මම මේ ගැන ආයුර්වේද සිංහල වෙළඳ සලක මුදලාලි කෙනෙකුගෙන් අසුවා. ඔහු පැවසුවේ මය මෙට බොහෝ කලක සිට ප්‍රචාරය කරන අසත්‍යක් බවයි. ඔහු පැවසු හේතු මෙසේයි.
1. ලින්ක් ආයතනය භාණ්ඩවල ගුණත්වය පිලිබඳ උසස් කීර්තිනාමයක් හිමි සමාගමකි.
2. මෙම සමාගමෙන් අස්වූ අය සහ වෙනත් ආයතන මෙම භාණ්ඩය වෙළදපොලට නිකුත්කළත් ඔවුන්ගේ නිෂ්පාදන අසාර්ථක වූ අතර මෙය එම පිරිස් විසින් ද්වේශසහගතව කරනු ලබන ප්‍රචාරයකි.
3. මෙම ප්‍රචාරය නිකුත් වූ පසු මහාචාර්යවරයෙකු විසින් සමහන් සාම්පල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෙන පරික්ෂා කරනු ලැබ එවැනි තත්වයක් නොමැති බව තහවුරු කර ඇත
4. මෙම භාණ්ඩය ඉන්දියාවට හා අනෙකුත් රටවල පවා හොඳ වෙළඳපොළක් හිමි භාණ්ඩයකි. එම රටවලට මෙය ගෙන්වා ගන්නා සමාගම් කිසිදු රසායනාගාර පරීක්ෂාවක් නොකරන බව පිළිගත නොහැක.