EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ada mage eka piranha ekek ge aha wate white tissue ekak tibuna.

    treatment - changed 50% of water. after 2 days will change again 50% of water. This disease may happened due to the bad quality of water.
     

    Monster_K

    Member
    Apr 27, 2014
    14
    1
    0
    මහපොලවෙ
    මචන්ලා මාලු ටැන්කි ව්ලට ඔනාම දෙයක් ගන්නවානම් යන්න මෙතනට.හුගක් ලාබයි බඩු.එතම කඩ 4-5 වගෙ තියෙනව.whole sale price එකටම ගන්න පුලුවන්.පිටකොටුවෙ ගෑස්-පහ හන්දියෙන් "ශ්‍රීමත් රතනජෝති සරවනමුත්තු මවත" පටන් ගන්න තැන තියෙන්නෙ.
    Known as "Wolfendhal Street"... goole map pontඑකත් දානව..
    album.php
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන්ලා මාලු ටැන්කි ව්ලට ඔනාම දෙයක් ගන්නවානම් යන්න මෙතනට.හුගක් ලාබයි බඩු.එතම කඩ 4-5 වගෙ තියෙනව.whole sale price එකටම ගන්න පුලුවන්.පිටකොටුවෙ ගෑස්-පහ හන්දියෙන් "ශ්‍රීමත් රතනජෝති සරවනමුත්තු මවත" පටන් ගන්න තැන තියෙන්නෙ.
    Known as "Wolfendhal Street"... goole map pontඑකත් දානව..
    album.php

    ela...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    How to cure when a white film (cloudy eye) appears on fish's eyes

    1. Change 70% of the tank's water on the first day
    2. after 1-2 days, change again 50% of the tank's water

    within 4 - 5 days the fish will be ok. If not, need to keep changing water every 3 days 50%. add some salt and increase the temperature of the tank (85 F).

    90% of the time, fish will be ok with the above treatment. If not need to treat the fish with a medicine such as Mela-Fix.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2rzcl83.jpg


    සාමාන්‍ය නාමය - ප්ලේටි (Platy)
    විද්‍යාත්මක නාමය -Xiphophorus maculatus
    සාමාන්‍ය දිග - අඟල් 2ත් 2.5ත් අතර අගයක් ගනී.
    නිජබිම - මධ්‍යම ඇමරිකාව
    හිතකර උෂ්ණත්වය - ෆැරන්හයිට් 65ත් 78ත් අතර (සෙල්සියස් 18ත් 26ත් අතර)

    ප්ලේටි පැටවු මගින් බෝවෙන මාළු ජාතියක්. ඒ වගේම අළුතෙන් මාළු හදන්න පටන් ගන්න කෙනෙකුට නිර්දේශ කරන්න හොද මාළු ජාතියක්. පේලේටි කියන්නේ ඉතාමත් සාමකාමි ඒ වගේම විවිධ ලෙඩ රෝග වලට හොඳින් ඔරොත්තු දෙන මාළු වර්ගයක්.

    තව දෙයක් තමයි ප්ලේටි වර්ග උපන් ගමන් පැටවු ආහාරයට ගන්නවා. මේ නිසා පැටවු ඉපදුනායින් පස්සේ මවගෙන් හා අනෙකුත් මාළුන්ගෙන් මේ පැටවු වෙන් කරන එක හොඳයි. ඒ වගේම ප්ලේටි කියන්නේ සර්ව භක්ෂක මාළු විශේෂයක් නිසා ඕනම ජාතියක කෑම අනුභව කරනවා.

    ප්ලේටින් අවුරුදු 2ත් 3ත් අතර කාළයක් ජීවත් වෙනවා. රැක බලාගැනීම හා ලෙඩ රෝග වලට හසුවීමත් ලබා දෙන ආහාර අනුව උන්ගේ ආයු කාළයේ සුළු සුළු වෙනස්කම් දකින්න පුලුවන්. ඒ ඇරෙන්න ප්ලේටි, උන්ගේ සාමාන්‍ය ආයු කාළය ගත කරනවා.

    Source - Malu Tankiya blog
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ටැංකියෙන් ඇළ දොළට ආ මසුන්

    පහුගිය දවස්වල මොනරාගල පැත්තේ මිරිදිය ධීවරයෙකුට අරුම පුදුම මාළුවෙක් හම්බ උනා කියලා ප්‍රවෘත්ති වලට කියනවා මින් විසිතුරු අහගෙන හිටියා. මේ මාළුවා ඇලිගේටර් ගා කියන මාළුවෙක්. මේ මාළුවා දැක්කට පස්සේ මින් විසිතුරුට හිතුනා ආක්‍රමනකාරි මාළු ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න.

    ඔය මොනරාගල පැත්තෙන් හම්බ උනායි කියන මාළුවා ලංකාවට සුළභ එකෙක් නෙමේ. කොහේ හරි මාළු ටැංකියක ඇති කරලා මුදාහැරපු මාළු වර්ගයක්. කොටින්ම ආක්‍රමණකාරි මාළුවෙක්.

    ආක්‍රමණකාරි මාළුන්ගෙන් තියෙන ප්‍රධානම තර්ජනය තමයි ස්බාවික මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීම.එතකොට මිරිදිය පරිසර පද්ධතියේ සමතුලිතතාවයට බාධා ඇති වෙනවා. කොටින්ම සමහර ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වඳවෙලා යන්නත් මේ ආක්‍රමණකාරි මසුන් හේතුවක් වෙනවා.

    ගොඩක් වෙලාවට මෙහෙම ආක්‍රමණික මත්ස්‍ය විශේෂ ලංකාවට එන්නේ සුරතල් මසුන් ආනයනය කරන්නන්ගෙන්. සමහර වෙලාවට අළුත් සුරතල් මාළු ප්‍රභේද කියලා හඳුන්වා දෙන්නේ මේ වගේ ආක්‍රමණික මාළු. ඉතින් මාළු ඇති කරන අයත් මුන්ව මිලදී අරගෙන ටික කාළයක් ඇති කරනවා. ඊට පස්සේ එයාලගේ මාළු ටැංකියට ඒ මාළුන්ගෙන් තර්ජනයක් ඇති උනහම උන්ව ඇළදොළ ගංගා වලට මුදා හරිනවා. ඔන්න ඔහොමයි මේ මාළු ස්බාවික ජල ප්‍රභව වලට එන්නේ.

    ලංකාවේ දැනට ස්බාවික ජලජ පද්ධතියට තර්ජනයක් වෙච්ච මාළු වර්ග කිහිපයක් ඉන්නවා. පහලින් තියෙන්නේ ඒ මසුන්.

    1. මන්නයා (නයිෆ් ෆිෂ්/ Knife Fish)

    මේ මාළුවාත් කලකට ඉහතදී සුරතල් මාළුවෙක් විදිහට ජනප්‍රිය වෙච්ච මාළුවෙක්. පස්සේ කාලෙක මිරිදිය ජලයට එකතු වෙච්ච ආක්‍රමනික මාළු විශේෂයක්.

    9zmsfs.jpg


    2. ඇලිගේටර් ගා

    මීටර් 2.4කට වඩා ලොකු වෙන කිලෝග්‍රෑම් 100කට ආසන්න බරක් දක්වා වර්ධනය වෙන ආක්‍රමණික මාළු වර්ගයක්. මින්ගේ නිජබිම වෙලා තියෙන්නේ දකුණු ඇමරිකාව.

    14v34es.jpg


    3. පිරානා

    ඇමසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වෙන මාංශභක්ෂක මාළු විශේෂයක්. මුන්ට ශක්තිමත් හකු හා තියුණු දත් තියෙනවා.මේ නිසා ලොකු මත්සයින් උනත් ආහාරයට ගන්න පුලුවන්.

    175rv4.jpg


    4. ස්කැවෙන්ජර්ස්

    ටෑන්ක් ක්ලීනර්ස් කියලා අපි මාළු ටැංකියේ හදන මාළු වර්ගයක්. මුනුත් ආක්‍රමණික මත්ස්‍ය වර්ගයට තමයි අයිති වෙන්නේ.

    2cerfdf.jpg


    5. සමහර සික්ලීඩ් වර්ග

    ගොඩක් වෙලාවට අප්‍රිකානු සික්ලීඩ් කියන වර්ගය තමයි ආක්‍රමණික මාළු ගණයට වැටෙන්නේ. මීට අමතරව ටෙක්සාස් සික්ලීඩ් කියන වර්ගයත් ආක්‍රමණික වර්ගයක් වෙනවා.

    2hwebz9.jpg


    6. ගප්පි


    මුන්ගේ සීග්‍ර බෝවීම තමයි ආක්‍රමණකාරි වෙලා තියෙන්නේ. ඊට අමතරව ජලජ මත්ස්‍ය විශේෂ වලට නම් කරදරයක් නෑ. මදුරුවන් බෝවීම සිද්ධ වෙන පරිසර පද්ධති වලට විසදුමක් විදිහට ගප්පින් යොදා ගන්නවා.

    a2umnd.jpg


    7. ඇරොවානා වර්ග

    ඇරොවානා වර්ග වලින් සිල්වර් ඇරොවානා වර්ගය ආක්‍රමණික වර්ගයක්. නමුත් තාම තර්ජනයක් නම් වාර්ථා වෙලා නෑ.

    2dbqgyw.jpg


    මීට අමතරව තවත් ආක්‍රමණික මත්ස්‍ය විශේෂ ගැන අහන්න කියවන්න ලැබුනොත් මේ ලිපිය යාවත්කාලින කරන්නම්.ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ මාළු විශේෂ හදන්න ගත්තට නම් කමන් නෑ. ඒ උනාට තමන්ගේ මාළු ටැංකියට තර්ජනයක් වෙච්ච වෙලාවට ඇළදොළ වලට මුදාහරින්න එපා. !!!

    Source - Malu Tankiya Blog
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මන්නයා හෙවත් knifefish

    2qussoj.jpg


    විසිතුරු මත්ස්‍යයෙකු ලෙස ශී‍්‍ර ලංකාවට ගෙන එන ලද මන්නයා අයත් වන්නේ නොටොප්ටෙරිෙඩි කුලයටයි. ( Fmily _ Notopteridae) මේ කුලයට අයත් වන්නේ මත්ස්‍ය විශේෂ හතරක් පමණකි. ඉන් දෙදෙනෙකු ආසියාවෙන් ද. අනෙක් දෙදෙනා අපි‍්‍රකාවෙන් ද හමුවේ. මෙම කුලයේ සාමාජිකයන් අතරින් විශාලතමයා වනනේ ද මන්නයායි. මෙම මත්ස්‍යා විද්‍යාත්මකව Chitala chitala නම් වේ. නමුත් ඇතැම් අවස්ථාවල එම විශේෂය කළින් භාවිතා කළ විද්‍යාත්මක නාමය වන Notopteris chitala වශයෙන් ද, ඒ හැර Chitala ornata වශයෙන් ද දක්වා ඇත. විසිතුරු මත්ස්‍ය වෙළඳාමේ දී Clown knifefish Indian Knifefish හා Feather back යන නම්වලින් හිඳින්වේ. ඇතැම් ප‍්‍රදේශවල මන්නයාට , ඩොටිටා, ලෙස හා නයින් හාර්ට්ස් ලෙස ද ව්‍යාවහාර වේ.

    හඳුනාගැනීමශරීරය දිගැටි, පළල් හා පාර්ශ්විකව පැතලි වූ හැඩයකින් වේ. වැඩුන මත්ස්‍යයන්ගේ හිසට පිටුපසින් ශරීරය ඉස්සීමක් ප‍්‍රකටව පෙන්නුම් කරයි. හිස විශාලව වැඩී ඇති. නාස් විවර කුඩා නාලයක් සෙල පිහිටා ඇත. විශාල ඇස් ප‍්‍රකටව දිස් වේ. කුඩා දත් විශාල සංඛ්‍යාවක් සහිත මුඛය විශාල හා පළල් ය. ගුද විවරය ඉදිරි කොටසේ ග්‍රෝණි වරල් වලට පිටුපසින් හා ගුද වරලේ ආරම්භයට ඉදිරියෙන් පිහිටා තිබේ. ලය වරල් යුගල හොඳීන් වැඩී ඇත. කුඩා පෘෂ්ඨිය වරල පිහාටුවක ස්වරුපය ගනී. ග්‍රෝණි වරල් යුගල කුඩා ය. ගුද වරල ශරීරයේ පූර්ව කොටසේ සිට වලිගය කෙලවර තෙක් ශරීරය පහළ කොටසේ වැඩි ප‍්‍රදේශයකත් දිගේ පුළුල් පටිලියක් ලෙස විහිද ඇත. ගුද වරල අතර කෙළවරින් කුඩා පොවිජ වරල ( වලිගය ) හා සම්බන්ධවී පිහිටයි. ඉතා කුඩා කොරපොතු පැහැදිලිව දිස් නොවේ. අංශ රේඛාව සම්පූර්ණ ලෙස හා ඉතා ප‍්‍රකටව පිහිටයි. මෙම මත්ස්‍යයන් මීටරයකට වාඩා දිගකට ( අඟල් 4.2 ) වර්ධනය වී හමු වී ඇත. සමාන්‍ය දිග ලෙස දැක්වෙන්නේ සෙ. මි. 90 – 100 (අඟල් 36 – 40 වශයෙනි.වැඩුන මත්ස්‍යයා මුළුමනින් රිදීවන් අළු පැහැයකින් යුක්ත වේ. අංශ රේඛාවට පහළින් ශරීරය දිගේ පිටුපසට යොමු වුන විශාල කළු පුල්ලි පෙලක් (9 සිට 12 තෙක්) පිහිටයි. මෙම කළු පුල්ලි ලා අළු හෝ සුදුවන් පැහැයකින් වට වී ඇත. කුඩා මත්ස්‍යයන් කහ පාට හෝ දුඹුරු - කහ පාටය, ඔවුනගේ ශරීරය පුරා හරස් අතට තද දුඹුරු හෝ කළුවන් ඉරි හා පුල්ලි වැටී ඇත.

    චර්යාව සවස් කාලයේ දි හා රාතී‍්‍ර කාලයේ කි‍්‍රයාශීලී වන්නේකි. දිවා කාලය වැඩි වශයෙන් ගත කරන්නේ ජලජ ශාක වලින් බහුල හෙවණ සහිත ස්ථාන වලය . සවස් වීමත් සමඟ කි‍්‍රයාශීලීව ආහාර සොයා යාම හා ඔබමොබ පිහිනා යාම දක්නට හැකි ය. පිහිනීම සඳහා ප‍්‍රධාන වශයෙන් උපයෝගි කර ගන්නේ ගුද වරල් තරංගාකාර චලනයකි. පිහිනා යාමේදී ශරීරය බොහෝ දුරට ඍජු පිහිටීමට තබා ගනී. වැඩිපුර ගැවසෙන්නේ ජල පෘෂ්ඨයට ආසන්නව මඳක් පහළ කෙසේ ය. වරින් වර පෘෂ්ඨය වෙත පැමීණ වාතය ලබා ගනී. අපිරිසිදු ජලයේ දී මෙසේ පෘෂ්ඨයට පැමිණෙන වාරගණන වැඩිය. වැඩුන මත්ස්‍යන් බෙහෝ විට හමු වන්නේ හුදකලාව ය. එකීනෙකා සමඟ කලහ කරලන්නා අතර මේ නිසා එකිනෙකා ඇත් වී කල් ගත කරති. පැටපුන් සාමාන්‍යයෙන් කුඩා කණ්ඩායම් ලෙස බොහෝ විට ජලජ පැළෑටි සහිත නොගැඹුරු ප‍්‍රදේශ වල හමු වේ. මංශ භක්ෂකයෙකි. ජල පෘෂ්යට ආසන්නව ජීවත් වන සතුන් මොවුන්ට වැඩීයෙන් ම ගොදුරු වේ. ගොදුරු වෙත සෙමීන් පිහිනාවිත් එක් වරම ආසන්න දුරකදි වේගයෙන් කඩා පැන ඩැහැගැනිම සිදු කරති. විශාල ආහාර ප‍්‍රමාණයක් ගන්නා නිසා ඔවුන්ට බිලි වන සතුන් සංඛ්‍යාව විශාල ය.

    ව්‍යාප්තිය මෙම මත්ස්‍යයා ලංකාවේ ජල මාර්ගවලට එක්බීම අහම්බෙන් සිදු වූවකි. මොවුන් ඇති කිරීම සඳහා විශාල ඉඩක් අවශ්‍ය මෙන්ම කුඩා මසුන් සමඟ එක්ව තැබිය නොහැකි නිසා යෝග්‍ය වන්නේ වශාල ටැංකි හා පොකුණු වල ඇති කිරීමට පමණි. කුඩා මත්ස්‍යයන් ජල මාර්ග අසල මෙම පොකුණුවල ඇති කර විශාල වනු පසු ( සෙ. මි. 30 පමණ වූ විට ) විකිණිම මත්ස්‍යයාගාර හිමියන් විසින් අනුගමනය කළ පුරුද්දකි. සමහර මඩ පොකුණු අධික වර්ෂා කාලවල උතුරා ගොස් ඒවායෙ සිටින මත්ස්‍යයන් අවට ජලමාර්ග වලට මුදා හැරීම සිදු වන්නකි. මන්නයා ද මුලින්ම මෙලෙසින් ස්වභාවික ජලමාර්ග වලට එළඹෙන්නට ඇතැයි සැක කල හැක.ස්වාභාවික පරිසරයෙන් මන්නයන් ප‍්‍රථම වාර්තා වූයේ 1994 වසරේ දී පාර්ලිමේන්තුව වටා ඇති ජලාශයේ තලංගම කොටසේ සහ එයට යාබදව ඇළ මාර්ගයෙනි. පසු කාලයේ දී මෙම ජලාශයේ හා යාබඳ දියවන්නා ඔයේ හා ඊට යාවන ජල වාර්ග වලින් ද හමු වී ඇත. මන්නයා 1995 සිට බොල්ගොඩ ජලාශයේ ( බොල්ගොඩ උතුර හා බොල්ගොඩ දකුණ යන කොටස් දෙකෙන්ම) සිට වාර්තා වේ. 1996 වසර මුල් කාලයෙ දි කළුතරට සැතපුම් 8 පමණ ඉහළ කළු ගඟින් වාර්තා විය බොල්ගොඩ දකුණු ජලාශයේ සිට කැපු ඇළ නම් ජල මාර්ගය කළු ගඟට යා වන ඇලමෝදර ප‍්‍රදේශයෙ නුදුරු මෙම ස්ථානය මන්නයා පැමිණිම බොල්ගොඩ ඔස්සේ සිදු වන්නට ඉඩ තිබේ. මන්නයා තවම හමුවන්නේ කොළඹ හා කළුතර යන දිස්ති‍්‍රක්ක දෙකෙන් පමණකි.

    බලපෑම්තවම බලපෑම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කර නොමැත නමුත් කෝට්ටේ ජලාශයේ පාර්ලිමේන්තුව වටා ඇති කොටස් සහ බොල්ගොඩ උතුර ජලාශයේ ඇතැම් ප‍්‍රදේශවල මේ මත්ස්‍යායගෙ වැඩි විමක් සමඟ අඩ හඳයන් (Aplocheilhs dayi හා Aplocheilus parvus ) බනඩි තිත්යා (Puntius snhala) වැව් සාලයා හෙවත් සොරයා (Amblypherynodon melittinus)හා දණ්ඩියා (Rasbora deniconius) වැනි මත්ස්‍යයන්ගේ පැහැදිලි අඩු වීමක් පෙන්වා ඇත. මේ ස්ථානවල සුලභව හා ප‍්‍රකටව දන්නට ලැබුන විශාල කොළ පැහැති ගෙම්බා Large Green Frog (Euphlyctic hexadactyla) විශාල ලෙස තුරන්ව ගොස් ඇත. මෙය වැඩි දුරටත් සොයා බැලිය යුත්තකි.

    වෙනත් කරුණුවිශාල ප‍්‍රමාණයේ මසුන් ඇතැම් ප‍්‍රදේශවල ( විශේෂයෙන් බොල්ගොඩ දකුණු ජලාශයේ මැදගත් කමක් ලැබී නැත. විසිතුරු මත්ස්‍යයෙන් ලෙස කුඩා ඉඩ කඩක ඇති කළ නොහැකි නිසා සහ මාශ භක්ෂක ගතිගුණ නිසාද මන්නයා කිසි විටකත් වැඩි වශයෙන් ඉල්ලුමක් ලබා නොතිබිණි. මෙම ඉල්ලුම පසු කලක දී තවත් අඩුවිමත් එමෙන්ම සැපයුම දේශීීය ලැබීමත් මෙම මිල පහළ යාමට හේතු වී ඇත.

    Source - dgedits.net
     

    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    අපිට හදාගන්න බැරි නම් කැළනියේ තියෙන water world එකට භාර දෙන්න, එයාලා වගකීම ගන්න ලෑස්ති වෙලා ඉන්නේ.
    print-logo.png

     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mata electric eel la one ehema ennana aya innawada?

    electric eels nam ganna tanak danne na bn. okun aquariums wala naha.
    pattare ad ekak daala balapan one kiyala. samahara wita set wei.
    nattam maalu import karana place ekakata gihin ahala balapan.
    samahara wita okun lankawata gennanna tahanam ati.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    359cx78.jpg


    මැක්සිකෝවේ ගංගා, ඇළ, දොළ වගේම කලපුත් නිජබිම කරගෙන ඉන්නා මෙයාලා (Common molly = Ppoecilia sphenops) පැටවුන් බිහිකරන මාළු ජාතියක්. සාමානයෙන් මෙයාලා ස්වාභාවික පරිසරයෙදිනම් (Wild type) කළු තිත් වැටුන අදුරු රිදී පාටින් ඉන්නවා.

    මෙයාලා පොයෙසිලියා ගනයේම වෙනත් මාළුවන් එක්ක දෙමුහුන් කරන්න පුළුවන් නිසා අද market එකේ පාට ගොඩකින් මෙයාලා අපට හොයා ගන්න පුළුවන්. ඇත්තම කියනවනම් අද market එකේ රත්‍රන් පාටිනුත් මෙයාලා අපිට හොයා ගන්න පුළුවන්.
    මෙයාලා අද මාළු ඇති කරන්නන් අතර ගොඩක් ජනප්‍රිය මාළු වර්ගයක් වෙලා තියනවා, මේ අයගෙනුත් සේල් ෆීන් මොලී (Sailfin molly = Poecilia latipinna) ඉතාමත් ජනප්‍රිය වෙලා තියනවා.

    මෙතැන් සිට පලවන (මේ post එකත් ඇතුළුව) පොස්ට් 16 ක info පහල facebook page එකෙන් ලබා ගත් බව සලකන්න.
    https://www.facebook.com/mine.madhura/timeline
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    29hoj5.jpg


    අද ලෝකයේ සුරතල් මසුන්ගෙන් ජනප්‍රියම මාළුවා ගෝල්ඩ් ෆිෂ් (Goldfish = Carass ius auratus) කියන එක වැරද්දක් නැ, මේකට හේතුව කියල මම හිතන්නේ මෙයාලගේ හැඩය, පාට,වරල් හා ඇති කරන්න ඉතාම ලෙහෙසි නිසා කියලා.
    අවුරදු දහස් ගණනකට පෙර චීනයේ රජ මාලිගාවල ඇති කරපු පෘසියන් කාප් ( Prussian carp = Carassius gibelio) කියන පොඩි මාළු පරපුරෙන් එන මාලුවෙක් කියල දැනට විස්වාස කරනවා මෙයාලව.දෙමුහුන් කරල වගේම "වර්ණ අභිජනනය" (Selective breeding) වලින් දැනට මෙයාලගේ වර්ග විසි පහක් විතර ඉන්නවා. එයාලගෙන් වඩාත් ජනප්‍රිය වර්ග ටිකක් ගැන මම ඔයාලට කියන්නම්.

    මේ ඉන්නේ වෙල් ටේල් (veiltail) ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්, සාමානයෙන් මෙයාලා 30 cm විතර ලොකු වෙනවා. මේ මාළුවා මුලින්ම හම්බ වෙලා තියෙන්නේ ඇමරිකානු fish farm එකකින්. පස්සේ පස්සේ චීනය, ජපානය වගේ රටවල් වලත් මෙයාල බෝ කරලා තියනවා.
    මෙයාගේ ඇග නැත්නම් සිරුර හරිය පොඩ්ඩක් විතර රවුමක හැඩයක් තියනවා,එය වගේම මෙයාලගේ පිටිපස වරල නැත්නම් නැට්ට ගොඩක් ලොකුවට වැවිල තියනවා. මෙයාලගේ කොරපොතුත් දිලිසෙනවා වගේම වරල් පාලනය කරගැනීමට අමාරු නිසා පිහිනනකොට අමාරු බවක් පේනවා. මෙයාල 12' C වලට වඩා අඩු උෂ්ණත්වයකදී ඉතාමත් අපහසු තත්වයකට මුහුණ දෙනවා.

    ෆැන් ටේල් (Fantail) ගෝල්ඩ් ෆිෂ් , මෙයාලට තියෙන්නේ බිත්තරයක හැඩයක්.මෙයාලට පාට පාටින් නැත්නම් තනි පාටකින් දිලිසෙන (metallic) කොරපොතු තියනවා.මෙයාලගේ විශේෂය වන්නේ පිටිපස්ස වරල නැත්නම් නැට්ට සමමිතික විදිහට බෙදිලා තියන නිසා.
    සාමානයෙන් මෙයාලා රළු පරිසරයකට ඔරොත්තු දෙනවා කියල ප්‍රසිද්ධ වෙලා තියනවා. මෙයාල සෙල්සියස් 13 - 21 අතර වතුරට කැමැත්තක් දක්වනවා. රතු, චොකලට් පාට මාළුවන් හිටියත් කලාදුරකින් නිල් පාටින් හොයාගන්නත් පුළුවන්.

    ග්ලෝබ් අයි (Globe eye) වගේම ඩ්‍රඩ්ගන් අයි (Dragon eye) කියන නම් දෙකෙන්ම මේ මාළුවාට පාවිච්චි ලකරනවා. ඒ නම් ලැබෙන්න හේතුව වෙලා තියෙන්නේ මෙයාලගේ ඇස් වල තියන වෙනස්කම. මේ මාළුවන්ගේ ඇස් දෙක ඉස්සරහට වැඩිපුර තියන නිසාම මෙයාලා විරූපී ගතියක් පේනවා. දැන් ඔයාලට හිතෙනවා නේද මේ මාළුන්ට ගොඩක් දුර හොදට පේනවා ඇති කියල, එහෙම හිතුවනම් ඔයාල වැරදි, කොච්චර ලොකුවට ඇස් තිබුනත් මෙයාලට ඇස් පෙනිමනම් ඉතා දුර්වලයි
    මෙයාලගේ ඇග දිගටි වගේම නිදහස් වරල් තියනවා. නිතරම කළු පාටින් දකින්න හිටියත් රතු, රතු - සුදු, කළු -සුදු, චොක්ලට්, නිල් පාටින්නුත් ඉන්නවා.

    මෙයාලගේ ඔළුවේ තියන “ඉන්නා” (wen) මෙයලටම අවේනික ලක්ෂණයක්. ඒක නිසාම මෙයාලා ගෝල්ඩ් ෆිෂ් පවුලේ විශේෂ තැනක් ගන්නවා. සමහර වෙලාවට මේ ඉන්නන් එයාලගේ ඇස් වැසෙන තරමටම ලොකු වෙන නිසා එයාලට හිරිහැරයක් වෙන වෙලාවලුත් තියනවා. රතු, රතු - සුදු, රතු - කළු, කළු, නිල් වගේ පාට ගොඩකින් මේ මාළුවා ඉන්නවා. ඒ වගේම මෙයාලා හෙලවෙන්නෙ නැති වෙලාවටත් මෙයාලගේ වරල් හොදට විහිදිලා තියනවා. සාමානයෙන් මෙයාලා 25 cm විතර ලොකු වෙනවා වගේම සෙල්සියස් 18 ත් 28 ත් අතර වතුරේ ඉන්න කැමැත්තක් පෙන්නනවා.

    මෙයාලට ජපන් ජාතිකයන් නම් කියන්නේ සුයිහොගාන් (Suihogan) කියල, මෙයාලගේ ඔලුව දෙපැත්තේ වතුර පිරුන බැලුම් දෙකක් වගේ කෝෂිකා දෙකක් නිසා ඇස් උඩට ඇවිත් තියනවා. මේ නිසා විරූපී පෙනුමකුත් තියනවා, ඒ උනත් පොඩි ඇගක් වගේම හිලෑ කරන්න ලෙහෙසි නිසා මාළු ඇති කරන අය ගොඩක් කැමතියි මෙයාලට. ඒ උනත් මෙයාලගේ මේ බැලුම් වගේ තියන කෝෂිකා නිසාම එයාලට හානියක් වෙන්න පුළුවන් වෙන වර්ගවල මාළුත් එක්ක ඉන්නකොට. එක නිසා මෙයාලා fish bowls වල ඇති කරනවා ගොඩදෙනෙක්. සාමානයෙන් මෙයාලා 10 cm වගේ ලොකු වෙනවා. මේ වර්ගයේ පොඩි පැටවුන්ගේත් මේ කෝෂිකා දෙකක් පෙනෙන්නට තියනවා. ඒ උනත් ඒවා ලොකු වෙන්න පටන් ගන්න නම් මෙයාලට මාස 3 ක්‌ වත් වෙනකොට තමයි.

    පාට පාටින් දිලිසෙන (nacreous) විනිවිද පෙනෙන කොරපොතු තියන මේයාලා මාළු බෝ කරන්නන් ගොඩක් කැමති මාළුවෙක්. ගෝල්ඩ් ෆිෂ් පවුලේ කෙනෙක් උනත් මෙයාලගේ ඇග පුරාවටම රතු, කහ, කළු පැල්ලම් තියනවා. මෙයාලගේ මේ දිලිසෙන ගතිය ඇග පුරාවටම තියනවා. සාමානයෙන් මෙයාල 10 cm විතර ලොකු වෙනවා.