Gahaka mal pipila song meaning

kalu_kaputa

Member
Sep 4, 2014
262
18
0
සඳකඩපහණක කැටයම් ඔපලා ගීතයට පසු වැඩිම පිරිසක් අරුත පිළිබඳ සොයා බලන ගීතය මෙයයි. ඇත්තෙන්ම එයටද විශේෂ හේතුවක් ඇත. අහන්නන් වාලේ ගීත ඇසුවද ගීතයක අරුත ගැන සොයා බලන්නේ තව කවුරුහරි ඉඟියක් දුන් විටය. මෙයද එවැනි ගීතයකි. ඔබ මෙම ගීතයේ අරුත සොයන්නේ කවුරුන් හෝ මේ ගීතය පිළිබඳව අමුතු ආකාරයේ අදහසක් දුන් නිසා බව මා දනිමි. එසේ නම් අපි ක්‍රමයෙන් ගීතය තුළට අවතීර්ණ වෙමු.

ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි

මේ පද ටික ඇසූ කල ඔබට අර ඉහත කියූ අමුතු ආකාරයේ අදහස පිළිබඳ කිසිම හැඟීමක් ආවේ නෑ නේද? සාමාන්‍යෙයන් හැඟී යන්නේ පෙම්වතෙක් තම පෙම පිළිබඳව ප්‍රකාශ කරන්නකි.

කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

තද අව්වට දැවෙන කාන්තාරයේ ඇති වැලි කැට ලොව දකින්නේ හිරුට පෙම් බඳින බවය. එය ලෝක සම්මතයයි. නමුත් මේ දැවෙන කාන්තාරයේ වැලි කැට කාලෙකින් ඇද හැලෙන මඳ වැස්සට පෙම් බඳී කියා ඔබ සිතනවාද? ලොවට නොපෙනුනාට ඉඳ හිට ඇද හැලෙන වැස්සට පෙම් බඳින වැලි කැට කතරේ තිබෙන්නට පුළුවනි. නමුත් කාටවත් එය තහනම් කළ හැකිද?

සඳට සදහට සෙනෙහෙ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්

රාත්‍රී අහස පුරා විසිරී ඇති දහසක් තරු පිරි අහස ඒකාලෝක කරන්නේ සඳයි. එබැවින් සඳට පෙම් බඳින දහසක් තරු ලෝකයාට රහ සක් නොවේ. අප දන්නා තරමින් හිරුද තරුවකි. එසේ නම් තරු හිරුට පෙම් බැඳීම අසම්මත පෙමක් බව ඔබට වැටහෙන්නේ යැයි සිතමි.

සමස්ථයක් ලෙස ගත් කල මෙයින් කියවෙන්නේ ලොව සාමාන්‍යෙයන් සිදු නොවන ආකාරයේ ආදරයක් පිළිබඳවය. විටෙක ඉතා අසාමාන්‍ය වූ සම්මත ආදරයක් ගැනත් තවත් විටෙක ලෝක සම්මත නොවන සමලිංගික ආදරයක් ගැනද හැඟී යයි. සමලිංගික විවාහයන් නීතිගත කිරීමට යන කලෙක මේවාද අරුමයක් නොවේ. නමුත් මෙතරම් ගැහැණු පිරිමි ඉන්න සමාජයේ මෙවැනි දෑ අනුමත කළ නොහැක.


 
Last edited:

blue_in_rio

Well-known member
  • එක එකාගේ රස වින්දනය එක එක විදියයි ඉතින්...ඕනෑම කෙනෙක්, දෙයක් දිහා බලන්නේ තමන්ට ගෝචර වෙන කෝණයකින්...සාමාන්‍ය පදවැලකට මේ විදියේ තෙරුමක් හිතන උන්ගේ චින්තනය ගැන විවාදයක් නෑ ඉතින්... :dull::dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක එකාගේ රස වින්දනය එක එක විදියයි ඉතින්...ඕනෑම කෙනෙක්, දෙයක් දිහා බලන්නේ තමන්ට ගෝචර වෙන කෝණයකින්...සාමාන්‍ය පදවැලකට මේ විදියේ තෙරුමක් හිතන උන්ගේ චින්තනය ගැන විවාදයක් නෑ ඉතින්... :dull::dull:

    :yes::yes::yes::yes::yes::yes:

    ඇයි බන් අර දොළ ළඟ ගුරු පාර දිගේ සින්දුවත් Lesbian සින්දුවක්ලු නේ... :P
     

    blue_in_rio

    Well-known member
  • :yes::yes::yes::yes::yes::yes:

    ඇයි බන් අර දොළ ළඟ ගුරු පාර දිගේ සින්දුවත් Lesbian සින්දුවක්ලු නේ... :P

    ඔහොම ගියොත් ඉතින්, කවදහරි අපේ ජාතික ගීයටත් මුන් මොනවහරි කුණුහබ්බයක් කියයි.... :baffled::baffled:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    එක එක්කෙනාට ඔන විදිහට හිතන්න පුලුවන් ... තව තව අදහසුත් තියෙන්න පුලුවන් .ඒත් මේක ගේ සීන් එකක් නෙමේ කෙල්ලෙක් කොල්ලෙක් අතර වෙන එකක් කියල කියන්න පුලුවන් වචන කියවෙනව මේකෙ
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    සඳපානේ ගමන් යන්න
    සවනට කොඳුරා කියන්න
    ඔබ එනකන් බලා ඉන්නදෝ
    සඳ නැතිදා කතා වෙන්න
    මගේ පාළුව මකා ගන්න
    මිතුරෙක් මා සොයාගන්නදෝ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක එකාගේ රස වින්දනය එක එක විදියයි ඉතින්...ඕනෑම කෙනෙක්, දෙයක් දිහා බලන්නේ තමන්ට ගෝචර වෙන කෝණයකින්...සාමාන්‍ය පදවැලකට මේ විදියේ තෙරුමක් හිතන උන්ගේ චින්තනය ගැන විවාදයක් නෑ ඉතින්... :dull::dull:

    :yes::yes::yes::yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එක එකාගේ රස වින්දනය එක එක විදියයි ඉතින්...ඕනෑම කෙනෙක්, දෙයක් දිහා බලන්නේ තමන්ට ගෝචර වෙන කෝණයකින්...සාමාන්‍ය පදවැලකට මේ විදියේ තෙරුමක් හිතන උන්ගේ චින්තනය ගැන විවාදයක් නෑ ඉතින්... :dull::dull:
    :yes::yes::yes::yes:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    යකෝ මෙහෙම ගියාම අසම්මත ප්‍රේමය ගැන ලියවුනු ඔක්කොම සින්දු gay, lesbian සිංදු වෙනවනේ.