මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

aruna47

Well-known member
  • නූතන තාරකා විද්‍යාවට අනුව හොයාගෙන තියෙන්නේ සඳු පෘතුවියට කිලෝමීටර 385,000ක් පමණ දුරිනුත්, හිරු කිලෝමීටර බිලියන 1.5ක් පමණ දුරකිනුත් ඇති බව. තාරකා තියෙන්නේ මේ වගේ කෝටි ප්‍රකෝටි වාරයක් දුරින්. හැබැයි ඉස්ලාමයේ නම් කියන්නේ සඳ තියෙන්නේ තරු වලට ඈතින්ලු! මෙන්න මේ කුරාණ පාඨ තුන බලන්න.

    067.003 – 005: He Who created the seven heavens one above another: No want of proportion wilt thou see in the Creation of (Allah) Most Gracious. So turn thy vision again: seest thou any flaw? Again turn thy vision a second time: (thy) vision will come back to thee dull and discomfited, in a state worn out. And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.

    071.015-17: See ye not how Allah has created the seven heavens one above another, And made the moon a light in their midst, and made the sun as a (Glorious) Lamp?

    041.012: So He completed them as seven firmaments in two Days, and He assigned to each heaven its duty and command. And We adorned the lower heaven with lights, and (provided it) with guard. Such is the Decree of (Him) the Exalted in Might, Full of Knowledge.

    කුරාණයට අනුව ස්වර්ගයන් හතක් තියෙනවලු. ඒවා තියෙන්නේ එකක් පිට එකක් පෘතුවියට ඈතින් වෙන්නටලු. පහතම ස්වර්ගයට තරු ඇතුලත් කළාලු. සඳ තියෙන්නේ ඉහළම හා පහළම ස්වර්ගයන් අතරලු. මේ අනුව කියන්නේ සඳ තරු වලට වඩා දුරයි කියන එක! ඒ වගෙම කුරාණය හිරු සහ තරු කියල වෙන වෙනමත් සඳහන් කරන අතරම, හිරු පහනකට සමාන කරනවා. නමුත් හිරු කියන්නේ තවත් තරුවක් බව කුරාණය පිළිගන්නේ නෑ! ඔන්න, කුරණයේ විද්‍යාවට තවත් උදාහරණ!

    කුරාණය අහස ගැන දරන්නේ හයවෙනි සියවසේ පුරාතන අදහස් මිස නවීන විද්‍යාත්මක චින්තනය නෙවෙයි. අහස යනු වහළයක් බවට කුරාණය සඳහන් කරන්වා, එක තැනක නෙවෙයි, කීප තැනකම.

    021.032: And We have made the heavens as a canopy well guarded: yet do they turn away from the Signs which these things (point to)!
    002.022: Who has made the earth your couch, and the heavens your canopy; and sent down rain from the heavens; and brought forth therewith Fruits for your sustenance; then set not up rivals unto Allah when ye know (the truth).

    කුරාණය විශ්වාස කරන්නේ අහස, මිනිසාට ආරක්ෂාව පිණිස මවන ලද හිල් රහිත වහළයක් බවයි. නමුත් නවීන විද්‍යාව අනුව අහසට සීමාවක් නෑ. කිලෝමීටර ට්‍රිලියන ගණනක් ගමන් කළත් අවකාශයේ කෙළවරක් හමු වෙන්නේ නෑ.

    මොළය නොමැති මුස්ලිමානු විද්‍යාඥයින්ට පිළිතුරැ දීම සදහා විවෘතයි.
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.
    http://quran.com/5/33

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.
    http://quran.com/8/12

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15 http://quran.com/8/16

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.
    http://quran.com/8/60

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.
    http://quran.com/9/23



    Machan wenama Thread ekak arapan ...Kurane niruwatha kiyala.
    mewa methana dammama ..Off topic ne:)
     

    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    උඹේ උත්තරෙන්ම උඹේ ටිකිරි මොලේ තරම තේරෙනවා.
    ඒ කියන්නේ පවු කරන්නේ එක ආත්මයක්, ඒවා ගෙවන්නේ තව එකක්..උඹ ගෙවන්නේ කවුරු කරපු පව්ද මන්ද..පව් උඹ :P

    therum ganna bari kenekta kochchara therum karath therum ganna baha..

    තෘෂ්ණාව යනු කර්මයයි. කර්මය යනු කුමක්දැයි පැහැදිලි කරන අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ නිබ්බේධික සූත්රායෙහි “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි”. මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙය ඉතා කෙටි දේශනයකි. මෙම දහම් පදය අවබෝධ කර ගැනීමට අභිධර්මය පිළිබඳ අවබෝධයක් අවශ්යෙය. මක්නිසාද යත් චේතනාවම කර්මය නොවන බැවිනි. චේතනා යනු දෙපණස් චෛතසිකයක් පමණයි. හුදෙක චෛතසික පමණක් සිත්හි නූපදී. මෙ පිළිබඳ විග්රෙහයක් කිරීමට මෙහි අවකාශ නැත. කෙසේ වුවත් පඤචස්ඛන්ධ විභාගයේදී චේතනාව සංස්කාරස්ඛන්ධයටත් පටිච්චසමුප්පාද ධර්මයේ ද්වාදශ අංගයේදී සංස්කාර ප්රෛත්ය වශයෙන් ද නාම රූප විභාගයේදී නාම කොටස ද සතර ආහාරයේහි ලා මනොසඤ්චේතන ආහාරයට ද කර්ම ඇතුළත් වේ.

    සත්වයෙකු යම් ආත්ම භවයක ඉපිද මරණයට පත්වන විට ඔහුගේ මරණාසන්න චිත්තයට කර්මය – කර්ම නිමිත්ත – ගති නිමිත්ත යන කරුණු තුනෙන් එක් දෙයක් අරමුණු වෙයි. මෙ අනුව අලුත් භවයක සත්වයා උපදින විට අලුත් භවයේ පළමුවන සිත අතීත භවය හා වර්තමාන භවය ප්ර්තීත්යකසමුත්පන්නව සම්බන්ධ කරන්නක් වැනිය. එම නිසා එයට ප්රයතිසන්ධි ච්ත්තය යැයි කියනු ලැබේ. මෙයින් පැහැදිලි වන්නේ පුනර්භවයක් නොමැතිව කර්මයක අවශ්ය තාවක් නොවන බවයි. ඉහතින් කී පරිදි කර්මක්ෂය කිරීම නිර්වාණයයි. (කම්මඛධන්ධයො නිබ්බාණං) කොටින් කිවහොත් පුනර්භවය සඳහා ඉන්ධන වන්නේ කර්මයයි.
     

    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    amda gihin sinhala joke katha tikak liyanna kiyala :lol:
    heta udema mage prashna walata uththara dala thiyapan harida

    uba me awurudu 20-25 withra wena rawulawath hariyata nathi podi ekek ge ladaru manasikathwayak thiyana ekek ge adahas thiyenne ubata wayasa keeyada.awurudu 40-50 giyama therei ubatath thaama athdakeem madi

    5dkkt0q0ne7cohxh.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දෙවිවරු කියන්නේ මෙන්න මේවගේ පිරිසක්..

    හැබැයි මචන් ඔතන දෙවි වරු කියන දේ කොහොම අර්ථ කථනය වෙනවද දන්නවද ??

    ඒ කියන්නේ මේ දෙවිවරු කියන්නේ කවුද කියන එක....එහෙම නැත්නම් ස්ව්බ්බව දර්මයද කියල

    දෙවිවරු කියන්නේ මෙන්න මේවගේ පිරිසක්. මනුෂ්‍ය ලෝකේ ඉඳලා ජිවත් වෙලා ඉන්න කලේ ඇතුලත කරපු කුසල්/අකුසල් අනුව තමයි ඊළඟට කොහෙද ඉපදෙන්නේ කියන එක තීරණය කරන්නේ (නිර්වාණය සාක්ෂාත් කලේ නැත්තම්). මෙහෙ මැරෙන මිනිස්සු මචන් ප්‍රේතයෝ වෙලා උපදිනවා. තිරිසන් සතුන් වෙලා උපදිනවා. යක්කු වෙලා උපදිනවා. කුම්භාණ්ඩයෝ වෙලා උපදිනවා. නිරයේ උපදිනවා. ඒවගේම දෙවිවරු වෙලා උපදිනවා. බ්‍රහ්මයෝ වෙලා උපදිනවා. ඉතින් ඔය හැම තැනම උපදින්නේ මෙහෙ ඉඳලා ගිය අය තමයි. අපිට වගේම ඒ අයටත් ඒ ඒ විදිහට ආයුෂ පිහිටනවා.

    අපායේ ගිය කෙනෙක් හැමදාම එහෙ ඉන්නේ නෑ. ගෙවන්න තියන පව ඉවර උනාම අපහු ඊළඟට පලදෙන්න තියන කර්ම අනුව වෙනත් උපතක් කරා යනවා. ඒ කියන්නේ නිරයට ගිය කෙනෙක් නිරයෙන් මැරිලා දෙවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. දෙවියෙකුත් එහෙමයි. දිවය ලෝකෙන් චුත වෙලා (අපි මැරිලා කියල කියන්නේ මිනිස්සුන්ට සත්තුට විතරයි. අනිත් ලෝක වල අය මැරෙනවට කියන්නේ චුත වෙනවා කියල. මොකද එයාලට අපිට වගේ ඝන ශරීර නෑ. නිකම්ම ඉන්න තැනින් නැතිවෙලා ගිහින් වෙනතැනක උපදිනවා. ඒ නැති වෙලා යන එකට කියන්නේ චුත වෙනවා කියල.) නිරයේ, ප්‍රේතක් වෙලා, මනුස්සයෙක් වෙලා, යක්ෂයෙක් වෙලා වගේම බ්‍රහ්මයෙක් වෙලා උපදින්නත් පුළුවන්. තවත් විශේෂ දෙයක් කියන්නම්. අපිට දෙවියන්ව පෙනෙන්නේ නෑ. එයාලගේ ශරීර සියුම් නිසා. බ්‍රහ්මයෝ ඊටත් වඩා සියුම්. එයාල දෙවියන්ටත් වඩා උසස් අය. දෙවිවරුන්ට බ්‍රහ්මයන්ව පෙනෙන්නේ නෑ. නමුත් බ්‍රහ්මයන්ට ඊට පහලින් ඉන්න සියලු උප්පත්තින්ට අදාල සියලු සත්වයන්ව පෙනෙනවා. බ්‍රහ්ම ලෝකවල උපදින්නේ ධර්මයේ හැසිරුණු අය. සමත භාවනාව වඩලා ධ්‍යාන ලබපු අයත් මැරෙන මොහොතේදී ධ්‍යාන තිබුනානම් බ්‍රහ්ම ලෝක වල උපදිනවා. එතකොට විදර්ශනා භාවනාව දියුණු කරලා සෝවාන් වගේ මාර්ග පල ලබපු අය බොහෝවිට නැවත මනුෂ්‍ය ලෝකවලට එන්නෙම නැති තරම්. නමුත් දෙවිවරු ඊට වෙනස්. එයත් අපි වගේමයි. කනවා බොනවා නටනවා පිස්සු කෙලිනවා. ඒ අතර ධර්මය අවබෝධයට මහන්සි ගන්න අයත් ඉන්නවා. ඒ යටත් කර්ම රැස් වෙනවා. චුත වෙන්න කලින් භාවනාව දියුණු කරපු දෙවිවරු චුත වෙලා බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඒ වගේම නිකන් ඔය පිස්සු කෙල කෙල ඉඳලා පින ඉවර උන දෙවිවරු එතනින් චුත වෙලා කර්මනුරුපව මනුෂ්‍ය ලෝකයේ, නිරයේ , ප්‍රේත ලෝකවල එහෙම උපදිනවා. ඒ වගේම ධර්මයේ හැසිරෙන්න, භාවනාව දියුණු කරන්න පුළුවන් මනුෂ්‍යයන්ට, දෙවිවරුන්ට සහ බ්‍රහ්මයන්ට විතරයි. අනිත් කිසිම උපතකට එක කරන්න බෑ. ඔය හැම ලෝක පද්දතියම ගත්තම අර නිකන් විභව ශුන්‍ය මට්ටම වගේ ක්‍රියා කරන්නේ මනුෂ්‍ය ලෝකය තමයි. පල දෙන්න කිසිම පවක් නැත්තම් දිව්‍ය ලෝකේ යන්න කරපු පිනකුත් නැත්තම් මනුෂ්‍ය ලෝකයේ ඉපදෙනවා. මෙහෙම් තිබ්බට මේක නියම පොට් එකක් :D

    එතකොට පිහිට වීම ගැන කියනවා නම්, අපිට පුළුවන් ප්‍රේතයන්ට, යක්ෂයන් වගේ යට මෙන්ම දෙවියන්ටත් පිං දෙන්න. එතකොට ඒ ඒ අයට පුළුවන් කර්මනුරුපව ලැබිලා තියන උප්පත්තිය අනුව ඒ පිං අරගන්න. ඒ කියන්නේ සමහර අයට පිං ගන්න පුළුවන්. සමහර අයට බෑ. ඒ වගේම දෙවියන්ටත් පුළුවන් අපිට පිහිට වෙන්න. අපිට කර්මනුරුපව ලැබිලා තියන හැමදේම වෙනස් කරන්න බෑ. නමුත් සමහර දේවල් කරන්න පුළුවන්. ඉතින් අපිට ඒ අයගේ පිහිට කොයි තරම් උවමනා උනත් අපි සිල්වත්, ගුණවත් නැත්තම් ඒ අය අපි ගැන සලකන්නේ නෑ. ඒ වගේම, ඔය අනෙක් ප්‍රේත, යක්ෂ අයත් අපිට උදවු කරන වෙලාවල් තියනවා. නමුත් අපිට ඒ ගැන සහතික වෙන්න බෑ. මොකද අපිට ඒ අයගෙන් උදවු වලට වඩා කරදර තමා වැඩි. මිනිස්සු අපි හැමෝම දෙවිවරුන්ට, වෙනත් අමනුශ්‍යන්ට පිං දෙන්නේ නෑ වගේ හැම දෙවියම අපි ගැන සලකන්නේ නෑ. පිරිසක් අපිට පිහිට වෙද්දී තව පිරිසක් අපිව ගණන් ගන්නෙවත් නෑ. ඉතින් අපිත් එහෙමනේ.

    ඒ වගේම පින්කම් කරලා මැරෙන ඕනෑම කෙනෙකුට දෙවියෙක් වෙන්න පුළුවන්. එක බෞද්ධ වෙන්න ඕන නෑ. මුස්ලිම් උනත්, කතෝලික උනත් බොහෝ පිං කම් කරන අය දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබලා දෙවිවරු වෙනවා. ඉතින් එහෙ ගියාමත් ඒ අය ඒ වගේම තමයි. තමුන්ට ඕන විදිහට තමා ඉන්නේ. හැබැයි බ්‍රහ්මයෝ වෙන්න බෑ. තව කාරණයක්, සියලු දෙවියන්ට අදිපති දෙවියෝ තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. එයා සෝවාන් වුන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්.

    ඉතින් දෙවියෙක් උනත් අපායේ යන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ සියලු දෙව් මිනිසුන්ගේ යහපත තකා තමයි බුදු කෙනෙක් පහල වෙලා නැවත නොඉපදෙන සිද්ධාන්තය කියලා දෙන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කලේ, කැමති කැමති අයට ඒ ඒ විදිහට දෙවිවරු, ප්‍රේතයෝ , යක්ෂයෝ, නිරයේ යන සත්වයෙක්, තිරිසන් සත්වයෙක් වෙන්න වගේම නැවත ඉපදෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්, ඉතින් ඒ තීරණය ඔබ අතේ කියලා..

    මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙන්න ඇති. ඉතින් ඔන්න ඔබටත් පුළුවන් ඔනෙ නම් දෙවියෙක් වෙලා බලන්න... :D
     
    • Like
    Reactions: wall-e

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios


    මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙන්න ඇති. ඉතින් ඔන්න ඔබටත් පුළුවන් ඔනෙ නම් දෙවියෙක් වෙලා බලන්න... :D

    Thanks for your time BRO....:)

    Habyi mama Holman nam wishwasa karane na:no:.....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක බලහන්.. ආගමික අපහාසයක් නෙවේ..

    හිනානොවී බලන්න පුළුවන් එකෙක් ඉන්නව නම් ඌ භක්තියෙන් අන්ද උන එකෙක්.. off topic වගේ නම් කියපන් අයින් කරන්නම්..

    :):)

    මම නම් කියන්නේ මේක එච්චර හරි නෑ. මේ thread එකේ අරමුණ අනිත් ආගම වල සහ බුද්ධාගමේම ඉන්න අය අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක. කරුණු කාරනා යෙදුනොත් මොනාහරි කියන එක වෙනම කතාවක්. නමුත් අපි අනිත් අයගේ ඒවා විවේචනය කරන එක මේ thread එකේ හරිමදී. :rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම නම් කියන්නේ මේක එච්චර හරි නෑ. මේ thread එකේ අරමුණ අනිත් ආගම වල සහ බුද්ධාගමේම ඉන්න අය අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක. කරුණු කාරනා යෙදුනොත් මොනාහරි කියන එක වෙනම කතාවක්. නමුත් අපි අනිත් අයගේ ඒවා විවේචනය කරන එක මේ thread එකේ හරිමදී. :rolleyes:

    ඔව් මුස්ලිම් ප්‍රශ්නයක් ඇදුන නිසා දැම්මෙ.. අයින් කළා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Thanks for your time BRO....:)

    Habyi mama Holman nam wishwasa karane na:no:.....

    ඒක ඇත්ත.. මිනිස්සු දැන් විද්‍යාවේ පිහිට පතන කාලයක් ඇවිත් තියෙන්නෙ. ඇසින් දකින දේ විතරයි විශ්වාස කරන්නේ. හුඟක් බෞද්ධයොත් එහෙමයි. එතන වෙලා තියෙන්නෙ සර්වඥතා ඥානය සහිත බුදුන් කියන දේ විශ්වාස නැති කම. ශ්‍රද්ධාව නැති කම. මෙහෙම කිව්වම කියනවා මේක අමුලිකා ශ්‍රද්ධාවලු.
    කොහොම හරි මේකට හොඳ උදාහරණයක් තියෙනවා. අපිට කවද හරි මාලුත් එක්ක කතා කරන්න පුළුවන් උනානං, අපි ටැංකියක ඉන්න මාලුවෙකුට කිව්වොත් අපේ ලෝකෙ වාහන තියෙනවා, පාරෙ car යනවා කියල මාළුවා පිළිගනිද? නැහැ.. මොකද මාළුවා ඒක දැකල නැති නිසා. මාළුවා ඒක දැක්ක නැති නිසා ඒක පිළිනොගත්තට ඇත්ත ඒක නෙවේ.


    සාමාන්‍ය වැටහීමක් එන්න ඇති කියල හිතනවා. :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබට තේරෙනවා ඇති, මම තව සැරයක් පැහැදිල්ය කරලා ඇහුව..මෙතන ආත්මය කියල මම අදහස් කරන්නේ සමන්යෙන් සෑම ආගමකම පිළිගන්න soul කියන සංකල්පය, එය සිත,මනස,වින්යානය කියල එක එක විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකයි සදාකාලිකයි කියල ඔබ කියන දෙයි වෙනස්..

    so අනාත්මයි කියන එකේ තේරුම මිනිසාට එහෙම soul එකක් නැති බවද?

    "කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කිය යුතු ය. කර්මයෙන් සත්ත්වයන් නැවත නැවත ඒ ඒ ජාතිවල උපදවන බවටත්, සත්ත්වයන් උසස් බවටත්, පහත් බවටත්, රූපවත්, බවටත්, විරූප බවටත්, නුවණැති බවටත්, මෝඩ බවටත්, දීර්ඝායුෂ්ක බවටත්, මන්දායුෂ්ක බවටත්, රෝග බහුල බවටත්, නිරෝගී බවටත්, පොහොසත් බවටත්, දුප්පත් බවටත් පමුණුවන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. කර්මයෙන් සත්ත්වයනට කීර්තියත් ප්‍රශංසාවත් නින්දාවත් වධයත් බන්ධනයත් ලැබෙන බව ද තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. සත්ත්වයකුට කර්මයෙන් සිදු කරන ප්‍රධාන දෙය මරණින් මතු යම්කිසි භවයක ඉපදවීම ය. සැම සත්ත්වයකු ම උපදින්නේ ඔහු විසින් අතීතයෙහි කළ කර්මයක් විපාක භාවයට පැමිණීම් වශයෙනි. මරණයට ඉතා ළංව ඉන්නා පුද්ගලයා හට ඔහු විසින් අතීතයෙහි කොට යටපත්වී ඇති කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් හෝ සිහි වේ.



    සමහර විට කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ ඔහු ගේ සිතට පෙනෙන්නට වේ. කර්ම නිමිති නම් විපාකදීමට මතුවී ඇවිත් ඇති, කර්මය කිරීමට උපකාර වූ හෝ උපකරණ වූ හෝ වස්තූහු ය. ගති නිමිත්ත නම් මතුවී ඇති කර්ම හේතුවෙන් උපදනා ස්ථානයෙහි ඇති දේවල් ය. මේවායින් කවරක් හෝ මරණාසන්න සත්ත්වයා ගේ සිතට වැටහීමෙන් පරණ වූ කර්මය එකෙණෙහි කරන ලද්දක් මෙන් අලුත් වේ.



    මැරෙන සත්ත්වයා ගේ ඒ භවයෙහි අන්තිමට උපදනා සිත ඉපද නිරුද්ධ වනු සමඟ ම මරණාසන්නයෙහි වැටහුණු කර්ම – කර්ම නිමිත්ත – ගති නිමිත්තයන් ගෙන් එකක් අරමුණු කෙරෙමින් ඒ එළඹ සිටි කර්මයාගේ විපාක වශයෙන් ඊළඟ භවයෙහි පළමුවන සිත පහළ වේ. එයට ‘ප්‍රතිසන්ධිචිත්තය’ යි කියනු ලැබේ. ඒ ප්‍රතිසන්ධිචිත්තය ඇතිවීම මළ සත්ත්වයා ගේ අලුත් භවයකට පැමිණීම ය. එයට මළ සත්ත්වයා ගේ නැවත ඉපදීමය යි ද කියනු ලැබේ."

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Thanks for your time BRO....:)
    Habyi mama Holman nam wishwasa karane na:no:.....

    උබ රේඩියෝ එක අහනව රේඩියෝ එකෙන් සින්දු ඇහෙන්නෙ කොහොමද..
    ෆෝන් එකට කෝල් එකක් එන්නෙ කොහොමද ? radio waves ?
    උබ දැන් ඇහැට දැකල තියනවද ?
    ඇයි එහෙම එකක් තියනව කියල පිළිගන්නෙ..
    මම කියන්නෙ නිරුවත් ඇහෙන් බලල..
    වෙන වෙන ක්‍රම වලින් නෙවේ..
    ඒ වගේ තමයි

     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් අනුව නම් මරණින් පසු අපාය හෝ දෙවියන් වහන්සේ සමඟ එක්වූ පසු ජීවිතය සදාකාලික ය....:confused:
    බුදුදහමේ කිසිම තැනක ආත්මයක් ගැන උගන්වන්නේ නැහැ. ඒ නිසා වෙනස් නොවී භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් හෝ විඤ්ඤාණයක් නොපිළිගනියි. මරණයෙන් පස්සේ පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම ද? වෙනත් කෙනෙක් ද? කියන ප්‍රශ්නයට බුදුදහම දෙන පිළිතුර නම්, ඔහුත් නොවේ. වෙනත් කෙනෙක් ද නොවේ යන්නයි. එය කැඩපතකින් පෙනෙන පුද්ගලයකුගේ රූපයක් ගැන කරන විග්‍රහයක් වගේ.. තේරුනාද මන්දා...:)
    මෙහමයි..පුද්ගලයාත්, ප්‍රතිබිම්බයත් අතර සම්බන්ධයක් තියෙනවා... එම රූපය පුද්ගලයා නිසා ඇතිවූවක් බැවිනි. නමුත් ප්‍රතිබිම්බය එම පුද්ගලයාමයි කියලා කියන්න බෑ නේ
    ....

    සරලවම අහන්නම්, මොකද මෙතන ලොකු වචන දාල තර්කය සඟවන්න සමහරුන්ගේ උත්සහයක් තියෙනවා (හෝ ඔවුන්ටම ඒ වචන හරියට පැහැදිලි කරන්න තේරෙන්නේ නැ)

    හරි එහෙනම් උඹ කියන විදිහට කියමු මම උඹෙන් රැ 500ක් නයට ගත්ත කියල , පස්සේ උඹ මගෙන් ඇවිල්ල එක අපහු ඉල්ලනකොට මම කන්නාඩිය පෙන්නලා මගේ ප්‍රතිබිම්බෙන් ඉල්ලගන්න කිව්වොත් උඹ බෞද්ධයෙක් විදිහට එක පිළිගන්නවද?

    කෙනෙක් වෙනත් විශ්වාසයක් ගැන හොයනකොට ඔය වගේ උත්තර දුන්නොත්, මේ වගේ ප්‍රශ්න එන එක සමාන්‍යායි, උඹත් වෙනත් විශ්වාස ගැන හෙව්වනම් ඔය වගේමයි ප්‍රශ්න කරන්නේ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තව දෙයක්, ඔයා ඕක කලින් පැහැදිලි කරනකොට කියල තියෙනවා (දැනුයි දැක්කේ) ශරීරය හැදිලා තියෙන්නෙ ඝන, ද්‍රව ,උනුසුමෙනුත් හා වායු වලින් එනිසා මම කියල දෙයක් නැහැ, එනිසා මගේ කියල දේවලුත් නැ..etc

    මේ ප්‍රශ්නෙට මට පැහැදිලි පිළිතුරක් පුලුවන්නම් දෙන්න, ඔයා කියන විදිහට ශරීරය හැදිලා තියෙන දේවල් වලට බෙදල බැලුවොත්, ඒ බෙදුවට පස්සේ "මම" කියන දෙයක් එතන නැ, ඒවගේම එතන සිත කියන දෙයකුත් නැ, එතන තෘෂ්ණාව කියන දේකුත් නැ, එතන දුක කියන දෙයකුත් නැ..මම වැරදි නම් කියන්න..

    සිත, සිතුවිලි, මතක, මනස හොඳ නරක මේ දේවල් ඔක්කොම එන්නේ මම කියන තත්වය උඩ..මම නැති තත්වයක කිසි දෙයක් අවශ්‍ය නැත..සෝ එතනට සංසාරයෙන් ගලවීමකුත් අවශ්‍ය නැ..පවු පින් හෝ හේතු පල අවශ්‍ය නැ..නිවනක් අවශ්‍ය නැ..

    ex: "ඔබ" බුද්ධාගමේ යම් පැහැදිමක් ලබා ඒ අනුව ජීවත් වෙනවා, එමගින් යමක් බලපොරූතු වෙනවා. ඔබ කියා එකක් නැත්තම් එම ජීවිතය, එම බලාපොරොත්තු මොකටද? අවංක පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    මෙතන පළවෙනි දේ තමයි ඔයා ගොඩක් දේවල් පටලවාගෙන ඉන්න එක. මනස සන්සුන් කරගෙන හොඳට කල්පනා කරන්න. එතකොට ඔයාට මේක තේරෙන්න ගනියි.

    මේ ප්‍රශ්නෙට මට පැහැදිලි පිළිතුරක් පුලුවන්නම් දෙන්න, ඔයා කියන විදිහට ශරීරය හැදිලා තියෙන දේවල් වලට බෙදල බැලුවොත්, ඒ බෙදුවට පස්සේ "මම" කියන දෙයක් එතන නැ, ඒවගේම එතන සිත කියන දෙයකුත් නැ, එතන තෘෂ්ණාව කියන දේකුත් නැ, එතන දුක කියන දෙයකුත් නැ..මම වැරදි නම් කියන්න..
    එතන මම කියල දෙයක් නැහැ.. සිත කියල වෙන් කරල ගන්න පුළුවන් දෙයක් නැහැ. තියෙන්නෙ මොහොතක් පාසා ඇතිවෙලා නැති වෙලා යන සිතුවිලි සමුහයක්. සිතුවිලි පරම්පරාවක්.
    මෙතන තෘෂ්ණාව කියන්නේ අපේ හිතේ ඇතිවෙන ආශාවට. යමක් ලබාගන්න තියෙන කැමැත්තට. ඉතිං අපේ ඇතිවෙලා නැතිවෙලා යන හිතේ එහෙම ආසාවල් ඇතිවෙනවා.
    මෙතන දුක ඇති වෙනවා. මොකද මේ ඝන, ද්‍රව ,උනුසුමෙනුත් හා වායු වලින් හැදිලා තියෙන ශරීරයක් මම කියල අනුවන කමින් අල්ලාගෙන තවත් ඝන, ද්‍රව ,උනුසුමෙනුත් හා වායු වලින් හැදිලා තියෙන පුද්ගල හා වස්තූන් කෙරෙහි ආශාව ඇති කරගත්තම දුක ඇති වෙනවා. මොකද ඒ පුද්ගල හා වස්තූන් මට ඕන විදිහටවත්, මගේ කැමැත්තටවත් තියෙන්නෙ නැහැ. එක්කෝ ඒ දේවල් වෙනස් වෙනවා, වයසට යනවා, කැඩිලා බිඳිලා යනවා. එතකොට අපි ඒවා අසාවෙන් අල්ලගත්ත නිසාම ඒවයේ වෙනස් වීම, නැතිවීම නිසා අපිට දුක ඇතිවෙනවා. මේ කොටස තව ගොඩක් විස්තරාත්මකව තියෙනවා. මේකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ආර්ය සත්‍ය කියල.
    තව ටිකක් පැහැදිලි කරොත් තමන් කැමති පුද්ගලයන් හෝ දේවල් තමන්ගෙන් වෙන්වීම දුකක්. තමන් අකමැති පුද්ගයන් හෝ දේවල් සමග එක්වීම දුකක්. ඉපදීම දුකක්, මන්ද ඉපදුන මොහොතෙ පටන් අපි වයසට යනවා, ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා. මේ ඔක්කොම දුක්. ලෝකයේ මිට වඩා සතයක් නැහැ. විද්‍යාවෙන් හොයාගන්න දේවල් කාලෙකට හරි. තව කාලෙකට වෙනත් මතයක් ඇවිත් පරණ මතය වෙනස් වෙනවා. මේ ආර්ය සත්‍ය එහෙම වෙනස් වෙන්න නැහැ. අතීතයේ යම් දෙයක් දුකක් උනාද ඒක අදටත් දුකයි අනාගතෙත් දුකයි.


    සිත, සිතුවිලි, මතක, මනස හොඳ නරක මේ දේවල් ඔක්කොම එන්නේ මම කියන තත්වය උඩ..මම නැති තත්වයක කිසි දෙයක් අවශ්‍ය නැත..සෝ එතනට සංසාරයෙන් ගලවීමකුත් අවශ්‍ය නැ..පවු පින් හෝ හේතු පල අවශ්‍ය නැ..නිවනක් අවශ්‍ය නැ..
    සිත, සිතුවිලි, මතක, මනස හොඳ නරක මේ දේවල් ඔක්කොම එන්නේ මම කියන තත්වය උඩ..
    කියන කතාව තරමක් දුරට හරි. අපි මමත්වයෙන් ඉන්න නිසා තමයි මේ දේවල් අල්ලාගෙන ඉන්නේ. හරියට මගේ පින, මගේ දැනුම, මගේ හිත වගේ. සැබෑ නුවණින් බලන කෙනා දන්නවා මෙතන මගේ කියල ගන්න කිසිම දෙයක් නැති බව.

    මම නැති තත්වයක කිසි දෙයක් අවශ්‍ය නැත..

    මේක හරියටම හරි.

    සෝ එතනට සංසාරයෙන් ගලවීමකුත් අවශ්‍ය නැ..

    මේකත් හරි. මමත්වය දුරු කරාට පස්සේ සංසාරෙන් ගැලවෙන්න අවශ්‍ය නැහැ. මමත්වය දුරු කරනවා කියන්නෙම සංසාරයෙන් ගැලවිමමයි. හැම දෙයක්ම මමයි, මගේ, මගේ ආත්මයයි කියල ගන්න අවිද්‍යාව නිසාම තමයි අපි මේ සංසාරෙ දිගින් දිගට ගමන් කරන්නේ.

    පවු පින් හෝ හේතු පල අවශ්‍ය නැ..

    ඔව්. සංසාර ගමන නවත්තපු කෙනාට පවු පින් හෝ හේතු පල අවශ්‍ය නැ.

    නිවනක් අවශ්‍ය නැ..

    මම කලින් කිව්වා වගේ මමත්වය දුරු කරපු කෙනා සංසාර ගමන නවත්තලයි තියෙන්නෙ. මෙතන නිවන කියන්නේ ඒ ගමන නවත්තන එකටයි. ඇත්තටම කිව්වොත් අපි තෘෂ්ණාව කියන ගින්නෙන් සදාකාලිකව පිච්චි පිච්චි ඉන්නේ.
    දුප්පත් මිනිස්සු සල්ලි හොයන්න වෙහෙස වෙනවා. අනේ මට අරක ඕනේ, මේක ඕනේ, මෙහෙම ගෙයක් ඕනේ, මෙහෙම දියුණු වෙන්න ඕනේ කිය කියා හිතනවා. ඒ මනුස්සයා දන්නෙ නැහැ ඒක දුකක් කියල.
    පොහොසත් මිනිසා තියන ධනය ගැන දුක් වෙනවා.. අනේ මගේ ධනය නැති වෙයිද, හොරු ගනියිද වගේ..
    තව.. අනේ මගේ පෙම්වතිය මට නැති වෙයිද, මගේ බිරිඳ නැති වෙයිද, මගේ ළමයා නැති වෙයිද වගේ මමත්වය මුල් කරගෙන තමයි මේ තෘෂ්ණාව ඇති කරගන්නෙ. මේක ගින්නක් වගේ අපිව දවනවා නිරන්තරයෙන්.. මේ ගින්න නිවීම තමයි නිවන කියන්නෙ.

    අපි හරියට තේරුම් ගත්තනම් අපි මේ මමයි, මගේය කියල අල්ලාගෙන ඉන්නේ ඝන, ද්‍රව ,උනුසුමෙනුත් හා වායු වලින් හැදුන දේවල්ම විතරයි කියල එතකොට අපිට තේරෙනවා තණ්හාවෙන් අල්ලගන්න දෙයක් නැහැ කියල. ඕකට තමයි නිවන කියන්නෙ.

    උත්තරේ ලැබෙන්න ඇති කියල හිතනවා. :)


    තෙරුවන් සරණයි...!!!
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    තියෙන්නෙ මොහොතක් පාසා ඇතිවෙලා නැති වෙලා යන සිතුවිලි සමුහයක්. සිතුවිලි පරම්පරාවක්.

    මේක විතරක් කියන්න කෝ, කොතනද මේ මොහොතක් පාසා සිතුවිලි ඇතිවෙන්නේ?

    මේ කල්ලත් පැහැදිලි කරන්න පුලුවන්ද?
    "ඔබ" බුද්ධාගමේ යම් පැහැදිමක් ලබා ඒ අනුව ජීවත් වෙනවා, එමගින් යමක් බලපොරූතු වෙනවා. ඔබ කියා එකක් නැත්තම් එම ජීවිතය, එම බලාපොරොත්තු මොකටද? අවංක පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Thanks for your time BRO....:)

    Habyi mama Holman nam wishwasa karane na:no:.....

    හොල්මන් කියන්නේ වෙන එකක්. මෙතැන් කියල තියෙන්නේ භූතයන්, ප්‍රේතයන්, යක්ෂයන් ගැන.
    ඔයා පේන අහල තියෙනවද? මිනිස්සුන්ගේ අගට වැහිලා ඉන්න භුටයෝ අයින් කරන හැටි දැකල තියෙනවද?
    මේ වගේ වෙලාව වලදී කිසිම හේතුවක් නිසාවත් දැනගන්ඩ බැරි දේවල් කියල තියෙනවා අහල තියෙනවද? නැටි වෙච්ච දෙයක් තියෙනව් තැන හරි, සමහරවිට පොඩි එවුන් පවා සිය මුත්තා කලේ වෙච්ච දේවල් පවා කියනවා. එහෙම කියන්නේ භූතයන්ගේ ආයුෂ අවරුදු දහස් ගණන් නිසා. භූතයන්ට ඕන වෙලාවක ඕන තැනකට යන්ද පුළුවන්.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සරලවම අහන්නම්, මොකද මෙතන ලොකු වචන දාල තර්කය සඟවන්න සමහරුන්ගේ උත්සහයක් තියෙනවා (හෝ ඔවුන්ටම ඒ වචන හරියට පැහැදිලි කරන්න තේරෙන්නේ නැ)

    හරි එහෙනම් උඹ කියන විදිහට කියමු මම උඹෙන් රැ 500ක් නයට ගත්ත කියල , පස්සේ උඹ මගෙන් ඇවිල්ල එක අපහු ඉල්ලනකොට මම කන්නාඩිය පෙන්නලා මගේ ප්‍රතිබිම්බෙන් ඉල්ලගන්න කිව්වොත් උඹ බෞද්ධයෙක් විදිහට එක පිළිගන්නවද?

    කෙනෙක් වෙනත් විශ්වාසයක් ගැන හොයනකොට ඔය වගේ උත්තර දුන්නොත්, මේ වගේ ප්‍රශ්න එන එක සමාන්‍යායි, උඹත් වෙනත් විශ්වාස ගැන හෙව්වනම් ඔය වගේමයි ප්‍රශ්න කරන්නේ.

    යාළුවා මං කලින් කිව්වා වගේ ඔයා මෙතන පටලවාගෙන ඉන්නේ.

    බුද්ධ ධර්ශනයේ ලෞකික ජීවිතය හා ලෝකෝත්තර ජීවිතය කියල දෙකක්. ලෞකික ජීවිතය ගැන කියල තියෙන්නෙ අපි මේ එදිනෙදා ජිවිතයේ ජිවත් වෙන්න ඕන විදිහ ගැන දේශනා කරල තියෙන දේවල්.
    ලෝකෝත්තර ජීවිතය ගැන කියල තියෙන්නෙ මේ භව ගමන නවත්තගන්න කරන්න ඕන දේවල්.

    ඔයා එකෙන් ටිකයි මේකෙන් ටිකයි අල්ලාගෙන ඔක්කොම පටලවාගෙන ඉන්නේ. :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේක විතරක් කියන්න කෝ, කොතනද මේ මොහොතක් පාසා සිතුවිලි ඇතිවෙන්නේ?

    අපි මේ සිත කියල කියන්නේ ඇති වේවි නැති වේවි යන සිතුවිලි වලට.
    බුදුරජාණන් වහන්සේ සිත ගැන දේශනා කරල තියෙන්නෙ මෙහෙමයි.

    දූරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං
    යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා

    දුර ගමන් යයි මේ සිත
    සැරිසරා යයි හුදකලාවේ
    සිරුරක් නොමැති මේ සිත
    වසයි කය නම් වූ ගුහාවේ
    යමෙක් මේ සිත දැනගෙන
    මනාකොට දමනය කරයි නම්
    මිදී යයි ඔහු සොඳ ලෙස
    මේ මාර බන්ධනයෙන්

    වැඩිදුර විස්තර මෙතනින් කියවන්න - source


    "ඔබ" බුද්ධාගමේ යම් පැහැදිමක් ලබා ඒ අනුව ජීවත් වෙනවා, එමගින් යමක් බලපොරූතු වෙනවා. ඔබ කියා එකක් නැත්තම් එම ජීවිතය, එම බලාපොරොත්තු මොකටද? අවංක පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    මේ කුණුවෙලා යන ශරීරයක් ලැබුනේ කලින් කරපු පිං පවු වලට අනුවයි.
    බුදු දහම ගැන වැටහීමක් ආවට පස්සේ මේ කුණු කය පාවිච්චි කරන්නේ අර කලින් කිව්ව ගාථාවේ කියල තියෙන දේ කරගන්නයි.

    තේරෙන්න ඇති කියල හිතනවා. :)
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සරලවම අහන්නම්, මොකද මෙතන ලොකු වචන දාල තර්කය සඟවන්න සමහරුන්ගේ උත්සහයක් තියෙනවා (හෝ ඔවුන්ටම ඒ වචන හරියට පැහැදිලි කරන්න තේරෙන්නේ නැ)

    හරි එහෙනම් උඹ කියන විදිහට කියමු මම උඹෙන් රැ 500ක් නයට ගත්ත කියල , පස්සේ උඹ මගෙන් ඇවිල්ල එක අපහු ඉල්ලනකොට මම කන්නාඩිය පෙන්නලා මගේ ප්‍රතිබිම්බෙන් ඉල්ලගන්න කිව්වොත් උඹ බෞද්ධයෙක් විදිහට එක පිළිගන්නවද?

    කෙනෙක් වෙනත් විශ්වාසයක් ගැන හොයනකොට ඔය වගේ උත්තර දුන්නොත්, මේ වගේ ප්‍රශ්න එන එක සමාන්‍යායි, උඹත් වෙනත් විශ්වාස ගැන හෙව්වනම් ඔය වගේමයි ප්‍රශ්න කරන්නේ.

    ඔයා අහන්නේ පින් පව් පල දෙන්නේ ඔයටමද කියලනේ? ඔයාටම කියල මොකක් හරි දෙයක් තියෙනවද කියලනේ අහන්නේ? මේ දෙකටම උත්තරේ ඔව්.
    ඔයාටම කියල තියෙන දේ තමා ඔයාගේ චිත්ත පරම්පරාව. හැබැයි ච්ත්ත පරම්පරාව කියන්නේ වෙනස් නොවී තියෙන එකක් නෙමේ. එකම හිතක් දෙපාරක් ඇති වෙන්නේ නෑ. හැබැයි ඔය කලින් පුරුදු කරලා තියෙන විදියට තමා අලුත් සිතුවිලි ඇති වෙන්නේ. ඔය දැන් ලෝබයි නම්, ඊලග ආත්මෙත් එහමම තමා හිත පුරුදු කරේ නැත්තනම් දන් දෙන්ඩ.
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඔයා අහන්නේ පින් පව් පල දෙන්නේ ඔයටමද කියලනේ? ඔයාටම කියල මොකක් හරි දෙයක් තියෙනවද කියලනේ අහන්නේ? මේ දෙකටම උත්තරේ ඔව්.
    ඔයාටම කියල තියෙන දේ තමා ඔයාගේ චිත්ත පරම්පරාව. හැබැයි ච්ත්ත පරම්පරාව කියන්නේ වෙනස් නොවී තියෙන එකක් නෙමේ. එකම හිතක් දෙපාරක් ඇති වෙන්නේ නෑ. හැබැයි ඔය කලින් පුරුදු කරලා තියෙන විදියට තමා අලුත් සිතුවිලි ඇති වෙන්නේ. ඔය දැන් ලෝබයි නම්, ඊලග ආත්මෙත් එහමම තමා හිත පුරුදු කරේ නැත්තනම් දන් දෙන්ඩ.

    හරි එහෙනම් මතකයන් කියන්නේ මොකක්ද?