පද පේළී - EK LYRICS THREAD PART 2

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    බිදුනු කලට
    අමතක කල නොහැකි නම් සිතින්
    බිදෙන බදුන් කුමටද
    සුරකින්නෙ ආදරෙන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුරුලේ නිතර සතපා
    පැතු ලෝකෙ මට ගෙන ආ
    හරි ලස්සනයි ඔබගේ ආදරේ මටනම්

    දෑත මගෙ පටලා
    දුර ඈත යමු දෙදෙනා
    මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්

    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුණේ
    මොන දේ වුණත් ඔබටයි සදාකල් ආදරේ

    රැඳිලා මේ හිත මානේ
    හැමදා මා පණ වාගේ
    ඔබමයි මාව ජීවත් කළේ
    කිසිදා නෑ හැර යන්නේ
    හිතෙනා කල් දිවි මගේ
    ආසයි ඉන්න දැවටී හදේ

    ඔබගෙන් තරම් .........

    දැනෙනා සීතල යාමේ
    හැමදා ඉන්නට ඕනේ
    සිනහා පැළඳ මුවගේ මගේ
    උපමා නෑ පබඳින්නේ
    ඔබමයි මා නමඳින්නේ
    අපගේ ප්‍රේම පූජාසනේ

    තුරුලේ නිතර සතපා .........


    ගායනය :- චිලී තිලංක හා රෝසි (අනුෂ්කා පෙරේරා)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා තනියෙන් යන මේ මාවතේ...

    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබේ ආදරේ මට හිමිදෝ ළඳේ

    ඔබ සිහිනෙන් දුටුවා
    සුදු මල් හිස ගවසා...
    තරු එළියේ දවටා
    ඔබේ ආදර මල් මට පිදුවා...

    ඔබ කඳුළැල් සලලා
    තනි නොකරන් කීවා...
    හද රිදුණොත් මතුදා
    සදා හඬන බව මට කීවා...

    මා තනියෙන් යන මේ මාවතේ...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබේ ආදරේ මට හිමිදෝ ළඳේ

    ඔබ සිහිනෙන් දුටුවා
    සුදු මල් හිස ගවසා...
    තරු එළියේ දවටා
    ඔබේ ආදර මල් මට පිදුවා...

    ඔබ කඳුළැල් සලලා
    තනි නොකරන් කීවා...
    හද රිදුණොත් මතුදා
    සදා හඬන බව මට කීවා...

    මා තනියෙන් යන මේ මාවතේ...
    patta song eka aaah...
    11.gif
    thama mathakai original music.....:love::love:
     
    • Like
    Reactions: rcccc

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
    අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
    පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..

    තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
    මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
    හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
    බොරු බේගල් ඇද බාලා...
    සහචරයින් කරයි මුලා...

    අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
    මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
    තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
    බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..

    හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
    කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
    පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු.../////


    11qtzd5.jpg
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
    අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
    පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..


    11qtzd5.jpg

    මේ කාටූන් එක බලන්න දුවගෙන ආපු කාලේ මතක් උනා බන්.. :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්මේ මතකයි නම්...

    අම්මේ මතකයි නම්
    මං පොඩි කාලේදී ඔබ මට ගී කිවුවා...
    අම්මේ මතකයි නම්
    මං පොඩි කාලේදී මා ලග නිදි වැරුවා...

    මට හීන ගෙනාවා..ඒ හීන පිබිදුවා...
    මට අකුරු කියෙවුවා..මගෙ දෑස පෑදුවා...
    ඉර හඳද පෙන්නුවා..හොද නරක පැහැදුවා...
    පාසලට හැරලුවා..මගෙ කදුළු පිසලුවා...

    නිම් නෑ මගෙ අම්මේ..ඔබෙ සිහිලස සසරේ...
    ඔබගේ කරුණාබර ආදරේ සදා...
    මිය යනතුරු මෙලොවේ..ඔබෙ බුදුගුණ ගැයවේ...
    ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා...

    අම්මේ මතකයි නම්...

    මට කිරුල හිමිකලා..මා ලොවට පැලඳුවා...
    මට ජයම අත්කලා..ඔබේ කදුළු සැගවුවා...
    ඔබේ අහසේ මා තබා..ඔබ පොලොවෙම සිටියා...
    මා මිනිසෙකු වු දා..ඔබ මවකම වුවා...
    නිම් නෑ මගෙ අම්මේ..ඔබෙ සිහිලස සසරේ...
    ඔබගේ කරුණාබර ආදරේ සදා...
    මිය යනතුරු මෙලොවේ..ඔබෙ බුදුගුණ ගැයවේ...
    ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා...

    අම්මේ මතකයි නම්...

    -රනිඳු-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    patta song eka aaah...
    11.gif
    thama mathakai original music.....:love::love:
    11.gif

    සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
    අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
    පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    MS Fernando...........



    ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න~
    ගසක තියන තල් කොළ මදි ලියාලා දෙන්න..
    ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න~
    කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉඟිලිලා එන්න..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොලැබෙන හීනෙ හිමිකම සොයනා
    පෙම්වතා වෙලා
    ආදරේ ද ජීවිතේ ද අතරමන් වෙලා
    ඈ ම සොයනවා
    දුක් විඳි දාක යලි හමුවන්න
    පෙම්වතී වෙලා
    පාර කියන තාරුකාවි යන්න දැන් ඔයා
    මං හිඳී බලා
    සුභ ම වන්න පතමි ඔන්න
    ආදරේ හිනාවෙන් මෙමා
    දිවි මගේ වේදනා ‍විඳිමී සදා
    දෛවේ සිතා

    අභිමන් සිතේ ප්‍රේමය ඇතේ
    කිසිදා හදේ නපුරක් නැතේ
    යලි මේ වගේ නොහඬන් ලඳේ
    සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ

    සුභ ම වන්න ...............

    දසුනින් පවා මවනෙම් ඔයා
    හැබැහින් වගේ ළඟ ඉන්න සේ
    පරවී ගියේ අප සිත් නොවේ
    සැමදා පිපේ පරමාදරේ

    සුභ ම වන්න ...............

    නොලැබෙන හීනෙ .............


    ගායනය :- දිමංක වෙල්ලලගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවි‍තයක් සෙවුවා
    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
    මිරිඟුවක් තනිකමක් විතරමයි
    පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී

    මා ළඟින් ළංවෙලා ඔබ එදා කී කථා
    මගෙ දිළිඳු ලෝකෙ මාළිගාවක් කළා
    ඒ තැනූ මාළිගා සුන්වෙලා ගිය දිනේ
    හඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා

    පෙම් සිහිනේ ...............

    වස්සානයේ තනිවෙලා තුරුළු වී උණුසුමේ
    දෑඟිල්ලෙ පැටලි උන් සැඳෑව සුන්දරයි
    නුඹ මගේ හැම භවේ දිවුරලා සෙනෙහසින්
    කී කථාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා

    පෙම් සිහිනේ ...............


    ගායනය :- ප්‍රදීප් රංගන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරෙන් අපි උන්න කාලය
    මයෙ හිතේ තුන් මාසෙකී
    ඒත් කම නෑ ඒ දවස් ටික
    මගෙ හිතට ලොකු කාලෙකී
    හාන්කවිසියකුත් පෙමක් ගැන
    නොදත් මං පොඩි කොල්ලෙකී
    එක වයසෙ මුත් මට වඩා ඔබ
    පෙමටනම් ලොකු කෙල්ලෙකී

    එකවරක් බැලුවොතින් ආයෙත්
    නොබලනා පෙනුමක් ඇතී
    මකාගන්නට බැරිව ලතවෙන
    හැඩක් නැති පෙනුමක් ඇතී
    මට ඔයා කැමතියි කියූවිට
    පුදුමෙනුත් පුදුමක් හිතී
    හිතෙන් මම දවසක් පුරාවට
    පිනුම් ගැහුවා හිතවතී

    කුළුඳුලේ එක කෝඩු හීනෙක
    යාවෙලා නුහුරෙන් වෙලී
    හාදුවක රස මුලින් දැනුන ම
    පපුවෙ මැද දැල්වුණි එළී
    ගොතන් නැති කවි පද ම ඔබ ගැන
    රෑ අඳුරෙ මැද වී ගුලී
    ගැලපුවේ අඳුරේ නිසා මං
    වැරදි වැරදී ඇලපිලී

    ආදරෙන් අපි ...........


    ගායනය :- ගාමිණී සුසිරිවර්ධන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොකියනා හැමදේ ම
    දැණුනු බව දැනුනා ද
    සෙනෙහෙ මගෙ මදි වී ද
    ආදරේ පණ සේම
    දැන්වත් කියන්න
    ඔය හිත හදන්නෙ
    මා අත්හරින්න නේද

    නොබලා මා දිහා දෑස සඟවලා
    ඉන්නෙ හදවත රිදවා
    සිනහ මැලවිලා දෙතොල ගොලුවෙලා
    නොකියනා රහස කඳුළින් පෙන්නා
    තව කල් ගෙවෙන්න බැරිවෙයි දරන්න
    හැරයනව ද අද මාගේ
    කොහොම ද කියන්න ඔබ හැර ඉන්නෙ
    ඔබ මගෙ හදවත වාගේ

    නොනිද රෑ පුරා හීන හීරුනා
    වාවන්නට බැරි තැන හැඬුවා
    ඔබ වෙනස්වෙලා යයි දුරස්වෙලා
    අදහගන්න බැරි හිත හිරිවැටිලා
    තව කල් ගෙවෙන්න බැරිවෙයි දරන්න
    හැරයනව ද අද මාගේ
    කොහොම ද කියන්න ඔබ හැර ඉන්නෙ
    ඔබ මගෙ හදවත වාගේ

    නොකියනා හැම දේ ම ..........


    ගායනය :- විරාජ් පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එනකල් බලන් වෙනදා වගේ
    මා හිඳින බැවු තනිවී ලොවේ
    ඔබ දන්නෙ නෑ කියා මම දන්නවා
    මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
    කෙරුවේ ම නෑ වැරදි කිසිදා
    රැකගත්තෙ මා ඔබෙයි සිතා
    බොරු වැරදි කෝටියක් මවා
    සමුගත්තෙ මා නොවෙයි ඔයා

    සඳක උපමා රැඳුණ පෙර දා
    අපි අපිට නැතිව බෑ හැම යාමේ
    ළඟක ඉඳලා හිතට දැනෙනා
    ඔබෙ වෙනස තේරුනත් මට බෝ සේ
    මගෙ ජීවිතේ ඔබයි කියා
    ඔබ දන්නවා ද දන්නෙ නෑ

    නෙතට ගැටෙනා සැවොම පරදා
    මම ඔබට ආදරෙයි පෙර වාගේ
    ලොව ම කියනා වචන නො අසා
    සතුටින් ම ඉන්න ඔබ හැම ආත්මයේ
    මොන දේ කළත් හිතා මකා
    මට ඔබ ව නොලැබ ඉන්න බෑ

    එනකල් බලන් .........


    ගායනය :- සේනානයක වේරලියැද්ද