පද පේළී - EK LYRICS THREAD PART 2

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
    ලවැලි තලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී කතා අසා
    අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා.. හෝරාවේ..

    ගිමන් නිවන්නට ජීවිතයේ
    යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
    නොදනිමු එය අප නොවී පමා
    පියවර මැන යමු.. යොදුන් ගෙවා..

    දොරගුලු හැරලමු අප දෙහදේ
    හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
    කිසිවෙකු නොදකින නිහඬ පැයේ
    තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..

    ගායනය, සංගීතය - එඩ්වඩ් ජයකොඩි
    ගී පද - කපිල කුමාර කාලිංග
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    en6sx.png

     
    • Like
    Reactions: rcccc

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
    ලවැලි තලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී කතා අසා
    අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා.. හෝරාවේ..

    ගිමන් නිවන්නට ජීවිතයේ
    යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
    නොදනිමු එය අප නොවී පමා
    පියවර මැන යමු.. යොදුන් ගෙවා..

    දොරගුලු හැරලමු අප දෙහදේ
    හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
    කිසිවෙකු නොදකින නිහඬ පැයේ
    තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..

    ගායනය, සංගීතය - එඩ්වඩ් ජයකොඩි
    ගී පද - කපිල කුමාර කාලිංග
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ සිත මා සිත හමුවූ දා සිට, මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට,
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    කඳුළ සුසුම නොහෙලා නොදෙඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල හැටි,
    සිතින් දරාගෙන් මා මළ දවසට,
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත සොයද්දි නුඹේ සුවඳ
    නුඹ ඈතට ගිහින්
    නෙතු සොයද්දි නුඹේ රුව ම
    නුඹ නොපෙනි ම ගිහින්
    දුක හිතෙද්දි මගේ හිතට
    කඳුළු නෙතට ඇවිදින්
    දඟකරන්නෙ අපේ මතක
    දිය කරන්න යලිත්

    පාට පාට දේදුන්නක
    නුඹේ සිනා මවලා
    දෑස් අගට කඳුළු දුන්නෙ
    මට තරවටු කරලා
    ආදරයේ අකුරු හතර
    ලස්සන කර ලියලා
    ඔයා ගියේ මගේ හිතේ
    හැම හීනෙ ම බිඳලා

    සිත සොයද්දි .........

    ඔයා දැකපු මගේ ලොවේ
    ලස්සන ඒ හීන
    හෙමින් සැරේ ගුලිකරගෙන
    ඔයා ගියපු ඈත
    මේ ඇස් දෙක පියවෙන තුරු
    ඔයා නමින් තාම
    මං දකින්නෙ එදා දුටුව
    හීනයි ඔබ ගාව

    සිත සොයද්දි .........


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Milton Mallawarachchi.....................


    දිනෙක රන් සළු පළඳා~
    සඳ නැඟි මේලාවෙන්..
    පැමිණ ඔබ ගෙනයමි~
    කුමරියේ පෙම් දෝලාවෙන්..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ranidu Lankage.............


    හිනැහෙන්නේ මං~
    මේ විල් තීරේ පියමැන්නේ..
    ඔබ එක්ක මං~
    මේ ගංඟාවේ පැද යන්නේ..
    ඔබ හින්දා මං~
    මේ සංසාරේ සැනසෙන්නේ..
    අතගන්න රැකගන්න~
    මට ඉන්න නිල් නයනියේ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වරදක් උනාදෝ මාගේ අතින්
    නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින්
    ඇස්දෙක අරන් යන්න බෑ නුබ ළඟින්
    හිනැහෙන්නකෝ ආයෙ මා දෙස බලන් ........



    නුඹ ළඟම සැනසෙන්න පෙරුමන් පුරා
    රෑ නින්ද නැති හීනයායක් කලා
    සිතමාගෙ ඉල්ලන්නෙ ඔය ඇස් නිසා
    දිවුරන්නෙ මගෙ සෙනෙහෙ නුඹටයි සදා .......



    පියමනින විට රංචු වී මාවතේ
    මුණගැහුන නුඹ සමණළි මා ලොවේ
    සංකර නොවූ නුඹට මම පෙම් කලේ
    එක්කර ගිහින් ඉන්න මගෙ කූඩුවේ ............
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මතකය ඇසුරින් සිහියට ගන්නට
    නිතරම වෙහෙසුනෙමි
    මට පමණක් ඒ පින නැත්තේ ඇයි
    නිරතුරු වැළපුනෙමි
    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක චායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි

    ඉස්සර දවසක උදෑසනක ඔබ
    මා නළවන්න ඇතී
    මා හඬනා විට දුක ඉපදී මට
    ලේ කිරි දෙන්න ඇතී
    මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
    මුව සිප ගන්න ඇතී
    ඔබ යන විට මා කැටුව යන්න නම්
    අමතක වෙන්න ඇතී

    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක ඡායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි
    පැහැදිලි නැති එක ඡායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි


    ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
    සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන
     
    Sep 19, 2014
    3
    3
    0
    දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
    බොහො කල් ගත උනත් ලංවෙන්න බෑ යලිත්..
    හුරු පුරුදු තනිකමින් හිත පෙගිලා සත්තකින්...
    වැ‍රැද්දක් උනා නම් සමා වෙනවද මගෙන්...

    හමුවන්න බැරි ලෙසම දුරකට උනත්
    කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්
    දැන උන්න නම් විදවන තරම්
    සමුගන්නෙ නෑ මගෙ රත්තරං...

    මිය දෙන්න පෙර ආයෙ මුන ගැහුනොතින්
    හින හෙන්න පෙර වාගෙ යන්තම් හොරෙන්
    දැන උන්න නම් විදවන තරම්
    සමුගනෙ නෑ මගෙ රත්තරං...
     
    Sep 19, 2014
    3
    3
    0
    බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ
    සැඟවුණු සේයාවන් ම දෙ‍සේ ඇඳේ
    සුළ‍‍ඟේ පාවී ම‍ගේ ගී යාවී
    ඇසුනොත් එනවාද සොඳුරියේ මගේ

    මා හට සැර වීලා
    කොහිදෝ යන්නේ මෙසේ
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
    තනිවීලා මා ඉන්නේ කෙසේ
    ඒවීදෝ මාගේ කුමාරී

    ලොවම නැවතිලා නිහඬයි වටේ
    තනිකම පාළුව දැවටී වටේ
    දුරකතනයකින් ඔබ අමතාවියි
    හිතමින් ඉන්නේමි තනි ලෝකයේ

    මා හට සැර වීලා...

    තනිවුනු යහනට එන විට
    තවමත් ඔබගේ සුවඳ දැනේ මට
    සිහිනෙන් ඔබේ රුව දැකගන්නටවත්
    වරම් ලැබේද මට

    ඔබේ ලස්සන ඇස් දෙක
    වෙනකෙකු හට ළැදි වෙන්න එපා
    ඒවීදෝ ඒවීදෝ ඒවීදෝ මාගේ කුමාරී

    මා හට සැර වීලා...

    ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
     
    • Like
    Reactions: DAMER
    Sep 19, 2014
    3
    3
    0
    "You Don't Love Me"

    Lies, piled ontop of more lies
    Look at me dead in my eyes
    Talking about baby your sorry you
    Why don't you trust me?
    Your disguise cause that's all it was a disguise took me a minute to find out now I finally see
    I finally realise

    You don't love me oh oh oh oh
    And it don't matter what you say
    You don't love me oh oh oh oh
    Cause love don't do you that way
    You don't love me oh oh oh oh
    You don't love me
    So there's no reason to stay
    Cause you don't love me

    You don't love me
    Oh no oh no oh no oh no no
    You don't love me
    Oh no oh no oh no oh no no

    No, all you tell me is no
    If I ask you the reason
    I don't know this lipstick
    It's cause it's from another... girl oh baby
    I don't know
    Baby I really don't know
    What it is that kept me holding on I was on in another world
    Know I realise

    You don't love me
    Oh oh oh oh
    And it don't matter what you say
    You don't love me
    Oh oh oh oh
    Say love don't do you in that way
    You don't love me oh oh oh oh
    You don't love me
    So there's no reason to stay
    Cause you don't love me
    You don't love me
    Oh no oh no oh no no oh no no
    You don't love me
    Oh oh no no oh no no oh no no

    Right now I feel so good about myself
    Got over you now I'm good with anything else
    And baby there be no more waiting for you
    Wondering what you gone do
    I'm gone just be by myself
    And baby there be no more crying
    And don't worry I'm alright
    I'm just finding no more you
    You don't love me
    And it don't matter what you say
    You don't love me
    Oh oh oh oh
    Cause love don't do you that way
    You don't love me oh oh oh oh

    You don't love me
    So there's no reason to stay
    Cause you don't love me
    You don't love me
    Oh oh no oh oh no oh
    Cause you don't love me
    Oh oh no oh oh no oh
    You don't love me oh oh oh oh

    You don't love me
    So there's no reason to stay
    Cause you don't love me
    Oh oh oh oh oh oh oh

    Artists - Ne-Yo
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැඟුණේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ
    ගිනි හිරු පායා සොමි සඳ බැසලා
    මගෙ ලොව එළිය වෙලා

    ඔබ තරු වටකර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැබේ
    රෑ නොනිදාගෙන වැලපෙන මා හට
    ඔබගේ කිමද පලේ

    සඳේ ඔබ...

    සඳ දෙස බල බල මා පැතු පැතුමන්
    මෙතෙකැයිකියන බෑ
    හිරු මා දැව්වත් මා ලද උණුසුම
    අමතක කරන්න බෑ

    සඳේ ඔබ...

    ගායනය: රූකාන්ත ගුණතිලක
     
    • Like
    Reactions: rcccc

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ...

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුන් දවා
    රන් සිනා පාමි පූජාසනේ..

    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යනතුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදිමි මා
    පූජනීයයි උතුම් ආදරේ..

     
    Last edited:
    • Like
    Reactions: rcccc and DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහසම රිදවා කඳුළු ඉල්ලගෙන...

    අහසම රිදවා කඳුළු ඉල්ලගෙන
    මං යන මග උන් නුඹ දැකලා
    ආඩම්බර හිත
    මොනවද මුමුනා
    මේ ඇස් නුඹ ලඟ නතර කලා...

    හිතුමතේ
    ඇවිදින් රැඳුනේ
    ආදරේ ඉල්ලලා...
    ඔය හිතේ
    නැවතී ඇහුවේ
    ආදරේ මට දෝ කියා...

    හැම හුස්මක ඇවිත් යන්න එන ජිවිතේ වෙලා
    මං මගෙමත් නෙවෙයි කියා නුඹ මට මතක් කලා...
    මං ගාවින් ගෙනත් තිබ්බ ඔය හදවතට නොයා
    තව කොහොමද නපුරුවෙන්නේ
    දැන් මං නුඹේ වෙලා...

    -Shihan ft Nirosha-

     
    • Like
    Reactions: Good Heart

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබ නෑසූ කතාවක් කියන්නම්...

    ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ
    සිහිනෙන් වගේ දුටුව දසුනක් ලෙසින්
    බලා ඉන්න දෙනුවන් අයා...

    මගේ සිත ගත් ළදේ පුන් පෝදා හඳේ
    රුව අරගත් ඔබ මට කියන්න කවුරුදෝ ඔයා
    කළුවර අහසේ ලස්සන සඳ සේ
    යාවෙමු රහසේ නිරතුරු පැතු සේ...

    දිගු දෙනුවන් සරා මුව හසරැල් පුරා
    මට ආදරෙයිද ඔබ කියන්න කාටවත් හොරා
    ආයෙත් හමු වී දළු මල මම වී
    රේණුව ඔබ වී ඉමු අපි සැඟවී...

    -රෝයි පීරිස්-
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කරුමය...

    [FONT=&quot]දුම්වැටි මත්පැන් මත්පැණි මත්ද්‍රව්‍ය මත්පෙති[/FONT]
    [FONT=&quot]මත්තෙම නැහෙනා ගෙවෙනා මත්වුන ජීවිත[/FONT]
    [FONT=&quot]දිය දිය කිය කිය අපේ උන් උරනවා විස දුම්[/FONT]
    [FONT=&quot]දැක දැක කරුමේ දැන දැනම ගිලි ගිලි
    ලෙඩ රෝග පිළිකා ඇඟ තුලට දම දම...[/FONT]
    [FONT=&quot]දැන දැන මරු ගැන තව තව ඇද ඇද
    මෝඩකම ලෝකෙට පෙන්නයි එළිපිට...

    [/FONT]
    [FONT=&quot]හිතනවා දැනෙනවා තැවෙනවා අඟ හිඟ දැනෙනවා[/FONT]
    [FONT=&quot]කිව්වාම බැන්නාම නිවනවා ආපහු අදිනවා[/FONT]
    [FONT=&quot]කහිනවා කහිනවා කහිනවා පෙනහළු ගෙවෙනවා[/FONT]
    [FONT=&quot]දුම් වැටි සුරුට්ටු උරලාම ටික ටික මැරෙනවා[/FONT]
    [FONT=&quot]නිකොටින්[/FONT],[FONT=&quot]කාබන් හොඳ නෑ පපුවට ලී මත[/FONT] [FONT=&quot]ජීවිත වැලලෙයි පොළවට...[/FONT]
    [FONT=&quot]ලාබෙට මුදලට පිළිකා ගත්තට මුදලට හැකිවේද පිළිකා නැසුමට...[/FONT]
    [FONT=&quot]කප කප දල්ල ඉවතලයි දඩු ටික සුදු පාට කොලයේ දිග අතට ඔත ඔත...[/FONT]
    [FONT=&quot]මවු කිරි බිව් කටින් විස මල උරද්දී අම්මලා වැලපෙයි මචං උබලව වැදුවට...[/FONT]

    [FONT=&quot]ගහක විස යසට ගතට ගෙන එනා මොළයේ ඇති [/FONT]
    [FONT=&quot]සයිල දමා නස නසා[/FONT]
    [FONT=&quot]පැයේ දෙකේ සැපට ඇතුලතින් මැරෙනා ඇවිදින පණ ඇති මළ කඳන් උඹලා...[/FONT]
    [FONT=&quot]ජිවිතේ හාමතේ කුණාටු සාගරේ දැලකට අහුවුන මාලුවෝ වාගේ[/FONT]
    [FONT=&quot]ඇද ඇද පණ ටික තව තව දැලටම[/FONT] [FONT=&quot]පැටලිලා හිරවෙයි නොදැනීම නොපෙනිම...[/FONT]
    [FONT=&quot]කතරේ වැලි අතරේ ගිනි රස්නේ දැනුනාට හිතට පණ නෑනේ හරි පාරේ යන්නට...[/FONT]
    [FONT=&quot]අතේ ඇති සතය මතට දිය කරලා ඇඳක් උඩ ගොළුවී තනිවෙයි උඹ දවසක...[/FONT]
    [FONT=&quot]මායමේ සැඟවුන සාපයේ බැඳිලා වෙවෙලයි[/FONT] [FONT=&quot]සික් සික් කිය කිය ඕවා බොරු බයිලා...[/FONT]
    [FONT=&quot]උඹලා යන පාරේ මාත් ගියා මතකයි මතට තිත තිබ්බේ මගෙම හිතින් හිතලයි...

    [/FONT]
    [FONT=&quot]හිතින් හිත ඇතුලේ හීන පොදි බැඳලා[/FONT] [FONT=&quot]ෆිල්ම් වල වාගේ නාඩගම් රඟනා...[/FONT]
    [FONT=&quot]විඳින ජීව්තය විඳවමින් ඉඳලා ඇද්ද තව මදිද පෙත්ත දාගත්තා[/FONT]
    [FONT=&quot]රුපියල් පස්සේ දුවනවා අළුයම බෝතල් පස්සෙන් දුවනවා හවසට...[/FONT]
    [FONT=&quot]සතයක් දෙන්නෑ ගෙදරට දවසට ඇහුවාම ඒ ගැන ගුටිබැට බිරිඳට[/FONT]
    [FONT=&quot]හවස නිවස වෙත එන අපෙ පියවරු බී වස[/FONT] [FONT=&quot]නොබලයි දෙස තම දූදරු[/FONT]
    [FONT=&quot]විසිකර සෙනෙහස සොයා වෙන අඹු දරු තනතුරු අතහැර හොයනවා කනේරු...

    [/FONT]
    [FONT=&quot]ගේ දොර අගහිඟ කරන්ට් එකේ රතු බිල[/FONT] [FONT=&quot]ගත් ණය වැල් පොලී හිරවෙලා බෙල්ල...[/FONT]
    [FONT=&quot]දරුවාගේ කුසගින්න මකාදමා හිනහෙන්න විය නිදියන්න බිරිඳට[/FONT] [FONT=&quot]විකිනෙන්න[/FONT][FONT=&quot][FONT=&quot].[/FONT]..
    [/FONT]
    [FONT=&quot]පියා යන පාරේ පුතත් යයි ආරේ මව යන පාරේ දුවත් යයි ආරේ...[/FONT]
    [FONT=&quot]ආරේ ගති නෑරේ දැම්මාත් පරිවාසේ හිතලා හැදියන් මේක උඹේ වාරේ[/FONT]
    [FONT=&quot]මිහිපිට දෙව්වරු මව්වරු පියවරු[/FONT] [FONT=&quot]හෙලා තම දූ දරු අද සැම තැන තැනේ[/FONT]
    [FONT=&quot]සිර කඳවුරු...[/FONT]