" අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු "
මචන්ලා... මට ලොකු හෙල්ප් එකක් ඕනි මචෝ...
ඇත්තටම මන් එලකිරි පවුලට ටිකක් අලුත්නේ.මන් ඒත් හිතුවා ෆේක් එකකින් ඇවිත් මේක අහනවාද කියලත්..එත් මේක මගේ ජීවිතේ,අනාගතේ සම්බන්ද දෙයක්...ඉතින් මන් හිතුවා ඇයි බොරුවක් කරන්නේ කියලා...මන් luckyluke111 සහෝ ව කන්ටැක් කරගන්න ක්රමයක් හෙවුවා මේක එයාගෙන් අහන්න..මන් අලුත් නිසාද මන් දන් නෑ මට ඒක කරගන්න බැරි වුනා.
මචන් ..උඹත් මේ thred එක බලනවානම් luckyluke111 සහෝ ව කන්ටැක් කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට උදවු කරන්න.. උඹලත් දන්න දෙයක් තියනවානම් මට කියලා දෙන්න . විහිලුවට ඇරගෙන මාව බයිට් කරන්න නම් එපා යාලුවනේ.. මේක මගේ ජීවිතේට ගොඩාක් වැදගත් දෙයක්..
හ්ම්ම්... මම girl කෙනෙක් එක්ක යාලුවෙලා ඉන්නේ.
අපේ ගෙවල් පැත්තේමයි.අපි යාලුවෙලා දැන් අවුරුදු දෙකහමාරක් වගේ වෙනවා..elakiri එකේ ඉන්නේ එලකිරිම කොල්ලෝ සෙට් එකක් කියලා දැනුන නිසා මන් සේරම කියන්නම්.. මන් එයාට ගොඩාක් ආදරෙයි...
නංගිත් මට ගොඩාක් ආදරෙයි..
මට ඒක ගොඩාක් දැනෙනවා. වෙන් වෙන්න බැරි තරම්.. ඒත් දැන් අපිට වෙන් වෙන්න වෙලා වගේ දැනෙනවා... ගොඩාක් දුකෙන් ඉන්නේ අපි දෙන්නාම මචෝ...
ඒකට හේතුව මේකයි..
ඒ නංගි අපේ නෑයෝ වෙන එක... අම්මාගේ පැත්තෙන්.. මගේ අම්මාගේ තාත්තාගේ මල්ලීගේ දුවගේ දුව.. ඒ කියන්නේ මගේ සීයගේ මල්ලිගේ මිනිබිරී. ටිකක් ලග නෑකමක්... නංගිටයි මටයි ඒ නෑකම දුර උනාට අපේ අම්මලාට ඒක ගොඩාක් ලග නෑකමක්ලු... ( අපේ අම්මලා , නංගිලාගේ අම්මලා එහෙම පොඩිකාලේ එකටමයි ඉදලා තියෙන්නේ.. ඒකයි )
අපේ සම්බන්දේ දැනගත්තු දවසේ ඉදලා ගෙවල් දෙකෙන්ම ගොඩක් ප්රශ්න. අපේ අම්මා මුලට කැමැත්තෙන් හිටියට දැන් ගොඩාක් අවුල්... එයාලා කියන්නේ "අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු"... අපිට මුලු ජීවිතේම දුක් විදින්න වෙයිලු....
ඇත්ත තමයි මචන්ලා.. අපිත් ඒක දන්නවා... ඒත් සිරා love කරපු උඹලා දන්නවා ඇතිනේ එහෙම කෙල්ලෙක් අමතක කරන එක කොච්චර අමාරුද කියලා..
අපි දෙන්නාම ගොඩාක් try කලා ඒක කරන්න... ඒත් අමතක කරලා ජීවත් වෙන්න අමාරුයි යාලුවනේ. පිස්සු වගේ .. මන් කරන්නේ මොනාද කියලා මටම තේරෙන් නෑ... ඒක නිසා ගෙවල් වලට හොරෙන් අපි තාමත් ආදරේ කරනවා.
මට තාම ජොබ් එකක් නෑ. මට එච්චර වයසත් නෑ(පාසල් ජීවිතේ එහෙමනම් හමාර කරලා ටික කාලයක් වෙනවා) . අපිට කසාද බැදගෙන දරුමල්ලෝ හදන්නත් හදිස්සියක් නෑ..
මං කවදාහරි මගේ කෙල්ලට දුකක් දෙන් නැතුව බලාගන්න , කන්න අදින්න දෙන්න පුලුවන් දවසක තමයි කසාද බදින්නේත්... මගේ හදවතට දැනෙනවා මගේ සිතුම් පැතුම් වලට ගොඩාක් ගැලපෙන කෙල්ල මගේ නංගියා කියලා.. එයාටත් එහෙම දැනෙනවා ඇති යාලුවනේ... නැත්තම් කෙල්ල ගෙදරින් ගුටි කකා මාව අතෑරලා යන්නේ නැතුව ඉන්නේ නැ. එයා ගොඩාක් දුක් විදිනවා අපේ සම්බන්දේ ගැන ගෙදරින් දැනගන්න වෙලාවල් වලදී.. 
මගේ අම්මා බැදලා ඉන්නේත් අම්මගේ මස්සිනාව.. ( අම්මගේ අම්මගේ අයියගේ පුතාව(මගේ ආච්චිගේ අයියාගේ පුතාව) ) . ඒත් මායි මල්ලීනම් කිසිම අවුලක් නෑ...

ඒත් මටත් දැන් බයයි මචන්ලා.. මගේ කෙල්ල කොහොමහරි දවසක මගේ කරගෙනත් අර අම්මලා කියනවා වගේ අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙලා... අපිට මුලු ජීවිතේම දුක් විදින්න උනොත්... මෙච්චර දුක් විදලා කොහොමහරි එකතුවෙලා අන්තිමට දුක් විදින්න උනොත් ජීවිත කාලෙම. බයයි මචන්... මන් ඒ තරම් කේන්දර හදහන් විශ්වාස කරන කෙනෙකුත් නෙවෙයි... ඒත් නංගියගේ වදේටම මන් ඒකත් බැලෙව්වා.. අපේ පොරොන්දම්
විසි පොරොන්දමෙන් 72.5% ,
අට පොරොන්දමෙන් 81.94% ,
දස පොරොන්දමෙන් 90% ගැලපෙනවා..

මොන පොරොන්දම ගැලපුනත් වැදක් නෑනේ ජීවිතේ දුක් විදින්න උනොත් යාලුවනේ...
මේ ප්රශ්නෙට මට උදවු කරපන් මචන්ලා.. මට අහන්න කවුරුත් නෑ.. ඒකයි එලකිරි මගේ යාලුවන්ගෙන් ඇහුවේ.. වලතර ට උදවු කරන්න යනවා දැකලයි එලකිරි එකෙවත් දැම්මානම් මොකක් හරි උත්තරයක් හම්බෙයි කියලා හිතුනේ.. මට උදවු කරපන් මචන්ලා...
උත්තරයක් දන් නැත්තන් bump එකක් හරි දලා මගේ මේ නූල උඩින් තියන්න. පුලුවන් කෙනෙක් මට කියලා දෙන්න... ගොඩාක් පින් උබලට... පුලුවන් නම් luckyluke111 සහෝට මේකට උත්තරයක් දෙන්න කියන්න...
මට උදවු කරපන් යාලුවනේ... ගොඩාක් පින් උඹලාට...
තෙරුවන්සරණයි !
ඇත්තටම මන් එලකිරි පවුලට ටිකක් අලුත්නේ.මන් ඒත් හිතුවා ෆේක් එකකින් ඇවිත් මේක අහනවාද කියලත්..එත් මේක මගේ ජීවිතේ,අනාගතේ සම්බන්ද දෙයක්...ඉතින් මන් හිතුවා ඇයි බොරුවක් කරන්නේ කියලා...මන් luckyluke111 සහෝ ව කන්ටැක් කරගන්න ක්රමයක් හෙවුවා මේක එයාගෙන් අහන්න..මන් අලුත් නිසාද මන් දන් නෑ මට ඒක කරගන්න බැරි වුනා.
මචන් ..උඹත් මේ thred එක බලනවානම් luckyluke111 සහෝ ව කන්ටැක් කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට උදවු කරන්න.. උඹලත් දන්න දෙයක් තියනවානම් මට කියලා දෙන්න . විහිලුවට ඇරගෙන මාව බයිට් කරන්න නම් එපා යාලුවනේ.. මේක මගේ ජීවිතේට ගොඩාක් වැදගත් දෙයක්..

හ්ම්ම්... මම girl කෙනෙක් එක්ක යාලුවෙලා ඉන්නේ.

අපේ ගෙවල් පැත්තේමයි.අපි යාලුවෙලා දැන් අවුරුදු දෙකහමාරක් වගේ වෙනවා..elakiri එකේ ඉන්නේ එලකිරිම කොල්ලෝ සෙට් එකක් කියලා දැනුන නිසා මන් සේරම කියන්නම්.. මන් එයාට ගොඩාක් ආදරෙයි...
නංගිත් මට ගොඩාක් ආදරෙයි..
මට ඒක ගොඩාක් දැනෙනවා. වෙන් වෙන්න බැරි තරම්.. ඒත් දැන් අපිට වෙන් වෙන්න වෙලා වගේ දැනෙනවා... ගොඩාක් දුකෙන් ඉන්නේ අපි දෙන්නාම මචෝ...
ඒකට හේතුව මේකයි..ඒ නංගි අපේ නෑයෝ වෙන එක... අම්මාගේ පැත්තෙන්.. මගේ අම්මාගේ තාත්තාගේ මල්ලීගේ දුවගේ දුව.. ඒ කියන්නේ මගේ සීයගේ මල්ලිගේ මිනිබිරී. ටිකක් ලග නෑකමක්... නංගිටයි මටයි ඒ නෑකම දුර උනාට අපේ අම්මලාට ඒක ගොඩාක් ලග නෑකමක්ලු... ( අපේ අම්මලා , නංගිලාගේ අම්මලා එහෙම පොඩිකාලේ එකටමයි ඉදලා තියෙන්නේ.. ඒකයි )
අපේ සම්බන්දේ දැනගත්තු දවසේ ඉදලා ගෙවල් දෙකෙන්ම ගොඩක් ප්රශ්න. අපේ අම්මා මුලට කැමැත්තෙන් හිටියට දැන් ගොඩාක් අවුල්... එයාලා කියන්නේ "අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු"... අපිට මුලු ජීවිතේම දුක් විදින්න වෙයිලු....

ඇත්ත තමයි මචන්ලා.. අපිත් ඒක දන්නවා... ඒත් සිරා love කරපු උඹලා දන්නවා ඇතිනේ එහෙම කෙල්ලෙක් අමතක කරන එක කොච්චර අමාරුද කියලා..
අපි දෙන්නාම ගොඩාක් try කලා ඒක කරන්න... ඒත් අමතක කරලා ජීවත් වෙන්න අමාරුයි යාලුවනේ. පිස්සු වගේ .. මන් කරන්නේ මොනාද කියලා මටම තේරෙන් නෑ... ඒක නිසා ගෙවල් වලට හොරෙන් අපි තාමත් ආදරේ කරනවා.
මට තාම ජොබ් එකක් නෑ. මට එච්චර වයසත් නෑ(පාසල් ජීවිතේ එහෙමනම් හමාර කරලා ටික කාලයක් වෙනවා) . අපිට කසාද බැදගෙන දරුමල්ලෝ හදන්නත් හදිස්සියක් නෑ..
මං කවදාහරි මගේ කෙල්ලට දුකක් දෙන් නැතුව බලාගන්න , කන්න අදින්න දෙන්න පුලුවන් දවසක තමයි කසාද බදින්නේත්... මගේ හදවතට දැනෙනවා මගේ සිතුම් පැතුම් වලට ගොඩාක් ගැලපෙන කෙල්ල මගේ නංගියා කියලා.. එයාටත් එහෙම දැනෙනවා ඇති යාලුවනේ... නැත්තම් කෙල්ල ගෙදරින් ගුටි කකා මාව අතෑරලා යන්නේ නැතුව ඉන්නේ නැ. එයා ගොඩාක් දුක් විදිනවා අපේ සම්බන්දේ ගැන ගෙදරින් දැනගන්න වෙලාවල් වලදී.. 
මගේ අම්මා බැදලා ඉන්නේත් අම්මගේ මස්සිනාව.. ( අම්මගේ අම්මගේ අයියගේ පුතාව(මගේ ආච්චිගේ අයියාගේ පුතාව) ) . ඒත් මායි මල්ලීනම් කිසිම අවුලක් නෑ...

ඒත් මටත් දැන් බයයි මචන්ලා.. මගේ කෙල්ල කොහොමහරි දවසක මගේ කරගෙනත් අර අම්මලා කියනවා වගේ අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙලා... අපිට මුලු ජීවිතේම දුක් විදින්න උනොත්... මෙච්චර දුක් විදලා කොහොමහරි එකතුවෙලා අන්තිමට දුක් විදින්න උනොත් ජීවිත කාලෙම. බයයි මචන්... මන් ඒ තරම් කේන්දර හදහන් විශ්වාස කරන කෙනෙකුත් නෙවෙයි... ඒත් නංගියගේ වදේටම මන් ඒකත් බැලෙව්වා.. අපේ පොරොන්දම්
විසි පොරොන්දමෙන් 72.5% ,
අට පොරොන්දමෙන් 81.94% ,
දස පොරොන්දමෙන් 90% ගැලපෙනවා..

මොන පොරොන්දම ගැලපුනත් වැදක් නෑනේ ජීවිතේ දුක් විදින්න උනොත් යාලුවනේ...
මේ ප්රශ්නෙට මට උදවු කරපන් මචන්ලා.. මට අහන්න කවුරුත් නෑ.. ඒකයි එලකිරි මගේ යාලුවන්ගෙන් ඇහුවේ.. වලතර ට උදවු කරන්න යනවා දැකලයි එලකිරි එකෙවත් දැම්මානම් මොකක් හරි උත්තරයක් හම්බෙයි කියලා හිතුනේ.. මට උදවු කරපන් මචන්ලා...උත්තරයක් දන් නැත්තන් bump එකක් හරි දලා මගේ මේ නූල උඩින් තියන්න. පුලුවන් කෙනෙක් මට කියලා දෙන්න... ගොඩාක් පින් උබලට... පුලුවන් නම් luckyluke111 සහෝට මේකට උත්තරයක් දෙන්න කියන්න...