" අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු "

zola

Active member
  • Dec 19, 2013
    494
    206
    43
    අපේ ගෙදර
    " අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු "

    මචන්ලා... මට ලොකු හෙල්ප් එකක් ඕනි මචෝ...
    ඇත්තටම මන් එලකිරි පවුලට ටිකක් අලුත්නේ.මන් ඒත් හිතුවා ෆේක් එකකින් ඇවිත් මේක අහනවාද කියලත්..එත් මේක මගේ ජීවිතේ,අනාගතේ සම්බන්ද දෙයක්...ඉතින් මන් හිතුවා ඇයි බොරුවක් කරන්නේ කියලා...මන්
    luckyluke111 සහෝ ව කන්ටැක් කරගන්න ක්‍රමයක් හෙවුවා මේක එයාගෙන් අහන්න..මන් අලුත් නිසාද මන් දන් නෑ මට ඒක කරගන්න බැරි වුනා.

    මචන් ..උඹත් මේ thred එක බලනවානම් luckyluke111 සහෝ ව කන්ටැක් කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට උදවු කරන්න.. උඹලත් දන්න දෙයක් තියනවානම් මට කියලා දෙන්න . විහිලුවට ඇරගෙන මාව බයිට් කරන්න නම් එපා යාලුවනේ.. මේක මගේ ජීවිතේට ගොඩාක් වැදගත් දෙයක්.. :sorry:

    හ්ම්ම්... මම girl කෙනෙක් එක්ක යාලුවෙලා ඉන්නේ.:love::love: අපේ ගෙවල් පැත්තේමයි.අපි යාලුවෙලා දැන් අවුරුදු දෙකහමාරක් වගේ වෙනවා..elakiri එකේ ඉන්නේ එලකිරිම කොල්ලෝ සෙට් එකක් කියලා දැනුන නිසා මන් සේරම කියන්නම්.. මන් එයාට ගොඩාක් ආදරෙයි... :love: නංගිත් මට ගොඩාක් ආදරෙයි.. :love: මට ඒක ගොඩාක් දැනෙනවා. වෙන් වෙන්න බැරි තරම්.. ඒත් දැන් අපිට වෙන් වෙන්න වෙලා වගේ දැනෙනවා... ගොඩාක් දුකෙන් ඉන්නේ අපි දෙන්නාම මචෝ... :sorry: ඒකට හේතුව මේකයි..

    ඒ නංගි අපේ නෑයෝ වෙන එක... අම්මාගේ පැත්තෙන්.. මගේ අම්මාගේ තාත්තාගේ මල්ලීගේ දුවගේ දුව.. ඒ කියන්නේ මගේ සීයගේ මල්ලිගේ මිනිබිරී. ටිකක් ලග නෑකමක්... නංගිටයි මටයි ඒ නෑකම දුර උනාට අපේ අම්මලාට ඒක ගොඩාක් ලග නෑකමක්ලු... ( අපේ අම්මලා , නංගිලාගේ අම්මලා එහෙම පොඩිකාලේ එකටමයි ඉදලා තියෙන්නේ.. ඒකයි )
    අපේ සම්බන්දේ දැනගත්තු දවසේ ඉදලා ගෙවල් දෙකෙන්ම ගොඩක් ප්‍රශ්න. අපේ අම්මා මුලට කැමැත්තෙන් හිටියට දැන් ගොඩාක් අවුල්... එයාලා කියන්නේ
    "අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු"... අපිට මුලු ජීවිතේම දුක් විදින්න වෙයිලු.... :confused:

    ඇත්ත තමයි මචන්ලා.. අපිත් ඒක දන්නවා... ඒත් සිරා love කරපු උඹලා දන්නවා ඇතිනේ එහෙම කෙල්ලෙක් අමතක කරන එක කොච්චර අමාරුද කියලා.. :sorry: අපි දෙන්නාම ගොඩාක් try කලා ඒක කරන්න... ඒත් අමතක කරලා ජීවත් වෙන්න අමාරුයි යාලුවනේ. පිස්සු වගේ .. මන් කරන්නේ මොනාද කියලා මටම තේරෙන් නෑ... ඒක නිසා ගෙවල් වලට හොරෙන් අපි තාමත් ආදරේ කරනවා. :love:
    මට තාම ජොබ් එකක් නෑ. මට එච්චර වයසත් නෑ(පාසල් ජීවිතේ එහෙමනම් හමාර කරලා ටික කාලයක් වෙනවා) . අපිට කසාද බැදගෙන දරුමල්ලෝ හදන්නත් හදිස්සියක් නෑ.. :D මං කවදාහරි මගේ කෙල්ලට දුකක් දෙන් නැතුව බලාගන්න , කන්න අදින්න දෙන්න පුලුවන් දවසක තමයි කසාද බදින්නේත්... මගේ හදවතට දැනෙනවා මගේ සිතුම් පැතුම් වලට ගොඩාක් ගැලපෙන කෙල්ල මගේ නංගියා කියලා.. එයාටත් එහෙම දැනෙනවා ඇති යාලුවනේ... නැත්තම් කෙල්ල ගෙදරින් ගුටි කකා මාව අතෑරලා යන්නේ නැතුව ඉන්නේ නැ. එයා ගොඩාක් දුක් විදිනවා අපේ සම්බන්දේ ගැන ගෙදරින් දැනගන්න වෙලාවල් වලදී.. :sorry:

    මගේ අම්මා බැදලා ඉන්නේත් අම්මගේ මස්සිනාව.. ( අම්මගේ අම්මගේ අයියගේ පුතාව(මගේ ආච්චිගේ අයියාගේ පුතාව) ) . ඒත් මායි මල්ලීනම් කිසිම අවුලක් නෑ... :D:D

    ඒත් මටත් දැන් බයයි මචන්ලා.. මගේ කෙල්ල කොහොමහරි දවසක මගේ කරගෙනත් අර අම්මලා කියනවා වගේ අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙලා... අපිට මුලු ජීවිතේම දුක් විදින්න උනොත්... මෙච්චර දුක් විදලා කොහොමහරි එකතුවෙලා අන්තිමට දුක් විදින්න උනොත් ජීවිත කාලෙම. බයයි මචන්... මන් ඒ තරම් කේන්දර හදහන් විශ්වාස කරන කෙනෙකුත් නෙවෙයි... ඒත් නංගියගේ වදේටම මන් ඒකත් බැලෙව්වා.. අපේ පොරොන්දම්

    විසි පොරොන්දමෙන් 72.5% ,
    අට පොරොන්දමෙන් 81.94% ,
    දස පොරොන්දමෙන් 90% ගැලපෙනවා..
    :D:D

    මොන පොරොන්දම ගැලපුනත් වැදක් නෑනේ ජීවිතේ දුක් විදින්න උනොත් යාලුවනේ... :yes: මේ ප්‍රශ්නෙට මට උදවු කරපන් මචන්ලා.. මට අහන්න කවුරුත් නෑ.. ඒකයි එලකිරි මගේ යාලුවන්ගෙන් ඇහුවේ.. වලතර ට උදවු කරන්න යනවා දැකලයි එලකිරි එකෙවත් දැම්මානම් මොකක් හරි උත්තරයක් හම්බෙයි කියලා හිතුනේ.. මට උදවු කරපන් මචන්ලා...

    උත්තරයක් දන් නැත්තන් bump එකක් හරි දලා මගේ මේ නූල උඩින් තියන්න. පුලුවන් කෙනෙක් මට කියලා දෙන්න... ගොඩාක් පින් උබලට... පුලුවන් නම් luckyluke111 සහෝට මේකට උත්තරයක් දෙන්න කියන්න...
    මට උදවු කරපන් යාලුවනේ... ගොඩාක් පින් උඹලාට...
    තෙරුවන්සරණයි !
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Machan nadayo athare wiwahaya "Aabadha" lamayi hadenna sahena probability ekak thiyanawa. But ubalage seen ekedi nadakama taramak duras. Kokathath hoda General hospital ekakin (Karapitiya Hospital eke nam thibe) dennama gene test ekak karala balapan wikurthi jaana thibeda kiya. (Honadama de ubala set nowena eka, but mama meka kiwwe ubalata wenwenna behayi kiyapu nisa.)
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ආදර විද්වතුන් ඇත. උපදෙසක් ලැබෙනු ඇත.
    :love: bump!
    mu love case eka goda dagena, dan thiyenne "Lamayi" case eka. Ekata ආදර විද්වතුන් hariyanne naa bola.:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,404
    7,071
    113
    33
    කෙල්ල ළඟ
    අර මොකද අබ්බගාතයො වෙන්නෙ..? ලේ ඥාතී විවාහ වලදි නම් මචං ගොඩක් වෙලාවට ලැබෙන දරුවන් අංගවිකල වෙනවා.. ඒකට හේතුව නම් අපි හැමෝගෙම වගේ විකෘති ජාන තියෙනවා.. හැබැයි ඒවා එකට එක මුණ ගැහෙන්නෙ නෑ.. ඒත් බං අපි ඥාති වෙන කෙනෙක් කසාඳ බැන්ඳම ඒ ජාන එකකට එකක් මුණගැහෙනවා.. ඊට පස්සෙ තමා ලැබෙන දරුවන් අංගවිකල වෙන්නෙ.. මොකද ඒක ප්‍රධානවම ලැබෙන්න ඉන්න දරුවට බලපානවා..:yes: උඹට තේරුනාද මන්දා.. තවත් පැහැදිලි කලොත් අපේ ඇඟේ ජාන යුගලවල් විසි තුනක් තියෙනවා.. යුගලවල් වලින් එකක් ලැබෙන්නෙ තාත්තගෙන්, අනික අම්මගෙන්.. ඉතිං ලේ ඥාති විවාහයකදි ඒ ජාන සමාන වෙනවා..:yes: හැබැයි මචං හරියටම ලේ ඥාති විවාහ වල ලැබෙන හැම දරුවම අංගවිකල වෙනවා කියන්නෙත් නැහැ.. ජාන විකෘතිතාවයක් තිබුණොත් විතරයි එහෙම වෙන්නෙත්.. ඒත් පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්.. මේ ගැන මාත් හරියටම දන්නෑ මචං.. ඩොක්ටර් කෙනෙක් මුණගැහිලා කතා කලා නම් තවත් විස්තර දැනගන්න පුළුවන්.. ලකි ලියුක් නම් නැහැ.. ඩොක්ටර් නැක් කියලා කෙනෙක් ඉන්නවා එළකිරියෙ.. එයාගෙන් අහපන්..;)

    ඔය තරමට දෙන්නට දෙන්නා ආදරේ නම්, වෙන් වෙන්නත් බැරි නම් කසාඳ බැඳපන්.. ඒත් ළමයි හදන එක තමා අවුල.. එහෙම ලමයෙක් හම්බවෙනවා කියන්නෙ උඹලටත් දුකක් ඒ පොඩි එකාටත් දුකක්.. අන්න ඒකයි කේස් එක..

    මං මේ කතා කලේ ලේ ඥාති විවාහ ගැන.. උඹ ඒ සම්බන්ධවද දන්නෙ නැහැ අහලා තියෙන්නෙ..:rofl:

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,288
    0
    Bermuda ∆
    mu love case eka goda dagena, dan thiyenne "Lamayi" case eka. Ekata ආදර විද්වතුන් hariyanne naa bola.:cool:

    ඔවු නේ! :dull:
    එහෙනං ආදර විද්වතුන් නෙවේ, "ප්‍රසව විද්වතුන්" :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,948
    9,426
    113
    31
    Crynet Solutions
    bit.ly
    මොකද්ද ටෙස්ට් එකක් තියනව මචං කරන්න මම හිතන්නෙ..
    අපේ කොල්ලෙකුත් බදින්න යන්නෙ ඔහොම සීන් එකක් මොකද්ද ටෙස්ට් එකක් කරගෙන ආව කියල කිව්ව කෙල්ල ගිහින් අම්මලත් එක්ක.. හරියට සීන් එක දන්නෙ නැහැ මම..

    ඕව හෙන කේස් බන් නිකන් රිසක් ගන්න එපා..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,404
    7,071
    113
    33
    කෙල්ල ළඟ
    Machan nadayo athare wiwahaya "Aabadha" lamayi hadenna sahena probability ekak thiyanawa. But ubalage seen ekedi nadakama taramak duras. Kokathath hoda General hospital ekakin (Karapitiya Hospital eke nam thibe) dennama gene test ekak karala balapan wikurthi jaana thibeda kiya. (Honadama de ubala set nowena eka, but mama meka kiwwe ubalata wenwenna behayi kiyapu nisa.)
    ජාන විකෘතිතාව පරීක්ෂන කරලා හොයන්න බෑ බං මං දන්න තරමින්.. ඒ හොයාගත්තත් ලැබෙන දරුවො අංගවිලකල නැද්ද කියලා නිෂ්චිතවම කියන්න බැරිවෙයි.. තැලිසීමියා රෝගය හැදෙන්න ඉඩකඩ තියෙනවා ලේ ඥාති විවාහ වලදි.. මුලදි අඳුනගත්තොත් ඒවට සමහර විට බෙහෙත් කරන්න පුළුවන් වෙයි..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,288
    0
    Bermuda ∆
    "luckyluke111" දන්න ඉලවුවක් නෑ බන්!
    මේකේ ඉන්නවා "r.pathirana" කියලා එකෙක්.
    අන්න උගෙන් අහපන්! :dull:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙකයි මචන් බලපාන ලේ සම්බනද කමක් ‍එන්නේ නැහැ මම හිතන විදහට. අම්මාගෙ පැත්තෙන් හින්දා මං හිත්නනේ:dull:..අම්මා‍ගේ තාත්තාගේ මල්ලිගෙ දුවගෙ දුව...එකියන්නේ ඒ දුවට බලපන්නේ තාත්තාගේ ලේ:dull:....දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව් කරන්න...මම නම් ඔය ගැන වැඩිය දන්නෙ නැහැ.උඹට චානස් එකක් තියනවා බොහො දුරට මම හිතන්නේ.එවාගෙම ඩොකෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න මෙයාට.!:Dරුධිරය පරක්ෂා කරගත්තනම් හරි මචං.

    පොඩ්ඩක් මෙක කියවල බලන්න.
    http://www.sinhalamag.com/2011/09/blog-post_1597.html
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,404
    7,071
    113
    33
    කෙල්ල ළඟ
    "luckyluke111" දන්න ඉලවුවක් නෑ බන්!
    මේකේ ඉන්නවා "r.pathirana" කියලා එකෙක්.
    අන්න උගෙන් අහපන්! :dull:
    ඌ බඩුකාරයෙක්නේ බං.. පවු මූ හිතයි සිරා කියනව කියලා..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,953
    1,074
    113
    blood test karala leda set ekak gana dana ganna puluwan eth samahara DNA case dana ganna tharam technology ekak thama naha

    RH eka balana ekak wage mathaka, hama ekama defa ba thamai, eth mata mathakai issara oka TV ekath damma.
     

    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156
    0
    RH eka balana ekak wage mathaka, hama ekama defa ba thamai, eth mata mathakai issara oka TV ekath damma.

    තැලිසීමියා වගේ ඒවා පුළුවන් ජාන case නම් හොයන්න බැහැ ගොඩක් ඒවා
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    539
    0
    NADI PORONDAMA galapenavanam baya nathiva badinna. Hostpital wala blood group check karana method ekak thyanavadai mama nodanimi.
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    132
    43
    35
    Matara
    මචං මම මේක දාන්නෙ උඹව බය කරන්න එහෙම නෙමයි.
    මම නං කියන්නෙ දොස්තරල දෙතුං දෙනෙක් හම්බ වෙලා උඹේ ඔය ප්‍රශ්නෙඅහල බලපං.
    අපිට වැඩිය එයාල ගොඩක් දන්නවා. දොස්තරල කියනව නං එපා කියල මළාට කරන්නේපා.
    ආදරේට Break නෑ . . . ජීවිතේට Reverse නෑ . . .
    මෙහෙම දෙයක් උනොත් ජීවිතෙන් වැඩක් නෑ . . .