පද පේළී - EK LYRICS THREAD PART 2

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:no: කවුද හිනා උනේ..
උඹ දාර්ශණිකයෙක් වෙලාවත්ද? :dull:

ආදරය මිනිසා කවියකු කරයි,විරහව ව්සින් මිනිසා ජීවිතය පිලිබද දාර්ශනිකයෙකු කරයි ලු:eek:
මම මලාට කවියක් ලියලා නැ ඒ උනාට සමහරු නම් කියන්නෙ මම හෙන දාර්ශනිකයා කියලා බලන් ගියාම මුල ඉදලම තිබිලා තියෙන්නෙ විරහව නෙ:lol:



සිතුවිලි සිරවී හදවත පතුලෙන්
ඉකිබිද වෑලපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

මිලාන වු මල් ඉකිබිද වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබෙයි මගෙයි ලොව කදුලු දකී


 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ආදරය මිනිසා කවියකු කරයි,විරහව ව්සින් මිනිසා ජීවිතය පිලිබද දාර්ශනිකයෙකු කරයි ලු:eek:
මම මලාට කවියක් ලියලා නැ ඒ උනාට සමහරු නම් කියන්නෙ මම හෙන දාර්ශනිකයා කියලා බලන් ගියාම මුල ඉදලම තිබිලා තියෙන්නෙ විරහව නෙ:lol:



:rofl::P
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සිංදුවක් දාපන්;)

මේ අයුරින් අපි
සංසාරේ ආදරයෙන්
හමුවෙන්න ඇති...
මේ අයුරින් අපි
දවසක් දා අතරමගදි
වෙන්වෙන්න ඇති...

සාලිය මාලා පෙම්බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇතී...
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇතී...

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇතී...
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නේ නැතී...

ආත්ම ගණනේ ඔබ පය පාමුල
මගේ කඳුලින් සේදෙන්න ඇතී...
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇතී..


ටි ඇම් ජයරත්න
 
  • Like
Reactions: C h o p p e

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Indrachapa Liyanage.........

~සිංහයෝ~

Sri-Lanka-test.jpg


~ජයටැම් කරා, අභිමන් හුවා~
..විරුවන් ලෙසින් ඇදෙනා..
~රුපු තෙද විදා, සුරැකුම් දරා~
..සිංහයන් නමින් දිවුරා..
~රන් රුවන් බැඳි, අසිපතක් ගෙන~
..මුළු ලෝකයක් පරදා..
~සියවරක් නොව, දසවරක් තව~
මේ දේශයම දිනේවා !!
\\..සිංහයෝ..සිංහයෝ..//


~නිලඹර පුරා, ඇඳි රූ රටා~
..ලැබූ ජය ගී අද නුඹේ..
~වංකගිරියෙන්, හමනා සුළඟෙන්~
..රැඳුනු ගී අද නුඹේ..
~අසනි වැසි, හඬඟා හඬද්දි~
..පෑයුවා හිරු සේ..
~නුඹේ නමින්, මේ යදින්නේ~
..ජය පතා දේශයේ..
\\..සිංහයෝ..සිංහයෝ..//


~දේශයේ ජයකොඩි දරා~
..මේ සත් සියක් සේනා..
~ඔද වැඩූ අප, සන්තොසින්~
..සෙනෙවියන් නුඹයි රක්නා..
~සිංහයන් නම්, පෙලහරින්..
..නෙක හරඹයන් මවලා..
~සකි සඳේ හේ, පවසාම් මෙසේ..
දිනවාම් අපේ ලංකා !!
\\..සිංහයෝ..සිංහයෝ..//

 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රුවට රුවේ සකුරා ඉවුරේ...

රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා සුදු කන්ද දිගේ
පාසැල් යන සුදු කුමාරියේ

හිම මිදෙනා නගරේ
රුව පෑව ඒ රූබරී
චෙරි මල් පිපී පවනේ
ඒ ගමන් ලතා බලා ඉන්නවා

රතු මුහුදේ වෙරළේ
යමු ඈත අපි වෙන් නොවී
සිතකින් නොවේ ළඳුනේ
මා මගේ රටේ සදා තනිවුනේ

-T.M Jayarathna-
 
Last edited:
  • Like
Reactions: C h o p p e

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Rookantha Gunathilake............


උකුලට නාවත් එදා වගේ~

මා පොඩි පුතු අම්මේ..
යොදුනක් ඈතින් උන්නත් මා~
මා ඔබ ලඟ අම්මේ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අඳුරේ මැදියමේ නිදි වරා...

අඳුරේ මැදියමේ
නිදි වරා වැපිරූ සිහිනේ
කඳුළු අතුරා
පුළිඟු සැඟවූ සිහිනේ

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සිහින අතැර ගිය ජීවිතේ
මරණ ආගාධයේ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
සිහින සොහොන ළඟ ජීවිතේ
නොමළ සිත සමඟ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා

සොඳුරු ලෝකාන්තය මුදුනතේ
මතක භශ්මයන් හද දරා
හිඳිමි මම
ඔබද එය දන්නවා
නොඑනා සෘතුවක බර දරා
අහිමි හුස්මකට ළය අයා
හිඳිමි මම
ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න...

-කසුන් කල්හාර-
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිල් තරු නෙතු හිනැහේ......
    මේ සුන්දර රැයෙහි දිලී.....
    සිත සතුටේ කිමිදීලා.....
    ඔබ මා වෙත යාවීලා.....
    ආදරේ මල් වරුසා ඇදහැලෙනා.....

    පෙම් සිතිවිලි පිබිදේ.....
    මේ මංගල රැයෙහි සැලී......
    තරු රෑනක් පායාලා.....
    මල් යායක් පීදීලා......
    ආදරේ මුතු වරුසා ඇද හැලෙනා......♫♫
     
    • Like
    Reactions: DAMER

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම

    සුවඳ තියෙන මල් මෙන් නොව අවිහිංසක බෝම
    නුඹ සමවෙන වෙන මලක් කොහෙද දැක නැත මම තාම
    නුඹ සමවෙන වෙන මලක් කොහෙද දැක නැත මම තාම

    පුදසුන මත පිදෙන තරම් වරම් නැති ඔයාට
    මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව
    මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව

    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම

    කිංසිලි පීරිස්
     
    • Like
    Reactions: DAMER

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනා සේ....
    ඔබයි ගෙන ආවේ...
    වසන්තය මලක් සේ....
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආකාස ගඟේ වලාවේ වෙලී...

    ආකාස ගඟේ වලාවේ වෙලී
    සීමාව සොයා සිසාරා ඇදී
    එමි ආදරේ සිත සාදමී
    මුදු හාදු දී හද ගිනි නිවමී
    සුළඟ හෙමිහිට හැමුවාවේ
    කොහෙද ඇය මට කිව්වාවේ
    පෑයූව සඳේ ආකාසේ රැඳී
    ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී...

    ඈ ඉන්නා සේ මැදුරේ
    ලා අඳුරේ මේ යාමේ
    පාවේදෝ ගී රාවේ
    පිඩාවී සන්තාපේ

    ඒ හඬනා හඬ දෝ ඇයගේ
    දෑසේම පායා රෑ සීන ගේනා
    ඈ කෝ සොයා දැවෙමී
    පෑයූව සඳේ ආකාසේ රැඳී
    ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී...

    රෑ බෝවී ආවාවේ
    දී දුක් දී හේමන්තේ
    නෑ එන්නේ මල් වාරේ
    සරසාලා ඈ හිසකේ
    ඈ මතකේ සුසුමේ සිරවේ
    දෑසේම පායා රෑ හීන ගේනා
    ඈ කෝ සොයා දැවෙමී
    පෑයූව සඳේ ආකාසේ රැඳී
    ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී...

    ආකාස ගඟේ වලාවේ වෙලී...

    -කසුන් කල්හාර-
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
    අනේ උඹේ පෙම්ඹර සයිමා කට් වෙලා.... :yes::yes::yes:
    :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අහස් ගැබේ තරු කැට ගානේ
    පොළෝ තලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මම ආදරෙයි.... :love::love::love:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පා යුග නැති ඔබ දකින තුරා
    කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
    නෙත් යුග නැති ඔබ දකින තුරා

    මාවත කටු අතු බොරළු මතක නැත
    දෙපා රැඳුනු විට බුමුතුරුණේ
    දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
    මැදුරේ දෙසවන් අඟුළු වැටේ

    සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
    රසමසවුළු වල සුවඳ පිරේ
    ඒ රස සුවඳට දෑස අයාගෙන
    බත් ඇට ඇහිදිති පොඩි දරුවෝ

    :dull:
     
    • Like
    Reactions: DAMER

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
    මදි මට මුළු සංසාර යුගේ......
    ඔබව බලා ගන්නට අම්මේ.....
    ඔබව බලා ගන්නට අම්මේ.....

    ඉර හඳ පතුරණ එළියට වැඩියෙන්
    ඔබ මට හරි එළියයි අම්මේ...
    දහසක් නෙත් මට මදි අම්මේ....
    දහසක් නෙත් මට මදි අම්මේ....

    ලේ කිරි කරලා අම්මත් මාහට පෙව්වද
    නැතිනම් ඊට වඩා....
    ඉර හඳ, දරු සෙනෙහසට යටත් කොට
    දිය කර පෙව්වද සේද වලා....

    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
    මදි මට මුළු සංසාර යුගේ......
    ඔබව බලා ගන්නට අම්මේ.....
    ඔබව බලා ගන්නට අම්මේ.....

    දස මාසේ කුසයේ හි මා දරලා
    ඉසුලූ බර ඔබට මහදී
    දරු සෙනෙහස මතු බුදු කරවන්නට
    මව් පදවිය ඔබ ලදන ලදී....

    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
    මදි මට මුළු සංසාර යුගේ......
    ඔබව බලා ගන්නට අම්මේ.....
    ඔබව බලා ගන්නට අම්මේ.....

    ඉර හඳ පතුරණ එළියට වැඩියෙන්
    ඔබ මට හරි එළියයි අම්මේ...
    දහසක් නෙත් මට මදි අම්මේ....
    ඔබව බලා ගන්නට අම්මේ.....
    දහසක් නෙත් මට මදි අම්මේ....
    ඔබව බලා ගන්නට අම්මේ.....