පද පේළී - EK LYRICS THREAD PART 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්

    මගේ දුක දැක ඔබේ දෙනයන
    උපන් කඳුලින් සේදිලා //
    ඔබේ වත නොව ඔබේ හදවත
    පුරා සඳ සේ පෑදිලා

    සදාකාලික නොවූ ලෝකේ ...

    එදා ලඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ //
    සදාකාලික නොවූ ලෝකයෙ
    සදා කෙලෙසද පෙම් බඳින්නේ

    සදාකාලික නොවූ ලෝකේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්...

    කණක මිණක තරුවක රුව
    නොපෙණුනි ඔබ දකින තුරා
    ලොවක සිරිය නොදුටිමි මා
    ඔබෙ සෙනෙහස ලබන තුරා

    අහස පොළව...

    විලක දොලක සුව නොලදිමි
    ඔබ මා හා රැඳෙන තුරා
    මලක සුවඳ ඇත මසිතේ
    ඔබ මා ලඟ සිටින තුරා

    අහස පොළව...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
    කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
    උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
    පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන

    පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
    හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන //
    මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
    සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

    වෙරළු ගෙඩිය...

    තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
    ලන්දක කකා ලන්දක කල් යල් හරිති //
    එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
    බිම් පංගුවට ලොල් වී මළගම් නොයති

    වෙරළු ගෙඩිය...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රුදුරු තුරු වදුලේ
    තියුණු කටු අතරේ
    දිලෙන සියුමැලියේ
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ //

    මහදේ රන්සුමු ගේ ඔබ තබලා
    නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
    සුවඳ විඳිමින් ඉඳිමි සැමදා
    දෑස වැසෙන තුරා //

    රුදුරු තුරු වදුලේ...

    මිහිරී රූසිරී
    මිහිරී ජනනියේ
    සිත සැනසේ ඔබ දසුනේ
    මුදුමතී, මුදුමතී
    සිත සැනසේ ඔබ දසුනේ

    රුදුරු තුරු වදුලේ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි

    නුඹ සඳක් වෙලා පායා
    මට එළිය වුණු වගයි
    නුඹ සඳක් සේම බැස යයි
    මට ඉතිරි කළුවරයි
    මගෙ මතක එපමණයි

    මා ඉතින්...

    සඳ එළිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    පිණි කඳුළු බිංදු විතරක්
    මේ බිමට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි

    මා ඉතින්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුලින් තුරන් වූ ප්‍රේමයක් //

    සතුටේ උපත කඳුලයි සදා
    හද වේදනා දෝතින් ගෙනා //
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා

    ඇසුවේද කවුරුන් හෝ …

    පිපි මල් මතින් පියමං කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන් //
    විඳි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කවුදෝ එයින්

    ඇසුවේද කවුරුන් හෝ … //
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
    වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ //

    කඳුලක් නොසැලු නෙතකින්
    හසරැල් සොයන්නෙපා //
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා

    සයුරක් නොදුටු …

    සිසිලක් නොමැති අහසින්
    වැසි දිය යදින්නෙපා //
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    දුක තද කරන් මහාමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම්...

    අපි හමු උනත් ඉද හිට යලිත් එක්වෙන්න බෑ කාවදාකවත්..

    නිතර වැටෙනා කඳුලට ඉතින් කථා කරගන්න පුළුවන්නම්..

    කියයි හඬගා... ලොවට මතුදා... ඔබට මං ආදරේ කියලා.....



    Senanayaka Weraliyadda



    මේ song 1කේ original video 1ක තිබේද? :D ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පණ මෙන් පිඳු ආදරයේ
    සඳ මෙන් සිටි ආදරියේ
    අතුරා කඳුලැළි දෙනෙතේ
    නුඹ කොයිබද සැඟව ගියේ

    පෙර දවසක ඔබම එවූ
    පෙම් හසුනක හැඬට ලියූ
    මතකය කළඹන අකුරූ
    අද මා හඬවන අයුරූ
    දුටුවා නම් පෙම්වතියේ
    ඇහැරෙනවා කඳුළු ඔබේ

    ආදරයේ වඳ හිංසා
    ඉවසන්නම් ඔබ හින්දා
    තේරුම් ගත්තොත් නංගා
    ඉන්නට බැරිවෙයි හංගා
    සිතකට පිදු ආදරය
    රැකගනු පණ දෙවැනි කොට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැරි වී ගිය ඔබ සිඟිති ලේන්සුව
    තවමත් සුරැකිව මා ළඟමයි
    ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
    කඳුළත් සුවඳත් තව එහෙමයි

    අවසන් දවසේ අවසන් පැය තුළ
    කොතරම් ළතැවුල් වින්දා දෝ
    අපට පුරුදු ඒ පුංචි කාමරේ
    එතරම් සෙනෙහස තිබුණා දෝ

    සමුගෙන යන දා දහසක් දේ අපෙ
    දෙසිතේ ගොළු වී හැඬුවාදෝ
    ඔබගෙ සුවඳ රැඳි සිඟිති ලේන්සුව
    විතරක් මා ළඟ තනි වේදෝ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්
    මට හිතෙන්නෙ එලෙසයි හැමදා නැවුම් බවක්
    දුක කියන්නෙ හදවත හදනාවු පිළිලයක්
    දුක දරන්න හද ගැඹුරින් ලබාගෙන ඉඩක්

    විහිළු කරලා ඇස් රතුවෙන තුරාවට
    කතා නොකලෙ මට තහංචි දමා ඔබ
    හරි වැරැද්ද බේරා දුන් සමාවට
    තවම ණයගැතියි ඔබ හිමිවුණා මට

    ඉස්සර අපි හමු වී දෙඩු කතන්දර
    තාම සුමිහිරියි පෙම නැහැ අසුන්දර
    උර මඩලෙහි හිස තියාන වින්ද සුව
    අනේ සොඳුරියේ ඔබ දෙවඟනකි මට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මලක් සිඹින්න දී යළි උදුරා ගන්න නම් එපා
    නුඹ සෙනෙහෙ පුදා මා රවටා යන්න නම් එපා
    මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප්‍රේම කල්පනා
    සැඬ සුළං රොදක හසුවේ නම් දැනේ වේදනා

    දුහුවිල්ලක තරමකවත් නුඹ හිතන්නෙපා අහිතක්
    ඔබ නොදැක ඉන්න මොහොතක් මට කල්ප කාන්තරයක්

    පවනැල්ලක දැවටීවත් මට එන්න හිතෙයි රහසින්
    පෙර අත්භවයක පැතුමින් අපි සෙනෙහෙ පුරමු රහසින්


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමයි පෙම්වතා මමයි හිතවතා
    ගුරු පාරේ අද ගියාට දෙපැත්තට වෙලා
    සංසාරෙම අපි හිටියා පෙම්වතුන් වෙලා
    මමයි පෙම්වතා මමයි හිතවතා

    අද අහසෙත් පායන්නැහැ සොඳුරු සඳවතී
    මුහුණ බලන්නට දෙන්නැහැ මගේ පෙම්වතී
    මුසාවකින් තරහ වෙලා දුන්න දුක ඇතී
    හිතවතාට දෙන්න ඔබේ ආදරේ යළි

    ඉස්කෝලෙදි කළු ලෑල්ලෙ ලිව්ව පෙම් කවී
    රත්තරනේ ඇස්වහකින් බොඳ වුණා වැනී
    යාලුවො ඇහුවාම කුමක් කියන්ද නොදනී
    පෙම්වතාට දෙන්න එපා තව තවත් ගිණි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලියවෙන්නැති පෑන වගේ ඔබේ ආදරේ
    නිදියන්නැති දෑස වගේ මගේ ජීවිතේ
    විඳවන්නද මෙවන් දුකක් ඔබට පෙම් කලේ
    ඇයි රත්තරනේ මගෙන්ම පළි ගන්නෙ මේ වගේ

    මගෙ නමට එවූ ලියුමක තිබු ලස්සන කවිය
    කියවන විට බොඳ වුණි මතකේ දුක් කඳුළු කැට
    පවු කළාට මා සෙනෙහසකින් වෙන්න දුරකට
    අත්වේවා ළඳුනේ ඔබහට සම්පත සතුට

    ඔබ පිපුණු මලක් නම් සුවඳත් ඔබටයි අයිතී
    ඒ සුවඳ ඉල්ලගත්තා නම් මමමයි වැරදී
    සිත සෙනෙහෙ පුදා ආපසු ගත්තා නම් සොඳුරී
    යළි සිතනු මැනවි දෙදෙනාගෙන් කවුද නිවැරදී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ රත්තරන් සිහින දෙව්දුවේ
    සිහිනෙන් හෝ මගෙ ළඟ ඉන්න
    ලස්සන මල්වල සුවඳ අරන් ඔබ
    පෙම්බර සිත ළඟ නවතින්න

    සුවඳ සුවඳ පෙම් කවියක දැවටී
    සිත ළඟ නතර වුණා
    සමාධියකි පෙම් උල්පත නොසිදේ
    සතුටක කඳුළු උණා
    මගේ සුසුම නුඹ අරගෙන දෙව්දුව
    මා ළඟ නතර වුණා
    සදාකල් මගෙ ළඟ නතර වුණා

    නෙතේ කඳුළු බිඳු විරහ නොවේවා
    ප්‍රාර්ථනාවට මේ
    සෙනෙහෙ පිරුණු සිත තරහ නොවේවා
    ආත්ම ගණනක් සේ
    පැතූ පැතුම් පුරහඳක්ම වේවා
    ආදර සිත් අහසේ
    සදාදර දෙනුවන් තුළ රහසේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං කතාවක අවසන් පිටුව ලියන්න
    රත්තරං සිතට බැහැ සොඳුරියෙ වෛර කරන්න
    රත් මලක් වගේ පිදු සෙනෙහස අහිමිව යන්න
    පවු කලාද මා මේ ලොව අසරණයෙක් වෙන්න

    ඇත්තටම ඔබ ගැන සිත මැවූ මාළිගා
    සුනුවිසුණු වී ගියා මට කඳුළු දී සදා
    ඔබ සිනාසෙන්නෙ ඇයි ඇස් වල කඳුළු දෙස බලා

    සිහිනයක් සේ දැනෙයි ළඟ සිටිය එදවස
    මිහිදන් කරන්නෙ ඇයි ඔබ අතින් අපෙ පෙම
    මා ළං කරන්නෙපා ඔබ තව තවත් කඳුළට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රුක්අත්තන මලක් වෙලා සුවඳ සොයාගත්තත් මසිතේ
    දුප්පත්කම හරස් වෙලා ඔබව වෙනස් කෙරුවා ළඳුනේ
    හිතවත්කම අහිංසකයි තවමත් මගෙ හදවත පෙර සේ
    මඟ පෙන්වන කෙනෙක් නැතිව සෙනෙහස හඬනවා ජීවිතේ

    මහ පෝය සඳක් ඇයි අහසේ රන් තරුකැට අතරමං කළේ
    රන් තරුකැට අතරමං කළේ
    ආදරය දුන් හදින් ඇයි ඔබ වෛරය මට තවත් ළං කලේ
    වෛරය මට තවත් ළං කලේ

    රන් කූඩුව තැනුවත් ගිරවිය මා අතහැර කොහිද ඔබ ගියේ
    මා අතහැර කොහිද ඔබ ගියේ
    පින් පූරුවේ වුවත් චපලයි ප්‍රේමය සල්පිලක් නම් නොවේ
    ප්‍රේමය සල්පිලක් නම් නොවේ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙම් ලෝකෙ රස පෙන්නලා
    දුක් දීලා ඔබ වෙන් වුණා
    ආදරේ වේදනා මා හදේ රන්දලා
    රත්තරං ඔබ මගෙන් වෙන්වුණා

    මා සැදූ කූඩුවේ තනිවෙලා පාළුවේ
    ශෝක සුසුමන් දරා ගයමි ගී ආදරේ
    වේදනා මේ මගේ ජීවිතේ.. හෝ.. හෝ

    මේ තමා මා පැතූ දෛවයේ ප්‍රාර්ථනා
    ශෝක ගින්නේ දවා සෑම දේ අළු වුණා
    ආදරේ වේදනා හිමිවුණා.. හෝ.. හෝ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
    කිසිවක් ලියන්නෙ නෑ ආයේ
    ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත්
    ළමා තැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ

    කුලී ගෙදර තාමත් මට හෙවනයි
    තනිකම සින්නක්කර නිවනයි
    නුඹ ලැබුනා නම් නෑ මේ ලෙඩදුක්
    කසාය නොව මං අද බොන්නේ සරුවත්

    ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්


    අප හමුවන ළංවන හැටි මිහිරි සොඳුරු දිනක් නේද
    වෙනස් නොවෙයි දුරස් නොවෙයි කිසි දවසක ඔබද මාද
    ඔබ නාවොත් සිදුවන්නේ අදට ඈත් වෙන්න නේද
    එහෙම වුනොත් මගේ පපුව පිච්චෙන බව දන්නවාද

    පිණි වැස්ස සීතලයි හද ගැස්ම දැන් වැඩියි
    ඔබ පමා වේවියැයි මගෙ දෑස මඟ බලයි
    පිණි වැස්ස සීතලයි


    නිල් මානෙල් මලකට වැඩි
    ඇස් දෙක ලස්සනයි කියාවී
    ලස්සන ඒ ඇසිපිය යට
    හීන තියා සුවඳ ගනීවී

    කිරි වෙහෙරට යන පාරේ
    මල් විකුණන මගෙ සීදේවී
    සිදාදියෙන් එන දෙවිවරු
    මලක් වගේ හිත ඉල්ලාවී


    පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම්
    මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්
    හැමදාමත් ආදරෙයි කියන්නම්
    ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්

    ඔබ හරිම ලස්සනයි නංගියේ
    මට අහන්නට හිතයි නම ඔබේ
    හිනැහෙන්නකෝ නගේ ඔරවන්නෙපා අනේ
    මම ඔබට ආදරෙයි නංගියේ


    ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකි නම්
    මා බලා උන්නෙ ඇසේ නිල්ල පියවී යනකන්

    නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
    ඔබ පෙම් කළාද මගෙ දෑසට පෙම්වත මෙතරම්
    ඒ කවි අහන්න මගෙ සවනට නැතිවුනෙ ඉවසුම්


    පිරි මැද මැද තුඬඟ නෙතු අයා
    මඟ ඉඳීවි බඹරු හැඬ වෙලා
    හිත ගනීවී බොහොම ළංවෙලා
    මුලාවෙන්න එපා සම්බුලා

    නිළම්බරේ පුරා කළු වලා
    ඈත යන්න එපා සම්බුලා
    හීන වලින් දෑස රැවටිලා
    කොලොම්පුරේ වේවි මංමුලා


    ඔබ වෙන්ව ගිය බවක් මට තවම හිතුනෙ නෑ
    ඔබ හැර වෙනත් කෙනෙක් මම සිතින් පතන්නෙ නෑ
    මුලු ලොවම නැතිවුණත් හඬන්නෙ නෑ
    මට ඔබව නැති වුනෝතින් නම් දරාගන්න බෑ

    නෙත් විලේ කඳුළු පිරුණත්
    නෑ ඔබට පෙනෙන්නෑ
    සිත මගේ රිඳුම් දුන්නත්
    මා ලොවට කියන්නෑ


    රෑ තුන්යම නින්ද නැතිව
    සොඳුරු කවි කතා ලිය ලිය
    ඔබහට මම පෙම් කල කාලේ
    දැන් ඉඳහිටවත් මතක් වෙන්නෙ නෑනේ

    අපි අපේ වෙන්න පෙරුම් පිරුව කාලේ
    සිත මැව්ව සිහින සුන් වෙලා ගියාවේ
    පෙම දරාගන්න බැරිව ලීව ගීතේ
    දැන් ඉඳහිටවත් මතක් වෙන්නෙ නෑනේ


    සඳට වඩා හිරු එළියයි කියලා
    නැතේ මෙමා සඳු අමතක කරලා
    නුඹට වඩා ඇඟෙ රුව ගැන සිතලා
    නැතේ මෙමා නුඹ අමතක කරලා

    සයුරට වෙරළ නැතිනම් රළ නැගේවිද
    අහසට අඳුර නැතිනම් සඳ පෙනේවිද
    මවකට දරුවො නැතිනම් කිරි එරේවිද
    නුඹහට සෙනෙහෙ නැතිනම් මා හඬාවිද


    මුළු දවසෙම වැඩ කරලා නිවාඩුවක් හම්බවුණා
    හිතේ සතුට කියාගන්න බෑ
    අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ

    මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා
    අපි හෙට මැරේද කියලා දන්නෙ නෑ
    ඔය ඉරිසියාව අතහැරපල්ලා
    යනදාට මේවා අරගෙන යන්නෑ


    හිත පතන රුවක් හදවිමනෙන් ඇදෙවා තමයි
    හමුවන්න කෙනෙක් දෙනුවන් තව සොයනවා තමයි
    බහ දුන්න දිනෙක මුකුලිත බස් දොඩනවා තමයි
    මගෙ තුරුණු හිතට ආදරයක අඩුව නම් දැනෙයි

    හිත පාරමී පුරයි පෙම් සිතුම් කිති කවයි
    ආලවන්ත සෙනෙහසකට සිත නවාතැනයි
    ආදරය සුන්දරයි ඒ අඩුව මට දැනෙයි
    කුළුදුල් මගෙ හදවතින්ම ආදරේ පතයි


    පිච්ච මල් කුකුළු අරගෙන එපා සිඹින්නට
    පරවුනු මල් දැක එපා හඬන්නට
    දිව හැකිලෙන්නේ නැතිව කියාපන් නගෝ
    මා එක්කල දීග යන්න එනවද නංගෝ

    කන්දෙ හැපෙන සඳ මුලාකලා නෙත
    යමුද නගේ අද කන්දෙ විහාරෙට


    මුලු සංසාරෙම පැතුව ඔය හිත
    මගෙ දිවිය ලෙසින් රැකපු සෙනෙහස
    අද වංග වුණා අහිංසක මට
    ශාපයක් වෙමින් සෙනෙහෙ නාමෙට

    සඳ අහිංසකයි හිතට පෙම්බර
    මට එහෙම හිතුනෙ හුඟක් ඉස්සර
    අද මගේ ලොවේ රැඳුනත් අඳුර
    මට ආයෙ එපා සෙනෙහෙ ගින්දර


    රෑ නිදියහනෙදි සිහින ගෙනෙන්නේ
    ඔබෙ මුල් හාදුවෙ සුවඳ දැනෙන්නේ
    පෙර සංසාරෙදි හමු වී ඇති මෙලෙසින් අපි දෙන්නා
    මගෙ හදේ ගැහෙන රිද්මය ඔබෙ ආදරයයි දැනුණා

    සඳේ සිසිල මට එපා සඳට වැඩියෙන් සිසිලක් ඔබගෙන් ලැබෙනවා
    මලේ සුවඳ මට එපා මලට වැඩියෙන් සුවඳක් ඔබ ළඟ හමනවා
    ඒ සඳට මලට වැඩියෙන් මම ඔබට ආදරෙයි


    ලොවෙන් ඇසුව ඒ මුසාබස් අසා
    මා අද මුලා වෙලා
    ඔබගෙන් වෙන් වී මා ගිය මොහොතේ
    නොම වැරදියි කියලා ඔබ දිව්රා කීවා

    පිඬුසිඟා වඬින ඔය දෑතට දන් දෙන්නෙ කෙසේ
    ඔබේ පෙම්වතා පෙරදින මමනෙ මෙහෙනියේ


    අතීතයට හිත දිවයයි හැමදාම
    මග වැරදුනි කොතනද අපි දෙන්නාට
    ඔබට වැඩිය මම පෙම්කල හින්දාම
    හඬන්න වුණෙ මට තනියම හැමදාම

    සැඬ සුළගට හසුවූ මගෙ රන් ගිරවී
    තව්තිසාවෙ සුව සොයලද ගියෙ ඉගිලී
    මටත් හොරෙන් වෙන හිතකට ඔබ නතු වී
    ඉන්නෙ කෙලෙසදෝ මට පෙම් කළ ගිරවී


    අනාත කල සිතිවිලි අතරේ මා
    සඳාතනික සෙනෙහස සෙව්වා
    සිනාසුනේ ඔබ හඬාවැටුනෙ මම
    මල් පරවී යනදා

    වලා යහනෙ සඳ සැතපෙන යාමේ
    ඔබේ සෙනෙහස සිහිවී
    එන්නට පියවර තැබුවත් මා සිතින්
    ඔබ අන්සතු මලකී
    මම ඔබට තියෙන ආදරේ තරම්
    ඔබ තවම දන්නෙ නෑ රත්තරං
    දුර ඈත ඈත ඈත දිලෙන තාරකා තරම්


    අපේ කැදැල්ලට පුංචි කිරිලියක්
    විලසින් පියාසලා
    සපැමිණි දියනී සෙනෙහස සොම්නස
    නිරතුරු ළඟා කළා

    සිඟිති සිනා මල් වරුසා වැහැලා
    පැහැදූ සොඳුරු මුවේ
    සතුට ලබා දුන් ඔබ මා පතනා
    ඉසුරී දිළිඳි දුවේ
    ලස්සන පුංචි දුවේ


    කියමු ලතා ඇඟ සොළවා
    විහිළු කලා මදපවනා
    ළන්ද දිගේ ඈ හනිකේ පා නගලා
    කුඹුකේ ළිඳ වෙත යන්නා

    කහ මල් අත්තක් සැලුනා
    රන්වන් දෑතක් පෙනුනා
    කිංකිනි රාවක් නැඟුණා
    රන් මැණිකේ මල් නෙළුවා


    මල් පොකුරක සුවඳ විඳ විඳ
    සමනලියක් වගේ එනවද
    අහස පුරා තාරුකා මැද
    මගේ පුංචි තරුව ඔබමද

    සීත රැයක උණුහුමක් වගේ
    කතරක් මැද දියපොදක් වගේ
    ඇවිදින් ඔබ හදවතට මගේ
    රහසක් මට කියනවද නගේ


    කුසුමන් නෙළලා මල්දම් ගොතලා
    ඔබෙ හිස ගවසන්නම්
    රතු මල් ඉහිරුණු චීත්තයක් ගෙන
    බඳ වට දවටන්නම්
    බඳ නළවන ලැසි ගමනට නුඹගේ
    කවිපද ලීවේ මා
    සුමුදුලියේ ටිකිරිලියේ කවිපද ලීවේ මං

    නුඹ දැක මගෙ හිත බැඳුනා කිසිදින
    නොසැලෙන ලෙස මුතු මැණිකේ
    නුඹත් හරී මගෙ පණත් හරී
    කිසි වෙනසක් නැහැ මයෙ මැණිකේ

    රජ සැප කුමටද නුඹ නැතිදා
    රජ බිසවකි මට නුඹ සොඳිනා
    නවම් මහේ සුභ නැකත් බලා
    කරකාර බඳින්නට සිතුනා

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දහසින් සැදි පෙම් සිතුවිලි...

    දහසින් සැදි පෙම් සිතුවිලි
    ලමැදේ ඔබේ අතුරන්නෙමි
    යුග ගී බැඳී සුලඟක්‌ ලෙසින්
    සවනේ ඔබේ රැව්දෙන්නෙමි...


    දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමී
    හදවතින්ම මා පිලිගත් ලබැඳී
    සිහිනෙන් පවා ඔබ අමතන්නෙමී
    ජීවිතෙදි මා පැතු සුපෙම්වතී



    දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමී
    පෙම් තෙපුල් පුදා තෙරපෙන විටදී
    රහසින් පවා ඔබ අමතන්නෙමී
    ආදයේදි මා ඔබහට පරදිමි

    ජීවිතේ සුවඳැතී ආදරේ උල්පතී
    වරලේ සුවඳ ගෑවී ඔබේ
    තුරුලේ පහස දැඩිවෙයි මගේ...


    දෙනුවන් පුරා...

    -Peshala ft Meena-