පද පේළී - EK LYRICS THREAD PART 2

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔබට විතරයි මා පෙම් කලේ
ඔයා ලැබුනත් නැතත්..//
වෙනකෙකු පතන් නෑ..
ඔබව හැර නම් හීනෙන්වත්..
තවකෙකුගෙ වෙන්නෑ රත්තරනේ කවදාවත්
ඔබට විතරයි මා පෙම් කලේ
ඔයා ලැබුනත් නැතත්..//

හිත සෝකයෙන් දවනා
වෙනසක් ඔබෙ.. දුටුවා
ආදරෙ කලත් කොතෙක් මා
ඔයා වෙනස් වෙලා

ඔබට විතරයි මා පෙම් කලේ
ඔයා ලැබුනත් නැතත්..//


මගෙ තැන වෙනකෙකු ගෙන දෝ
දැන් මා එපා වෙලා දෝ
ඔබ නොලැබුනොත් මට නම්
මටත් මාව නම් එපා
ඔබට විතරයි මා පෙම් කලේ
ඔයා ලැබුනත් නැතත්..//

ඔබට විතරයි මා පෙම් කලේ
ඔයා ලැබුනත් නැතත්..//
වෙනකෙකු පතන් නෑ..
ඔබව හැර නම් හීනෙන්වත්..
තවකෙකුගෙ වෙන්නෑ රත්තරනේ කවදාවත්
ඔබට විතරයි මා පෙම් කලේ
ඔයා ලැබුනත් නැතත්..//


ගායනය: ජූඩ් රොගන්ස්
 
  • Like
Reactions: DAMER

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Edward Jayakody...............


නිල් නුවන් පෙඟෙන අඳුර ගලා~

නුරාවෙන් වෙලී..
මල් පිපෙන සුළඟ නීල වලා~
තුළට ගුලි වෙවී..
සඳ හොරෙන් සිනා වී~
නිල් දිය මතට පාවෙමින්..
හදේ දොරටු විවර කලෙමි~
සොඳුර නුඹෙ නමින්..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0







මම එන්නෙ ඩුබායි රටේ ඉඳල,
සල්ලි හොඳට හම්බ කරල,
හම්බ කරපු සල්ලි මා ළඟයි !!!
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
B n S..............

රෑ පුරා පායනා තාරුකා~
පහන් සේ දිදුළනා..
දෑස පා මා දිහා..
හිනැහුනා බල බලා..
ළං වෙලා ඔබ එදා..
තාරුකා..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සඳ ගත් පිණි දිය කඩා හැලෙනවා...

සඳ ගත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුව උණ හිස පහන් නිවෙනවා...
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීශා..අමීශා..අමීශා...


දුක්බල්කාලේ කන්දෙන් පාර අසා
සූවස් සයුරේ රළ රැළිති මකා...
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීශා..අමීශා..අමීශා...


නුඹිය කතරේ පා සලකුණු නොතියා
නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා...
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීශා..අමීශා..අමීශා...


-කිත්සිරි ජයසේකර-
 
Last edited:
  • Like
Reactions: DAMER

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
~තරැ කැට නෙත් ලඟ~

1330540192_lovely_couple.jpg


~තරැ කැට නෙත් ලඟ සිත නැවතුන දා~
..ලොවම නිසල වී එක මොහොතක්..
~ඔබේ හදින් ආ සෙනෙහස් සුවඳට~
..සිත බැඳුනයි දස දහස් වරක්..


~සුරංඟනාවක් මිහිපිට වැඩියේ~
..ලං වී ඉන්නද මට විතරක්..
~අදහන්නට බෑ මුලු ලෝකෙම ඇයි~
..මේ තරමට අද මඟුල් ගෙයක්..


~සෙනෙහස ගැන අපෙ ලොවට කියන්නට~
..මැලිවුනේ මං නුඹ ගැන හිතලා..
~ආල නුරා මල් පිපුණු වසන්තෙක~
..නුඹ ඇවිදින් හිත් අහස පුරා..


~මුතු ඇට අකුරින් කවියක් ලිවුවා~
..ජීවිතේම අපේ කැටි කරලා..
~ඒ කවියට මං තාම ආදරෙයි~
..සුදු මැණිකේ මගේ පණට වඩා..

 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වි‍යෝවූ පසුව‍යි දැනෙන්නේ
    ප්‍රේම‍යේ අභිමන්......
    හැඬූදා කඳුල‍යි දකින්නේ
    සිනහවේ සරදම්.......

    ඉවුරු දෑලේ හිඳ බැලූවිට
    ගඟ හැඩ‍යි කදිම‍යි......
    දි‍යට වන් විට එවන් ගඟුලම
    බිහිසුණු‍යි චණ්ඩ‍යි......

    හඳක් නැතිදා අහස් තල‍යට
    තරුව දෙ‍යි සැනසුම්......
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්.......


    -Sunil Edirisinghe-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වි‍යෝවූ පසුව‍යි දැනෙන්නේ
    ප්‍රේම‍යේ අභිමන්......
    හැඬූදා කඳුල‍යි දකින්නේ
    සිනහවේ සරදම්.......

    ඉවුරු දෑලේ හිඳ බැලූවිට
    ගඟ හැඩ‍යි කදිම‍යි......
    දි‍යට වන් විට එවන් ගඟුලම
    බිහිසුණු‍යි චණ්ඩ‍යි......

    හඳක් නැතිදා අහස් තල‍යට
    තරුව දෙ‍යි සැනසුම්......
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්.......


    -Sunil Edirisinghe-

    හිතට දැනෙන පේළි
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පණත් අරගෙන ඔයා...
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීව්තේ පවතින තුරා..
    මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා...
    සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා..
    දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා...
    හැමදාමත් පෙම් කලා..මාගේ සිත් පුරා...

    රණ්ඩු කරගෙන යාලු වෙන්නට සිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
    තිස්සෙම කඳුලැල් දෑසෙ රැඳුනේ ඉන්න බැරි තැනමයි
    දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා...
    හැමදාමත් පෙම් කලා..මාගේ සිත් පුරා...

    ලංව හිටි ඔබ වෙන්න ගිය විට දැනෙන දුක අහසට සමයි
    හංගගෙන තව ඉන්න බැහැ මට ඔබට ගැති සිත අසරණයි..
    කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි අපටයි..
    මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි

    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පණත් අරගෙන ඔයා...
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීව්තේ පවතින තුරා..
    මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා...
    සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා..
    දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා...
    හැමදාමත් පෙම් කලා..මාගේ සිත් පුරා...
    දිනෙක ආයෙත් ලංවෙලා නාවත් මා සොයා...
    හැමදාමත් පෙම් කලා..මාගේ සිත් පුරා........:love::)
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සොඳුර අහගෙන ඉන්නවද...

    සොඳුර
    අහගෙන ඉන්නවද...
    හද ගැහෙනා රිද්මෙට
    නැළවෙනවද...

    කඳුළ සුසුම එක්ව විඳගමුද...
    හිමි නොවෙනා සිහිනෙක මා ඉන්නවද...


    සීත රැයක තනියට ඉන්නම්...
    දකිනා හැම සිහිනෙම ඔබ සතපන්නම්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ හිත රහසෙන් කීවා නුඹමයි ඕනා...

    [FONT=&quot]මේ හිත රහසෙන් කීවා නුඹමයි ඕනා[/FONT]
    [FONT=&quot]සසරේ සරනා හැම වාරේ නුඹමයි ඕනා[/FONT]
    [FONT=&quot]සියදහසක් තරුනෙතු පීරා [/FONT]
    [FONT=&quot]සෙව්වේ ඔය රුවමයි සැමදා[/FONT]
    [FONT=&quot]මගේ නෙතු නොපියා...[/FONT]
    [FONT=&quot]හද උණුහුම සුසුමක දවටා [/FONT]
    [FONT=&quot]මගෙ පපුවේ ගුලිවී හිදිනා [/FONT]
    [FONT=&quot]ඔය රුව අද මගෙම වෙලා... [/FONT]

    [FONT=&quot]නුඹේ ඔය නෙතේ එළියෙන් මා හිනැහුනේ[/FONT]
    [FONT=&quot]හිතේ හැම අතේ රුව ඇඳිලා නුඹ මගේ[/FONT]
    [FONT=&quot]මේ හද ගැහෙනා හැම වාරේ නුඹමයි ඕනා[/FONT]
    [FONT=&quot]නෙතු ගැටෙනා හැමවාරේ නුඹමයි ඕනා[/FONT]

    [FONT=&quot]හීන පිරුණු ජීවිතේ[/FONT]
    [FONT=&quot]ගීතයයි ආදරේ[/FONT]
    [FONT=&quot]නුඹ නැතිව මං කෙසේදෝ[/FONT]
    [FONT=&quot]ඒ ගී ගයන්නේ...[/FONT]
    [FONT=&quot]හැම විට නුඹ සිහිවුනේ[/FONT]
    [FONT=&quot]නුඹ මගේ ජීවිතේ[/FONT]
    [FONT=&quot]මියැදුනොත් පෙර අයෙකුගේ[/FONT]
    [FONT=&quot]කවදාක හෝ නුඹේ...[/FONT]

    [FONT=&quot]නුඹගේ තුරුලයි මම පැතුවේ[/FONT]
    [FONT=&quot]හැරයන්නට නෑ හිත කීවේ[/FONT]
    [FONT=&quot]දිවිතුරා සැමදා...[/FONT]
    [FONT=&quot]කඳුලේ සුසුමේ ලැබඋන්නෙ[/FONT]
    [FONT=&quot]සිනහව නුඹ හින්ඳයි මැවුනේ[/FONT]
    [FONT=&quot]නුඹ හිඳිනා අද මා...[/FONT]
    [FONT=&quot]මේ හිත හැසුවා නුඹ සොයනා[/FONT]
    [FONT=&quot]කවුරුද ඕනා[/FONT]
    [FONT=&quot]උපදින සසරේ හැම වාරේ නුඹමයි ඕනා...[/FONT]

    -Dinesh & Shanika [FONT=&quot] [/FONT] [FONT=&quot] [/FONT]
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලීශා හිම කැට අතුරා....

    ලීශා හිම කැට අතුරා
    වීදි සරසළා
    ඔබ මා නිසා
    ලීශා ලෙනින්ග්‍රෑඩයේ හිම කැටි අතරේ මා හා වෙලී
    පා සළකුනු නෑ...දිගු මාවතෙහී
    රූබලයට නෑ...අප පෙම පැරදී


    නෙත් මානේ නෑ රැඳුනේ මිහිරාවී ඉන්නේ හදේ
    ප්‍රේමේහී සුව දේවී නුඹ මාගේ හදෙහී රැඳී
    පා සළකුනු නෑ...දිගු මාවතෙහී
    රූබලයට නෑ...අප පෙම පැරදී


    හිම යායේ පිණි අතරේ ඔබ මාගේ තුරුලේ වෙලී
    සිහි වීලා බොඳ වේවී නෙතු මාගේ කඳුළක් නැගී
    පා සළකුනු නෑ..දිගු මාවතෙහී
    රූබලයට නෑ..අප පෙම පැරදී


    -Shehan Kaushalya-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙත් මානේ නෑ රැඳුනේ මිහිරාවී ඉන්නේ හදේ
    ප්‍රේමේහී සුව දේවී නුඹ මාගේ හදෙහී රැඳී
    පා සළකුනු නෑ...දිගු මාවතෙහී
    රූබලයට නෑ...අප පෙම පැරදී



    -Shehan Kaushalya-

    11.gif
    පට්ට..මාත් කාලයක් අහපු සිංදුවක්..
    :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sunil Edirisinghe................

    ~මලක් වෙලා~

    Love%2BCouple%2BPhoto.jpg


    ~මලක් වෙලා ඔබ පිපෙන්න~
    ..ආදරේ සුවඳ දෙන්න..
    ~ගඟක් වගේ ඔබ ගලන්න~
    ..සෙනෙහසින් පිරී යන්න..

    ~ප්‍රේමයේ රස කල්පනා~
    ..හදවතේ තව මවා දෙන්න..
    ~නැවුම් සඳක් වී මල් මාවතේ~
    ..මුතු සලා ඔබ සිනාසෙන්න..

    ~මා නෙතේ සුව සිහිනයේ~
    ..මේ ලෙසේ ඔබ රැඳී ඉන්න..
    ~පවන් රොදක් සේ මා ළඟ වෙලී~
    ..ජීවිතේ දුක නිවාලන්න..

    ..මලක් වෙලා ඔබ පිපෙන්න..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    21j9nys.jpg


    දුරස් වුනු දා ඉඳන් හිතක් රිදෙනා තරම්.....❧
    වහන්වී ඇස් වලින් කඳුළු පිසිනා තරම්.....❧
    ආදරේ නාමයෙන් මියැදේවි රත්තරන්.....❧
    මියැදේවි රත්තරන්...................❧♡❧♡❧

    සැනසුමක් දැනුනා නලලේ ඔබෙන් ලැබූ හාදුවෙන්.........❧
    උණුසුමක් පුරවා ළමැදේ තුරුලුවී ආදරෙන්........❧
    ඉතින් කොහෙදෝ මා යන්නේ කියන්නේ හීනයෙන්.......❧♡♡♡❧

    තනිකමක් දැනෙනා මොහොතේ සිතින් සියවාරයක්..........❧
    මගේ කරගත්තා රහසෙන් අහින්සක හීනයක්......❧
    වෙනස්වී නෑ සිතේ ඉන්නේ ඔබේ මනමාලියක්.............❧♡♡❧


    -Imali Pathirana-
     
    • Like
    Reactions: rcccc and DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පාත ඉඳන් අපි ආවේ......නාමල් පූජා කරන්න.......
    දළදා හාමුදුරුවනේ......පාත මාල‍යට වඩින්න......

    හීල් හෙවනෙ හිඳගෙන බෑ......හේන් කුඹුරු වැඩ කරන්න.....
    ඇඟපත කළු වුනත් අපේ.....කිලි කුණු නැති හිත බලන්න......
    දළදා හාමුදුරුවනේ.......පාත මාල‍යට වඩින්න......

    මූදු ගි‍යා ලෙලි තැලුවා......පිලී ගඳෙන් බෑ මිදෙන්න......
    ඒත් අපේ මල් සුවඳ‍යි......එපා භාර නොගෙන ඉන්න......
    දළදා හාමුදුරුවනේ.......පාත මාල‍යට වඩින්න......

    -Victor Rathnayaka-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙනෙතින් ඉඟි කළා මායමින් ආදරේ
    දොතොලේ පෑව සිනහාව කාගේ ළඳේ
    හැම සුසුමින් පවා අපි දුරයැයි සිතා
    හිත නොරිදාම සැඟවූයෙ මගෙ ආදරේ
    හිත නොරිදාම සැඟවූයෙ මගෙ ආදරේ

    මැවු හීනේ තුරුළෙ වෙලිලා
    තරු එළියේ ළංවෙලා
    මුතු කඳුළින් තෙමී
    නිල් නෙතු බොඳ වෙලා
    ආදරියේ ඔයා ඇයි ඉගිලී ගියේ

    දෙනෙතින් .............

    සංසාරේ ආත්ම ගානේ
    සිත් බැඳිලා ඉන්නැතී
    පිරු පෙරුමන් නිසා
    ඔබ මාගේ වෙලා
    වෙන් නොමවෙන් සදා
    මගෙ හුස්මයි ඔයා

    දෙනෙතින් .............


    ගායනය :- රෂික ප්‍රදීප්
     
    • Like
    Reactions: rcccc and DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිඳින්නට හිතුවත් ළඟින්
    ළඟින් ඉන්නට නෑ වරම්
    වෙන්ව යන්නට කියනවානම්
    හිඳින්නේ නෑ තව ඉතින්
    හිඳින්නේ නෑ තව ඉතින්

    හිත පුරා ඇඳි පෙම් සිතුම්
    මතක පමණක් ඉතිරිනම්
    මතකයක්වත් එපා මා හට
    මකාලන්නම් හදවතින්
    මකාලන්නම් හදවතින්

    මේ භවේ ඔබ අහිමිනම්
    හිමි නොවේවා මතු භවෙත්
    මේ භවේ මගෙ නොවේනම්
    කුමට සෙනෙහස මතු භවෙත්
    කුමට සෙනෙහස මතු භවෙත්

    හිඳින්නට හිතුවත් ..........


    ගායනය :- නෙලූ අධිකාරි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැරදුනු සෙනෙහස යලි හමුවී
    තව තව රිද්දනවා
    ඒ බව නොදැන ම ඉස්සර වාගෙම
    ඔබ ළංවෙනවා
    හිත වැලපෙනවා

    නොයිඳුල් සෙනෙහස තිළිණ කරන්නට
    හමුවූ රුව ඔබ ම තමා
    විමසා නොදැන ම තනියෙන් මගෙ හිත
    පෙම් කවි පද වැල් ලිවුවා
    බිඳුවක්වත් මට නොදැනෙන තරමට
    හෙමිහිට රැවටුණු හින්දා
    මම තව තව පෙම් කෙරුවා

    පැරදුනු සෙනෙහස ...........

    අන්සතු ඔබ ළඟ මිතුරෙක් වන්නට
    පවු පලදුන් හැටි හිතලා
    මගෙ හිත නොදැන ම හුරතල් පෙන්නන
    ඔය දෙවුරුව ළඟ ඉඳලා
    කඳුළු වහන්නට නෙතු හංඟනු මිස
    කොහොමට කියමි ද හැමදා
    මම පෙම් කෙරුවෙමි කියලා

    පැරදුනු සෙනෙහස ...........


    ගායනය :- කසුන් පැස්කුවෙල්