ස්තුතියි මචන්. මම බෞද්ද නෙමෙයි, ඒ උනාට පුලුවන් හැම වෙලේම බුද්ද දේශනාවට අනුව ජිවත් වෙන්නයි බලන්නේ. ඇදහිල්ලක් නැ. තෙරෘම් ගැනීමට උත්සහ කිරීමක් පමනයි. මම හිතන්නේ ඒක තමා වෙන්න ඔනා. ප්‍රශ්න කිරීමෙන් උත්තර ලැබෙනවා මිසක් විශ්වාසයෙන් බලා හිටියට උත්තර හම්බ වෙන්නේ නැ. ගවේශනයයි වැදගත්. මේ ත්‍රේඩ් එකත් වැදගත්, ඇයි දන්නේ නැ දාපු කෙනා ක්ලොස් කරන්න හදන්නේ. වැදගත් දෙයක් තියනවනේ. කුනුහර්ප නෙමෙයිනේ. ටැග් ටික කවුරුහරි ඇඩ්මින් කෙනෙක් අයින් කලානම් හොදා
මමත් උඹ වගේ තමයි. මමත් උපතින් බෞද්ධ වුණා කියලා ඒකෙම එල්ලිලා ඉන්නේ නෑ බන් අන්ධ භක්තියෙන්. ඒකනේ මම කිව්වේ අර ධාතු පරිනිර්වාණය කියන එක විශ්වාස කරන්න බෑ කියලා. ඒකට කට්ටිය ගොඩක් මගේ රෙප් කපලත් තිබ්බා. වටිනාම දේ තමයි ඇත්ත මොකක්ද කියලා හොයා ගන්න එක. නිකං විශ්වාස කර කර අන්ධ භක්තියෙන් හිටියා කියලා වැඩක් නෑ.