පොඩි කාලේ ආසාවෙන් බලපු film එකක් තමයි Jumanji .එකේ රගපාපු නලුවා තමයි Robin Williams. ඒ වගේම Aladdin Cartoon එකේ Genie ට හඩ කැව්වේත් මෙයා තමයි.
මගේ ළමා ලෝකේ වඩාත්ම සුන්දර කරපු, ඒ අමතක නොවෙන VHS යුගයේ, නිවැරදිවම කියනවනම් Jumanji, Flubber වගේ චිත්රපටි කාලේ, නමින් ඒ තරම්ම හැඳිනුවේ නැතත්, රූපයෙන් ගොඩක්ම ආස කරපු, ආදරේ කරපු මනුස්සයෙක්. ගොඩක්ම පොඩි කාලම අඳුනගන්න ලැබුනු මේ අපූරූ රංගන ශිල්පියා, පසු කාලීනව නරඹපු ගොඩාක් චිත්රපටවලින් දකින්නට ලැබුනා. ඉන් පසුවයි Robin Williams ලෙසට ඔහුව මම හඳුනාගන්නේ.
නමුත් ඇත්තටම මම ඔහුව මුලින්ම දැකලා තියෙන්නේ පුංචි කාලෙත් පුංචිම කාලේ. ඒ ටයිටස් තොටවත්තයන්ගේ "සුරඟන කතා කරළියේ ගෙඹි කුමාරයා" ලෙසින්. මට නම් ඒ මතකයම හොඳටම ප්රමාණවත් මේ සැබෑ කලාකරුවාව සදා කල්ම මතකයේ රැඳෙන්නට.
ඒ වගේම ඔහුගේ අඩුව ඉදිරියේදී බොහෝ සෙයින් දැනේවි, Night At The Museum 3 චිත්රපටයෙන් ඔහුව නැවත දකින්නට ආසාවෙන් සිටි මොහොතක. නැවත ඔහුගේ අතීත මතකයන් ආවර්ජනය වේවි.
ඔහුගේ බිරිඳගේම වචනවලින් ඔහු සම්බන්ධයෙන් කියන්නට තිබෙන සෑමදෙයක්ම බොහොම කෙටියෙන් විස්තර කරන්නට පුලුවන්: ඔහු වෙනුවෙන් ඒ වචන ස්වල්පයම හොඳටම ප්රමාණවත්...
This morning, I lost my husband and my best friend, while the world lost one of its most beloved artists and beautiful human beings"
RIP Sir....!https://www.facebook.com/photo.php?fbid=10204005881329531
Last edited:
