1. අම්මා ගාවල බනින්න එපා අයියේ.
මං කාටවත් අම්ම ගාවල බනින්නෙත් නෑ, කවුරුත් කාටවත් කියනවට කැමතිත් නෑ.
අපි කරන වැරදි වලට අම්මල පලි නෑනෙ අයියෙ.
මොකද එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න කිසිම අම්මෙක් තමන්ගෙ පුතාව වැරදි පාරෙ යවන්නෙ නෑනෙ.
2. රෙප් වලටනම් බය නෑ අයියේ. මං රෙප් පස්සෙ යන කෙනෙක් නෙමෙ. ඔයා මගේ කොටු 11ම බැස්සුවත් මට ගානක් නෑ. මේකට ආතල් එකට මිසක් මේක ජීවිතේ නෙමෙයිනෙ අයියේ
3. ප්රසිද්ධියෙ සමාවගන්න අදහස් කලේ ත්රෙඩ් එකක් එහෙම දාලා සමාවගන්න එකනම් ඒක කවදාවත් වෙන්නෙ නෑ අයියෙ. මේක බෑන් කරවන්න මං තව එකකින් එනවා. මොකද මං එතනට එන්නෙ ජීවත් වෙන්න නෙමෙයිනේ.
4. ඔව්, ඔයාට ඒක අලුගුත්තේරු වැඩක් වෙන්න පුලුවන්, හබැයි මට ඒක ඔය තරම් අම්ම ගාවලා බනින්න තරම් දෙයක් නම් නෙමෙ. ඒක ඉතින් එක එක්කෙනාගෙ දැක්මනේ අයියේ. සමහරවිට දැන් මේ මං දාන රිප්ලයි එකත් ඔයාගෙන් ගේම ඉල්ලන, පොර ටෝක් දුන්න එකක් වගේ පෙනේවි. ඒත් එහෙම දෙයක් නෑ අයියෙ.
මං මෙතන ජෝක් කරන්නෙ කා එක්කවත් තරහකට නෙමෙ මෙතන ඉන්න ඔක්කොම එක්ක තියෙන ෆිට් එකට. ඒක අම්මට බනින්න තරම් වැරැද්දක් නම් සමාවෙන්න.
අහ් අනික කිඹුලයියේ මං කොහොමත් ඔයාට සමාවෙන්න කියනවා මගේ වැඩේ නිසා උන අත්වැරැද්දට.
මේකත් ලොකු ටෝක් දෙනවා කියලා හිතෙනවානම් සමාවෙන්න.
ඔයාට උපදෙස් දෙන්න තරම් ලොකු මිනිහෙක් නෙමෙයි මං,
ඒත් කාටවත් අම්ම ගාවල බනින්න එපා අයියේ