මෙහෙමයි මචං. මට තේරෙනව උබ හිතන විදිය. අවුරුදු ගානක් ලව් කරපු කෙල්ලෙක් ඔය වගේ සීන් එකක් නිසා හලන්න බෑ හොඳ හදවත් තියෙන එකෙක්ට. ඌට මාර වරදකාරී හැංඟීමක් එනව එහෙම කරාම. හැබැයි ඔතන උබේ තැන කෙල්ල හිටිය නම් උබ මේ වෙනකොටත් හලල.එ් කෙල්ලොන්ගේ හැටි බන්.
යතාර්තයට මුහුන දීපන් බන්. උබේ කෙල්ල වැඩටත් ගිහින් හම්බ කරන සේසතම ගෙදරට පිදුවම හරියනවද බන්? එහෙනම් ජොබක් නැති කෙල්ලෙක්ව බැඳපන්කෝ..... අඩුම ගානේ ගෙදර වැඩටික හරි කරයි ගෙදර ඉන්න නිසා.
මචං ඔය වගේ පොඩි පඩියකින් කොහොමද බන්? ඉස්සරහට ජීවත් වෙන්නේ?දරුවොත් ආවම උබට තරු පෙනෙයි?
ලොකුම කේස් එක ඔය කෙල්ලගේ පවුල් පසුබිම නිසා උබට අනන්තවත් පවුල් ප්රශ්න ඇති වෙයි. සරලව කිව්වොත් උබට ගොඩක් දේවල්වලට කරගහන්න වෙයි. එතකොට තේරෙනවනේ සනීපේ.
මොලෙන් කල්පනා කරල කරන දෙයක් කරපන්. ඕන තරම් කෙල්ලො ඉන්නවා බන් ජොබ් කරන සහ පවුල් බරක් නැති. එයින් එකියක් හොයන් බැඳල සතුටින් ඉඳපන්. සල්ලි කියන්නේ සෑහෙන්න තීරණාත්ම සාදකයක්
අර ආට් කරන කෙල්ලෝ හැමෝම එක වගේද කියල ඇහුවනේ? මට අඳුරන හුගක් උන් ඒ වගේ තමයි බන්, විකාරයි සමහර වෙලාවට.![]()
උඹ හරි යාලුවා..
මේ තැන කෙල්ලක් හිටියා නම් සමහරවිට මට හෙන පචයක් ඇදලා මාව හලන්නත් පුළුවන්.
හැබැයි මේකි ගෙදර පළාතේ යන්නෙත් මාසෙකට දෙසැරයයි.
ඒච්චර දුරක් නෑ. පැය දෙකෙන් යන දුර.
ඒත් යන්නේ නෑ.
ඉන්නේ තනියමයි.
වැඩි කතාවක් නෑ.
මාරම සයිලන්ස්.
හැබැයි අම්මලා ගැන බලන්න පුළුවන් නම් ලු කැමති.
එයාට අමමලා තමයිලු එයාගෙ පණටත් වඩා ලොකු.
ඒත් බන් මට ඔය බයිලා නම් අල්ලන්නේ නෑ.
වෙලාවකට හරි බොලදයි.
අර සුජීවයගෙ මල් කතා වල තියෙන ලෝකෙ ඉන්නේ.
කලිනුත් මම එහෙම කෙල්ලක් අතහැරියා.
ඒකි මල් කතා ලෝකෙක හිටියේ.
යාලු වෙලා දවස් දෙකෙන් වලි දාගන්න ගත්තා
බැලින්නම් අර කතාවල වගේ මම නලවයි කියලා.
මට එපාම උනා.
මම අතහැරලා දැම්මා.
ඒකි ඒ වෙනකොටත් NSB ASS. Manager.
මොන ජොබ තිබුණත් සිහින ලෝක වල ඉන්න උන් මට අල්ලන්නේ නෑ.
ඒකට දැන් එකී...
ඒකි මහ පොළවේ පය ගහලා නෙවී ගිලිලා ඉන්නේ...
මට මෙට් වෙන්නෙම මෙහෙම ගෝත කරුම තමයි.



ලොකුම කේස් එක ඔය කෙල්ලගේ පවුල් පසුබිම නිසා උබට අනන්තවත් පවුල් ප්රශ්න ඇති වෙයි. සරලව කිව්වොත් උබට ගොඩක් දේවල්වලට කරගහන්න වෙයි. එතකොට තේරෙනවනේ සනීපේ. 



