් හඬවන්න එපා
    හැඬවූවත් ඔබෙ ආදරෙ අඩුකරලන්න එපා

    ඔබ මැව් හීනේ අද මා තනි වී යාදෝ
    ඔබ නාවොත් මා මැව් හීනේ බොඳවී යාදෝ
    ඔබ නැති ලෝකේ මට සැනසී ඉන්නට හැකිදෝ
    එක්වූයේ අප මේ ලෙස වෙන් වී යන්නටදෝ
    ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම්

    හීනෙන්වත් ඔබහට වරදක් මා නොකලෙම්දෝ
    යළි මාගේ ජීවිතයට ඔබ පැමිණේවීදෝ
    හිරු බැසයන මේ ඝණ අඳුරේ මා තනිවේදෝ
    ඔබගේ ආදරෙ අද බැසයන හිරු වාගේදෝ
    ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම්

    ---------------------

    වන්දනා කලත් සංසාරෙම අපි ආදරයෙන්
    නෙලාගන්න බැරි තරමට පිපුණෙ ඇයි දුරින්
    පූජා කෙරුවෙමි සෙනෙහස සංසාරෙම ඔබේ නමින්
    මගෙ ආත්මය ඔබ ළඟමයි ඔබ අරන් ගිහින්

    ඔබ දුන්නු සිහින අරගෙන සිත දුරක ගිය තරම්
    මට කියා දෙන්න සිතට රිඳුම් ඇයිද මේ තරම්
    නුඹ හින්දා කඳුළු වලින් නෙත තෙමෙන තරම්
    හැමදාකම මගෙ ඇස්දෙක නුඹ සොයන තරම්

    නෙතු මඟහැරලා යනකොට මට දැනුණු දුක තරම්
    රිඳවන්නට නම් එපා තවත් හිතක් මේ තරම්
    නුඹ නොදැක ගෙවන හැම මොහොතම දුක් විඳින තරම්
    යළිත් එන්න මගෙ ඇස්දෙක මඟ බලන තරම්
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ...

    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ

    රැල් නගා ගලන ගංගා දියේ
    මං වසා දමනු හැකිදෝ කෙසේ
    සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
    සදා සැඟව යාවී සාගරයේ

    සිල් බිඳී මුවන් කැලඹූ වනේ
    බිම නොලා නෙලූ පල මාවතේ
    සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
    තැවුල් සැඟව යාවී මාරුතයේ

    -සුනිල් එදිරිසිංහ-
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
    මොනවාද හිමිහිට මුමුණනවා
    හදවත රිදුමද නවතිනවා
    මොහොතින් යළි නොපෙනී යනවා..

    බඳ වට සුදු ඔසරිය ඇඳලා
    මල් පොකුරක් ඔබෙ අත තබලා
    ලඟදිම මනමාලිය කරලා
    ගෙනයන්නෙමි ඔබ මගෙ කියලා

    මී අඹ වනයේ ගී හඬ පතුරා
    කාවද අමතන්නේ.....
    ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
    ඔය හැටි හිනැහෙන්නේ.....
    මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
    කොහොමද ඇවිදින්නේ.....
    ලා නිල් පාටට දිලිසෙන හින්දාද
    ඇස් දෙක නලවන්නේ....
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ...

    ... ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි


    කපුගේ මහත්තයගෙ:)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රවටා ගියාට රහසේ
    සතුටින් හිඳින්න දිවියේ
    නැතිවත් ඔයාගේ සෙනෙහේ
    ඔබමයි පතන්නේ සසරේ
    හමුවන්න බෑ කිසිදා යලී
    ඔබ දන්නේ නෑ හඬනා හැටී
    හඬනා හැටී... :(:(:(

    ඔයා මගෙන් වෙන් වෙලා හරියටම අවුරුද්දක් වෙන්න ආවා.... ඒත් මම එතනමයි.. ඔයාව අමතක කරන්න මට පුළුවන්කමක් තිබුනා නම් මම අද මේ වගේ ලියන්නේ නෑ...:no: ඔයා කාත් එක්ක හරි ජීවිතේ සතුටෙන් ඉන්නවා නම් එච්චරයි... ඒ කෙනා මට වෙන්න බැරි උන එකයි මට දුක.... ඒ දුක හැමදාටම තියේවි.... :dull::dull::dull: I miss u S**** :(:(:(
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle



    ඔයා මගෙන් වෙන් වෙලා හරියටම අවුරුද්දක් වෙන්න ආවා.... ඒත් මම එතනමයි.. ඔයාව අමතක කරන්න මට පුළුවන්කමක් තිබුනා නම් මම අද මේ වගේ ලියන්නේ නෑ...:no: ඔයා කාත් එක්ක හරි ජීවිතේ සතුටෙන් ඉන්නවා නම් එච්චරයි... ඒ කෙනා මට වෙන්න බැරි උන එකයි මට දුක.... ඒ දුක හැමදාටම තියේවි.... :dull::dull::dull: I miss u S**** :(:(:(

    උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
    සංවේගය ඉවසමි මම කඳුළු හලාලා
    ඔබගෙන් තව පැල්පතකට එළිය ගෙනේවා
    මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා

    ඔබේ දෙනෙත් අභියස එක රුවක් මැවේවා
    ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා
    අගේට දිවි කුසලානයෙ මිහිර පිරේවා
    මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා

    අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
    ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා
    දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා
    සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඳුළක් වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නේ කවදද ආයේ
    සිතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා

    අප හමුවුණු ඒ ගහකොළ කොතැනේ
    සිත රිඳවන්න මෙසේ
    ආදර ලොවකට කොතැනද මායිම
    වෙන්වුනු හිත්වල මතක ලොවේ
    එක්වන්නට බැරි නම්

    සිත සිහිනයකී නෙත එක රැයකී
    යලි සසඳන්න බැරී
    පාළුව තනිකම විඳගත හැකි නම්
    ළං වුන වුන් දුර ගියද ලොවේ
    එක්වන්නට බැරි නම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින් පසු මියේ වී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මගේ
    දුරක් ආ නිසා පෙම් දුකත් මේ වගේ
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමිවුණාදෝ අහිමි ආදරේ

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමක් රිඳුම් දේ හෙටට උරුම වූ
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතූ
    මගෙන් ඔබ ඈත් වී ගියා ඉන් පසූ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරය සුන්දර වරදකී
    කිසිදා සමාවක් නම් නැතී
    මට පෙන්නලා ආලේ හැටී
    උඹ දුන්නු දුක හොඳටම ඇතී

    ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
    දැහැනේ වෙලී උන්මාද වූයේ මා
    වෙනකෙකු දිහා බැලුමට යලිත්
    මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

    පුළුරැලු තලා වීනා බඳේ දැවටී
    රතැඟිලි බැඳී නිම්නාදයේ අනුරා
    හද ස්වර තලා කම්පිත වෙවී
    මට මා පවා නැති කලේ කවුරුන්දෝ

    ----------------

    අතීතය සිහිනයක් පමණයි
    හැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියොවක් නෑ

    තැනූ මන්දිර බිඳී වැටුණත්
    නෙතේ කඳුළක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලදත්
    හිතේ කිළුටක් නෑ

    සොබාදහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ඔබේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ

    ----------------

    ඇසට අසුවන මායිමේ
    බඹර සැනකෙළි මල් විලේ
    ලසෝ ලැව්ගිණි ඇව්ලුනා සිත
    ඔබ මගෙන් වෙන් වූ දිනේ

    සියපතක් මත විසුල පිණිකැට
    සැඬ සුලං වැද සරසරින් හෙත
    මගෙන් රිඳවුම් දෙව්නු මොහොතක
    ඔබේ වත මට නැගෙයි සිහියට

    සතර අතකිපි විහිද විකසිත
    මලේ මල් මී මමන යුරුදැක
    ඔබේ ලවනත සැදුන මීවිත
    මත් කලා මතකයි මගේ සිත

    ----------------

    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිඳුවක් විය මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුණිද මන්දා

    ඔබෙන් තොරවූ ලෝකයක් ගැන
    හිතන්නටවත් නොහැකි හින්දා
    ඔබේ සිත වෙන අතක රන්දා
    එපා දුක ගෙන එන්න කැන්දා

    ඔබේ රුව රසඳුනක් වූවට
    කමක් නෑ මට තවත් ඇසකට
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට
    අයිති වෙනු බෑ දරාගන්නට

    ----------------

    ඔබ දන්නවා එක කඳුළු බිඳක්
    හිත යටට වෙලා දුක් විඳින තරම්
    ඒ කඳුළ වුනත් නෙතු අඟට ඇවිත්
    යළි ඔබේ පයට පෑගෙනවා නම්

    එක මලක් තනන්නට රුවට රුවින්
    ගහ වැළ දුක් ගින්දර විඳින තරම්
    ඒ පිපෙන මලක් කළු දෙඹරු ඇවිත්
    විෂ තුඩින් පෙලා රිඳවනවා නම්

    දස මසට වඩා පුරනා පෙරුමන්
    ලොව හදන වඬන මව්වරුනි උතුම්
    මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
    වෙන අරුතක් මේ ජීවිතය තරම්

    ----------------

    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලාගිය කඳුළක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

    ඔහුට පුඳන්නට පූජාසනයේ
    නොකිළිටි මල් පිපුණිද ළඳුනේ
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනඳ රැඳුනේ

    ආ මඟ වැරදියි ඔහුද ඔබද මා
    දෛවයෙ තුන්මංසල හමුවේ
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුළක් නෑ දෙනුවන පිපුණේ

    ----------------

    පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි
    වෙනතක දළුලාදෝ
    ඔබ ගැන මා ගැන මතකය අමතක
    කරන්න පුළුවන්දෝ

    සිහිනෙන් ගෑ මෘදු සුවදක් වාගෙයි
    මිහිරි අතීතය හැඟුනේ
    ඔබට මේ තරම් මා පෙම් කළ බව
    වෙන් වනතුරු නෑ දැනුනේ

    ජලයෙ මාලුවන් කොපමණ හිටියත්
    කොහොමද නාඬා ඉන්නේ
    ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
    මේ හැටි හිත පෑරෙන්නේ

    ----------------

    පිවිතුරුය පළමු පෙම
    බිහිසුණුය බිඳුණු දින
    ලෙංගතුය සුවඳ ඔබ සුදු හාමිනේ
    තනිකඬය තවම මම

    වස්සාන කාලයක හිත දවා
    අකුනුසැර නෙත් කෙවෙනි බොඳ කලා
    මල් යාය බඹර ගී හඬ තලා
    කැකුළු පෙම මල් නටුව හැරගියා

    කප්තුරට යදම් බැඳි තටු සලා
    සක්මනට නුහුරු සිත තනි කලා
    අවරගිර තරු වැටෙන් ගිලිහිලා
    සුභ නැකත රන් හුයට පැටලුනා

    ----------------

    රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි

    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තවමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යෑමමයි

    අඳුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ළඟින් නැතිවත් හිතට උණුසුමයි
    කඳුළු බිඳු නැගී ඉඳහිට නෙතට අත වනයි
    සිනාසෙමි නමුත් මේ උණු කඳුළු මගෙ නොවෙයි

    ----------------

    සුළඟ නුඹ වගේ සිත් මල වටා එතෙයි
    මල් සුවඳ හොර හොරෙන් යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටෙයි
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

    සිත හැඳිනුවෙන් නුඹයි
    පසුපසම එළව එළවාවිත්
    සැනසුවෙත් නුඹයි
    නුඹ මගේ හිත අරන් ගියා
    පුදුමයක් නොවෙයි

    සිත තනි කලෙත් නුඹයි
    මගේ හිතේ සියුම් තැන් සොය සොය
    රිඳෙව්වෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි
    පුදුමයක් තමයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳ අහිංසකයි හිතට පෙම්බර
    මට එහෙම හිතුනෙ හුඟක් ඉස්සර
    අද මගේ ලෝකෙ රැඳුනත් අඳුර
    මට ආයෙ එපා සෙනෙහෙ ගින්දර

    මුළු සංසාරෙම පැතුව ඔය හිත
    මගෙ දිවිය ලෙසින් රැකපු සෙනෙහස
    අද වංක වුනා අහිංසක මට
    ශාපයක් වෙමින් සෙනෙහෙ නාමෙට

    ගීතයක් වුණා පාරවන හිත
    මිරිඟුවක් වගේ ඔබේ සෙනෙහස
    යලි පතන්නෙ නෑ තනිවේවි ලොව
    මම හඬන්නෙ නෑ ආයෙ සදහට

    ----------------

    ආදරය නමින් හිත පුරණ පෙරුම්
    ඔබ දන්නවා නම් පෙම් හිතක තරම්
    හැරයාද ඉතිං යළි නොඑන සිතින්
    ආදරයක ගින්දර විඳ ඇති නම්

    ඔබ යන්න ගියත් නොගියාම වගෙයි
    දුක් කඳුළු සුසුම් ගෙන නොගියෙ කිමැයි
    ඔබ නමින් ඇවිලෙනා සිත මාගෙයි
    මේ හෙළන සුසුම් ඔබගේම තමයි

    ඔබ අයිති වුණත් ආදරය නමින්
    සංසාරෙ පුරාවට ඔබ ඔබගෙයි
    ඔබ නමින් රතු වෙනා දෑස මගෙයි
    සැනසෙන්න හෙළන මේ කඳුළු ඔබෙයි

    ----------------

    තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
    සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට
    ආදරයට ශාප නොදී දවස තිස්සෙම
    සමාවෙන්න මට ඒ පව නිවාගන්නට

    එකම වරද මගෙන් වෙච්ච මතක් කර කර
    හදවත රිඳවන්න එපා ඉතින් තව තව
    කඳුළු පොකුරු මල් රඳවා නුවන් දොරකඩ
    උහුලන්නට බැරි දඬුවම් එපා මෙච්චර

    නිදියහනේ ඈතින් වේදනා විඳ විඳ
    හිටියා ඇති අමනාපව සොඳුර අඬ අඬ
    සමාවෙලා වරදට දරුවන්ගෙ නාමෙට
    පමා නොවී හිනාවෙන්න හදාගෙන හිත
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදරේ කටු සටහන් අපේ...

    ආදරේ කටු සටහන් අපේ
    ඉතිරිවී තියෙනවනම් හිතේ
    ආයෙමත්..ආයෙමත්..ආයෙමත්...
    වෙමු අපි අපේ...

    පාළු කෙත්වල පියමන්
    කරපු අපි පිය සටහන්
    මතකේ ඔබෙ තියනවානම්
    හමුවෙලා වෙන් නොවන ලෙස
    ආයෙ කරමුද අපි පෙම්...

    හදවතේ තව ඉඩ ඇත්නම්
    වෙන කෙනෙක්හෙම ලඟ නැත්නම්
    පෙම් වලට පා විස්කම්
    පෙර වගේ එක්වෙලා
    කරමු අපෙ පෙම් ගෙත්තම්...

    -නලින්ද රණසිංහ-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැව් කන්ඩියේ මදපවනේ සුවඳ දිදී
    සුපිපී දිලෙනවා නා මල ඔබට ලැදී
    නෙලාගන්න හැදුවත් අපි ඈත වැඩී
    සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවල් පැයේ
    සඳ රැස් විහිදලා අයැදියි සෙනෙහෙ මගේ
    කාටත් නොදුන් සෙනෙහස ඔබ නමට බැඳී
    නාමල ඔබෙයි ඔබ මගෙයි රත්තරනේ

    පොළොවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහස් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ළඟට විෂ කටුවක් වන්න එපා
    කඳුළක් තරම් ඔබ වියොවක් දෙන්න එපා
     
    • Like
    Reactions: DAMER

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුර රටක තනිවෙලා
    එහි කලක් ගෙවාලා
    ආවේ නැව් නැඟලා
    රට කාසිය සොයලා
    ආවෙ දහදුක විඳලා
    අම්මව බලන්න කියලා
    අද වගේ නෑ එදා
    මට මතකයි අම්මා
    අපි කෑවද බිව්වද මන්දා
    කවුරුත් සොයා බලාලා
    නෑ මගෙ දුක සැප අහලා
    මට හිටියෙ ඔයා විතරයි අම්මා

    අතේ සතේ නැතත් මගේ
    පුතේ කියයි අම්මා මගේ

    අපිට සල්ලි තියෙනකන්
    යාලුවො නම් ඕන තරන්
    හැබැයි ඒ සේරම අපිට තියෙනකන්
    නැති බැරිකම ආපු ගමන්
    යාලුවො කෝ දාලා ගිහින්
    එදාට දැනෙයි කරපු මෝඩකන්
    ඒ වගෙද මව්පියන්
    අතහැර යයිද ඉන්නකන්
    ඒ තමා අපිට පෙනෙනා දෙවියන්
    නැතිදා අතහැර නොයමින්
    යළි නැඟිටින්න අත දෙමින්
    එයාලා ඉඳියි අපේ සෙවනැල්ල ලෙසින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැතිදාට වුණත් නෑ වෙනසක් ළඟින් ඉන්නවා
    හැමදාම අපේ සතුටම පතමින් පසුවෙනවා
    සිතුවාද ටිකක් මේ ගැන විමසුවොත් වටිනවා
    දුකට සැපට අපි ළඟ තුන්දෙනෙක් ඉන්නවා

    අපි ඉපදුණු දා පටන්ම දහ දුකක් විඳිනවා
    කුසේ තියෙන දේ හරි දීලා සනසනවා
    පොඩි ලෙඩක් දුකක් හැදුනම ඒ ගැන දුක් වෙනවා
    මුලු දිවා රැයේ ඇය තුරුලේ උණුසුම දෙනවා
    අපි හින්දම ඇයහට නිවනක් නැතිවෙනවා
    නිවන් ගියත් අම්මා අප ළඟම ඉන්නවා

    අපි වරදක් කෙරුවම බත්පත තහනම් කරලා
    දැඩි නීති රීති දමලා ගුණදම් ඉගැන්නුවා
    අපෙ අනාගතේ ගැන හිතලම නුඹ වැඩ කෙරුවා
    කිසි කෙනෙකුට අතපාන්න නෑ ඉඩ තියලා
    මගෙ දරුවනේ කියා දෑතින් අප තුරුළු කලා
    තාත්තාගෙ රැකවරණය ඇත දිවිය පුරා

    හරි හම්බකරපු දේ පිරිමැස්මෙන් සුරකිනවා
    මදිපාඩු වෙතත් ඇය ඉවසන් දරාගන්නවා
    මුළු නිවසට සිරිතක දෙව්දුව කැන්දන් එනවා
    ඇගෙ සිනහවකට දුක් දොම්නස් සැම කැපවෙනවා
    දෙවනි වරට ඇයගෙන් අපි යළි උපදිනවා
    මුළු සසර පුරා සොඳුරිය අප ලඟින් ඉන්නවා