නිර්මාංශ ප්‍රශ්නය....

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නිර්මාංශ ප්‍රශ්නය....

~ නිර්මාංශ ප්‍රශ්නය ~​

3560_460859200650837_755585576_n.jpg

source: මහරහතුන් වැඩි මග ඔස්සේ
උපුටා ගැනීම: දිවයින ඉරිදා සංග්‍රහය - ඉන්ද්‍රජිත් සුබසිංහ


බෞද්ධ පිංවතුන්ගේ ජනප්‍රිය පැනය. .

වර්තමාන සමාජය තුළ බෞද්ධ ජනතාවට ගැටලුවක් තියෙනවා. ඒ තමයි මාංශ, නිර්මාංශ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය දැඩි දෘෂ්ඨියකට ගෙන සමහර පිංවතුන් තම මතයට විරුද්ධ කාණ්ඩයට එරෙහිව හැසිරෙනවා. කොහොම වුණත් සත්ව හිංසාවත්, සත්ව ඝාතනයත් නැවතිලා, මස් අනුභවය නිසා සෑදෙන සමහරක් රෝගවලිනුත් තොරවෙලා, සමාජයේ මෛත්‍රී කරුණාව නිරෝගීභාවය පිරී ඉතිරී ගියොත්, එය මොන තරම් සුන්දර දෙයක්ද?

එවැනි පරිසරයකදී ඔබට වටලප්පමක්, කේක් කැබැල්ලක්, කට්ලට් එකක් අනුභව කරන්න පුළුවන් බියෙන් සැකෙන් තොරව.

ඒ වගේම රටේ සිටින හරක්, එළුවෝ, ඌරෝ, කුකුලෝ ගහණය වැඩිවෙලා ඒ හේතුවෙන් හටගත් රෝග කාරක වසංගතයන් මිනිස් ප්‍රජාව විනාශකොට දමන්නත් පුළුවන්. මෙවැනි සමාජයක් සිහිනයක් මිස යථාර්ථයක්නම් වෙන්න බෑ.

ලෝකය ගොඩනැගිලා තිබෙන්නේ හේතු ධර්මතාවයන් අනුව. ඒ නිසා පැවැත්ම සකස්වෙන්නේ මෝහමූලික ලෝකය තව තවත් පුළුල් වෙන දිශාවටමය. අවිද්‍යාව තුළම උපන් අධ්‍යාපනය තම සුවච කීකරු ගෝලයන් හැඩගස්වන්නේද, අවිද්‍යා ගුරුකුලයේ ස්ථීර පැවැත්ම උදෙසාය. මෙතැනදි තිරිසන් සත්ත්වයාද, මනුෂ්‍යයාද යන්න ප්‍රශ්නයක් නොවේ. වැදගත් වන්නේ තම ගුරුකුලයේ පැවැත්මයි. සංවර්ධනයයි. අවිද්‍යා ගුරුකුලයේ ඉලක්කය, අරමුණ යනු උපදින හැම මනුෂ්‍යයෙකුම මරණින් මතු මිථ්‍යාදෘෂඨික මනුෂ්‍යයෙක්, ප්‍රේතයෙක් තිරිසන් සතෙක් නිරිසතෙක් අසුරයෙක් කිරීමය. මෙතෙක් ඔවුන්ගේ ප්‍රගති වාර්තාව, ඉලක්ක ඉක්මවා අනපේක්ෂිත ප්‍රගතියක් වාර්තාකොට ඇත.

සැබෑ ධර්ම මාර්ගය කොන්වී යන අනාගතයේදී අවිද්‍යා ගුරුකුලයේ සැලසුම්කරුවන්, ලෝකය සැලසුම් කරන්නේ මනුෂ්‍යයාත්, තිරිසන් සතාත් සත්වයින් දෙදෙනෙක් වශයෙන් සිතා නොව, එක සත්වයෙක් වශයෙන් සලකමින්ය. බුද්ධෝපත්ති කාලයක ලබන මනුෂ්‍යයත් ජීවිතයත්, තිරිසන් සත්වයාත් අතර වෙනස ඔවුන් නොහඳුනයි. එහෙයින් අනාගත ලෝකයේ උපදින මනුෂ්‍යයා තිරිසන් සතා සේම, තම අම්මා, තාත්තා, පුතා, දුව නොහඳුනන පිරිසක් වනු ඇත. කර්මය, කර්මඵල හඳුනන්නේ නැති පිරිසක් වනු ඇත. ධර්මය අධර්මය නොහඳුනන පිරිසක් වනු ඇත. ඔවුන් හඳුනනු ඇත්තේ තිරිසන් සත්වයා සේම කාමය, ආහාර සහ ආරක්ෂාව පමණක්ම වනු ඇත. මේ බිහිවන ලෝකයා අවිද්‍යා ගුරු කුලයේ ඉලක්කගත ලෝකයයි. ඔවුන් එම ලෝකයට ‘නිදහස් ලෝකය‘ යන නම්බුනාමයද පටබඳිනු ඇත.

එවිට ඔබ සීමා මායිම් නැති ‘නිදහස් ලෝකයේ ‘ නිදහසේ ජීවත්වන මිනිසුන්ය. සිරිත් විරිත්, චාරිත්‍ර අවශ්‍ය නැත. ඒවායින් නිදහස්ය. අවිද්‍යා ගුරුකුලයේ මේ ඊනියා නිදහස යනු ඔබව සතර අපායට වේගයෙන් පියමංකරවන නිදහසයි. දුක ත්‍රිව කරවන මාර්ගයේ නිදහසයි. අනාගත ලෝකයේ කවදාහරි දිනක සිදුවන කල්ප විනාශයන්, ලෝක විනාශයන් හා ඊට පෙර සිදුවන අතුරු විනාශයන් සඳහා මනුෂ්‍යයා විකෘතියක් විය යුතුය. විකෘතිය යනු ගුණධර්ම පිරිහී ගිය , එකිනෙකා ඇනකොටාගන්නා පිරිසක් විය යුතුය. තන්හා, මාන, දිට්ඨියෙන් පිරී ගිය පිරිසක් විය යුතුය. රාග, ද්වේෂ, මෝහයෙන් පිරීගිය පිරිසක් විය යුතුය. අවිද්‍යා ගුරුකුලය මේ ගොඩනගමින් පවතින්නේ එම සමාජ පසුබිමයි. අවිද්‍යා ගුරුකුලය යනු මෝහයෙන් බරිත ‘ලෝකය සැපය‘ ‘ලෝකය නිත්‍යය‘ යන මුලාවෙන් ඇතිවන මනුෂ්‍ය සිතමය. ඒ සිත නිසා අපි සැවොම මේ ගුරුකුලයේ ඒජන්තවරුය. සාමාජිකයෝය. එහෙයින් සද්ධර්මය පවතින වර්තමානය ඔබ කළ යුත්තේ අනාගතයේදී බිහිවන විෂම, දුක පිරි ලෝකයෙන් ඉක්මනින්ම නිදහස් වීමය. මේ මොහොතේ ඔබට විවරව ඇති ඒ නිදහස්වීම අහුරන එක් මාර්ගයකි මේ මාංශ නිර්මාංශ ප්‍රශ්නය .

සැබැවින්ම මේ ප්‍රශ්නය සුන්දරය. ශීලය පැත්තෙන්, කැපී පෙනීමෙන් ඉහළය. ඉලක්කගත පිරිසේ ආකර්ශනය ප්‍රබලය. එහෙත් කනගාටුවෙන් වුවද කිව යුත්තේ ඔබ අල්ලාගෙන සිටිනුයේ සම්මා සම්බුද්ධ දේශනාවට පටහැනි අන්තයක් බවය. ආමගන්ධ යනු මස් මාළු වල පිළී ගඳ නොව, තම කෙළෙස්වල ගඳ බව ආමගන්ධ සූත්‍රයේදී ලොව්තුරා බුදු රජාණේ වහන්සේ පැහැදිළිව දේශනා කර ඇත. ඔබ තවමත් ලොව්තුරා බුදු රජාණන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයක් නොපිළිගන්නේ නම්, ඊට විරුද්ධ අර්ථයන් සපයන්නේ නම්, තවමත් ඔබ තෙරුවන් සරණ නොගිය අයෙකි.

භික්ෂුව මේ සටහන ලියන මොහොතේ වැඩසිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුටියකයි. මේ ප්‍රදේශයේ විශාල වශයෙන් හරක් ගාල් ඇත. එක් රංචුවක හරකුන් සියය දෙසීය සිටිනවා. මේ හරක් වැව් පිටිවල, වෙල් ලියැදිවල රංචු වශයෙන් හැසිරෙනකොට, එක රංචුවට වැතිරී ගිමන්හරිනකොට, මේ පාරේ එහා මෙහා යන දේශීය, විදේශීය සංචාරකයන් ඒ දර්ශනය දැකලා හරි තෘප්තියක් ලබනවා. ආශ්වාදයක් ලබනවා. වාහන නවතාගෙන බලා සිටිනවා. නමුත් ඔබ මේ දැකලා තෘප්තිමත් වන, ආශ්වාදය ලබන දර්ශනය යටින්, ඔබට නොපෙනෙන ඛේදවාචකයක් තිබෙනවා. ඔය හරක් රංචුවල වයසට ගිය එළදෙනුන් සහ සාමාන්‍ය තරුණ වයස ඉක්මවූ පිරිමි සතුන් නැහැ. රංචුවේ බෝවීම උදෙසා පිරිමි සතුන් දෙතුන්දෙනෙක් විතරයි සිටින්නේ. ඔය හරක් රංචුවල ඔබ දකින්නේ තරුණ, මධ්‍යම වයසේ පසුවන එළදෙනුන් සහ පැටවුන් පමණයි. වැඩිහිටි, පැටවුන් නොලබන එළදෙනුන් සහ පිරිමි සතුන් මසට විකුණනවා. හැබැයි සමහර කෙනෙක් එහෙම නොකරනවාත් වෙන්න පුළුවන්.

බලන්න ඔබ ආශ්වාදය ලබන දර්ශනය යට මොනතරම් දුක්ඛිත කථාවක් සැඟවිලා තිබෙනවාද කියලා. ඔබ ඔය දැකලා ආශ්වාදය ලබන හැම සතෙක්ම වගේ අනාගතයේ දවසක මසට විකිණෙනවා. මෙන්න මේ සිද්ධියට සමානයි ඔය මස් මාංශ ප්‍රශ්නයත්. බාහිරින් මේ ප්‍රශ්නය හොඳ ඉල්ලුමක් ඇති, ආකර්ශනීය, ජනප්‍රිය මාතෘකාවක් වුවද, මේ මස් මාංශ ප්‍රශ්නය තුළ, ඔබට නොපෙනෙන අති භයානක ඛේදවාචකයක් සැඟවී පවතිනවා. ඒ ඛේදවාචකය තමයි, සතර අපායෙන් ඔබ නිදහස ලබන තීරණාත්මක ධර්මතාවය වන, සක්කාය දිට්ටිය, මමත්වයේ දැඩිභාවය, මේ මස් මාංශ ප්‍රශ්නය නිසා, ක්ෂය වීමේ පැත්තට නොගොස්, වර්ධනය වීමේ ස්වභාවයට පත්වීමයි. ‘මම නිර්මාංශයි‘ ‘‘අනෙක් අය දුසිල්වත්‘ ‘මගේ කුස සුසානභූමියක් නොවේ‘ මේ ආදී දෘශ්ඨීන් නිසා තන්හාවත්, මාන්නයත්, තමා කෙරෙහි නිරතුරුවම වර්ධනය කරගන්නවා. මේවා තුළින් වැඩෙන්නේ මමත්වයේ දැඩිභාවයමයි. ඔබ නිහතමානීව හොඳින් සිතන්න. ඔබට තේරුම්ගන්න බැරිවෙන්නේ නැහැ. ඔබ දක්ෂයි.

 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
II කොටස


මෛත්‍රිය අනුභවකර මස්‌ මාංශ නොකෑමෙන් පලක්‌ වේද?

එක්‌තරා ගිහි පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා 'හාමුදුරුවෝ මස්‌ මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්‌ද?' කියලා. එම පිංවතාට භික්‍ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක්‌ නිසයි භික්‍ෂුව මෙහෙම පිළිතුරක්‌ දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්‌වභාවය වෙනස්‌ වෙනවා. භික්‍ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර 5ක්‌ පමණ මස්‌ මාලු අනුභව කළේ නැහැ. ඒ කාලයේ මස්‌ මාලු අනුභව කරනකොට ඒ සතා මැවිලා පෙනෙනවා. උදාහරණයක්‌ කීවොත්, කුකුල් මස්‌ අනුභව කරනකොට කුකුලා මැවිලා පෙනෙනවා. ඒ නිසා මස්‌ මාලු අනුභවයෙන් වැළකී සිටියේ බොහොම කැමැත්තෙන්. හැබැයි මාංශ අනුභව කරන අය විවේචනය කරන්න ගියේ නැහැ. නිර්මාංශ බව ලෝකයට පෙන්වීමට ගියේ නැහැ. කෑමට ගත්ත ආහාර පිඟානේ මස්‌ මාලු බෙදලා තිබ්බොත්, එය පිඟානේ පැත්තකට කර ආහාර අනුභව කළා. ගිහි කාලයේදී, මහා සංඝරත්නය උදෙසා දන්දෙන අවස්‌ථාවලදී දානයට මස්‌ මාංශ පූජා කළා. නිර්මාංශ වුවද ඒ හේතුවෙන් දෘෂ්ටියක්‌ හෝ අන්‍යයන්ගේ කැමැත්ත හෙළා දැක්‌කේ නැහැ.

භික්‍ෂුව පැවිදිවීමෙන් යම් කලකට පසුව මේ තත්ත්වය වෙනස්‌ වුණා. මේ මොහොතේ මේ ප්‍රශ්නය අසන්නේ පිංවත් ගිහි මහත්තයෙක්‌. කවුරුන් හෝ ධර්ම මාර්ගයේ ගමන්කිරීමට අවතීර්ණ වනවිට මුලින්ම සිටින්නේ පෘතග්ජන ස්‌වභාවයේ. දෙවැනිව සෝවාන් මාර්ගය තුළ. මේ ප්‍රශ්න අහන පිංවතා ඉහත ස්‌වභාවය නියෝජනය කරන නිර්මාංශ පුද්ගලයෙක්‌. එහෙම ස්‌වභාවයේ අයෙකුට අපි අවවාද කළොත් 'ඔබ මස්‌ මාලු බිත්තර අනුභව කළ යුතුයි. ඒවා නොකෑම වැරදියි' කියලා , අපි එම පිංවතාට කරන්නේ ලොකු වරදක්‌. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් තොරවීමක්‌මයි. ඒ වගේම එම පිංවතා, තමා නිර්මාංශව ජීවත්වෙමින් , අනුනට ද ඒ ගැන දේශනා කිරීම, පෙළඹවීම වරදක්‌ නැහැ. මොකද තවම ඒ පිංවතුන්ගේ ස්‌වභාවය සෝවාන් මාර්ගයේ පෙරට යන ස්‌වභාවයයි. අනාගතයේ යම් දිනෙක මේ පිංවතුන් සෝවාන් ඵලය අවබෝධ කරගැනීමට නම් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය තම ජීවිතවලට ගලපාගැනීම අත්‍යවශ්‍ය සාධකයක්‌ වෙනවා.

තමාට සිතෙනවා නම්, මස්‌ මාංශ අනුභව නොකිරීම නිසා තමා තුළ මෛත්‍රිය කරුණාව වර්ධනය වන බව, එම පිංවතා නිර්මාංශව සිටීම වරදක්‌ යෑයි භික්‍ෂුව මොනව හේතුවක්‌ නිසාවත් කියන්නේ නැහැ. හැබැයි මෙතැනදී නිර්මාංශභාවය රකින පිංවතුන් සමහරෙක්‌ගෙන් නොදැනුවත්භාවය නිසා ලොකු වරදක්‌ වෙනවා. තමාට නිර්මාංශ වීමට අවශ්‍යනම්, එය කළ යුත්තේ තමා තුළ මෛත්‍රිය කරුණාව වැනි ධර්මයන් තව තවත් ශක්‌තිමත් කරගැනීමටත්, ඒ තුළින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය ශක්‌තිමත් කරගැනීමේත් පරමාර්ථයෙන්මය. එසේ නොමැතිව, තමා වර්ණනා කරගැනීම උදෙසා අනුන්ව හෙළාදැකීමට නොවේ. මෙතැනදී ඔබ තුළ වැඩෙන්නේ මෛත්‍රිය කරුණාව නොවේ. තමා කෙරෙහි මාන්නය, තන්හාව, දිට්ඨියයි. මේ නිසා ඔබ විරුද්ධ මතය සමග ගැටෙනවා. එතකොට ඔබේ මෛත්‍රියට මොකද වෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන සම්බුදු වදනට මොකද වෙන්නේ. ඔබ තිරිසන් සතුන්ව සුවපත් කරගැනීමට ගිහින්, තිරිසන් ලෝකයෙන් මිදී, මේ බුද්ධොපාද කාලයේ උතුම් මිනිසත් බවක්‌ ලැබූ පිංවත් මනුෂ්‍යයන්ව, ගිහි පැවිදි උතුමන්ව විවේචනය කරනවා. ගැටෙනවා. තිරිසන් සතුන්ගේ නිදහස උදෙසා පෙනී සිටින ඔබ, උතුම් මනුෂ්‍යයාගේ නිදහස සීමා කරනවා. මෙවැනි තත්ත්වයක්‌ තුළ ඔබ මේ ධර්ම මාර්ගයේ කෙසේ නම් පෙරට යන්නද?

ඔබට ලෝකය හදන්න බැහැ. ලෝකයාව දුකෙන් මුදවන්නත් බැහැ. තිරිසන් ලෝකයේ සතෙකුව ඉපදීමට හේතුව, එම කර්මය කර්මඵලයන් විඳීම වළක්‌වන්න අපිට බැහැ. ඔබ නිර්මාංශව සිටිමින් ඉන් ලබන ශක්‌තිය, තන්හාව මාන්නය සහ දිට්ඨියට හීන කිරීමට ඉඩනොදී ධර්ම මාර්ගයේ පෙරට යන්න. මෙයින් අදහස්‌ වෙන්නේ නැහැ, මස්‌ මාංශ අනුභව කරන අයට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බැහැය කියලා. මස්‌ මාංශවලට ඇලුන කෙනෙකුට වඩා, වේගවත් ගමනක්‌ දෘෂ්ටිගත නොවූ නිර්මාංශ කෙනෙකුට ධර්ම මාර්ගයේ තිබෙනවා. ඒ වගේ ම දෘෂ්ටිගත නිර්මාංශ පුද්ගලයෙකුට වඩා, මස්‌ මාංශ අනුභව කරන මධ්‍යස්‌ථ පුද්ගලයෙකුගේ ධර්ම මාර්ගයේ ගමන වේගවත් වෙන්න පුළුවන්. මෙය බලපාන්නේ පුද්ගලයාගේ ඇලීමේ ගැටීමේ ස්‌වභාවය මතයි.

පිංවත් ඔබ වැරදි අර්ථකථන ගන්න එපා. මස්‌ මාංශ කෑමත්, නොකෑමත්, ධර්මාවබෝaධය ලැබීමත් අතර සම්බන්ධයක්‌ තිබෙනවා කියලා. භික්‍ෂුව මේ සටහන පුරාවට කියන්න උත්සහ කළේ, සෝවාන් මාර්ගය තුළ ගමන් කරන පිංවතුන් අහිංසක සතුන් කෙරෙහි මෙන්ම, මස්‌ මාංශ අනුභව කරන මනුෂ්‍යයන් කෙරෙහිත් මෛත්‍රිය කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කළහොත්, ඔබේ ධර්ම මාර්ගයේ ගමන ඉක්‌මන් වන බව පමණයි.

පිංවත් ඔබ මස්‌ මාංශ අතහැරීම තුළින්, ඊට වඩා ශක්‌තිමත් යමක්‌ අල්ලාගන්නේ නම්, මස්‌ මාංශ සම්බන්ධයෙන් කළ ඒ අතහැරීම දුක පිණිසම හේතුවන්නේය. භික්‍ෂුව මෙහිදී පැහැදිලි කරන්නේ මස්‌ මාංශ කැපද, අකැපද කියන කාරණය නොවේ. භික්‍ෂුවට මේ සම්බන්ධව මතයක්‌ නැහැ. මතයක්‌ කියන්නේ දෘෂ්ටියක්‌. සියල්ල අනිත්‍යවූ ලෝකයේ එක මතයක ඉන්න කාටවත්ම බැහැ. අපි යමක්‌ දැඩිව අල්ලාගත්තානම් එතැන තියෙන්නේ අවිද්‍යාවයි.

භික්‍ෂුවගේ පාත්‍රයට කුමන තරාතිරමේ දායකයෙක්‌, ආහාරයක්‌ පූජා කළත් එය මස්‌, මාලු, එළවළු, බත් වශයෙන් භික්‍ෂුව වර්ග කරන්නෙ නැහැ. එය භික්‍ෂුවගේ කය පවත්වාගැනීමට ලැබුණු ආහාරයක්‌ වශයෙනුයි භික්‍ෂුව දකින්නේ. භික්‍ෂුව අවබෝධයෙන් දකිනවා කුමන ආහාරයක්‌ වුවත් අයිති වමනයට, රුධිරයට බව. ආහාරයත්, වමනයත්, රුධිරයත් අයිති සතර මහා ධාතූන්ට බව. ඕනෑම පිංවතෙක්‌ ධර්මාවබෝධයෙන් පෙරට යනකොට, ඔබ ලබන අවබෝධය තුළින්ම ඔබට මේ ස්‌වභාවයන් පසක්‌කොට දේවී. නිරවුල්කර දේවි. ධර්ම මාර්ගය උත්සහවන්තව වඩා, ඔබ සතර අපායෙන් මිදුන අවස්‌ථාවක, ඔබේ වැඩෙන ප්‍රඥාව විසින්ම මේ ප්‍රශ්නය ඔබට විසඳලා දේවි. ඒ පිළිබඳව අමුතුවෙන් ආයාසයක්‌ ගැනීමට, අනුන්ගේ උපදෙස්‌ ගැනීමට ඔබට අවශ්‍ය නැහැ. නමුත් ඉන් මෙහා මේ ප්‍රශ්නය ඇතිවීම සාධාරණයි. මන්ද මෙවැනි ප්‍රශ්න මෛත්‍රියේ, කරුණාවේ, ශීලයේ වේශයෙන් ඔබ ඉදිරියට එන, ඔබව සතර අපායෙන් මිදීම වලක්‌වන, පමාකරන මාර බලවේග හෙයිනි. ඔබගේ ජීවිතය මෛත්‍රිය කරුණාවෙන් ශිලයෙන් ශක්‌තිමත් නම් ඔබ නිර්මාංශවීම හේතුවෙන් ඔබගේ අදහසට විරුද්ධ අය සමග ගැටීමේ ස්‌වභාවයට ඔබ යන්නේ නැහැ. එහෙම කළොත් එතැන මෛත්‍රියක්‌ නැහැ. තිරිසන් යෝනියේ ඉපදෙන සතෙක්‌ ඔබ මරණයෙන් බේරුවා කියලා, එම සතාගේ කර්ම විපාකයන්ගෙන් බේරාගන්න ඔබට බැහැ.

මෙසේ ඔබ ඔබේ අදහස දිනවීමට, සීමාව ඉක්‌මවා දෘෂ්ටිගත වුණොත්, ඔබ මස්‌ මාලු බිත්තර කෑමෙන් වැලකුණත්, ඵස්‌ස ආහාර, මනෝ සංච්තනා ආහාර, විඤ්ඤාණ ආහාර කියන තුන් ආකාරය ආහාර බුදින අයෙක්‌ බවට පත්වුවහොත්, ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් පෙරට යා හැකිව ඇති මේ ධර්ම මාර්ගයේ ඔබ ආපස්‌සටමයි ගමන් කරන්නේ. ඔබ කැමති මස්‌ මාංශ අනුභවයට ද, නිර්මාංශව සිටීමටද, ඔබ ඔබේ ස්‌වභාවයෙන් සිටින්න. ලද දෙයින් සතුටුවන්න.
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
III කොටස


මස්‌ මාළුවල නොවෙයි කෙළෙස්‌වල පිළි ගඳෙන් මිදෙන්න. . .

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක්‌ අසා, ධර්මය දැකීමේ, අවබෝධකරගැනීමේ ස්‌වභාවයට පත්වීමට සමත්, පිනක්‌ සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය.

ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්‌ථානයකදී මස්‌ මාංශද, නිර්මාංශද යන්න නොව ඉහත ස්‌වභාවයන් දෙකටම ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්‍ෂාවෙන් මිදී මස්‌මාංශ සහිත රූපයෙන් සදහටම මිදී, ඉපදීම නිරුද්ධ කරගැනීම එකම අරමුණ විය යුතු යෑයි ඔබ දකිනවා ඇත. එය කළ හැක්‌කේ ඉහත තුන් ආකාරයේ බැඳීම, මස්‌ මාළු කෙරෙහි නැතිකරගත්දාකමය. එතෙක්‌ කුකුලෙක්‌, හරකෙක්‌, ඌරෙක්‌, එළුවෙක්‌, මාළුවෙක්‌ වෙනුවෙන් සටන් කරන ඔබ, එම සතුන්ගේ නිදහස කැමති වුවද, ඔබ මරණින් පසු තිරිසන් යෝනියේ ඉපදීමේ ස්‌වභාවයෙන් තවම මිදී නොමැති බව මෙනෙහි කළ යුතුය.

තිරිසන් ලෝකයේ ඕනෑම සතෙකු එම ස්‌වභාවයේ උපතක්‌ ලබන්නේ, එම සතුන් පෙර මනුෂ්‍ය ආත්මභාවවල ඉපද කරගන්නා ලද අනන්ත අප්‍රමාණ සත්ව ඝාතන නිසාමය. මසට මැරෙන තිරිසන් සතෙක්‌ යනු පෙර භවයක පානාතිපාතා වේරමණී ශික්‍ෂාපදය දැඩි ලෙස කැඩූ මනුෂ්‍යයින්මය. මස්‌ මාංශයෙන් වැලකීම මගින් එවැනි කර්ම විපාකයනගෙන් එම සතුන්ව ගලවාගැනීමට ඔබට හැකියෑයි ඔබ සිතනවානම් එය මුලාවකි.

ගවයෙක්‌, එළදෙනක්‌ උදාහරණයකට ගන්න. පිංවත් ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් කරුණාවෙන් මස්‌ මඩුවට ගිහින්, එම සතා නිදහස්‌ කරගෙන ඇවිත් වත්තකට නැත්නම් ගව රැලකට දානවා. ඒ මොහොතේ පටන් ඒ සතා මොකද කරන්නේ. තම වර්ගයා බෝකරනවා. ඒ කියන්නේ මුලාවූ ලෝකයට දුක පැටව් ගසනවා. පිංවත් ඔබ ඔය නිදහස්‌ කළේ තව තව මරණයට පැටවු නිපදවන්නෙක්‌. ඔවුන් නිපදවයි. ඔබට තිබෙන්නේ නිදහස්‌ කිරීමය. මේ පරස්‌පරයට තමයි අපි මෝහය කියන්නේ. අපිම සංවර්ධනයට දායක වෙමින් අපම සීමාකරනවා. මෝහයෙන් මිදුනු දිනක තමයි ඔබට මේ ධර්මතාවය වැටහෙන්නේ.

පිංවත් ඔබට, සතා නිදහස්‌ කළ පින ලැබෙනවා. ඔබ තුළ මෛත්‍රිය කරුණාව වැඩෙනවා. එය නැතෙයි කියලා භික්‍ෂුව කියන්නේ නැහැ. සමහරවිට ඔබ ඔබේ අපලයකටය කියලා වෙන්න පුළුවන් සතුන් නිදහස්‌ කරන්න ඇත්තේ. නමුත් තිරිසන් සතෙකුට, මනුෂ්‍යයෙකුව අපලයෙන් මුදවා දීර්ඝායුෂ දෙන්න බැහැ. මෙතැනදී ඔබව අපලයෙන් මුදවන්නේ තිරිසන් සතා නෙවෙයි. එම ක්‍රියාව නිසා ඔබ තුළ ඇතිකරගන්නා කුසල් සිතයි. එම ශක්‌තිමත් කුසල් සිත නිසා අකුසල් කර්මයන් යටපත් වෙනවා. බලන්න, පිංවත් ඔබ තුළින්ම එම කුසල් සිත මතුකර ගැනීමටත්, ඔබට තිරිසන් සත්ත්ව සංඥාවක්‌ ඊට හවුල්කරගන්න අවශ්‍ය වුණා. භික්‍ෂුව මේ කරුණු ඔබට දක්‌වන්නේ, පිංවත් ඔබට මේ තිරිසන් සත්ත්ව සංඥාවලින් ඉවත් වෙන්න කියලයි. සැබැවින්ම ඔබ විසින් වැඩිය යුත්තේ දිව්‍ය බ්‍රහ්ම සංඥායි.

පිංවත් ඔබ අහිංසක තිරිසන් සතුන් මරණින් මුදාගන්න. එවැනි පිංකම් වලින් වලකින්න කියා කියනවා නොවේ. නමුත් වඩා වැදගත් වෙන්නේ ලැබූ මේ බුද්ධෝත්පාද කාලයේ, තමා සිරගතව සිටියදී, අනුන්ව නිදහස්‌ කිරීමට යැම නොවේ. තමා සතර අපායෙන් නිදහස්‌ වීමට වෙරදැරීමයි. ඊට අවශ්‍ය ශක්‌තිය සැඟවී ඇත්තේ තිරිසන් සතා තුළ නොව, ඔබ තුළමය.

ප්‍රමාදීභාවයකට පත්වී අපි තිරිසන් යෝනියක, උපතකට වැටුනොත්, අපිව නිදහස්‌ කරගැනීමට කිසිවෙක්‌ නොමැත. ඒ දුක අපම විඳිය යුතුය.

ඉහතින් සඳහන් කළේ හරක්‌ එළුවෝ ගැන. ඔබ මාළු ගැන සිතන්න. පිටකොටුව තොග මාළු වෙළඳපොලට යන්න. දස දහස්‌ ගණනින්, ලක්‍ෂ ගණනින් මියගිය මාළුවෝ ඔබට දකින්නට පුළුවන්. පොඩි මාළු අසුවෙන කාලවලදී, දැල් වලට දස දහස්‌ ගණනිනුයි මාළු අහුවෙලා මියයන්නේ. මේ වගේ මාළු තොග ප්‍රමාණයෙන් දකිනකොට මිනිස්‌සුන්ට සිතෙනවද 'මේ මොන අපරාධයක්‌ද?' කියලා. එහෙම සිතෙන්නේ නැහැ. 'මේ මාළුවාත් පෙර ආත්මයක මනුෂ්‍යයෙක්‌, දැන් මේ තිරිසන් යෝනියේ ඉපදිලා' කියලා හැඟීමක්‌ ඇතිවෙන්නේ නැහැ. ඒ මාළුවන්ගේ කර්ම විපාකයයි. ඔවුන් දස දහස්‌ ගණනින් මුහුද මතුපිටට මතුවී එන්නේ මැරෙන්නමය. ඔවුන්ගේ ආයුෂ එපමණය. මේ මාළු යෝනියේ මසුන් පෙර ජීවිතවල කළ කර්ම විපාකයන්ය. හේතුඵල ධර්මයන්ය. හාල්මැස්‌සාගේ පටන් සෑම මාළුවෙක්‌ම කුස පුරවාගන්නේ තමන්ට වඩා කුඩා මාළු සිය දහස්‌ගණනින් ගිල දමාය. ඔබ ඔය මරණයෙන් මුදවන්නට හදන මාළුවාද මාංශ භක්‍ෂකයෙකි. කිලෝ දහයක්‌ බරැති කෙලවල්ලෙක්‌ ඔය තැනට එන්න, කුඩා මාළු ලක්‍ෂ ගණනක්‌ ගිල දමන්න ඇත. ඒ කියන්නේ ප්‍රාණඝාත අකුසල් ලක්‍ෂ ගණනක්‌ ඒ සතා අතින් සිද්ධ වෙලා. අපි හිතමු ඉහත කෙළවල්ලා මුහුදෙන් අල්ලාගෙන පැමිණෙනකොටම නිර්මාංශ ඔබ එය දැකලා එම කෙළවල්ලා නැවත මුහුදට නිදහස්‌ කළා කියලා. ඒ නිදහස්‌ කළ මොහොතේ පටන්ම ඒ සතා කරන්නෙත් ප්‍රාණඝාතයමයි. කුඩා මාළුන් දහස්‌ ගණනින් ගිළ දමනවා. කුඩා මාළුන් එම කෙළවල්ලාගේ කුස තුළ මැරෙන්නේ ඒ ඔවුන්ගේ කර්ම විපාකය නිසයි. විපාක දීමට ඇති ස්‌වභාවය නිසා. මේකට තමයි ලෝකය කියන්නේ. ඉපදෙන, කැඩෙන බිඳෙන, විසිරෙන ස්‌වභාවය. . . .

එක්‌ කෙළවල්ලෙකුගේ කුස තුළ දිනකට තවත් කුඩා මාළු ජීවිත දස දහස්‌ ගණනක්‌ කැඩිලා බිඳිලා විසිරිලා යන ප්‍රමාණයට වඩා, සිය ගුණයකින් එම කෙළවල්ලා නැවත නැවත බිත්තර මගින් පැටවු, වර්ගයා බෝකරනවා. මේ සතුන් සැබැවින්ම අකුසල් නිධි. දිනපතා ලියලන, දළුලන අකුසල් නිධි. මේ මරණ දුකට හේතුව තමාමය. ඒ දුක වෙනස්‌ කරන්න මනුෂ්‍ය අපට බැහැ. ලියලන අකුසල් නිධි නැමැති හේතුව තිබෙන තාක්‌කල්, මරණ දුක නැමැති ඵලය නියතය. අවිද්‍යාව විසින් අයෙක්‌ මාළු යෝනියට ඇද දමද්දී, අවිද්‍යාව විසින්ම තව අයෙක්‌ මාළුවා බේරාගැනීම උදෙසා මෙහෙයවයි. මේ දෙකටම හේතුව ඔබ අවිද්‍යාවෙන් නිදහස්‌ නොවීමයි. ඔබ කළ යුත්තේ සම්මා දිට්‌ටිය ඇතිකරගැනීම මිස, මාර ධර්මයන්ට රැවටී (සමාජයේ භාවිතා වන වචනයෙන්ම කියන්නේ නම්) මාරයාට 'කඩේ යැම' නොවේ. ඒ කියන්නේ ඔබට අයිති නොමැති සිතට රැවටී සතර අපායට නොයන්න කියලයි.

ඔබට ඔබේ ස්‌වභාවයෙන් සිටීමට නොහැත. ඔබ සිටින්නේ අවිද්‍යාසහගත සිතේ ස්‌වභාවයටය. මන්ද සිත ඔබේ ක්‍රියාකරුවාය. ඔබ ඔබේ ස්‌වභාවයට සිටිනවා යනු, ඔබ අවිද්‍යාසහගත සිතේ ස්‌වභාවයේ සිටීමයි. ඔබ වීර්යය කළ යුත්තේ ධර්මයේ ස්‌වභාවයට පැමිණීමටය. එවිට සිතද ධර්මයේ ස්‌වභාවයට පැමිණෙනු ඇත. මේ තැනට පැමිණෙන තාක්‌ ඔබව ඔය අවිද්‍යාසහගත සිත නොයෙක්‌ ජනප්‍රිය දෘෂ්ඨීන් වල සිරකරුවෙක්‌ කරනු ඇත. එහෙයින් මස්‌, මාළු, බිත්තර, කරවල කැබැල්ලකට ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්‍ෂාවෙන් ඔබ රකින උතුම් ශීලය, සමාධිය, තන්හාවෙන් මාන්නයෙන් දිට්‌ටියෙන් කිළිටි කිරීමට මාරයාට ඉඩ නොදෙන්න.

භික්‍ෂුව ඉහත සටහන සවස්‌වරුවේ ලියන විට භික්‍ෂුවට පෙනෙනවා, කුටිය අසළින් රතු පැහැ එළදෙනක්‌ කැලය තුළට යනවා. ඇය යන්නෙ බොහොම අමාරුවෙන්. කකුලක්‌ කොරගසමින්. සමහරවිට වාහනයක ගැටිලා වෙන්න පුළුවන්. ඇය හොඳටම කෙට්‌ටු වෙලා. ආහාර නොලැබීමෙන් වෙන්න ඇති. ඇය පසුපසින් සති දෙකක්‌ පමණ වයසැති සුරුබුහුටි වසු පැටවෙක්‌ ගමන් කරනවා. ඒ ඇයගේ පැටවා. කොර ගසමින් යන මව් වැස්‌සිය පසුපසින් පැටවාද සතුටින් යනවා. මවගේ වේදනාව එයාට දැනෙන්නේ නැහැ. මව් වැස්‌සිය පැටවාත් අරගෙන මහා අවදානම් ගමනක්‌ යන්නේ. ඇයට තේරුමක්‌ නැහැ රාත්‍රී අඳුර වැටෙනවිට පැටවාත් සමග කැලයට යැම නුසුදුසුයි කියලා. නපුරු සතෙකුට ගොදුරුවෙන්න පුළුවන් කියලා. මව් වැස්‌සිය රෝගී තත්ත්වය වැඩිවී කැලයේ අතරමං වේවිය කියලා. මේවා ගැන කිසිම හැඟීමක්‌ මව් වැස්‌සියට නැහැ. පැටවා සමග කැලය තුළට ගියා. මව් වැස්‌සියගේ අනවබෝධය නිසා දෙදෙනාගේම විනාශය කැලය තුළදී සිද්ධවෙන්න පුළුවන්. පැටවාට කරන්න දෙයක්‌ නැහැ. එයා මව් උණුසුමට, මව් කිරට ඇති ජන්දරාගය නිසා, අවදනම කරා කැමැත්තෙන් ගමන් කරනවා.

මේ සිද්ධිය අපටත් හොඳ පාඩමක්‌. අප හැම විටම අනුගමනය කළ යුත්තේ, ආදර්ශයට ගත යුත්තේ අපව සතර අපායේ අවදානම කරා රැගෙන යන පෙරගමන්කරුවෙක්‌ නොවේ. නිවැරදි මාර්ගයට අපව මෙහෙයවන කළ්‍යාණ මිත්‍රයෙක්‌මය. ඒ කළ්‍යාණ මිත්‍රයා අන් කව්රුවත් නොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. උන්වහන්සේ අපට වදාළේ පිළී ගඳ ඇත්තේ මස්‌ මාංශ වල නොව, ශීලයක්‌ නොරකින, සමාධියක්‌ නොවඩන මනුෂ්‍යයා තුළ ඇති කෙළෙස්‌වල බවයි. ඔබ මස්‌ මාංශ අනුභව නොකොට සිටියද, ඔබේ සිත කෙළෙස්‌ වලින් බරිතනම්, සැබැවින්ම ඔබ තුළ පිළීගඳ ඇත. ඔබ මස්‌ මාංශ අනුභව කළද සිත කෙළෙස්‌ වලින් පිරිසිදු කිරීමට වෙහෙස වන්නේ නම් ඒ ඔබ වෙහෙසවන්නේ පිළී ගඳට එරෙහිවය.

මාළු යනු මාළුය. මස්‌ යනු මස්‌ය. බිත්තර යනු බිත්තරය. මේවා රස අනුව, ගුණ අනුව, වර්ගය, හැඩරුව, ප්‍රමාණය, පිං පව් අනුව වර්ග කරන්නේ ඔබේ සිතමය. මේ විෂයන් පිළිබඳව ඔබව සංකීර්ණභාවයට පත්කරන්නේ ඔබගේ සිතය. මේ සංකීර්ණභාවය නිසාම, නොයෙක්‌ දෘෂ්ඨි මතවාදවල ඔබ සිරකරුවෙක්‌ වෙයි. ඉහත සිරකාර බවින් ඔබ නිදහස්‌වීමට නම් අවිද්‍යාසහගත සිත ඔබ අවබෝධ කරගත යුතුය.
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
IV කොටස


මස්‌ මාංශ අනුභව කරන කුස සුසානයක්‌ නම්. . . .

පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා 'හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?' කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා.

භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ හරි උපත ලබායි තිබෙන්නේ. සමහර විටෙක මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, එසේත් නැතිනම් නැවත මාළුවෙක්‌ වෙලාද ඉපදිලා ඉන්න පුළුවන්. එය ධර්මතාවයක්‌. භික්‍ෂුව දකින්නේ පාත්‍රය තුළ තිබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන මාළු නැමැති සංයුතියෙන් හැඳින්වෙන රූපයක්‌ පමණයි. භික්‍ෂුව පරිප්පු, පොළොස්‌, මැල්ලුම් දකින්නේ යම්සේද මාළු කැබැල්ලත් භික්‍ෂුව දකින්නේ එම අර්ථයෙන්මය.

පිංවත් ඔබ මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ දකිනවා නම්, මස්‌ කැබැල්ල තුළ කුකුලෙක්‌ දකිනවා නම් එය දැඩි ආත්මීය දෘෂ්ඨියකි. අපි මේ ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කරන්නේ තමා තුළත් සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැහැය කියන කාරණය අවබෝධයෙන් හේතුඵල ධර්මයන්ට අනුව දැකීමටය.

එමනිසා භවයේ කොතැනක හෝ නැවත උපත ලබා ජීවත්වන සත්ත්වයකුගේ, අතීත රූපය මගේ කොටගෙන දෘෂ්ඨි කාන්තාරවල අතරමං වීම ඔබ නැවත නැවත උනන්දුවෙන් මෙනෙහි කළ යුතු කරුණකි. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන මාළුවා කව්රුන් හෝ ධීවර මහතෙක්‌ විසින් මරන ලද මාළුවෙකි. එම මාළුව මරපු අයට එම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසලය අනිවාර්යයෙන්ම විපාක දෙනු ඇත. ඔය ආකාරයට සත්තු මරන අයමයි නැවත එය මාළු වෙලා උපදින්නේ. පිංවත් ඔබ ඔය නොදැනුවත් කම නිසා පෙනී සිටින්නේ, පෙර ජීවිතයේ මාළු මරලා එහි කර්ම විපාකයෙන් මේ ජීවිතයේ මාළුවෙක්‌ව ඉපදුනු සතෙක්‌ වෙනුවෙන්. ඒ විදිහට මැරුම්කන්නයි ඒ සතා මාළුවෙක්‌ව ඉපදෙන්නේ. එම සතා දැළට හසු නොවුනා නම්, ලොකු මාළුවෙක්‌ට අසුවෙලා, ගොදුරුවෙලා ජීවිතය පූජා කරාවී. සත්ත්වයාගේ කුසල් පාලනය කරන්න ඔබට මට බැහැ. ඒවා ධර්මතාවයන්. හෙට පටන් රජය නීතියක්‌ පනවලා මුහුදු තීරයේ මාළු ඇල්ලීම තහනම් කළොත් මුහුදේ මාළු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවේවි. තෝරු, මෝරු, තල්මසුන් වැනි විශාල මාළු සුවසේ සැපසේ පහසුවෙන් එම මාළු ගොදුරු කරගනීවි. පිංවත් ඔබ මාළු නොඇල්ලුවත්, පෙර කර්මය නිසා ආයුෂ අහවර වුණු මාළුවා, තව සතෙක්‌ට ගොදුරු වී මියයාවී.

පිංවත් ඔබට ඉන් පසුව සිදුවන්නේ තෝරු, මෝරු, තල්මසුන්ට නිර්මාංශ වීමට කියා බලකිරීමටයි. එය කළ හැකිද නොහැකිද යන්න පිංවත් ඔබම තීරණය කරන්න. භික්‍ෂුව සමග විරසක වෙන්න එපා. මම අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් තව මොහොතකින් මාවත් කව්රුහරි මරාදමන්න පුළුවන්. එම නිසා ඉහත අදහසට පිංවත් ඔබ එකඟ නැතිනම්, එම අදහස අත්හැර දමන්න.

පිංවත් ඔබට නැවතත් මතක්‌ කරමි. ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත් වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. ඔබේ කැමැත්තට පටහැනි අයව විවේචනය කරන්න යන්න එපා. එසේ කොට අකුසල් රැස්‌කරගන්න එපා.

පිංවතුන්ලාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ වැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා දෘෂ්ඨි, මතවාද, පරස්‌පර අදහස්‌ ඇතිවීම ධර්මතාවයක්‌. එහෙම නොවුනොත් තමයි පුදුමය. මතවාද දෘෂ්ඨි වලින් ගහන ලෝකයේ පිංවත් ඔබ ධර්මයේ විවෘත ස්‌වභාවයට එන්න. ආත්මීය ස්‌වභාවයෙන් බැහැරව පටිච්ඡ සමුප්පන්නව ලෝකය දකින්න. දැලට හසුවී මැරෙන මාළුවා මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌. . . . . එසේත් නැතිනම් නැවත තිsරිසන් ලෝකයේම උපත ලබනවා. ඒ මාළුවාගේ අතීත රූපය බදාගෙන අපි සන්ඩුවෙනවා.

ඊළඟ කාරණය තමයි, මස්‌ මාළු අනුභව කරන අයගේ කුස සුසාන භූමියක්‌ය කියලා නගන චෝදනවා. ඒ කියන්නේ පිංවතුනේ නිර්මාංශව ජීවත්වෙන පිංවතුන්ලාගේ කුස, සුවඳ දුම් සුගන්ධය වහනය වන රත්තරං ගුහාවක්‌ද? මස්‌ මාළු කෑවත් නොකෑවත් පිංවතුනේ මේ කුස සුසාන භූමියක්‌ම තමයි. නිර්මාංශ පිංවතාගේ කුසත් ලේ, සැරව, මේදය, වමනය, අසූචි, මුත්‍ර බොකු බඩවැල් වලින්මයි පිරිලා තිබෙන්නේ. නිර්මාංශ පිංවතුන් ඔබ සිතනවා නම් ඔබගේ කුස සුසාන භූමියක්‌ නොවේය, එය රත්තරං ගුහාවක්‌ය කියලා පිංවත් ඔබලාට කවදානම් සතර සතිපට්‌ඨාන ධර්මයක්‌, අසුභයක්‌ පිළිබඳ දැනීමක්‌ සකස්‌වෙන්නද? මන්ද ඔබ සුබ සංඥාවෙන්මයි මේ ජීවිතය දකින්නේ. මේ කය දකින්නේ. මගේ ශරීරය පිරිසිදුයි කියන නිත්‍ය සංඥාවමයි ඔබට වැඩෙන්නේ. අකුසල් සංස්‌කාර හේතුවෙන් මියයන සත්වයෙක්‌ නිසා, පිංවත් ඔබ අහිමි කරගන්නා වූ ශාසනයේ අර්ථය මොන තරම් විශාලද.

ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ ධර්මය ඉක්‌මවා යන්න එපා. එසේ වුවහොත් නිර්මාංශ වුවද, මස්‌ මාළු වලට කෑදර වුවද එය ප්‍රමාදයක්‌මය. නිර්මාංශ වීම තුළත්, මස්‌ මාළු අනුභවය තුළත් නිත්‍ය සැප ආත්මීය වශයෙන් දෘෂ්ඨිගත වෙන්න එපා.

කෙනෙක්‌ මාස්‌ මාළු කනවා ශරීරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. තව කෙනෙක්‌ නිර්මාංශ වෙනවා ශරිරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. මේ කාරණා දෙකේදීම ඔබ තුල වැඩෙන්නේ ආත්මීය දෘෂ්ඨියක්‌. මේ සා ශ්‍රේෂ්ඨ බුදුදහමක්‌ අභියස දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න එපා. පිංවත් ඔබ කල්ප සියක්‌කෝටි ගණනාවක සිට, මස්‌ මාංශ අනුභව කරලා ඇති. සිංහයෝ, කොටි, කිඹුල්ලු, මාළු වෙලා අනුන්ගේ මස්‌ අපි කොච්චර කන්න ඇතිද? ඔබේ මස්‌ අනුන් කොච්චර කන්න ඇතිද? මස්‌ මාංශ නිසා දෘෂ්ඨිගත වෙලා කොච්චර සතර අපායන්ට වැටෙන්න ඇතිද? බත්, පරිප්පු, පොළොස්‌, මැල්ලුම්, තණකොළ මොන තරම් කන්දරාවක්‌ අතීතයේ අපි කන්න ඇතිද?

ඒත් අපි දෙගොල්ලන්ටම තවම සුගතියක්‌ නම් වෙලා නැහැ. මැරෙන ලෙඩවෙන නැවත ඉපදෙන ස්‌වභාවයෙන්මයි සිටින්නේ. කෙනෙක්‌ මස්‌ මාංශ වලට කැමතියි. තව කෙනෙක්‌ මස්‌ මාංශ වලට අකමැතියි. කැමැත්තත් , අකමැත්තත් විඳීම කියන ධර්මතාවයේ කාසියේ දෙපැත්ත වගේ. මේ දෙපැත්ත තුළින්ම ඔබ අල්ලාගන්නේ සංස්‌කාරමයි. සංස්‌කාර ඔබව රැගෙන යන්නේ භවයටමයි. මාළු කැබැල්ලක්‌, පරිප්පු හොද්දක්‌ කරන විකාරයක හැටි බලන්නකෝ. මනුෂ්‍යයාව ඇද දමන මුලාව දෙස බලන්නකෝ. එමනිසා මින්පසු මාළු කැබැල්ල දෙස, පරිප්පු ව්‍යංජනය දෙස නොව, ඒවා කෙරෙහි ඔබ තුළ සකස්‌වෙන තෘෂ්ණාව දෙස බලන්න. තෘෂ්ණාවමයි දුක සකස්‌ කරන්නේ. මේ ලැබුණු උතුම් ජීවිතයේදී ධර්මාවබෝධය, සම්මාදිට්‌ඨිය උදෙසා ගමන් කිරීමට අවශ්‍ය ජවය ශක්‌තිය ශරීරයට ලබාගැනීම උදෙසාම ආහාර අනුභව කරන්න. මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ නොව, පරිප්පු ව්‍යංජනය තුළ පරිප්පු නොව, ඒවා අසූචියක්‌, වමනයක්‌, මුත්‍රා කෝප්පයක්‌, රුධිරය කෝප්පයක්‌ වශයෙන් දකින්න. ආහාරය කුමක්‌ වුවද එහි ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, අනිත්‍ය බව සිතමින්ම, දකිමින්ම ඒවා ආහාරයට ගන්න. නිත්‍ය සංඥා, සැප සංඥා, ආත්මීය සංඥා මාළු නිසා ඇතිවුවද, පරිප්පු නිසා ඇතිවුවද ඒවා පිළීගඳ ඇති කෙළෙස්‌ම බව දකින්න.
 
Last edited:
  • Like
Reactions: hacker T

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
V කොටස


මංශයට ඇලී, මාංශයට ගැටී තවත් මස්‌ ගොඩක්‌ දරාගෙනම ඉපදෙමුද?

මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය.

මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌. . . . මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න දෘෂ්ඨි සපයන මාර කෑම වට්‌ටෝරුවයි. මාරයාගේ වේටර්ලා රිදී බන්දේසියක තබා ඔබට පිළිගන්වන මාරයාගේ කෑම වට්‌ටෝරුව, විඳීමෙන් බැහැරකොට ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ආහාරයට ගන්න. ප්‍රත්‍යාවේක්‍ෂාව යනු මේ ශරීරයත්, ආහාරයත් දෙකම පිළිකුල් බව දකිමින්, ධර්ම මාර්ගයේ ගමන් කිරීම උදෙසා කය පවත්වාගැනීම අරමුණු කොට ආහාර ගැනීමයි.

පිංවත් ඔබගේ දිවට ඵස්‌සය වන ආහාරය මස්‌ මාංශ වුවද, පරිප්පු වුවද, රසය-ගුණය පිං- පව් කියන සංඥාවන්ගෙන් මිදී අනිත්‍යයි කියන සංඥාවෙන් දකින්නට උත්සහ ගන්න. පිංවත් ඔබ ඒවා කෙරෙහි ඒවා කෙරෙහි ඇතිවන කැමැත්ත අකමැත්ත ඔබේ කර නොගෙන, ධම්මානුපස්‌සනාවට භාරදෙන්න. එවිට ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, දෘෂ්ඨියෙන් කිළිටිවුන සිත විදර්ශනාවෙන් විනිවිද දකින්නට හැකිවේවි.

කොහොම ගත්තත් තිරිසන් සංඥා අනතුරුදායකයි. තිරිසන් ලෝකය යනු අකුසල කර්මයන්ගේ මව්බිමයි. අකුසල් මව්බිමේ ඉපදෙන සෑම තිරිසන් සතෙක්‌ම, පෙර ජීවිතයේ සත්ව ඝාතකයෙක්‌මයි. පාපකාරී ජීවිත ගතකළ එම සත්ත්වයින්ට තම අකුසල් සංස්‌කාර විපාක දෙන ධර්මතාවය අපට නවත්වන්න බැහැ. අපි සංස්‌කාරවලින් මිදෙන දිශාවටම ගමන් කරමු. පිංවත් ඔබ ව්‍යාපාර, රැකීරක්‍ෂා කරමින් පංචශීලය තම නිත්‍ය ශීලය හැටියට සමාදන්ව ජීවත්වෙන්න. ශීලයක්‌ සමාදන් වීමට පෙර එම ශීලයේ ඇති වටිනාකම මෙනෙහි කොට ශීලය කෙරෙහි ගෞරවය සකස්‌කොට ගන්න. කිසිම අවස්‌ථාවක සිල්පදයක අර්ථයට අඩු තක්‌සේරුවක්‌ දෙන්න එපා. ඔබට සිතෙනවානම් අද දවසේ අදාළ සිල්පදය කිට්‌ටුවේය කියලා, සමාදන් වන ශිල්පද කිට්‌ටු කරගන්නවාට වඩා, ශීලයට ඇති ගෞරවයෙන්ම එම සිල්පදය සමාදන් නොවී සිටීම යෙහෙකි. නිර්මාංශ වීම හෝ මාංශ අනුභවය සිsල්පදයක්‌ නොවන බව විශ්වාස කරන්න. බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්මය අකීකරු ආකාරයෙන් ගලපා නොගන්න. එසේ වුවහොත් නිරතුරුවම දෘෂ්ඨි මතවාදවල හිමිකරුවෙකු වීමට ඔබට සිදුවනු ඇත.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මස්‌ මාංශ වෙළෙඳාම, මිනිසුන් ඇතුළු සත්ත්ව වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, සුරා වෙළඳාම සහ වස විශ වෙළෙඳාම මිච්ජා ආජීවය වශයෙන්. ඉහත කාරණයේ" අනිවර්යයෙන්ම මස්‌ මාලු වෙළඳාම මිච්ජා ආජීවයට අසුවෙනවා. ඒ ගැන කිසිම සැකයක්‌ නැහැ. හංදියේ හෝටලයේ මුදලාලි මහත්මයා මස්‌ පීරිසයක්‌, මාලු පිරිසියක්‌ විකිණීමේදී, බුරියානි එකක්‌ කොත්තු රොටියක්‌ විකිණීමේදී පවා මිච්ඡා ආර්වයක්‌ සිද්ධ වෙනවා. නමුත් ව්‍යාපාර, රැකිරක්‍ෂා කරන, වගකීම් බහුල පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලයයි. එම නිසා ඔබේ ජීවිතය තුළින් පංචශීලය අර්ථවත් කරගන්න. එවිට ඔබ හෝටලයක, මාලු ලෑල්ලක, ශීතකරණයක බහා මස්‌ මංශ වෙළඳාම කරන විට ශිල්පදයක්‌ බිඳගැනීමක්‌ වෙන්නේ නැහැ. මොකද ඔබ සමාදන්ව සිටින්නේ පංචශීලයයි. නමුත් මිච්ඡා ආජීවයක්‌ ඔබ අතින් සිද්ධවෙනවා. එය බුදුරජාණන්-වහන්සේ ඔබට එපා යෑයි දේශනා කළ කාරණයක්‌. නමුත් ගිහි පිංවතුන් පංචශීලය සමාදන්වීමේදී මිච්ඡා ආජීව කියලා සිල්පදයක්‌ සමාදන් වෙන්නේ නැහැ. පිංවත් ඔබ උපක්‍රමශීලීව ධර්මය ජීවිතයට ගලපාගන්න.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ සියලුම සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙනි. අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩීමේ නොවැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා හැමෝටම එකම තැන සිට ධර්මය දකින්න බැහැ. හෝටල් ව්‍යාපාරයක්‌ කරන කෙනෙකුට, මාළු ලෑල්ලක්‌, ශීතකරණයක මස්‌ මාළු වෙළෙඳාම කරන පිරිසකට අපි කීවොත් ඔබ මස්‌ මාංශ විකිණීමෙන් කරන්නේ මහා වරදක්‌, ඔබ මහා දුස්‌ශීලයෙක්‌, ඔබ අනිවාර්යයෙන්ම නිරයට යනවා කියලා, එය මහා ද්‍රෝහිකමක්‌ වෙනවා. සම්බුදු වදනට පටහැනි ප්‍රකාශයක්‌ වෙනවා. එහෙම වුණොත් අනේ ඒ අසරණ වන බෞද්ධයන් අන්‍යාගම්වලට යාවී. මිථ්‍යාදෘෂ්aඨික භාවයට පත්වේවි. ඒ නිසා ඒ අයට කියන්නට තිබෙන්නේ පිංවත් ඔබලා පංචශීලය නිත්‍ය ශීලය හැටියට සමාදන්ව, රැකගෙන ඔබේ ව්‍යාපාරය කරන්න කියලා. එවිට පුළුවන් ඔවුන්ටත් මේ ධර්මයේ සුරක්‍ෂිතභාවයක්‌ ලබාගන්න. එතැන" ඔවුන් අතින් සිල්පදයක්‌ බිඳෙන්නේ නැහැ. තමන් සමාදන්වූ පංච ශීලයට අගෞරවයක්‌ වෙන්නේ නැහැ. නමුත් එම පිංවතුන්ට ශක්‌තිය තිබුණොත් මස්‌ මාංශ විකිණීම මිච්ජා ආජීවයක්‌ නිසා, ඉන් මිදී ජීවත්වෙනවා කියලා තීරණයක්‌ ගන්න, එය ඔහුගේ ජයග්‍රහණයක්‌.

එහෙම නොවුනා කියලා ඔහු දුස්‌ශීලයෙක්‌ නොවේ. මොකද ඔහු තෙරුවන් සරණ ගිය පංචශීලය ක ගෙන ජීවත්වන සිල්වතෙක්‌ නිසා. ඔහුද ධර්මය තුළ සුරක්‍ෂිතභාවය ලැබූවෙක්‌. වගකීම්වලින් බැඳුන ගිහි පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන්වහන්සේ ඉක්‌මවා ගොස්‌ තෙරුවන් සරණ ගිය පංචශීලය ආරක්‍ෂා කරගෙන ජීවත්වෙන මනුෂ්‍යයෙකුට දුස්‌ශීලයි කියන චෝදනාව නගන්න හොඳ නැහැ. පිංවත් ඔහුට තවදුරටත් ධර්මය ගැන සිතමින් , තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගනිමින්, ශීලයෙන් ශක්‌තිමත් වෙමින් ඉදිරියට පැමිණීමට, ඒ පැමිණීම තුළින්ම මිච්ඡා ආජීවයෙන් මිදීමට අවශ්‍ය රැකවරණය සත්පුරුෂභාවයෙන් යුතුව ලබාදෙන්නට අපි පාර පෙන්විය යුතු වෙනවා.

අවසාන වශයෙන්ද කියමි. පිංවත් ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත්වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. මස්‌ මාංශ කෑම, නොකෑම කෙනෙකුට ශීලයක්‌ නොවන නමුත් මස්‌ මාංශ කෑම, නොකෑම නිසා ඔබ තණ්‌aහාව, මාන්නය, දිට්‌ඨි සකස්‌ කොටගතහොත් එය බලවත් මනෝ කර්මයක්‌ බව හොඳින් සිහිපත් කර ගතයුතු වෙනවා. මස්‌, මාංශ, නිර්මාංශ ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති දේවල් ලෝකයේම තිබීමට ඉඩහැර, ලෝකයට ඔබ බැඳෙන, රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා, ඔබ තුළ සකස්‌ වෙන තෘෂ්ණාවෙන් මිදෙන්න. මස්‌ මාංශ කෙරෙහි සකස්‌ වුවද, නිර්මාංශ කෙරෙහි සකස්‌ වුවද තෘෂ්ණාව යනු දුකෙහි නිර්මාණකරුවාම බව දකින්න. ඔබ දරාගෙන සිටින ශරීරය නැමැති මස්‌ ගොඩේ හිමිකාරීත්වය ඔබට ලබාදෙන්නේ සංස්‌කාර කෙරෙහි සකස්‌කොට ගන්නා තෘෂ්ණාව නිසාම බව දකින්න.

තිරිසන් සතුන්ගේ මස අතහැර, පරිප්පු ව්‍යංජනයේ රස අතහැර ශරීරය නැමැති ඔබේ මස්‌ ගොඩෙන් මිදීමේ මාර්ගය දකින්න.

එවිට මෙතැන ඇත්තේ මස්‌, මාළු, පරිප්පු ප්‍රශ්නයක්‌ නොව ඒවා කෙරෙහි ඇතිකරගන්නා ඇලීමේ ගැටීමේ ප්‍රශ්නයක්‌ බව ඔබ දකිනු ඇත.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් දේවදත්ත හිමියන් මස්‌ මාංශ වැළඳීම තහනම් කරන ලෙස කළ ඉල්ලීමේදී බුදුරජාණන්වහන් සේ දේශනා කළේ කැමැති කෙනෙක්‌ තමන්ට පූජා කරන මස්‌ වැළඳුවාවේ, කැමති කෙනෙක්‌ නිර්මාංශව පිණ්‌ඩපාතය වැළඳුවාවේ යන්නයි.

එතැනයි ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයෙන් මිදුණු උපේක්‍ෂාව. මධ්‍යම ප්‍රතිපදාව. අපි ඒ සම්මා සම්බුදු වදන ඉක්‌මවා යා යුතු නැහැ. එහෙම වුණොත් අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට එන්න බැහැ. ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් තිබුණාවේ. පිංවත් ඔබ ධර්මයේ ස්‌වභාවයට එන්න. මස්‌ මාංශ නිසා, හේතුඵල ධර්මයන්ට අනුව නැවත මස්‌ ගොඩකට බැසගන්න, ඵස්‌ස ආහාර, මනෝසංච්තනා ආහාර, විඤ්ඤාණ ආහාර යන ආහාර 3 ක්‌ බුදින ධර්මයේ රැකවරණය අහිමි කරගත් පිංවතෙක්‌ වෙන්න එපා. අපි සියලුම දෙනා බුදුරජාණන්වහන්සේගේ දරුවෝ. එමනිසා බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසෙන් ලෝකය දකින්න. තමාගේ කැමැත්ත, අකමැත්ත තමාට අයිති නැති කොට, අනුන්ගේ කැමැත්ත අකමැත්ත ඔබ ඔබේ කරගන්න එපා. ඒ ඔබ ඔබේ කරගන්නේ දුකයි.
 
Last edited:
  • Like
Reactions: shaminda peiris

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
10411928_10201245940429279_368832323896734482_n.jpg

සියලු දෙනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය වහ වහා අවබෝධ වේවා!....

සියලු දෙනාටම තෙරුවන් සරණයි!
 
Last edited:

topkollek

Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ...පසු තිරිසන් යෝනියේ ඉපදීමේ ස්‌වභාවයෙන් තවම මිදී නොමැති බව මෙනෙහි කළ යුතුය.
    ...

    ප්‍රමාදීභාවයකට පත්වී අපි තිරිසන් යෝනියක, උපතකට වැටුනොත්, අපිව නිදහස්‌ කරගැනීමට කිසිවෙක්‌ නොමැත.
    ...



    මොනවද බන් මේ යෝනි ගැන ලියල තියෙන්නෙ. ලැජ්ජ නැද්ද උඹලට?:lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ධර්ම දානය නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ධර්ම දානය නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා..

    එසේම වේවා.. තෙරුවන් සරණයි.. :)

    thanks bro

    :yes: තෙරුවන් සරණයි... :)

    බුක්මාක් දාගත්තා මචං.. පස්සෙ කියවන්න ඕනි..

    එල මචන්.. කියවපන්... ඔය අවුල තියන අයටත් කියපන්.. :)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mas kade kokke ellena animal keneuge mas ethanta ave minisun buy karana nisaya. Vakra andamin sathva Gathanayata anubala dee atha. Pavak sidu vanava nedha ? Ema sathava marana vita kopamana vedanavak vidinna athdha? Eya pera athmayaka ema satha , minisek vasayen ipidha sathvayek marimea KARMA palayak viya haki nedha? Eka nisa api mas anubava kirimen sathva gathanayata anubala deemen , karma palaya vasayen next life ekedi api Mas kade kokke elli sitiya haka.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mas kade kokke elleemata sidu une mea sathvaya pera athmayakdi karapu karma palayak nisaya. Enam mea sathvaya pera athmayaka minisekva ipidha sathvayek gathanaya kara atha. EKA NISA MAS KAMEN SATHVA GATHNAYATA ANUBALA DEEMEN MATA E LAGA ATHMAYE MAS KADE KOKKE ELLI SITIMATA SIDU VEA. EKA NISA MAMA MAS NOKAMI.
     
    Last edited: