මහේල නැති එක පාඩුවක් වෙන්නේ එක අතකින් විතරක් නෙමෙයි.. අරවින්ද අයින් වෙනකොට අපිට මහේල ඉන්නවා නේද කියලා අපි හිතුවා.. ඒත් මහේල යද්දි?? ඇන්ජි නොම්මර 4 බැට් කරන එකක් නැහැ.. එයාට හරියන්නේ 5.. අපි නොම්මර 4ට හොයාගන්න ඕන හොඳ කෙනෙක්ව.. නම් ගොඩක් එනවා තිරිමාන්න, විතානගේ,ප්රියන්ජන්,චන්දිමාල් වගේ.. මේ අයගෙන් චාන්ස් එක අරගෙන දිගටම ලකුනු අතර ඉන්න කෙනාට තැන ස්ථිර වෙනවා.. සමහර විත අපි හිතන්නේ නැති අලුත්ම ක්රීඩකයෙක් මෙතෙන්ට එන්නත් පුළුවන්.. ඒක වෙලාව තමයි.. සංගක්කාර කියන්නේ ඉස්කෝලෙ කාලෙවත්, ක්ලබ් ගහද්දිවත් ලොකුවට නම කියවුන කෙනෙක් නෙමෙයි.. ඒත් බලන්න අද ඉන්න තැන.. ඒ කැපවීම මත.. දැන් ඉන්න අයට එහෙම කැපවීමක් තියෙනවද කියන එකත් ප්රශ්නයක්..
මහේල අයින් උන එකෙන් අපිට නැතිඋනේ පිතිකරුවෙක් සහ සුපිරි ස්ලිප් ක්රීඩකයෙක් නෙමෙයි.. (දැන් ස්ලිප් එකේ තියන්න එකෙකුත් හොයාගන්න වෙනවනේ..) කවුරු නායකයා උනත් මහේල හොයලා බලලා නායකයගේ අඩුපාඩු හැදුවා.. පට්ටම මොලයක් තියෙන්නේ ක්රිකට් ගැන.. බෝලින් චේන්ජ් එහෙම කරනවා එලටම.. ෆීල්ඩ් සෙටින් බැටාගෙන් බැටාට වෙනස් කරනවා.. එහෙම ක්රීඩකයෙක් ඕනම කැපෙකුට ශක්තියක්.. දැන් ඇන්ජලෝට ඉන්නේ සංගා විතරයි.. ඒකත් කොයිතරක් කාලෙකටද කියන්න බැහැ..
ආවොත් යන්න ඕන.. මහේල ලස්සනට ගියා.. අනාගතේ තවත් ලස්සන වෙන්න කියලා පතනවා ඔයාගේ සමනලියො දෙන්නත් එක්ක!