ලඟම-යාලුවෙක්-නැතිඋනා
මම උබලට කලින් කිව්වේ මම කෙල්ලෙක් ගැන හිතනව කියල. ඒක ගැස්සිලා ගියා බන්.
ඔය කෙල්ල ගැන හැම තිස්සේම හිත හිත ඉඳලම මට ඇති වෙලා. කෙල්ල බලන්නම මම මගේ යාළුවා බලන්න යන විදියට උන්ගේ ගෙදර ගියා. හැම දේම හොඳ විදියට උනා. කෙල්ලගෙ අම්ම විතරයි දැකල තිබ්බේ. ඉරිද දවසක ගියපු වෙලාවේ තාත්තත් හිටියා, අම්මයි තාත්තයි දෙන්නම හොදට මාත් එක්ක ෆිට් උනා. තාත්ත එහෙම මාත් එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉන්නවා.
මම යන සමහර දවස් වල මගේ යාලුව නෑ. ලඟකට ගිහිල්ල නම් මිනිහ එනකන් මම නංගිත් එක්ක පොඩි චැටක් දාගෙන ඉන්නව. දවස් කීපයක් කතා කරාම ගොඩක් ෆිට් උනා. ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්ත. කෙල්ල මට ටිකක් කැමෙත්තෙන් හිටය වගේ මට තේරුනා. මමත් ෆිට් එකේ හිටියේ ඒ දවස් ටිකේ
මම පුලුවන් හැම වෙලාවෙදිම ඇනයක් නොවෙන විදියට එයාට ටෙක්ස්ට් කරා. එයත් ක්ෂණිකව රෙිප්ලයි කරා
හෙමින් සැරේ නම දන්න නිසා ෆේස්බුක් එක බලල එයාට රික්වෙස්ට් එකක් දැම්ම එයත් ඇක්සෙප්ට් කරල තිබ්බ. මම ෆේස්බුක් එක ආපහු ඇක්ටිවේට් කරේ මේ කෙල්ල එක්ක චැට් කරන්නමයි
හවසට, රෑට මම චැට් කරා මෙයත් එක්ක. හැබැයි ටිකක් ගුප්තයි වගේ
සෑහෙන්න පරිස්සමින් තමයි වචන එලියට දාන්නේ. ගොඩක් වෙලා හිතන බව තේරෙනව රිප්ලයි කරන්න ටිකක් වෙලා සමහර ඒවට ගන්නකොට. සාමාන්‍ය විදියට චැට් කරාට මොකද ලාවට දැල එලෙන වදියට මම රිප්ලයි එකක් දැම්මොත් ගොඩක් වෙලා රිප්ලයි නොකර ඉඳල, හිනා මූනක් දානව. නැත්නම් එ්‍කපාරට ඔෆ්ලයින් යනව, නැත්නම් මම අහපු දේ දැක්කෙ නෑ වගේ අධාල නැති රිප්ලයි එකක් දානව. ලේසි උනේ නෑ කොක්ක දාන්න
මාත් අත ඇරියේ නෑ ඉවසීමෙන් කරගෙන ගියා. එයා එක එක නිසදැස් වගේ දේවල් දානව ෆේස්බුක් එකේ මම අනිවා ලයික් එකක්, කමෙන්ට් එකක් දානවමයි. මට රිප්ලයි එකක් නැතත්, මගේ කමෙන්ට් එකට එයා බොහෝ විට ලයික් කරනවා.
ගොඩක් මගේ කමෙන්ට්ස් පැනි කමෙන්ට්ස් නිසා එයාගේ සමර යාලුවෝ කමෙන්ට් එකක් විදියටම අහනව මම කවුද කියල. ඒත් එයා රිප්ලයි කරන්නේ නම් නෑ
ඔක්කොම ෆේස්බුක්, ෆෝන් ටෙක්ස් තමයි ගොඩක්. කෝල් කරත් මම කතා කරන්න කලින්ම "ආ.. අයියා ඉන්න මම අයියට කතා කරන්නම් කියල. අයියට කතා කරනව, ඉන්පස්සේ නැවතත් ෆොන් එක කනට ලඟට අරන්, අයියා... අයියා ගෙදර නෑනේ. ඔයා එයාගේ ෆොන් එකට ගත්තේ නැද්ද?" වගේ මොකක් හරි අහල කට් කරනව. මට ඕන එයාට කතා කරන්න. ඒත් චාන්ස් එකක් දෙන්නෙම නෑ
හැබැයි ගෙදරට ගියාම හොඳට කතා කරනව, විහිලු කරනව. ඒත් ඉතින් ගෙදරදි ඩීසන්ට් විදියට කතා කරත්, විහිලු කරත් අරව මේව කතා කරන්න බෑනේ. අනික අරූ ආව ගමන් මම උගේ කාමරේට ඇදන් යනව. එක්කෝ අම්මත් අැවිත් කතා කරනව. කලාතුරකින් දවස් 3ක් වගේ තමයි එයත් එක්ත ටිකක තනියම කතා කරෙත්. ඒ වෙලාවේ තමයි මම නම, පොඩ්ඩක් එයාගේ විස්තර අහගත්තේ.
එයා ගොඩක් පොත් කියවන නිසා සහ අහපු අහපු පොත් කියවල තියෙන නිසා. මම මැයි 12 විජිතයාපා එකෙන් වව්චර් එකකුත් අරන් එහේ යන වෙලාවක දෙන්න හිතන් අරන් ගියත් තනියම සෙට් උනේ නැති නිසා, දවස් දෙකක්ම දෙන්න බැරි උනා. කොහොම හරි ආපහු ගිය දවසක තනියම සෙට් උන නිසා දීගන්න පුලුවන් උනා. ඒකත් ලෝක අමාරුවෙන් තමයි ගත්තේ. සෑහෙන්න ප්‍රශ්නත් ඇහුවා. මම කිව්වා මම විජිතයාපා එකට ගියා පොත්වගයක් ගන්න ඒ වෙලා නංගිව මතක් උනා ඒ නිසා ඔයාට වව්චර් එකක් අරන් ආව කියල. එයා තෑන්ක්ස් අයියේ කියල ගත්තා.
ඒ මොනව උනත් සහ කොච්චර චැට් කරත් ටෙක්ස්ට් කරත් දියුනවක් තිබ්බේ නෑ. වෙලාවක හිතුනා මෙයා මට කැමති නැතුවවත්ද කියල. ඒත් මම ඇත ඇරියේ නෑ. ඒත් මට ඉවසන්නම බැරි තැන රෑ නමයට විතර කෝල් එකක් ගත්ත. එයා මුකුත් කියන්න කලින් මම කව්වා මට නංගිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන ෆොන් එක තියන්න එපා කියල. පස්සේ මම කියාගෙන කියාගෙන ගියා මගේ හිතේ එයා ගැන තියෙන අදහස. ඒත් එයා නෝ කතා මම ෆෝන් එක දිපා කීප සැරයක්ම බැලුව ලයින් එක කටි වෙලාවත්ද කියල. පස්සේ මම එයාගේ නම කියල ඇයි කතා නැත්තේ කියල ඇහැව්ව. පස්සේ කැඩි කැඩි වගේ අයියේ... මේ.... වගේ කියන්න ගත්ත. මම ඒ ගමන්ම ඇහැව්වා ඔයා ආදරේ කරන වෙන කෙනෙක් ඉන්නවද කියල. එයා නෑ කියලත් කිව්ව. තව මම කතා කරන්න හදනකොටම එයා එක පාරටම කට් කරා. දෙවැනි පාරත් ගත්ත රින්ස් යනව ආන්සර් කලේ නෑ. තුන් වෙනි සැරෙත් ගත්ත එතකොට ෆෝන් එක වැඩ නෑ. මම දැන ගත්තා මේ වචන ටික එයාගෙන් ඒ ගෙදරදීනම් අහන්න බැරි වග. ඒනිසා ෆෝන් එකෙන් ඇහුවෙ. ඒත් ලැබුනු රිප්ලයි එක දෙපැත්තටම නැති නිසා ටිකක් අවුලෙන් හිටියේ මොනව වෙයිද කියල. ඒත් සැහැල්ලුවක් දැනුන හිතට. හිතේ තියෙනන දේ කියාගත්ත නිසා. මම පහුවදා කෝල් කරන්න ට්‍රයි කරත් ගන්න බෑ, ඒත් යනව එස්.එම්.එස් නම් යනව ඒත් රිප්ලයි නෑ.
ෆේස්බුක් එකේ මැසේජ් කරත් ලිප්ලයි නෑ එයා ඒ දවස් දෙකට කිසිම ස්ටේටස් එකක් දැම්මෙත් නෑ.
මම හිතුවා වැඩේ කෙලවිලා තමයි කියල. ඒත් මම හිතුවේ නෑ මේක මෙච්ච චාටර් වෙයි කියල. මම බදාදා වැඩට ගියාට ඒ නංගිගෙ අයිය. ඒ කියන්නේ මගේ මිත්‍රය මාත් එක්ක වෙනද වගේ කතාවක් නෑ කතා කරන කරන එකට ගහගන්න වගේ වචනෙන් දෙකෙන් තමයි උත්තර දෙන්නේ. මිනිහ වෙනදට මාත් එක්ක කන්න යන්නේ ඒත් එදා ඌ කන්න අවෙත් නෑ. මම දැනගත්ත අරක තමයි කේස් එක කියල. ඒනිසා නැවත නැවතත් අහන්න ගියේ නෑ උබට මොකද වෙලා තියෙන්නේ කියල.
ඌ එදා කලින්ම ගෙදරත් ගිහින්. මම හවස ඌව අල්ලගෙන පොඩි චැට් එකක් දාන්න හිටියේ. මොනව කරන්නද මම වැඩ ඇරිල බෝඩිමට ගියා. ඒත් අරූව අල්ලගෙන ඌව ෂේප් කරගන්න ඕන කම තිබ්බ. ඒ එක්කම මට මාර යටි බඩේ කැක්කුමක් හැදුන. ඒ නිසා වැඩට ගියෙත් නෑ. සිකුරාද ගියත් වේලාසන ආව බෙහෙතුත් අරගෙන උදෙත් ඒ ගතිය ආව නිසා. ඒත් සෙනසුරාදා උදේම මම උන්ගේ ගෙදර ගියා ඕන මගුලක් වෙන්න කියල හිතාගෙන. යනකොට උනේගේ ගෙදර හැමෝම ඉන්නවා. තාත්තත් ගෙදර සෙනසුරාද නිසා. මාව දැක්ක ගමන් අරූගේ මූන හොඳ නැති උනා. නංගිත් වීල් චෙයා එක පුලුවන් වේගෙන් කර කව කව අතුලට ගියා. අරූ මාව රූම් එකට එක්කන් ගිහින්. පොඩ්ඩක් ඔහොම හිටහන් කියල ඇඳුමක් දාගෙන මාවත් උන‍්ගේ තාත්තගේ වාහනේ දාගෙන යන්න ගත්ත. යනගමන් කිසිකතාවකුත් නෑ. ගහින් පාරක් ලඟ නවත්තල බැහැපන් කිව්ව මාත් බැස්ස. මිනිහ මට ගැහව්වේ නැති එක විතරයි කියවගෙන කියවගෙන කියා මට ඒ වෙලාවෙම අතීතය ආපස්සට රීවයින්ඩ් කරන්න පුලුවන් නම් කියල හිතුන. මට කතා කරන්න දුන්නෙම නෑ යකාවගේ නෑ නෑ.. ගගා බැනගෙන බැනගෙන ගියා. ඌ කිව්වේ අපේ චූටිගේ (උගේ නංගිට උන් කියන්නේ ගෙදරදි එහෙමයි) කකුලක් පන නැති උනාට උන් නංගිව බලාගත්තේ ඇස්දෙක වගේලු. නංගිගේ කකුලක් නෙමේ මුලු ඇඟම පන නැති උනත් උබවගේ එකෙක්ට මම මගේ නංගිව දෙන්නේ නෑලු. තව ඇහැව්ව. උබ කොහොමද හිතුවේ මම මස්සිනා කරගන්න ඒ පාහරයෝ කියල සුද්ද සංහලෙන්ම මම අහගත්ත. ඌ කිවව තෝ ඔය වගේ එකෙක් කියල දන්නවනම් ගෙදර වැද්දගන්නේ නෑ කියල.
මටත් හරියට කතා කරගන්න බෑ ඒ වෙලාවේ මගේ ඇඟ රත්වෙලා ගල් ගැහිල වගේ. මට එපාම වෙලා හිටියේ. ඌ කියාගෙන කියාගෙන ගිහිල්ලා නැවතුන ගමන් මම ඇහැව්වා ඇයි උබ මට ඔයතරම් එකපාරට අකමැති උනේ මගේ තියෙන අඩුපාඩුව මොකක්ද කියල. ඒඑක්කම මම කිව්වා මට ජොබ් එකක් තියෙනවා, මම ඉගෙන ගෙන තියෙනවා. ඉන්න ගෙයක් තියෙනවා. මොකද උබ මෙච්චර මට අකමැති කියල. පස්සේ මිනිහා කියනවා. නංගි තාම පොඩිලු. එයාට ඉගෙන ගන්න ඕනලු. කකුලක් පන නැති උනාට එයාව අපිට බරක් නෑලු. පස්සේ මම කිව්වා නංගි ඉගෙන ගන්න එක ප්‍රශ්නයක් නෑ මම උබේ නංගිට ආදරෙයි එයා ඉගෙන ගෙන ඉවර උනාම මම එයාව බඳින්නම් කියල. පස්සේ ඌ කියනව. තොට මෙච්චර වෙලාවක් කියපුව ඇහුනේ නැද්ද කියල. පස්සේ මම කිව්වා උබ හරියට හේතුවක් කියන්නෑනේ මචං කියල. ඔන්න එතකොට තමයි කාරනාව එලියට ආවේ.
මම මාස කීපයකට කලින් ඔෆිස් එකේම කෙල්ලෙක්ට ලයින් කරල ඒකෙත් කෙල්ලගේ අයිය මට තරජනය කරල වැඩේ හබක් උනා. ඔය සිද්දිය අගක්මුලක් නැතිව මිනිහ දන්නව මොකද මිනිහ තමයි මගේ ලඟින්ම ඔෆිස් එකේදී උන්නේ. ඒකෙදි ඒ කෙල්ල ගැන ගැන කතා උන දේවල්, ඒකි මට ගනන් උස්සදී මම කියපු කතා ඔක්කොම ඌ දන්නව. තව කොල්ලෝ කොල්ලෝ එකට ඉන්න වෙලාවට පොඩි පොඩි කුණුහරුප එහෙම කෙල්ලො ගැන මට කියවිලා තියෙනව. තව මම කලින් කරපුව අරමේවත් බෝඩිමේ ඉන්න යාලුවයි , මූයි දෙන්නම දන්නව. ඔයින් කීපයක් මතක් කරල තමයි ඌ කිව්වේ උබ වගේ එකෙක් කොහොමටත් මගේ නංගිට ගැලපෙන්නේ නෑ කියල. කාටවත් දෙන්න බැරි උනොත් මම මැරෙනකම් නංගිව බලාගන්නව කියල ඌ කිව්ව. මම කොච්ච තේරුම් කරන්න හැදුවත් මිනිහා කොච්චර ෆීට් එකේ මාත් එක්ක ඉඳලා තිබ්බත්. මගේ ගැන සෑහෙන්න අඩුතක්සේරුවකින තමයි ඉඳලා තියෙන්නේ. මම ඒක දැනගත්තේ එදා තමයි. එදා බනිද්දී මම ඔෆිස් එකේ ඉන්න ඉන්න කොල්ලෝ කීපයක් එක්කම කම්පෙයාර් කරල ඌ කතා කරා. ඌ ඒ කොල්ලෝ ගැන කතා කරේ කවදාවත් කෙල්ලෙක් දිහා නොබලපු, බියර් ටිකක් වත් බීලා නැති කොල්ලෝ ගානට. අන්න උන් වගේ එකෙක් මගේ මස්සිනා කරගන්න ඌ කැමතිලු නැතිව උබ වගේ @#$# එකෙක් නෙමෙයිලු.
ඒත් බන් ඌ ඔය කියපු උන් මූත් එක්ක තියා කාත් එක්කවත් වැඩිය ෆිට් නෑ මමයි තව උන් 3න් දෙනෙකුයි තමයි එකට ෆිට් එකේ හිටියේ. ඒ ඉඳලත් මූ මේ කියන කතා ඇහුවම මට සසර කල කිරුන.
පස්සේ මම ඇහැව්වා කමක් නෑ උබ කැමති නැත්නම් කමක් නෑ. නංගිද කිවේ උබට මම ගැන කියල. පස්සේ ඌ කිව්වා නෑ මම නංගිගේ ෆේස්බුක් එකේ හැසිරෙන විදියට ඌ දවස්ගානක ඉඳන්ම බලාගෙනලු හිටියේ. පස්සෙ තමයි නංගිගෙන් අහල තියෙන්නේ එයා කියල නෑ එහෙම දෙයක් ගැන. මූ මහ හයියෙන් ගෙදරදී බැනලත් එක්ක අම්මත් දැනගෙන. මූ නංගියේ ෆොන් එක බලෙන් චෙක් කරල එස්.එම්.එස් බලල. පස්සේ නංගි විස්තරේ කියල මම කොල් කරනවයි, එස්.එම්.එස් කරනවයි කියල. එත් සම්බන්දයක් තිබුනේ නෑකියලත් කියල. මම කැමැත්ත අහපු එකත් කියල. ඔහොම තමයි වැඩේ පත්තු වෙලා තියෙන්නේ. මට ආපහු ඒ ගෙදර යන්න බැරි වෙයි මූ මට කිව්ව කතා ටිකම ගෙදර අයටයි, නංගිටයි මාව එපා වෙන්නත් එක්කම එක හත කරල කියන්න අති.
අරූ කොහොම හරි හිතේ තියෙන හැම දෙයක්ම කියල වාහනේට නැගල මාවත් පාර මග දාල අරල ගියා. මාත් ඉස්සරට ඇවිදගෙන ආව කල්පනා කර කර. අරූ ආපහු වාහෙනේ හරවන් ඇවිත් නැගපන් කිව්ව. මාත් නැග්ග. මූ මාව බෝඩිම ලගින් දාල ගියා. එක වචනයක් වත් කතා කරෙත් නෑ මම කතා කරෙත් නෑ.
මේ දවස් කීපයේදීම ඌ මගේ මූනවත් බලන්නෑ ඔෆිස් එකේදී. මම ඉන්නේ උගේ තරහ නිවුන වෙලාවක මගේ හිතට අති වෙන්න ඌට සොරි කියන්න. ඌ මට ගොඩක් උදව් කරල තියෙනව. මම ඩෙන්ගු හැදිල හිටිය දවස්වල ඌ හැමදාම එක එක ඒව උස්සන් මම බලන්න ආව. ඌ මං ගැන මොනව හිතන් හිටියත් ඌත් කැමති නැත්නම් , නංගි කැමති උනත් මට වැඩක් නෑ. ඒ නිසා මට උගෙන් සමාව ගන්න ඕන. ඒ එක්කම ආපහු නංගි ගැන හිතන්නේ නෑ කියල මූව ශේප් කරගන්නත් ට්‍රයි කරනව. මොකද හෙන චාටර් ඔෆිස් එකේදී මෙහෙම ඔරොප්පු මූඩ් දාගෙන ඉන්න කොට. හෙට අනිදට බැරි වෙයි ඒත් පස්සේ හෙමිහිට බලනව.
මම කෙල්ලටත් මගෙන් උන දේවල් වලට සොරි කියල ෆේස්බුක්වලට මැසේජ් එකක් දාල. ආපහු බුකිය ඩිඇක්ටිවේට් කරල දැම්ම. මොකද මට කොන්ට්‍රෝල් නෑ මාවම හැම තිස්සෙම එයාගේ ප්‍රොෆයිල් එක බලන්න හිතෙනවා.
ඒ කරදර මදියට දැන් සැරින් සැරේට බඩේ කැක්කුමක් එන්න අරන්. මේ එන සෙනසුරාදට වත් ඩොකෙක්ට පෙන්නන්න ඕන.
ඔන්න ඔය දේ තමයි මේ සති දෙක තුනට උනේ. මම සෑහෙන බලාපොරොත්තු තියන් හිටියේ මේ නංගි ගැන. ඒත් මොනව කරන්නද මට අයියලාගෙන් අපලයි වගේ.
මේ දෙකම මට මිස් උනේ අයියල නිසා.
මම හිතා ගත්ත ඕව ගැන වැඩිය හිතන්නේ නෑ කියල. තාම මගේ වෙලාව නෙමේ වෙන්න ඇති. 
ත්‍රෙඩ් එක නම් දිග වැඩියි තමයි බන් මගේ හිත නිදහස් කරගන්න මම ලියල දැම්මේ. අවසානෙට මට උබලට දෙයක් කියන් තියෙනවා. උබල ගොඩක් සමීපව ඉන්න අයට එයාල උබලත් එක්ක කොච්චර ෆිට් උනත් උබලගේ රහස් කියන්න යන්න එපා. කොච්චර ෆිට් උනත් ඒවලින් අපේ යාළුවෝ අපිව මිනිනවා. අපිට ට්‍රීට් කරන්නෙත් ඒයාලා අපි ගැන හිතන් ඉන්න මිම්මෙන්. මට ඒක මීට දවස් කීපයකට කලින් හොදට අත්විඳින්න ලැබුන. මම මේ කෙල්ලට ඇත්තටමයි ආදරේ කරේ බොරුවක් වංචාවක් කරන්න හිතේ පොඩ්ඩක් වත් තිබ්බේ නෑ. ඒත් අරූට මාව විශ්වාස නෑ.
මම උබලට කලින් කිව්වේ මම කෙල්ලෙක් ගැන හිතනව කියල. ඒක ගැස්සිලා ගියා බන්.
ඔය කෙල්ල ගැන හැම තිස්සේම හිත හිත ඉඳලම මට ඇති වෙලා. කෙල්ල බලන්නම මම මගේ යාළුවා බලන්න යන විදියට උන්ගේ ගෙදර ගියා. හැම දේම හොඳ විදියට උනා. කෙල්ලගෙ අම්ම විතරයි දැකල තිබ්බේ. ඉරිද දවසක ගියපු වෙලාවේ තාත්තත් හිටියා, අම්මයි තාත්තයි දෙන්නම හොදට මාත් එක්ක ෆිට් උනා. තාත්ත එහෙම මාත් එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉන්නවා. මම යන සමහර දවස් වල මගේ යාලුව නෑ. ලඟකට ගිහිල්ල නම් මිනිහ එනකන් මම නංගිත් එක්ක පොඩි චැටක් දාගෙන ඉන්නව. දවස් කීපයක් කතා කරාම ගොඩක් ෆිට් උනා. ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්ත. කෙල්ල මට ටිකක් කැමෙත්තෙන් හිටය වගේ මට තේරුනා. මමත් ෆිට් එකේ හිටියේ ඒ දවස් ටිකේ
මම පුලුවන් හැම වෙලාවෙදිම ඇනයක් නොවෙන විදියට එයාට ටෙක්ස්ට් කරා. එයත් ක්ෂණිකව රෙිප්ලයි කරා
හෙමින් සැරේ නම දන්න නිසා ෆේස්බුක් එක බලල එයාට රික්වෙස්ට් එකක් දැම්ම එයත් ඇක්සෙප්ට් කරල තිබ්බ. මම ෆේස්බුක් එක ආපහු ඇක්ටිවේට් කරේ මේ කෙල්ල එක්ක චැට් කරන්නමයි
හවසට, රෑට මම චැට් කරා මෙයත් එක්ක. හැබැයි ටිකක් ගුප්තයි වගේ
සෑහෙන්න පරිස්සමින් තමයි වචන එලියට දාන්නේ. ගොඩක් වෙලා හිතන බව තේරෙනව රිප්ලයි කරන්න ටිකක් වෙලා සමහර ඒවට ගන්නකොට. සාමාන්‍ය විදියට චැට් කරාට මොකද ලාවට දැල එලෙන වදියට මම රිප්ලයි එකක් දැම්මොත් ගොඩක් වෙලා රිප්ලයි නොකර ඉඳල, හිනා මූනක් දානව. නැත්නම් එ්‍කපාරට ඔෆ්ලයින් යනව, නැත්නම් මම අහපු දේ දැක්කෙ නෑ වගේ අධාල නැති රිප්ලයි එකක් දානව. ලේසි උනේ නෑ කොක්ක දාන්න
මාත් අත ඇරියේ නෑ ඉවසීමෙන් කරගෙන ගියා. එයා එක එක නිසදැස් වගේ දේවල් දානව ෆේස්බුක් එකේ මම අනිවා ලයික් එකක්, කමෙන්ට් එකක් දානවමයි. මට රිප්ලයි එකක් නැතත්, මගේ කමෙන්ට් එකට එයා බොහෝ විට ලයික් කරනවා.ගොඩක් මගේ කමෙන්ට්ස් පැනි කමෙන්ට්ස් නිසා එයාගේ සමර යාලුවෝ කමෙන්ට් එකක් විදියටම අහනව මම කවුද කියල. ඒත් එයා රිප්ලයි කරන්නේ නම් නෑ

ඔක්කොම ෆේස්බුක්, ෆෝන් ටෙක්ස් තමයි ගොඩක්. කෝල් කරත් මම කතා කරන්න කලින්ම "ආ.. අයියා ඉන්න මම අයියට කතා කරන්නම් කියල. අයියට කතා කරනව, ඉන්පස්සේ නැවතත් ෆොන් එක කනට ලඟට අරන්, අයියා... අයියා ගෙදර නෑනේ. ඔයා එයාගේ ෆොන් එකට ගත්තේ නැද්ද?" වගේ මොකක් හරි අහල කට් කරනව. මට ඕන එයාට කතා කරන්න. ඒත් චාන්ස් එකක් දෙන්නෙම නෑ
හැබැයි ගෙදරට ගියාම හොඳට කතා කරනව, විහිලු කරනව. ඒත් ඉතින් ගෙදරදි ඩීසන්ට් විදියට කතා කරත්, විහිලු කරත් අරව මේව කතා කරන්න බෑනේ. අනික අරූ ආව ගමන් මම උගේ කාමරේට ඇදන් යනව. එක්කෝ අම්මත් අැවිත් කතා කරනව. කලාතුරකින් දවස් 3ක් වගේ තමයි එයත් එක්ත ටිකක තනියම කතා කරෙත්. ඒ වෙලාවේ තමයි මම නම, පොඩ්ඩක් එයාගේ විස්තර අහගත්තේ.

එයා ගොඩක් පොත් කියවන නිසා සහ අහපු අහපු පොත් කියවල තියෙන නිසා. මම මැයි 12 විජිතයාපා එකෙන් වව්චර් එකකුත් අරන් එහේ යන වෙලාවක දෙන්න හිතන් අරන් ගියත් තනියම සෙට් උනේ නැති නිසා, දවස් දෙකක්ම දෙන්න බැරි උනා. කොහොම හරි ආපහු ගිය දවසක තනියම සෙට් උන නිසා දීගන්න පුලුවන් උනා. ඒකත් ලෝක අමාරුවෙන් තමයි ගත්තේ. සෑහෙන්න ප්‍රශ්නත් ඇහුවා. මම කිව්වා මම විජිතයාපා එකට ගියා පොත්වගයක් ගන්න ඒ වෙලා නංගිව මතක් උනා ඒ නිසා ඔයාට වව්චර් එකක් අරන් ආව කියල. එයා තෑන්ක්ස් අයියේ කියල ගත්තා.
ඒ මොනව උනත් සහ කොච්චර චැට් කරත් ටෙක්ස්ට් කරත් දියුනවක් තිබ්බේ නෑ. වෙලාවක හිතුනා මෙයා මට කැමති නැතුවවත්ද කියල. ඒත් මම ඇත ඇරියේ නෑ. ඒත් මට ඉවසන්නම බැරි තැන රෑ නමයට විතර කෝල් එකක් ගත්ත. එයා මුකුත් කියන්න කලින් මම කව්වා මට නංගිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන ෆොන් එක තියන්න එපා කියල. පස්සේ මම කියාගෙන කියාගෙන ගියා මගේ හිතේ එයා ගැන තියෙන අදහස. ඒත් එයා නෝ කතා මම ෆෝන් එක දිපා කීප සැරයක්ම බැලුව ලයින් එක කටි වෙලාවත්ද කියල. පස්සේ මම එයාගේ නම කියල ඇයි කතා නැත්තේ කියල ඇහැව්ව. පස්සේ කැඩි කැඩි වගේ අයියේ... මේ.... වගේ කියන්න ගත්ත. මම ඒ ගමන්ම ඇහැව්වා ඔයා ආදරේ කරන වෙන කෙනෙක් ඉන්නවද කියල. එයා නෑ කියලත් කිව්ව. තව මම කතා කරන්න හදනකොටම එයා එක පාරටම කට් කරා. දෙවැනි පාරත් ගත්ත රින්ස් යනව ආන්සර් කලේ නෑ. තුන් වෙනි සැරෙත් ගත්ත එතකොට ෆෝන් එක වැඩ නෑ. මම දැන ගත්තා මේ වචන ටික එයාගෙන් ඒ ගෙදරදීනම් අහන්න බැරි වග. ඒනිසා ෆෝන් එකෙන් ඇහුවෙ. ඒත් ලැබුනු රිප්ලයි එක දෙපැත්තටම නැති නිසා ටිකක් අවුලෙන් හිටියේ මොනව වෙයිද කියල. ඒත් සැහැල්ලුවක් දැනුන හිතට. හිතේ තියෙනන දේ කියාගත්ත නිසා. මම පහුවදා කෝල් කරන්න ට්‍රයි කරත් ගන්න බෑ, ඒත් යනව එස්.එම්.එස් නම් යනව ඒත් රිප්ලයි නෑ.
ෆේස්බුක් එකේ මැසේජ් කරත් ලිප්ලයි නෑ එයා ඒ දවස් දෙකට කිසිම ස්ටේටස් එකක් දැම්මෙත් නෑ.මම හිතුවා වැඩේ කෙලවිලා තමයි කියල. ඒත් මම හිතුවේ නෑ මේක මෙච්ච චාටර් වෙයි කියල. මම බදාදා වැඩට ගියාට ඒ නංගිගෙ අයිය. ඒ කියන්නේ මගේ මිත්‍රය මාත් එක්ක වෙනද වගේ කතාවක් නෑ කතා කරන කරන එකට ගහගන්න වගේ වචනෙන් දෙකෙන් තමයි උත්තර දෙන්නේ. මිනිහ වෙනදට මාත් එක්ක කන්න යන්නේ ඒත් එදා ඌ කන්න අවෙත් නෑ. මම දැනගත්ත අරක තමයි කේස් එක කියල. ඒනිසා නැවත නැවතත් අහන්න ගියේ නෑ උබට මොකද වෙලා තියෙන්නේ කියල.
ඌ එදා කලින්ම ගෙදරත් ගිහින්. මම හවස ඌව අල්ලගෙන පොඩි චැට් එකක් දාන්න හිටියේ. මොනව කරන්නද මම වැඩ ඇරිල බෝඩිමට ගියා. ඒත් අරූව අල්ලගෙන ඌව ෂේප් කරගන්න ඕන කම තිබ්බ. ඒ එක්කම මට මාර යටි බඩේ කැක්කුමක් හැදුන. ඒ නිසා වැඩට ගියෙත් නෑ. සිකුරාද ගියත් වේලාසන ආව බෙහෙතුත් අරගෙන උදෙත් ඒ ගතිය ආව නිසා. ඒත් සෙනසුරාදා උදේම මම උන්ගේ ගෙදර ගියා ඕන මගුලක් වෙන්න කියල හිතාගෙන. යනකොට උනේගේ ගෙදර හැමෝම ඉන්නවා. තාත්තත් ගෙදර සෙනසුරාද නිසා. මාව දැක්ක ගමන් අරූගේ මූන හොඳ නැති උනා. නංගිත් වීල් චෙයා එක පුලුවන් වේගෙන් කර කව කව අතුලට ගියා. අරූ මාව රූම් එකට එක්කන් ගිහින්. පොඩ්ඩක් ඔහොම හිටහන් කියල ඇඳුමක් දාගෙන මාවත් උන‍්ගේ තාත්තගේ වාහනේ දාගෙන යන්න ගත්ත. යනගමන් කිසිකතාවකුත් නෑ. ගහින් පාරක් ලඟ නවත්තල බැහැපන් කිව්ව මාත් බැස්ස. මිනිහ මට ගැහව්වේ නැති එක විතරයි කියවගෙන කියවගෙන කියා මට ඒ වෙලාවෙම අතීතය ආපස්සට රීවයින්ඩ් කරන්න පුලුවන් නම් කියල හිතුන. මට කතා කරන්න දුන්නෙම නෑ යකාවගේ නෑ නෑ.. ගගා බැනගෙන බැනගෙන ගියා. ඌ කිව්වේ අපේ චූටිගේ (උගේ නංගිට උන් කියන්නේ ගෙදරදි එහෙමයි) කකුලක් පන නැති උනාට උන් නංගිව බලාගත්තේ ඇස්දෙක වගේලු. නංගිගේ කකුලක් නෙමේ මුලු ඇඟම පන නැති උනත් උබවගේ එකෙක්ට මම මගේ නංගිව දෙන්නේ නෑලු. තව ඇහැව්ව. උබ කොහොමද හිතුවේ මම මස්සිනා කරගන්න ඒ පාහරයෝ කියල සුද්ද සංහලෙන්ම මම අහගත්ත. ඌ කිවව තෝ ඔය වගේ එකෙක් කියල දන්නවනම් ගෙදර වැද්දගන්නේ නෑ කියල.
මටත් හරියට කතා කරගන්න බෑ ඒ වෙලාවේ මගේ ඇඟ රත්වෙලා ගල් ගැහිල වගේ. මට එපාම වෙලා හිටියේ. ඌ කියාගෙන කියාගෙන ගිහිල්ලා නැවතුන ගමන් මම ඇහැව්වා ඇයි උබ මට ඔයතරම් එකපාරට අකමැති උනේ මගේ තියෙන අඩුපාඩුව මොකක්ද කියල. ඒඑක්කම මම කිව්වා මට ජොබ් එකක් තියෙනවා, මම ඉගෙන ගෙන තියෙනවා. ඉන්න ගෙයක් තියෙනවා. මොකද උබ මෙච්චර මට අකමැති කියල. පස්සේ මිනිහා කියනවා. නංගි තාම පොඩිලු. එයාට ඉගෙන ගන්න ඕනලු. කකුලක් පන නැති උනාට එයාව අපිට බරක් නෑලු. පස්සේ මම කිව්වා නංගි ඉගෙන ගන්න එක ප්‍රශ්නයක් නෑ මම උබේ නංගිට ආදරෙයි එයා ඉගෙන ගෙන ඉවර උනාම මම එයාව බඳින්නම් කියල. පස්සේ ඌ කියනව. තොට මෙච්චර වෙලාවක් කියපුව ඇහුනේ නැද්ද කියල. පස්සේ මම කිව්වා උබ හරියට හේතුවක් කියන්නෑනේ මචං කියල. ඔන්න එතකොට තමයි කාරනාව එලියට ආවේ.
මම මාස කීපයකට කලින් ඔෆිස් එකේම කෙල්ලෙක්ට ලයින් කරල ඒකෙත් කෙල්ලගේ අයිය මට තරජනය කරල වැඩේ හබක් උනා. ඔය සිද්දිය අගක්මුලක් නැතිව මිනිහ දන්නව මොකද මිනිහ තමයි මගේ ලඟින්ම ඔෆිස් එකේදී උන්නේ. ඒකෙදි ඒ කෙල්ල ගැන ගැන කතා උන දේවල්, ඒකි මට ගනන් උස්සදී මම කියපු කතා ඔක්කොම ඌ දන්නව. තව කොල්ලෝ කොල්ලෝ එකට ඉන්න වෙලාවට පොඩි පොඩි කුණුහරුප එහෙම කෙල්ලො ගැන මට කියවිලා තියෙනව. තව මම කලින් කරපුව අරමේවත් බෝඩිමේ ඉන්න යාලුවයි , මූයි දෙන්නම දන්නව. ඔයින් කීපයක් මතක් කරල තමයි ඌ කිව්වේ උබ වගේ එකෙක් කොහොමටත් මගේ නංගිට ගැලපෙන්නේ නෑ කියල. කාටවත් දෙන්න බැරි උනොත් මම මැරෙනකම් නංගිව බලාගන්නව කියල ඌ කිව්ව. මම කොච්ච තේරුම් කරන්න හැදුවත් මිනිහා කොච්චර ෆීට් එකේ මාත් එක්ක ඉඳලා තිබ්බත්. මගේ ගැන සෑහෙන්න අඩුතක්සේරුවකින තමයි ඉඳලා තියෙන්නේ. මම ඒක දැනගත්තේ එදා තමයි. එදා බනිද්දී මම ඔෆිස් එකේ ඉන්න ඉන්න කොල්ලෝ කීපයක් එක්කම කම්පෙයාර් කරල ඌ කතා කරා. ඌ ඒ කොල්ලෝ ගැන කතා කරේ කවදාවත් කෙල්ලෙක් දිහා නොබලපු, බියර් ටිකක් වත් බීලා නැති කොල්ලෝ ගානට. අන්න උන් වගේ එකෙක් මගේ මස්සිනා කරගන්න ඌ කැමතිලු නැතිව උබ වගේ @#$# එකෙක් නෙමෙයිලු.
ඒත් බන් ඌ ඔය කියපු උන් මූත් එක්ක තියා කාත් එක්කවත් වැඩිය ෆිට් නෑ මමයි තව උන් 3න් දෙනෙකුයි තමයි එකට ෆිට් එකේ හිටියේ. ඒ ඉඳලත් මූ මේ කියන කතා ඇහුවම මට සසර කල කිරුන.
පස්සේ මම ඇහැව්වා කමක් නෑ උබ කැමති නැත්නම් කමක් නෑ. නංගිද කිවේ උබට මම ගැන කියල. පස්සේ ඌ කිව්වා නෑ මම නංගිගේ ෆේස්බුක් එකේ හැසිරෙන විදියට ඌ දවස්ගානක ඉඳන්ම බලාගෙනලු හිටියේ. පස්සෙ තමයි නංගිගෙන් අහල තියෙන්නේ එයා කියල නෑ එහෙම දෙයක් ගැන. මූ මහ හයියෙන් ගෙදරදී බැනලත් එක්ක අම්මත් දැනගෙන. මූ නංගියේ ෆොන් එක බලෙන් චෙක් කරල එස්.එම්.එස් බලල. පස්සේ නංගි විස්තරේ කියල මම කොල් කරනවයි, එස්.එම්.එස් කරනවයි කියල. එත් සම්බන්දයක් තිබුනේ නෑකියලත් කියල. මම කැමැත්ත අහපු එකත් කියල. ඔහොම තමයි වැඩේ පත්තු වෙලා තියෙන්නේ. මට ආපහු ඒ ගෙදර යන්න බැරි වෙයි මූ මට කිව්ව කතා ටිකම ගෙදර අයටයි, නංගිටයි මාව එපා වෙන්නත් එක්කම එක හත කරල කියන්න අති.

අරූ කොහොම හරි හිතේ තියෙන හැම දෙයක්ම කියල වාහනේට නැගල මාවත් පාර මග දාල අරල ගියා. මාත් ඉස්සරට ඇවිදගෙන ආව කල්පනා කර කර. අරූ ආපහු වාහෙනේ හරවන් ඇවිත් නැගපන් කිව්ව. මාත් නැග්ග. මූ මාව බෝඩිම ලගින් දාල ගියා. එක වචනයක් වත් කතා කරෙත් නෑ මම කතා කරෙත් නෑ.
මේ දවස් කීපයේදීම ඌ මගේ මූනවත් බලන්නෑ ඔෆිස් එකේදී. මම ඉන්නේ උගේ තරහ නිවුන වෙලාවක මගේ හිතට අති වෙන්න ඌට සොරි කියන්න. ඌ මට ගොඩක් උදව් කරල තියෙනව. මම ඩෙන්ගු හැදිල හිටිය දවස්වල ඌ හැමදාම එක එක ඒව උස්සන් මම බලන්න ආව. ඌ මං ගැන මොනව හිතන් හිටියත් ඌත් කැමති නැත්නම් , නංගි කැමති උනත් මට වැඩක් නෑ. ඒ නිසා මට උගෙන් සමාව ගන්න ඕන. ඒ එක්කම ආපහු නංගි ගැන හිතන්නේ නෑ කියල මූව ශේප් කරගන්නත් ට්‍රයි කරනව. මොකද හෙන චාටර් ඔෆිස් එකේදී මෙහෙම ඔරොප්පු මූඩ් දාගෙන ඉන්න කොට. හෙට අනිදට බැරි වෙයි ඒත් පස්සේ හෙමිහිට බලනව.
මම කෙල්ලටත් මගෙන් උන දේවල් වලට සොරි කියල ෆේස්බුක්වලට මැසේජ් එකක් දාල. ආපහු බුකිය ඩිඇක්ටිවේට් කරල දැම්ම. මොකද මට කොන්ට්‍රෝල් නෑ මාවම හැම තිස්සෙම එයාගේ ප්‍රොෆයිල් එක බලන්න හිතෙනවා.

ඒ කරදර මදියට දැන් සැරින් සැරේට බඩේ කැක්කුමක් එන්න අරන්. මේ එන සෙනසුරාදට වත් ඩොකෙක්ට පෙන්නන්න ඕන.
ඔන්න ඔය දේ තමයි මේ සති දෙක තුනට උනේ. මම සෑහෙන බලාපොරොත්තු තියන් හිටියේ මේ නංගි ගැන. ඒත් මොනව කරන්නද මට අයියලාගෙන් අපලයි වගේ.
මේ දෙකම මට මිස් උනේ අයියල නිසා.
මම හිතා ගත්ත ඕව ගැන වැඩිය හිතන්නේ නෑ කියල. තාම මගේ වෙලාව නෙමේ වෙන්න ඇති. 
ත්‍රෙඩ් එක නම් දිග වැඩියි තමයි බන් මගේ හිත නිදහස් කරගන්න මම ලියල දැම්මේ. අවසානෙට මට උබලට දෙයක් කියන් තියෙනවා. උබල ගොඩක් සමීපව ඉන්න අයට එයාල උබලත් එක්ක කොච්චර ෆිට් උනත් උබලගේ රහස් කියන්න යන්න එපා. කොච්චර ෆිට් උනත් ඒවලින් අපේ යාළුවෝ අපිව මිනිනවා. අපිට ට්‍රීට් කරන්නෙත් ඒයාලා අපි ගැන හිතන් ඉන්න මිම්මෙන්. මට ඒක මීට දවස් කීපයකට කලින් හොදට අත්විඳින්න ලැබුන. මම මේ කෙල්ලට ඇත්තටමයි ආදරේ කරේ බොරුවක් වංචාවක් කරන්න හිතේ පොඩ්ඩක් වත් තිබ්බේ නෑ. ඒත් අරූට මාව විශ්වාස නෑ.

ඒවගේ දේවල් වලට වෙලාව එන්න ඕනෙ ඉතිං. ඒ නිසා කාලෙට ඉඩ දීලා ටිකක් වෙන දෙයක් බලාගෙන ඉන්න එක තමයි හොද