ළඳුනේ... ළඳුනේ...
ඔබේ දෑස... දැකගත්තෙමි....
සෑදෑ කලෙක...
ළඳුනේ... ළඳුනේ...
දෙනෝදහක්... අත ගත්තද...
සැමියෙකු නැති... ළඳුනේ...
නෑයෙක් නෑකම නොකියන...
වීදි සරණ ළඳුනේ...
ළඳුනේ...
තෙල් මල් ගෙන...දෝත පුරා...
මුනි කුටියට පියමන් වන...
ඔබෙ දෑස දැකගත්තෙමි... සැදෑ කලෙක ළඳුනේ... ළඳුනේ...
බුදුන් දැක... නිවන් දකිමැයි...
දෙව් රම යන පාර අසන...
ඔබද පටාචාරවකි... ඔබද කිසා ගෝතමියකි...
පිරිමින්ගේ... පාප කඳට...
දෝස විඳින ළඳුනේ...
දුක් අඳුරේ පව් කරන දනා...
එළියේ රවන ළඳුනේ...
ළැම පමණක් ලොවට පෙනෙන... ළය නොපෙනෙන ළඳුනේ...
කුහුඹුවෙකුට වරදක් නැති...
වැරදිකාර ළඳුනේ...



