පාසල් යන කුඩා දරුවාගේ ඉදන් වැඩිමල් වයසේ අය තෙක්ම ඉරාජ් කියන නම හදුනනවා. ඒ විතරක් නෙමේ ඉරාජ්ගෙ සංගිතයට වයස් භේදයකින් තොරව ගොඩක් දෙනෙක් ආදරය කරනවා. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ ඉරාජ් ගැන හදුන්වලා දෙන්න නෙමේ. ඔයාලා හැමෝම දන්න ඉරාජ්ගේ වැඩිපුර දන්නේ නැති දෙයක් කියන්නයි සූදානම.
රාජ් විරරත්න කියන්නේ ලංකාව තුල වගේම ජාත්‍යන්තර සංගීතයටත් අලුත් අත්දැකීමක් එක්කරන තරුණයෙක්. ඉරාජ් විසින් ඔහුගේ රසිකයින් සදහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් මේ වනවිටත් නිකුත් කර තියෙනවා.
ඉරාජ්ගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගැන මුලින්ම review එකක් ලියවෙන අවස්ථාවත් මේකයි. මේ ඇප් එක ඔස්සේ ඉරාජ්ගේ නවතම ගීත , ඡායාරූප බලන්නත් පුලුවන්. ඒ විතරක් නෙමේ ඉරාජ් පිළිබදව විස්තරත් මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක තුල අඩංගුයි. ශ්‍රී ලාංකික තරුණ සංගීතවේදින් අතරින් මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් මුලින්ම නිකුත් කළේ ඉරාජ් කියලයි අපි නම් හිතන්නේ.
ඔබට මෙම ඉරාජ්ගේ ඇප් එක Download කරගන්න පුලුවන් පහතින්.
Google Play
Download Link


mu loka horek 




