හැමදාම අදින්නේ සාරියද
සාරිය හෝ ඔසරිය අදින්න කලින්,ඔබේ සිරුරේ හැඩය උස ගැන හිතන්න.ඒ අනුව අදින්නේ සාරිය ඔසරියද යන්න තීරණය කරන්න.
සාමාන්‍යෙයන් ඉන්දියානු කාන්තාවන් උසයි.ඔවුන්ට ස්වභාවයෙන්ම පිහිටන්නේ ඉන උකුල පරතරය හොදින් ඇත්තේ හැඩ සිරුරු.ඒ නිසා ඔවුන්ට ඉන්දියානු සාරි විලාසිතාව ලස්සනයි,එයින් ශරිරයේ හැඩ තල දෙපාවල දිගු බව ඉතා සුන්දරව දිස්වනවා.
ඔබටත් ඉන්දියානු කාන්තාවකට මෙන් හැඩැති සිරුරක් තියෙනවානම් ඉන්දියානු සාරිය ඇන්දාට කමක් නැහැ.
සිරුරේ අඩුපාඩු හොදින් වසාගන්න පුළුවන් මේ අතරින් ඔසරියටයි.සාරියටත් පුළුවන්.ඒත්,එදිනෙදා හදිසියේ අදින විට අපහසුයි.
ඔබේ රැකියාව අනුව,නිතර ඇවිදින්න වෙනවානම්, ඇන්ද විට එහාමෙහා නොවන ඔසරිය වඩාත් පහසුවේවි.
සාරියට සපත්තු
එදිනෙදා සාරිය අදිද්දි ලස්සනට ඇදිම වගේම කල්පැවැත්ම ගැනත් හිතන්න ඕනි.
සාමාන්‍ය ගමනට බිමනට අදින සාරියට මිල අධික ,අනර්ඝ පාවහන් ගැන කරදර වෙන්න වුවමනා නැහැ.සාරියට ලස්සන චාම් ඉතා සරල මෝස්තර ඇති පාවහනුයි. ඉදිරිපසින් ඇගිලි වැසෙන්නට මැසු පාවහන් සාමාන්‍යෙයන් සාරියට පළදින්නේ නැහැ .සිහින් පටි දෙකක් යෙදු පාවහන් පාට කිහිපයකින් මිලදී ගන්න,.සිහින් පටි දෙක යෙදු පාවහන් එක් පටියක් ගැලවුනු විට ඇවිදිම අපහසුයි. ඒ ගැන හිතනවානම්, ඔබ ඒ මෝස්තරයට අකැමතිනම් වෙනත් සරල මෝස්තරයකට යන්න.
සාමාන්‍ය මිල අධික පාවහන් යුවලක මිලට ඔබට සරල මෝස්තරයේ පාවහන් යුගල් කිහිපයක් මිලට ගන්න පුළුවන්.පාවහන් මහන්නෙක් ලවා සරල මෝස්තරයේ පාවහන් වර්ණ තුන හතරකින් මස්සවාගැනිමෙන් ,වෙළද පලේ ඇති පාවහන් වලට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
කළු පැහැ පාවහන් ඕනෑම පාට සාරියකට අදින්න පුළුවන්.කළු ,දුඹුරු,බේජ්,සුදු වැනි වර්ණ කිහිපයක පාවහන් තබාගන්න.වැසිකාලයට ඔබ ළග ඇති සියළුම පාවහන් පළදින්න එපා.වැහි දවස්වලට අදින්නට වතුරට ඔරොත්තු දෙන,වතුර උරා නොගන්නා,වතුර නොරදන ,සිපොන්ජි ආදිය රහිත පාවහන් යුවලක් තබාගන්න.
නිතර වැඩි වශයෙන් ඇවිදින්න සිදුවෙනවානම් රළු පාවිච්චියට ඒ සදහා වෙනම ශක්තිමත්,පාවහන් යුගලක් තබාගන්න.එයින් පාවහන් කැඩීම වලක්වා ගන්න පුළුවන්.පාවහන් යුගල් 3 ක් හෝ 4 ක් තිබිම ඕනෑම වර්ණයක සාරියකට හොදින්ම ප්‍රමාණවත්.
පාවහන් යුවල හා අත් බෑගය එක් වර්ණයකින් විය යුතුයි.
සාරියට ගැලපෙන වරණයේ නිය ආලේපන පාවිච්චි කිරීම මගින්,ඔබ හැම සාරියකටම පළදින්නේ එකම පාවහන් යුගල වුනත්, පරිපුර්ණ පෙනුමක් ලැබෙනවා. දෙපා ,විළුඹ ,නියපොතු අපිරිසුදු නම් ඔබ මොනතරම් අනරඝ පාවහන් පැළදුවත් අවලස්සනයි.
කළු පාවහන් යුවලකට ,එසේත් නැතිනම් සිහින් පටි දෙක යෙදු මිලෙන් අඩු පාවහන් පැළදුවත්,සාරියට ගැලපෙන නිය ආලේපන පාවිච්චි කිරීමෙන් ඉතාම සම්පුර්ණ පෙනුමක් ලැබෙනවා.
ඔබට, පාවහන් හා අත් බෑග් බොහොමයක් තිබේනම්,පාවහන් හා අත් බෑගය සාරි හැට්ටයේ වර්ණයට ගලපන්න.නොමැතිනම්, සාරියේ කැපි පෙනෙන වර්ණය,බොහෝ විට මෙය සාරියේ දෙවෙනියට ඇති වර්ණයයි.අත් බෑගය හා පාවහන් එයට ගලපන්න.
සාරිය ඉතා දිප්තිමත් වර්ණ සහිත එකක් නම්,අදුරු පැහැ හෝ ලා පැහැ අත් බෑග් පාවහන් වලින් එහි කැපී පෙනෙන බව අඩුකල හැකියි. අව පැහැ සාරියකට ඇස් ආකර්ශනය වන වර්ණයකින් අත්බෑග පාවහන් ගැලපිමෙන් එහි අවපැහැය අඩුකර ගත හැකියි.
ඔබ කොයිතරම් උස වුනත් පැතලි පාවහන් දැමීම සාරියට සුදුසු නැහැ. අඩුම තරමින් අගලක් වත් උස පාවහන් යුවලක් පාවිච්චි කරන්න. සිහින් පටි යෙදු පාවහන් සාරියට ලස්සනයි.එමෙන්ම පිටුපසින් පටි දැමු/විළුඹ පස වැසෙන පාවහන් වලින් සම්පුර්ණ පෙනුමක් ලබාදෙනවා මෙන්ම එය ආරක්ෂිතයි. හැබැයි ,මතක තියාගන්න පාවහන්වල ඇති බකල් ,එවැනි වෙනත් අලංකාරයට යොදන ලෝහ කැබලි පබලු ,සිකුවින්ස්,කුඩාගල් වර්ග ආදියට සාරිය පටලැවෙන්නත් ,පැටලී සාරිය ඉරෙන්න වගේම ඔබව පැටලී වැටෙන්නත් පුළුවන්.
පාවහන් වල අඩිය ගැනත් සැලකිලිමත් වෙන්න.,ඉතා සිහින් උස් අඩියක් ඇති පාවහන් වලට පෑගි සාරිය ඉරිය හැකියි.
ඔබ සාරියට දැමිමට මිලදී ගන්නා පාවහන්වල මතුලිට හොදින් අතගා බලන්න.ඇමිනෙණ විදියේ කොටස් අතට අහුවෙනවානම්,ඒ කියන්නේ එය සාරියේ පැටලෙන්නටද පුළුවන්.මතුපිට සුමට පාවහන් ගන්න සැලකිලිමත් වෙන්න.
සාරියට යට ඇදුම්
සාරිය අදින විට යට ඇදුම් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න.හුගක් අය සාරිය අදිද්දි සැලකිල්ල දක්වන්නේ දිගු සාරියට අදින යට සාය හා බ්‍රෙසියරය ගැන පමණයි.එය පමණක් පුමාණවත් වෙන්නේ නැහැ.
ඔබ දිනපතා රැකියාවට සාරිය අදිනවානම්,වැඩි වේ ලාවක් ඇද සිටිනවානම්,පළමුව සැලකිලිමත් විය යුත්තේ යට ඇදුම මැසු රෙදි වර්ගය ගැනයි. 100% ක් කපු යට ඇදුම් ඇදිමෙන්, හොදින් දහදිය උරාගන්නවා.ශරීරයට සිහිල් බවක් ලබාදෙනවා.කපු නොවන යට ඇදුම් මගින් දහදිය එකතුවීම නිසා සමේ බිබිළි වැනි ආසාදන තත්වයන් ඇතිවිය හැකි අතර,එවැනි ඇදුම්වල ලිස්සන සුළු බව හාඋණුසුම ඔබට අපහසුවක්.
සාරියට පෑන්ටිය.
බොහෝ විට ලා පාට සාරි ඇද පිටුපා යනවිට,වී අකුරේ හැඩයට පැන්ටි දාරය පේනවා.එය ඉතාම අවලස්සනයි.බොහෝ විට මනාලියන් පවා සාරිය අැන්ද විට පෑන්ටිය පේනවා.ඒ වගේම ඉතාම නරක පාට රෝස පැහැය.රෙදි පොටවල් කිහිපයක් අතරින් වුවත් මේ රෝස පැහැය ඉස්මතුවි පේනවා. ඔබට සාරිය අතරින් පැන්ටිය පෙන්නන්න අවශ්‍යනම් නොවරදවාම රෝස පැහැ පැන්ටියක් අදින්න.ඒවගේම වාටිය රේන්ද ඇල්ලු ඉතා ඝනකම එකක් නම් “V“අකුරේ හැඩැති දාරයේ මල් මෝස්තරත් එක්කම පිටතට පෙන්නන්න පුලුවන්.
සුදුපාට බුරුල් පැන්ටියක් එක්ක සනීපාරක්ෂක තුවාය ඇදිමෙන් එයත් පිටතට හොදින් පෙන්විය හැකි බව අමතක කරන්න එපා.
පැන්ටියේ මෝස්තරය.
සාරියට ඉතාම ගැලපෙන්නේ කකුල් සහිත පැන්ටියයි.මෙයින් පිටතට පැන්ටි කකුලේ “V “ අකුරේ හැඩය පෙනීම වගේම සාරි යේ රෙදි පොටවල් කිහිපයක් සමග ඇදිම,එහා මෙහා වීමෙන් ඔබ බොහෝ දුරට නිදහස්.උකුල් ප්‍රෙද්ශය හොදින් වැසෙන පැන්ටියක් ඔබ කෙට්ටු වුනත් මහත වුනත් අදින්න.ඔබ නොහිතුවත් නොසෙල්වෙන පිරුණු පෙනුමක් ලබාදි සාරියට ලස්සනක් ලබාදෙන්නට හොද පැන්ටියකට පුළුවන්.
විවිධ එම්බ්‍රොයිඩරි මෝස්තර,ඝනකම ලේස් ආදිය යෙදු ඝනකම වාටි මෝස්තර යෙදු පැන්ටි සාරියට අදින්න එපා.උකුල් පෙදෙසින් සාරිය සිරුරට තද වීම නිසා මේ මෝස්තර සියල්ලක්ම පිටතට ප්‍රදර්ශනය වෙන්න පුළුවන්.ඒ වගේමයි ඉලාස්ටික් පටි යෙදු පැන්ටි කකුල් .සිහින්ව ඝනකම ඉතා අඩුවන ලෙස වාටි ආදිය නිමවු මෝස්තර රහිත සරල පැන්ටියක් තෝරාගන්න.
පැන්ටියට පිටතින් “ටයිට් ෂෝටක්“ ඇන්දත්, තදින් හිරවන පැන්ටියක දාරය වසන්නට එයට නොහැකි බව සිහිතබාගන්න.
මෙය සැටින් වැනි දිලිසෙන රෙදි වලින් තෝරාගන්න එපා.සරල කපු රෙද්දෙන් මැසු ඒවා තෝරාගන්න.
සාරියට අදින පැන්ටිය ඉතා තදට හෝ බුරුල්ව අදින්න එපා.ඉතා තදට ඇදීමෙන් උකුල් ප්‍රදේශයේ මස්පිඩු එහි දාරයට සිරවීමෙන් වෙනම පිම්බි කැපී පෙනෙනවා.එමෙන්මයි බුරුල් පැන්ටිය එහාමෙහා වීමත් ඔබට මෙන්ම දකින අයටත් අපහසුවක්.
විශේෂයෙන්ම බුරුල්ව හෝ ඉතා තදට අදින පැන්ටිය නිසා සනීපාරක්ෂක තුවා ඇදිවිට එය සාරියෙන් ලිටතට පෙනෙනවා.බුරුල් පැන්ටියක් ලා පාට සාරියකට ඇද එය එහාමෙහා වෙමින් ගමන්කරන දර්ශනය කොයිතරම් පිළිකුල් සහගතද යන වග පසුපසට ඇස් නැති නිසා ඔබට නොපෙනුනත් ඉතාම අප්‍රසන්නයි.
පෑන්ටියේ පාට.
පාට පාට මෝස්තර සහිත පෑන්ටි හා අනෙකුත් යට ඇදුම් සාරියට අදින්න එපා.විශේෂයෙන්ම ලාපැහැ,තනි පැහැ සාරිවලින් මේ මෝස්තර එළියට පෙනෙනවා.
සුදු පාට පැන්ටිය ඇදිම සාරියට නොව කොයි ඇදුමටත් ඉතා පිරිසිදුයි හා පිළිවෙලයි.හමේ පාටට ඉතා කිට්ටු පාටවල් සාරියට වඩාත්ම සුදුසුයි.බේජ්,ලාදුඹුරු,තද දුඹරු,රන්වන් දුඹුරු,කළු ,අළු,සුදු,ක්‍රිම් පාට වැනි වර්ණ අදින සාරිය සමග ගලපා අදින්න.නිතරම පැන්ටිය හා බ්‍රෙසියර එකම වර්ණයකින් ඇදීම පුරුද්දක් කරගන්න.
ඇතැම් කාන්තාවන් පුරුද්දක් හැටියට කළු යට ඇදුම් පාවිච්චි කරන්නේ නැහැ.එය හොද පුරුද්දක්.කිළිටි වුනත් නොපෙනන කළු පැහැය පිරිසිදු කමට අයත් වර්ණයක් නොවෙයි.බොහෝ විට කළු යට ඇදුමකින් ගම්‍ය වන්නේ ඔබ එතරම් පිරිසිදුකමට එතරම් මුල් තැනක් දෙන කෙනෙක් නොවන බවයි.
කොහොම වුනත් පිටතට අඩුවෙන්ම පෙනෙන යට ඇදුම් වර්ණය වන්නේ “බේජ්“ පාටයි.ඒ වගේම බේජ් වර්ණය ඕනෑම සාරියක වර්ණයට ගැලපෙනවා.
බේජ් පාට යට ඇදුම් කිහිපයක් පමණක් වුනත්,නොමැතිනම් අමතරව කළු හා සුදු වර්ණය තිබිම හොදින්ම ප්‍රමාණවත්.
සාරියට යට සාය..
ඔබ කෙට්ටු වුනත් මහත වුනත්,සාරියට රැළි සහිත දිග යට සායක් අදින්න එපා.“ටයිට් “ ක්‍රමයට දිගු යට සාය මහගන්න. සාරිය හෝ ඔසරිය යන කුමක් ඇන්දත් ඉනෙන් පහළ ප්‍රදේශයේ තිබිය යුත්තේ බෝතල් හැඩයක්.රැලි යට සායකින් මෙය පෙට්ටි හැඩයක් බවට පත්වෙනවා මෙය ඉදිරි පසින් දණහිසට මදක් ඉහලට සිටින සේ විවරය තැබිමෙන් හෝ බොක්ස් ෆ්ලිට් එකක් දැමිමෙන් පහසුවෙන් ඇවිදින්න පුලුවන්.පහසුවෙන් ඇවිදිය හැකිසේ සාය මසාගත යුතුයි.
.ඔබ මහතයි කියා ඉතා තදට දිගු යටසාය මැසිමෙන් සිදුවන්නේ ජුගුප්සාජනක ලෙස මස්පිඩු ඉල්පී පෙනිම පමණයි.උකුල් ප්‍රදේශය පටු යැයි කියා රැළි යොදා යට සාය ඇදිමෙන් ඔබේ සිරුර හුළං පිම්බු බෝල කුඩුවක් වගේ පෙනෙනවා පමණයි.
ඔබ උකුල් ප්‍රෙද්ශය පමණට වඩා මහත කෙනෙක් නම් සිරුරේ ප්‍රමාණයට “ෂිෆ්ට්“ යට සාය මසන්න.ඉතා තදට මහන්න එපා.ඇතුලතින් කෙටි යට සායක් අදින්න අවශ්‍ය නැහැ.ඉන ,උකුල කලවා හොදින් තදව නොසෙල්වි පිහිටන හොද වර්ගයේ “ටයිට් ෂෝට් “එකක් අදින්න.
දිගු යට සාය බුරුල්වට මැසිමෙන් එය සාරිය බද වටා එතු විට ,ඔබේ මිනුමට වැඩිපුර ඇති ප්‍රමාණය රැල්ලක් ලෙස සිටිනවා. ලා පාට සාරියට මෙම රැල්ල පිටතින් පෙනෙනවා වගේම, යට සාය එහා මෙහාවිම සාරියේ පිලීවෙළටත් කරදරයක්.
ඔබ ඉතා කෙට්ටුයි හෝ පටු උකුලක් ඇත්නම්. සාරියේ දිග යට සායට යටින් දණහිසට අගල් 6 ක් පමණ ඉහළට දිග හොදින් සිහින් රැළි යෙදු කොට යට සායක් (කපු)අදින්න.මෙම යට සායට රේන්ද අල්ලා වාටි ඝනකම් කරන්න එපා.මෙය ඇවිදින විට දෙපයේ පැටලැවෙන්නැති විය යුතුයි.
මෙම කෙටි සායට ඉදිරිපසින් රැළි තබන්න එපා.ඔබේ සිරුරේ උකුලේ දෙපස හැඩ අඩුනම් කොට යට සායේ රැළි උකුල දෙපසට එකතුවන ලෙස සකසා ගන්න.පසුපස ප්‍රදේශය පැතලිනම් හොදින් සායේ පිටුපසට රැළි තැබීමෙන් පිරුණු බවක් ලබාගත හැකියි .නොමැතිනම් පිටුපසට හා උකුල දෙපසට රැළි තබන්න.
අගල් 60 ක හෝ 90 ක රැළි තබන්න.මෙම කෙටි යට සාය දිගු යටසාය අදින ස්ථානයට අගලක් දෙකක් පහළින් කෙටි යටසාය නාභියට අගල් 3ක් පමණ පහලින් ඇන්ද විට උකුල් පුදේශයට ඉතාම ලස්සන හැඩයක් ලැබෙනවා.
සිහින් ඔබ දිගු යට සාය මිමි ගැනිය යුත්තේ මෙම කෙටි යට සාය ඇදයි.කෙටි සාය ඇදි විට ලැබෙන මිමි ප්‍රමාණයට දිගු යට සාය මැසිමෙන් ,එය ඉතා තද වීම හෝ ලිහිල්වී රැළි වැටිම වැළකෙනවා.
දිගු යට සායේ විවරය ඉදිරිපස දකුණු පසට වන්නට තැබීම අනිවාර්යයි. වම්පසට විවරය තැබීමෙන් එය ගොරෝසු ලෙස මතුපිටට නෙරා පෙනෙනවා.දකුණු පස ළැම හරහා දමන සාරි පොටින් වැසෙන නිසා විවරය දකුණු පසට වන්නට තබන්න. මෙම විවර වැසු විට කට ඇරියා මෙන් නොසිටින්නට හොදින් රෙද්දේ ඉඩ තියා මසාගන්න.
යට සායේ දිග ඔබ පළදින පාවහන් වල උසට සමානුපාතික විය යුතුයි.යට සායට මිමි ගනිද්දි සාරියට අදින පාවහන් පැළද මිමි ගන්න අමතක කරන්න එපා.පාවහන් පැළදි විට යට සාය බිම නොගැවිය යුතු අතර,විළුඹ මට්ටමට විළුඹ වැසෙන පරිදි තිබිය යුතුයි. ඇවිදීමේදි යටසාය තරමක් ඉහළට එසවෙනවා.මේ නිසා දිගු යටසාය නියමිත ප්‍රමාණයට දිගට මසාගන්න. පමණට වඩා දිගට යටසාය මසා ,සාරිය අදිනවිට යටසාය ඉනෙන් රෝල් කරමින් හෝ නවමින් පමණට වඩා දිගු යට සාය කොට කරන්න එපා.,ඒ වෙනුවට දිගු කරගන්නට හෝ කොට කරගන්නට සාය වාටියේ ඉඩ තබා මසාගන්න.
ඔබ කැමතිනම් දිගු යටසායට රේන්දයක් අල්ලන්න පුළුවන්.හැබැයි මෙය පාවහන්වල ඇමිණෙනවාදැයි බලන්න.රේන්දයක් නොමැතිව සිනිදුවට වාටිය නිමවා ගැනිමෙන් පාවහන් වල යටසාය පැටලීම වගේම,පය තැබිමේදි තද වාටියට,රේන්දයට,දෙපා සීරීමත් වැලකෙනවා.
මැහුම් වාසි අගල් තුනක් ,හතරක් පමණ තබා වාටිය අගල් දෙකක් පමණ ගණකමට සිටින සේ ශක්තිමත්ව මැසීම නිසා පෑගීමෙන් ඉරීමේ කරදරයෙන් ඔබ නිදහස්. ඒ වගේම වාටිය ඝනකමට දැමුවිට එහි බරට යටසාය හොදින් පහතට ඇදී සිටිනවා.
හැම සාරියකම වර්ණයට ගැලපෙන යට සාටක් තිබෙනවා නම් හොදයි.නමුත්,කළු ,සුදු,ක්‍රිම් පාට යන වර්ණ බොහෝ සාරි වලට ගැලපිය හැකියි.බොහෝ තද පාට සාරිවලින් ඇතුලත පෙනීම අඩුනිසා කළු යට සායක් ඇදිය හැකියි.නමුත් ළා පාට සාරිවලට නම් මෙය ගැලපෙන්නේ නැහැ.
සාමාන්‍යෙයන් කළු සුදු ක්‍රිම් පාට යටසායවලට අමතරව,වැඩි වශයෙන් අවශ්‍ය වන්නේ රෝස,කහ,තැඹිලි, නිල්, මෙරුන්, කොළ වැනි වර්ණ යි.
සිල්ක් සාරි වලට කපු(පොප්ලින්) යට සාය ගැලපෙන අතර,කපු සාරි සදහා ගැලපෙන්නනේ සැටින් යට සායයි.
සිල්ක් සාරිකඩාහැලෙන, විනිවිද පෙනෙන හා බරින් අඩුනිසා පොප්ලින් වැනි ගොරෝසු තරමක් ඝන රෙද්දකින් යට සාය ඇදිමෙන් සාරියට හොද ශක්තියක් ලබාදෙනවා.
කපු සාරි හා අත්යන්තු සාරි කඩා හැලිම අඩුයි,පිම්බී සිටිනවා.ඇවිදිමේදි දෙපාවල පැටලී ඇදී ඉරෙනවා. යට සායත් කපු වු විට මෙය දෙගුන තෙගුන වෙනවා.සැටින් යටසායකින් මෙය වලක්වා ගන්න පුළුවන්.
සාමාන්‍යෙයන් සැටින් යටසායක් ඇදිමෙන් හොද නිමාවක් පෙනෙනවා.මෙය තුනි මල්පිස් හෝ පොප්ලින් වැනි රෙද්දකින් ලයිනින් කරගන්න. කපු යට සායකට වඩා කල් පැවැත්ම හොදයි.දහදිය එක්වී කලුපුස් කෑම කපු යටසායක තරම් වේගවත් නැහැ.ඉක්මනින් දිරන්නේ නැහැ අවලැහැ වන්නේ නැහැ. මේ නිසා සැටින් යටසායක් කපු යට සායකට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
සාරියට බ්‍රා
බ්‍රා කප්
.මේවා ඉතා අඩ මිලට වෙළද පලෙන් මිලදී ගන්න පුළුවන්.ඒ වගේම සාරි හැට්ටයෙන් පටි පිටතට පැනීම.කොහේට හෝ හේත්තු වුවිට සාරි හැට්ටයේ පිටත බ්‍රෙසියල් සීල් වැදීම,සාරිහැට්ටයට වඩා ඒ අතරින් බ්‍රෙසියර ඉස්මතුවි පෙනිම,නිතර සාරි හැට්ටය අතරින් එහා මෙහාවන බ්‍රෙසියරය හදන්නට වීම යන කරුණු වලින් ඔබ සම්පුර්ණයෙන්ම නිදහස්. ඒ වගේම සාරි හැට්ට කරේ ගැඹුර ගැනත් කරදර විය යුතු නැහැ.පිට නැතිව උනත් සාරි හැට්ටය අදින්නට කප් එක නිසා පුළුවන්.
සාමාන්‍යෙයන් පපුව අගල් 36 ට අඩු කෙනෙක් නම්,හොදම දේ බ්‍රෙසියරයක් වෙනුවට බ්‍රෙසියර් කප් පාවිච්චි කිරිමයි .විශාල ළැම ප්‍රෙද්ශයක් ඇති කෙනෙකුට නම් මෙය ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
මෙය සාරි හැට්ටයට අල්ලන්න හෝ වෙනම පාවිච්චි කරන්න පුළුවන්.සාරි හැටිටයේ ලයිනින් එක හා බ්‍රෙසියර් කප් එක එකට තබා කුඩා අයකටුවකින් රැදවිමෙන් මෙය එහා මෙහා වීම වැලකෙනවා.
නැතිනම් හැට්ටයේ ලයිනින් එකට හා බ්‍රෙසියර් කප් එකට ,එකට සිටින ලෙස අයිලට් අමුණන්න පුළුවන්.එක කප් එකකට අයිලට් දෙකක් හෝ තුනක් දෙපැත්තෙන් හා යටින් අල්ලන්න.
ස්පොන්ච් ෂිට් වලින් රවුම් කපා ,එයට ඩාට් එකක් යොදා ලයිනින් කිරීමෙන් මෙම කප් ඔබට ගෙදරදි වුනත් පහසුවෙන් සාදාගත හැකියි. මෙයට පේපර් ස්ටිෆ් වලින් රවුමක් කපා තබා අයන්කර ලයිනින් කර ගැනිමෙන් අමතර ශක්තිමත් බවක් එකතු කර ,පපු ප්‍රදේශයේ කඩා හැලෙන බව අවම කරගන්න පුළුවන්.එයින් පපු ප්‍රදේශය මහත් කඩා හැලෙන කෙනෙකුට වඩා ඍජු ශක්තිමත් පෙනුමක් ලබාගන්න පුළුවන්.
බ්‍රා
සිරුරෙන් සිහින් වුනත්,මහත් වුනත් සාරි හැට්ටයට ඇදිය යුත්තේ පැඩඩ් කළ බ්‍රෙසියරයක්.නැතිනම් සාරි හැට්ටය ඇදි විට අවශ්‍ය ළැම ප්‍රදේශයේ ශක්තිමත් බව පිහිටන්නේ නැහැ.ඒ වගේම පැඩඩ් නොකළ බ්‍රෙසියරයකින් සාරි හැට්ටයට ඇගටම මසන නිසා පෙනෙන්නේ නිරුවත් පෙනුමක් එහෙම නැතිනම් “නියුඩ් ලුක් “එකක්. විශාල පපුවක් ඔබට ඇත්නම් ඉතා ඝනව පැඩින් නොයෙදු හෝ හොදින් ලයිනින් කළ උසස් වර්ගයේ හොදින් බර දරා සිටිය හැකි කඩා නොහැලෙන බ්‍රෙසිරයක් පාවිච්චි කරන්න. ලේස් වැනි මතුපිට සුමට නැති රෙදි වර්ග ,මැහුම් හා මුට්ටු විශාල ප්‍රමාණයක් යෙදු බ්‍රෙසියර් සාරි හැට්ටයට ඇදීමෙන් එම මෝස්තර සාරි හැට්ටය තුලින් පිටතට දිස්වනවා. ලේස් යෙදු කප් බ්‍රෙසියරයකට ලයිනින් නොකල හැට්ටයක් ඇදි විට. සම්පුර්ණයෙන්ම ලේස් අතරින් ඔබේ සිරුර නිරාවරණයි.
බ්‍රෙසියරයේ පිට ප්‍රෙද්ශයට ඉහළින් හා පහළින් මස් වැදලි නෙරා එන්නට කිටි කිටියේ තදට නම් බ්‍රෙසියර අදින්න එපා.
ගවුම් වලට ටී ෂර්ට් ආදියට ලස්සන වුනත්,තැලුනු පිම්බුනු පෙනුමක හැඩය දෙන බ්‍රෙසියර් ගැලපෙන්නේ ප්‍රින්සස් ලයින් සාරි හැට්ට වලටයි.සාමාන්‍ය සාරි හැට්ටයට ගැලපෙන්නේ උල් හැඩයේ කප් සහිත ඒවායි.
පටි පැනිල්ල
බ්‍රෙසියර් පටිය උරහිසින් පිටතට පැනීම ,සාරි හැට්ටය එක්ක තියෙන ලොකුම කරදරයක්.මෙයට සාරි හැට්ටයේ උරහිස මුට්ටුව කෙළවරට අගල් දෙකක් පමණ,දිග අගල් කාලක් පමණ ඝනකම් පටියක් අල්ලන්න .එහි මුලට අයිලට් එකක් අල්ලන්න.එහි අග මුලට සම්බන්ධ කළ විට තොන්ඩුවක්(Loop)ලෙස සිටින සේ අයිලට් එකේ අනිත් කොටස පටිය අගට අල්ලන්න.සාරි හැට්ටය ඇද බ්‍රෙසියර් පටිය ලුප් එකෙන් ඇද අයිලට් එක දමන්න.
එවිට පටි පැනිල්ලේ කරදරය ඉවරයි.
බ්‍රෙසියරයේ හක් අල්ලා ඇති කොටස හැට්ට කරින් ඉහළට එන්නේ ,බ්‍රෙසියරයේ වට පුමාණය සිරුරට සාපේක්ෂව නියමිත පරිදි නැතිවිටයි. ඒ නිසා එම කොටස හොදින් පහතට සිටිනසේ පිහිටන අකාරයට සකසා බ්‍රෙසියරයේ දෙපසින් මැහුමක් ගහන්න. හැට්ටයට අල්ලා අයකටු ගැසිමෙන් හැට්ටයත් බ්‍රෙසියරයත් යන දෙකම ඇදී නාස්තිවිම මෙයින් වලක්වා ගත හැකියි.
බොහෝ අය සුදු හෝ ඉතා ලා පැහැ හැට්ටවලට සුදු පැහැ බ්‍රෙසියරුත්, කළු හැට්ට වලට කළු බ්‍රෙසියරුත් අදිනවා.නමුත් මේ නිසා වෙන්නේ බ්‍රෙසියරය වඩාත් ඉස්මතුවි පෙනිමයි.
ඔබේ සාරි හැට්ටය ලයිනින් කර නැතිනම් හෝ, ලයිනින් එක තුනියි නම් ,එතුලිනුත් බ්‍රෙසියරය පෙනෙනවා නම් සුදුසුම හමේ වර්ණය ඇති බ්‍රෙසියරක් ඇදීමයි. මැට් ගෝල්ඩ්, බේජ් වැනි ඔබේ සිරුරේ වරණයට වඩාත් සමීප වර්ණයක බ්‍රෙසියරයක් තෝරාගන්න .
හොද නිමාවක් ඇති බ්‍රෙසියරක්, සාරි හැට්ටයට අතවශ්‍යයයි. කප් එකේ හැඩය.හක් අල්ලා ඇති කොටසේ පළල.,උරහිස් පටි,ආදිය ගැන සැලකිලිමත් වන්න. කතිර වැනි විවිධ මෝස්තර ඇති බ්‍රෙසියර් සාමාන්‍ය සාරි හැට්ටයට සුදුසු නැහැ.සාමාන්‍ය සරල..හොද වර්ගයක වීම ප්‍රමාණවත්.
සාරියට කටු.
සාරිය ඇදීමේදි අයකටු වුවමනායි. වෙළද පලේ ඇති ලාභ බාල අයකටු ගන්න එපා.හොද අයකටු කැරලි දෙකක් ගන්න.රන් පැහැ කුඩා අයකටු කැරැල්ලක් සාරියේ පොටේ රැළි ආදි මතුපිටට පෙනෙන තැන්වලට ගසන්නට ගන්න.දැන් වෙළද පලේ විවිධ වපාට වලින් අයකටු විකුණන්නට තිබෙනවා.සිහින් උලක් ඇති පහසුවෙන් නොනැමෙන අයකටු මිලට ගන්න.
සාරියේ පැටලෙනවාට තවදුරටත් අයකටු කූරට කජදාසි කැබලි දාන්න එපා.කුඩා අයකටු වලට ඉතාම කුඩා පබලුත්(මිමි 2),විශාල අයකටු වලට තරමක් විශාල පබලුත් ගන්න.(මිමි 5)මෙම පබලු අයකටුව කෙළවරට දමා හොදින් ඇලවෙන ගම්වර්ගයකින් (මල්ටිබොන්ඩ්/හාකොබොන්ඩ්)අලවා ගන්න.විනිවිද පෙනෙන දිලිසෙන පබළු ඇල්ලිමෙන් මේම අයකටු පිටතට පෙනුනත් ඕනැම දාරියකට ගැලපෙනවා.
අයකටු සාරියේ පැටලිම,නුල් ඇදිම,විශාල හිල් සෑදිම මෙයින් වැලකෙනවා.
පබලු ඇල්ලු අල්පෙනිතිත් වෙළද පලෙන් මිලදි ගන්න පුළුවන්.නැතිනම් අල්පෙනිති අගිසිවලටත් ඔබට අයකටු වලට මෙන්ම පබළු අලවා ගත හැකියි. කියුටෙක්ස් බින්දුවකින් ඔබට මේ පබලු වර්ණ ගන්වාගන්නත් පුළුවන්.
සාරි පින් /බ්‍රෝචර් වලටත් කුඩා පබුලක් අල්ලාගන්න.නැතිනම් ගම් බින්දුවක් කටුව මුල තබා බේලෙන්නට හරින්න.
සාරියේ ඉන රැළි වලට මෙන්ම ඔසරියේ ඉන පෙදෙසටත් බොහෝ කාන්තාවන් මතුපිටින් විශාල අයකටුවක් ගසනවා. නොයෙක් වර්ණ වලින් බේබි පින්/සේෆ්ටි පින් වෙළද පලේ මිලදි ගන්න පුළුවන්.නැතිනම් විශාල අයකටුවකට පබලු අලවා ගන්න.
සාරිය ඇදිමට ගන්නා අයකටු වෙනම තබාගන්න.කුඩා ජුවෙලරි බොක්ස් එකක්,වැසිය හැකි පැතලි පුංචි ප්ලාස්ටික් බදුනකට අයකටු බහා තබන්න.පැතලි බදුනක් පාවිච්චි කිරිමෙන් සාරිය ඇදිමේදි ඔබට අයකටු ගැනීම පහසුයි.අයකටු බදුනට ටැල්කම් පුයර ටිකක් අයකටු මළ බැදිමෙන් වැළකෙනවා.
අල්පෙනිති වෙනමත්,අයකටු වෙනමත් තබාගැනිම පහසුයි.රැළි එකතුකර ගසන විශාල අයකටු වෙනම තබාගන්න.කුඩා අයකටු වෙනම තබාගන්න.එකම බදුනක වුනත් කාඩ්බෝඩ් කැබැල්ලක් මැදින් තබා එහි කොටස් වෙන්කරගන්න.
ඉක්මනට ලස්සනට සාරිය ඇදගන්න මේ පුංචි පුංචි දේවලුත් ඔබට උදව්වේවි.

Last edited:

bump

උබලට ලස්සනට අදින කෙල්ලෙක් නැති උනාට අනික් උන් පලිද.. ලොල්..!! 