භාවනා_පුහුණුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,889
    99,165
    113
    භවනා කිරීමට කැමත්තක් ඇති වන්නේ කලාතුරකින් කෙනෙකුටය. කැමැත්තක් ඇති වුවද භාවනා කිරීමට ඉඩ ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය,භාවනා කලද ප්‍රතිපල ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය.එහෙයින් පෙර පුරුදු වාසනා බලයෙන් හෝ කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් හෝ දෙකෙන්ම හෝ දුක සංවේගය ආදී දෙයක් මුල්ව හෝ භාවනා කිරීමට සිතක් පහල උනොත් නුවණැත්තන් විසින් වහාම ආරම්භ කලයුතුය.

    භාවනා පුහුණුවක අරමුණ


    භාවනාව යනු අප තුළ තිබෙන ආධ්‍යාත්මික කුසලතාවයන් සහ ගුණ ධර්ම හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගැනීමයි. ඒ ආධ්‍යාත්මික හැකියාවන් සහ ගුණධර්ම උදවුවෙනවා අපට නිවී සැනසිල්ලේ සතුටින් නිදහසේ ජීවත් වෙන්නත් අනිත් අයට නිවී සැනසිල්ලේ නිදහසේ මෙන්ම සතුටින් ජීවත් වෙන්න මඟ පෙන්වන්න උදව් කරන්නත්. ඒ සඳහා අප පුහුණුවක් ලැබිය යුතුයි. භාවනාව කියන දේ නිරුත්සාහකව සිදු වෙන්නේ නැහැ. උත්සාහයෙන් පුහුණු වෙන්නට ඕන. මේ සඳහා පියවරවල් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි දැනගැනීම කියන එක. අප කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් ද කියන කාරණා දැනගත යුතුයි. 'පජානාති' කියා පාලියෙන් කියන්නේ. භාවනාව සම්බන්ධයෙන් තියෙන, හැමෝම වගේ අත් පොතක් විදියට පාවිච්චි කරන සූත්‍ර දේශනාවනේ සතිපට්ඨාන සූත්‍රය. එහි තිබෙන පිළිවෙල තමයි මෙය. එහි පළවෙනි පියවර විදියට කියන්නේ 'පජානාති' දැනගන්න කියන එක. අප කළ යුත්තේ කුමක්ද කියා දැනගන්නට ඕන. එතකොට භාවනා පුහුණු පන්තියකින් හරි සතියක දෙකක පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වෙලා හරි එහි දී කෙරෙන මුල්ම කාරිය තමයි මොකද්ද භාවනාව කියන්නේ? ඇයි අප භාවනා කරන්නට ඕන? කොහොමද කරන්නේ? කියන එක දැනගන්න එක. දැනගැනීම කියන්නේ අප ලබාගන්නා දැනුමක්. එය පොතකින් හෝ ගුරුවරයෙකුගෙන් විය හැකියි. ඒ මූලික දැනුම නොමැතිව, ඒ පසුබිම නැතිව භාවනාව කියන සමස්ථ කාර්යය කෙරෙන්නේ නැහැ කා අතින්වත්. කරන්නත් බැහැ. පුංචි භාවනා ක්‍රමයක් පුහුණු කරගෙන යන්න පුළුවන් කොහෙන් හරි අල්ලගෙන නමුත් බෞද්ධ භාවනාවෙන් බලාපොරොත්තු වෙන පළල් වෙනස, පරිවර්ථනය සිද්ධ වෙන්නේ නැහැ.


    අපි භාවනා වර්ග ගැන කතා කරමු මේ සම්බන්ධව මම දන්නෙ පොත්පත් වලින් කියවපු දේවල්,භාවනා ගැන අත්දැකීමක් තිබ්බත් ඒ දැනුම මදි වෙන කෙනෙක්ට උපදෙසක් දෙන්න ඒක නිසා දැනුම තියෙන අය බෙදා ගන්න..

    එළකිරි යාළුව බින්ගො සහ KPZ තමා මේ ගැන අදහස දුන්නෙ මට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,165
    113
    සතිය, පියවරෙන් පියවර
    විපස්සනා භාවනාව ගැන හැදින්වීමක්



    විපස්සනා භාවනාව යනු, අපේ හිත සහ කයේ ඇත්ත ස්වභාවය දැක ගැනීම‍ට දරන වීරිය. ඇත්ත ස්වභාවය යනු අනිත්යන, දුක්ඛ සහ අනාත්ම ස්වභාවය. මෙම අවභෝදය නිසා, අපේ තෘෂ්නාව අත අරින්න‍ට මග පැදේ. ලෝභය නැති නිසා සිතේ බර ගතිය අඩුවෙනවිට, සෑම අවස්ථාවකදීම සැහැල්ලුවක් සහ පහසුවක් දැනේ.

    විපස්සනා භාවනාව පුහුණුවීමෙන්, දුක් පීඩාවෙන් නිදහස් වෙමින්, බාහිර හේතූන් ගෙන් තොර ප්රී තියක් දැනේ.
    විපස්සනා භාවනාව ආගමක් නොව, සැමටම පුහුණු කළ හැකි මාර්ගයකි. ගැහැණු හෝ පිරිමි, තරුන හෝ වැඩිමහල්, නිරෝගි හෝ රෝගි, පෙරදිග හෝ අපරදි, සැමටම සුදුසු පහසු ක්රිඩමයකි. විපස්සනා භාවනාව හතර ඉරියව්වෙන්ම කළ හැකි අතර, ඉදිරි ගමනේදී වුවත් යොදාගත හැක.
    නමුත්, ඹබට මේ සැම අභ්යානසයක්ම හා ඒවා හදුන්වා දී ඇති පිළිවෙලට කිරීමට උවමනා නැත. මුලදී අභ්යාස එකක් හෝ දෙකක් තෝරාගෙන, මිනිත්තු 10 හෝ 15ක් දිනපතා පුහුණුකර, ක්රඑමක් ක්රාමයෙන් පුහුණු කරන වේලාව වැඩි කරන්න. ඔබට පහසු ඔනැම වේලාවකට පුහුණුවිය හැක.
    භාවනා කරනවිට, ඔබේ සතිය සැමවිටම වර්ථමාන මොහොතේ පිහිටිය යුතුයි. ඒක තමයි සතිය පුරුදුකරනවා කියන්නේ. වර්තමාන මොහො‍තේ, මේ තප්පරයේ, සිතේ සහ කයේ සිදුවනදේ දැනගැනීම. අතීතය හෝ අනාගතය ගැන නොසිතන්න.
    උදාහරනයක් වශයෙන් ශබ්දයක් ඇසුන විට, වර්තමාන මොහොතේ, එය දැනගන්න. ශබ්දය අඳුරගත් මොහො‍තේම, එය අමතක කරන්න. ඇයි? හේතුව, එය දැන්මම නැතිවී බැවින්.
    සිතේ සිතිවිල්ලක් පහලවනවිට, සිතනවා බව දැනගන්න. ඊළඟට ඒ සිතිවිල්ල අතඅරින්න.
    හොඳ හෝ නරක, මොනම දෙයක් ඔබට දැනුනොත්, මොහොතකට එය දැනගෙන, ඊට පසු එය අතඅරින්න. දැනගෙන අතඅරින්න – හිත යොමුකර අතඅරින්න.




    අභ්‍යාසය 1: පිම්බීම හැකිලීම



    මෙම අභ්‍යාසයේ ඔබ කළයුත්තේ, හුස්ම ගැනීම නිසා උදරයේ ක්‍රියාව දෙස සිත යොමු කිරීමයි.

    බද්ධ පර්යංකයේ බිම වාඩිවෙන්න. කැමතිනම් කොට්ටයක් මත වාඩිවෙන්න. බිම වාඩිවීමට අපහසුනම්, පුටුවක ඉඳ ගන්න.

    ඔබේ අත් දෙක උකුළ මත තබන්න.අත්ල උඞ අතට තබා, දකුණු අත වම් අත මත තබන්න. ඔබේ ඇස් ඇරගෙන හෝ වහගත හැක. ඔබේ ශරීරයට පහසුවක් දැනිය යුතුයි.ශරීරය තද නොකළ යුතුයි.

    දැන් ඔබේ අවධානය උදරයට ‍ගෙනයන්න.පෙකනියට අඟල් කිහිපයක් ඉහල ස්ථානයට හිත යොදන්න. ශරීරයේ දිග අතට, හරි මැද, ප්ර්කට වන ස්ථානය සොයා ගන්න. එම ස්ථානයට ඇසෙන් නොබලා – එතනට හිත යෙමුකරන්න.

    ඔබ හුස්ම ඇතුලට ගත්විට, උදරය පිම්බේ. එයට "පිම්බීම "යනුවෙන් කියවේ. ඔබ හුස්ම පිට කරනවි‍ට, එය හැකිලේ. එයට "හැකිලෙනවා" යනුවෙන් කියවේ. බඩ පිම්බෙන විට, මුල සිට අග වනතුරු, බඩේ ක්රි යාව දෙස සිත ‍යොමු කරන්න. බඩ හැකිලෙන විට, එසේම කරන්න. මේ ටික පමනයි කළ යුත්තේ.

    බඩේ ක්රිෙයාව දැනීමට අපහසු නම්, අත් දෙක බඩ මත තබන්න. දිගටම බඩේ පිම්බීම හැකිලීම දිහා බලන්න. එක පිට එක, ඔබේ අවධානය වර්තමාන මොහොතේ පිහිටන්න.

    හැබැයි සිත, හුස්ම දිහාවත්,උදරය දිහාවත් යොමු නොකරන්න. ක්රිේයාව දිහා පමනක් සිත යොමු කරන්න. ඔබට මෙය ස්පර්ෂ වන්නේ තද ගතියක් වෂයෙනි.

    ඔබ මෙයට හිත යොමු කරන වි‍ට, වැඩි වෙහෙස නොවිය යුතුයි. ඔබේ සිහිය වැඩි වෙහෙසක් නොදක්වා, උදරයේ පිම්බීම හා හැකිලීමේ ක්රිියාව මත තබන්න.

    සිතිවිලි, අතීත සිදුවීම් සහ අනාගත පැතුම්, සියල්ලම සිතෙන් අත හරින්න. මේ මොහොතේ සිදුවන පිම්බීම හෝ හැකිලීම මිස අන් සියඵදේ අතහරින්න.

    සැහැල්ලු වන්න. භාවනාවට වාඩිවූවිට දැඩි උත්සාහයක් නොගතයුතුයි. උදරය පිම්බෙනවාද නැතහොත් හැකිලෙනවාද පමණයි දැනගතයුත්තේ. මේ වර්ථමාන මොහොතේ, මොන එකද සිදුවන්නේ? ඔබ සෑම විටම හුස්ම ගන්න නිසා, දෙකෙන් එකක් සෑම මොහොතකම පෙනේ. උදරයේ පිම්බීම හා හැකිලීම නැවතුනොත්, ඔබ එවිට ඡීවතුන් අතර නැත.

    හැබැයි උදරයේ ක්රි යාව, ශරීරයේ අවයවයකට සිතින් සම්බන්දනොකොට, "බඩ සෙලවෙනවා" යනුවෙන් හෝ "මේ මගේ" යනුවෙන් තමාට සම්බන්ද නොකරන්න. කෙටියෙන්, ක්රිගයාව යොනිසෝ මනසිකාරයෙන් බලන්න.

    "යෝනිසෝ මනසිකාර" යනු, තමා‍ට දැනෙන හෝ වෙන දේට, වචන නොයොදා, දැන ගැනීම. ඔබට එය විස්තර කරන්න හෝ නම් කරන්න උවමනා නැත. වචනයෙන් ප්රීකාශ නොකොට, නිකම් හිතින් දැනගන්න.

    නමුත් මෙය කිරීමට අමාරු බැවින්, මුල සි‍ට පුහුණුවන අය‍ට, හිතින් වචන යොදා මෙනෙහි කළ යුතුයි. උදරය පිම්බෙනවි‍ට "පිම්බෙනවා" යනුවෙන් මෙනෙහි කරන්න. උදරය පහතට වැටෙන විට "හැකිලෙනවා" යනුවෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කරනවි‍ට ශබ්ද නොගා, නිශ්ශබ්දව හිතින් මෙනෙහි කරන්න. "පිම්බෙනවා . හැකිලෙනවා. පිම්බෙනවා . හැකිලෙනවා. පිම්බෙනවා . හැකිලෙනවා." ඒ ක්රිකයාව හරියට ක්රිබයාත්මක වන මොහොතේම මෙනෙහි කරන්න, ඊට පසුව නොවෙයි.

    තව උපදෙස් ස්වල්පයක්: මෙම අභ්යා සය කරනවිට, උදරය සිතින් මැවිය නොයුතුයි. උදරයේ පිම්බී‍ම හා හැකිලීමේ ක්රිටයාවන් පමණක් මෙනෙහි කරන්න. ස්වාභාවික විදිය‍ට හුස්ම ගන්න. හුස්මය පාලනය නොකරන්න.

    ඔබේ සිත උදරයේ ක්රි්යාව මත නොරැදෙනවි‍ට, සිත දිවූබව දැනගන්න. "හිතනවා, හිතනවා" යනුවෙන් නිශ්ශබ්දව මෙනෙහි කරන්න. ඊට පසු හෙමින් ඔබේ සිහිය නැවත උදරයේ ක්රි්යාව මත තබන්න. ඔබ මෙය සිය වාර ගණනක් කළ යුතුයි.එම නිසා තක්සේරැ නොකළ යුතුයි. ඉවසිය යුතුයි.

    තද මානසික හැඟීමක් දැනෙනවි‍ට, සිතිවිලි මෙනෙහි කරන ක්රි යා මාලාව පිළිපදින්න. මානසික හැඟීම එක වචනයකින් මෙනෙහි කරන්න. උදාහරනයක් වශයෙන්, ඔබ‍ට තරහක් දැනුනොත් සිතින් " ‍තරහක්, තරහක්" යනුවෙන් මෙනෙහි කරන්න. ඊට පසු එය අත හැර හෙමින් ඔබේ සතිය නැවත උදරයේ පිම්බීම හා හැකිලීමේ ක්රිඊයාව මත තබන්න. මානසික හැඟීම සුඛ සහගත හෝ දුක සහගත හෝ වේවා, එය සමග නොඇලෙන්න. සිනමා හලේ චිත්රහ ප‍ටියක් බලන්නා හා සමානව, ඒ මානසික හැඟීම දිහා බලන්න.

    උදරයේ ක්රිසයාව මත සතිය රැදී තිබෙනවි‍ට, වෙනත් යම්කිසි අරමුණක‍ට සිත ඇදී ගියවිට, එයද සිහියෙන් මෙනෙහි කරන්න. ඔබට ශබ්දයක් ඇසුනුවිට "ඇහෙනවා" යනුවෙන් මෙනෙහි කරන්න. නාසය‍ට සුවදක් දැනුනවි‍ට , "සුවදයි" යනුවෙන් මෙනෙහි කරන්න. ඔබ‍ට ඇ‍ඟේ කැසිල්ලක් දැනුනොත්, "කසනවා" යනුවෙන් මෙනෙහි කරන්න. ඔබට දුක හෝ සැප වේදනාවක් කයේ දැනුනවි‍ට, "දුක," "සැප" ‍හෝ "වේදනාවක්" යනුවෙන් මෙනෙහි කරන්න.

    ඒ අරමුන, එක පාරක් හෝ දෙපාරක් මෙනෙහිකොට, හෙමින් හිත නැවත පිම්බී‍ම හැකිලීමේ ක්රි යාව‍ට ගෙන යන්න. එක මොහොතකට, එක අරමුනකට පමණක් හිත යොමුකරන්න මතකතබාගන්න.

    විපස්සනා භාවනාවේ අභ්‍යාසය හරියට අඩි තබන ගල් මත ඇවිදිනවා හා සමානයි. ඔබේ සතිය එක අරමුනෙන් තව එකකට මාරැවිය හැක. ක්රිායාවකින් ශබ්දයකට, හැඟීමකට , ආදී වශයෙන්.

    පිම්බීම හා හැකිලීමේ අභ්‍යාසය දිනපතා, මිනිත්තු 10 සිට පැයක කාලයක්, පුරැදු කල යුතුයි. ඔබට මීට වඩා කාලයක් භාවනා කිරීමට කැමති නම්, සක්මන සමග මෙම අභ්‍යාසය මාරැවෙන් මාරැව‍ට කරන්න.

    මෙම අභ්‍යාස පුරුදු කරනවි‍ට, මෙනෙහි කරන හිත‍ට නොව, භාවනා කර්මස්ථානයට හිත යොදන්න.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තෙරුවන් සරණයි.. බොහොම පිං.. :)
    (You must spread some Reputation around before giving it to හෙළයෙක් again.)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වටින ලිපියක් සහෝ දිගටම ලියමු තෙරුවන් සරණයි.:)

    You must spread some Reputation around before giving it to හෙළයෙක් again.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,165
    113
    දිගටම කරගෙන යමු :)

    දිගටම කරගෙන යමු


    වැදගත් ලිපියක් ....
    දිගටම ලියමු.

    දිගටම කරමු :)

    තෙරුවන් සරණයි.. බොහොම පිං.. :)
    (You must spread some Reputation around before giving it to හෙළයෙක් again.)


    digatama karagena yanna... mamath bhawanawan karana vidi hoya hoya hitiye...
    bohoma pin!!! :)

    වටින ලිපියක් සහෝ දිගටම ලියමු තෙරුවන් සරණයි.:)

    You must spread some Reputation around before giving it to හෙළයෙක් again.
    තෙරුවන් සරණයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් පිං සිද්ධ වෙන වැදගත් වැඩක් මචං. තෙරුවන්සරණයි!
    You must spread some Reputation around before giving it to හෙළයෙක් again.